'කා‍ෙටට අඳිනවා ඒ මගේ හැටි' : හරිනි


Q : හරිනි... අපිට ඔයා ගැන ටිකක් කියන්න.. ඔයා කවුද...?

මගේ නම හරිනි කව්‍යාංජනී පෙරේරා. මම ඉන්නෙ කඩවත. මගේ පවුලේ ඉන්නෙ මමයි, මගේ අම්මයි, තාත්තයි, මල්ලියි විතරයි. පුංචි කාලේ මම පාසල් දෙකකින් ඉගෙන ගත්තා. මුලින්ම ගලහිටියාව හේමමාලි විද්‍යාලයටත් ඊටපස්සෙ ගම්පහ රාජසිංහ විද්‍යාලයටත් ඇතුළත් වෙලා ඉගෙන ගත්තා.

Q : පුංචි කාලේ කවුරු වෙන්නද හීන දැක්කෙ...?

පුංචිම කාලේ මම මුලින්ම ආසාවෙන් හිටියේ ගුරුවරියක් වෙන්න. ඒකට හේතු දෙකක් බලපෑවා. මගේ තාත්තගේ නෑදෑයෝ බොහොමයක් විදුහල්පතිවරු සහ ගුරුවරු තමයි හිටියෙ. ඒ වගේම මම ඉගෙන ගත්තු පාසල්වල ගුරුවරියන් දැක්කාමත් මම ගුරුවරියක් වෙන්න ආසා කළා. ඊටත් කාලයක් ගියාට පස්සෙ මගේ හීනය වුණේ බැංකුවක කළමනාකාරියක් වෙන්න. ඊටත් පස්සෙ ගුවන් සේවිකාවක් වෙන්න ආසා කළා. මම උසස් පෙළ වාණිජ අංශයෙන් තමයි පෙනී සිටියෙ.

Q : ගුරුවරියක් වෙන්න, ගුවන් සේවිකාවක් වෙන්න හීන දැකපු හරිනි නිරූපණ ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද...?

ඇත්තටම මේ ෆීල්ඩ් එකට එන්න ආසාවක් තිබුණේ නෑ. හැබැයි මගේ අම්මා ගුවන් විදුලියේ සරල ගී ගායිකාවක්. ඉතින්... අම්මගේ ආසාවත් එක්කම මම ජනසන්නිවේදනය පාඨමාලාවක් හැදෑරුවා. එතැනදී තමයි මට මේ ක්ෂේත්‍රයට යොමුවෙන්න අඩිතාලම වැඩුණේ. ඊටපස්සෙ මම ස්වර්ණවාහිනියෙන් පැවැත්වුණු Miss working girl තරගාවලියට ඉදිරිපත් වුණා. ඒකෙන් මට ජනප්‍රියම නිරෑපිකාව කියන කිරුළ ලැබුණා. ඊටපස්සෙ මම 2013 දී Miss Sri Lanka තරගාවලියට ඉදිරිපත් වෙලා අවසන් පහළොස්දෙනා අතරට තේරුණා. ඒකෙන් පස්සෙ තමයි මම මේ ක්ෂේත්‍රයට යොමුවුණේ.



Q : හරිනිට රඟපාන්න ආරාධනා ලැබිලා නැද්ද...?

රඟපාන්නනම් ආරාධනා කිහිපයක්ම ලැබුණා. දැන් තියෙන තත්ත්වයත් එක්ක ටෙලිනාට්‍යවලට යන්න මම චුට්ටක් ආස නෑ. දැන් හොඳ ටෙලිනාට්‍ය පෙන්වනවා හරිම අඩුයි. ඉතින්... ඒ නිසා ලැබුණු ඒ ආරාධනා මම බාරගත්තෙ නෑ. හැබැයි ඉතින් චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත්නම් මම හරිම ආසාවෙන් බාරගන්නවා.

Q : මේ වෙනකොට හරිනි වෙනත් රැකියාවක් කරනවද...?

මම තාම ඉගෙන ගන්නවා. හැබැයි මම ඉඩ ලැබෙන විදිහට මියුසික් වීඩියෝවලටනම් සම්බන්ධ වෙනවා. මෑත කාලයේ මම උමාරියාගේ මම මලක් වුණේ කියන මියුසික් වීඩියෝ එකට හිටියා.

Q : නිරූපණ ශිල්පිනියන් දිහා අපේ සමාජය බලන්නෙ වෙනස් කෝණයකින්නෙ. කොටට අඳින, අඩනිරුවත් ඡායාරෑපවලට පෙනී ඉන්න, ක්ලබ් යන ගෑනු ළමයි කොටසක් විදිහට තමයි ඔවුන්ව දකින්නෙ. මේ චෝදනාව හරිනිට එල්ල කළොත්...?

ඒක අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙ අදහසක්නෙ. නමුත් නිරූපණ ශිල්පිනියන් ඇත්තටම නිරූපණය කරන්නෙ මේ සමාජයමයි. ගොඩක් අය හිතන්නෙ නිරූපණ ශිල්පිනිය කියන්නෙ කොටට අඳින කෙනෙක් කියලනෙ. නමුත් එයා කරන්නෙත් ලංකාවේ ඉන්න සමහර පාරිභෝගිකයන් නිරූපණය කරන එකයි. එයා යම්කිසි ඇඳුමක් ඇන්ඳත් ඒ ඇඳුම අඳින්නේ ඒ පාරිභෝගිකයන්ට අවශ්‍ය නිසානෙ. අපි ඇඳුමක් ගත්තත් ඒ ඇඳුම අඳින්නෙ අපේ රටේ පාරිභෝගිකයන්ගෙ අවශ්‍යතාවයට අනුවයි. ඉතින් මමනම් නිරෑපණ ශිල්පිනියක් විදිහට කොටට අඳිනවා. ඒක මට ප්‍රශ්නයක් නෑ. ඒ මගේ හැටි.

Q : මෙහෙම නිරූපණ ශිල්පිනියක් වීම ගැන හරිනිගේ ගෙදරින් කැමති වුණාද...?

මුල ඉඳන්ම මගේ අම්මගෙන්නම් කිසිම අකමැත්තක් තිබුණේම නෑ. අම්මා කැමති වුණා. හැබැයි තාත්තනම් මුලදී පොඩ්ඩක් අකමැති වුණා. නමුත් ක්ෂේත්‍රය ගැන දැනගත්තට පස්සෙ අපි වැඩ කරන විදිහ ගැන දැනගත්තට පස්සෙනම් තාත්තාගෙන් වුණත් කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑ. දැන් මට තියෙන ලොකුම ශක්තිය තමයි මගේ තාත්ති. එයාගෙන් ලොකු සහයෝගයක් දැන් මට ලැබෙනවා.


Q : මොනවද තියෙන බලාපොරොත්තු...?

මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම තමයි තියෙන ලොකුම බලාපොරොත්තුව වෙන්නෙ. මේ අතර ජාත්‍යන්තර මට්ටමේ වැඩවලට එකතුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට අඩිතාලම මේ වෙද්දී දාගෙන යනවා. ජාත්‍යන්තර මට්ටමේ මියුසික් වීඩියෝ දැනටත් මම කරලයි තියෙන්නෙ. ඉතින් ඒ බලාපොරොත්තුත් එක්ක තමයි දැන් මේ දවස්වල වැඩ කරන්නෙ.

► Text – Dishani | Deshaya

0 comments: