පොලිස් නිලධාරීන් පිරිසක් අද ජනපති කොමිසම හමුවට.
-
පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන
ජනාධිපති කොමිෂන් සභාව වෙත අද (12) දිනයේ පොලිස් නිලධාරින් පිරිසක් කැඳවා ඇත.
එ...
පත්තරේක කවරයක් දැකලා එයා මට කතා කළා : ඕෂධී
ඕෂධී... මේ දවස්වල වැඩ වැඩියි වගේ...?
ඔව්... මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දවස්වල සිද්ධ වෙනවා. මම මුලින්ම රඟපෑවේ උදය කාන්ත වර්ණකුලසූරිය මහතාගේ “වස්සානයේ සඳ” චිත්‍රපටයේ. ඒක මේ දිනවල තිරගත වෙනවා. දෙවැනියට මම රඟපෑවේ “Face To Face” චිත්‍රපටයේ. තුන්වෙනියට රඟපාන්නේ “මම Miss ජෙනිස්” චිත්‍රපටයේ. ඒක සුසිරන් ද සිල්වා මහතාගේ අධ්‍යක්ෂණයක් “මම Miss ජෙනිස්” සුසිරන් අයියගේ පළවෙනි චිත්‍රපටය. ඉතින් මේ වෙනකොට ඒ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ඇත්තටම ඒක හරි අපූරු අත්දැකීමක්.
මේ දිනවල ඕෂධී රඟපෑ මුල්ම චිත්‍රපටය “වස්සානයේ සඳ” තිරගත වෙනවනේ මොකද හිතෙන්නේ?
ඔව්... උදය කාන්ත වර්ණසූරිය අයියාගේ “වස්සානයේ සඳ” චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒකේ මම රඟපාන්නේ නතාශා කියන චරිතයයි. ඉතින් ලැබෙන ප්‍රතිචාර ඇත්තටම හොඳයි. මගේ පළවෙනි චිත්‍රපටය මේ කාලයේ තිරගතවීම ගැන ඇත්තටම තියෙන්නේ ලොකු සතුටක්.
“වස්සානයේ සඳ” සිනමා නිර්මාණයට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද...?
මේ අවස්ථාව මට ලැබුණේ මම හිටපු පුවත්පත් කවරයක් දැකලා. ඒක දැකපු උදය කාන්ත අයියා කතා කරද්දී මට පුදුම හිතුණා. මම ගොඩාක් සතුටු වුණා. එදා මම මුලදී හිතුවෙම නැහැ ඒ කතා කරන්නේ උදය කාන්ත අයියා කියලා. ඒ තරමටම මම පුදුම වුණා. මම හිතුවෙම මගේ යාළුවෙක් බොරුවට මට කතා කරනවා කියලයි. කොහොම හරි උදය කාන්ත අයියා කියලා දැනගත්තාම මම ඉතා සතුටින් ඒ අවස්ථාව බාරගත්තා. “වස්සානයේ සඳ” චිත්‍රපටය කරද්දී කැමරා අධ්‍යක්ෂණය කළ අයේෂ්මන්ත අයියා සහාය අධ්‍යක්ෂණය කළ ඩෝනල්ඩ් අයියාට ඇතුළු මුලු කණ්ඩායමම මට ලොකු සහයෝගයක් ලබලා දුන්නා.
පුංචි කාලේ ඉඳන් ඕෂධී ආසාවෙන් හිටියේ කලාවට සම්බන්ධ වෙන්නද...?
නැහැ... එහෙම කැමැත්තන්නම් තිබුණේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම මගේ හීනය වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වීමයි. මගේ පෙනුමත් එක්කම අපේ ගෙදරින් නිතරම මම “ලොකු වුණාම ගුවන් සේවිකාවක් වෙන්න” කියන හීනය දාලයි තිබුණේ. ඉතින් ඒක තමයි නිතැතින්ම මගේ හීනයක් වුණේ.
ඒ හීනේ වෙනස් වුණේ කොතනින් ද...?
මගේ පුංචිට ඒ දවස්වල සැලෝන් එකක් තිබුණා. ඉතින් මනමාලියන් දැක්මවලට තරගවලට පුංචි මාව තමයි ඒ දවස්වල ඇන්දවූවේ. ඉතින්... ඒ හරහා තමයි මාව මේ නිරූපණ ක්ෂේත්රයට මුලින්ම යොමුවුණේ. මගේ ගම හික්කඩුවේ. මම හැදුණේ වැඩුණේ හික්කඩුවේ. මේ ක්ෂේත්රයට මම ගමකින් ආපු කෙනෙක්. මම ඉගෙන ගත්තේ අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකාවේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගීයි, මල්ලියි. මම පවුලේ වැඩිමලා. මගේ තාත්ති ව්‍යාපාරිකයෙක්... අම්මා ගෘහණියක්.
ඕෂධී කලාවට සම්බන්ධ වීම ගැන දෙමව්පියන්ගෙන් කැමැත්තක් තිබුණා ද...?
ඔව්... අම්මයි තාත්තයි අද වෙද්දී මම ඉන්න තැන ගැන ගොඩාක් සතුටු වෙනවා. මුලින් වුණත් ඒ දෙන්නාගෙන් ලොකු අකමැත්තක් තිබුණේ නැහැ. කවදාවක් “මේක කරන්න මේක කරන්න එපා” කියලා තහංචි දාලා නැහැ. ඒ නිසා එහෙම අකමැත්තක් එදා තිබුණෙත් නැහැ. අදටත් එහෙම අකමැත්තක් නැහැ.
ඕෂධී අද රංගනයට එකතුවෙලා හිටියට ඕෂධී මුල් කාලයේදී ජනප්‍රිය වුණේ නිරූපණ ශිල්පිනියක් විදිහට... ඇතැමුන් නිරූපණ ශිල්පිනියක් දිහා බලන විදිහ වෙනස්...?
ඔව්... ඒක ඇත්ත. නිරූපණ ක්ෂේත්රයේ ඉන්න ඇතැම් දෙනා කරන කියන දේවල් නිසා සමහරු හැමෝම එකම මිම්මෙන් මනිනවා. ඒක නිරූපණ ක්ෂේත්රයේ දී විතරක් නෙමේ බොහෝ ක්ෂේත්රවලට පොදු දෙයක්. මම මියුසික් වීඩියෝ බොහෝමයකට දායක වුණා. ඒ අතරින් කිහිපයක් ගැන වරින් වර ඇතැමුන් කතාබහ කළා. හැබැයි ඉතින් ඒ තවත් එක් නිර්මාණයක් විතරයි. මම කවදාවත් මගේ හිතට එකඟ නැති කිසිදේකට සම්බන්ධ වෙන්නේ නැහැ. නිරූපණ ක්ෂේත්රයේ උස සහ ඇගේ හැඩය අත්‍යවශ්‍යයි. මම 5”5” උසයි. ඉතින් මම මගේ උස සහ ඇගේ හැඩය ගැන සතුටු වෙනවා.
ඕෂදී දැන් මොකද හිතන්නේ.. නිරූපණ ක්ෂේත්රයද...? රංගනයද...? ඉදිරියේදී තෝරා ගන්නේ...?
මම මේ ක්ෂේත්රයට එකතුවෙන්නේ නිරූපණ ක්ෂේත්රය හරහායි. අද වෙද්දී මම සිනමාවටත් එකතු වෙලයි ඉන්නේ. ඉතින් සිනමාවෙන් තව ඉස්සරහට යන්න ආසයි. ටෙලිනාට්යයවලටත් ආරාධනා කිහිපයක්ම ලැබුණා. හැබැයි තවමත් ඉදිරියට යන්න කැමැති නිරූපණ ශිල්පිනියක් විදිහටයි. ඉතින් ඒ දේවලුත් එක්ක ටෙලිනාට්‍යයකට දායකත්වය ලබලා දෙන්න කාලවේලාව මදිකමක් තියෙනවා. ඒ නිසා නිරූපණ ක්ෂේත්රයෙන් සහ සිනමාවෙන් පමණක් ඉදිරියට යන්න මම කැමතියි.
“වස්සානේ සඳ” ඔබේ රූගත කිරීම් කළේ ඕස්ට්‍රේලියාවේයි...?
ඔව්... මම හිතන විදිහට “වස්සානේ සඳ” කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඒකේ රූගත කිරීම් කළේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරයි. ඒ දවස් ටිකනම් මගේ ජීවිතේ අමතක වෙන්නේ නැහැ. ඊට කලින් මම පොඩි පොඩි රටවල් කිහිපයක සංචාරය කරලා තිබුණට ඕස්ට්‍රේලියාව වැනි ලොකු රටකට මම ගිහින් තිබුණේ නැහැ. ඉතින්... ඒ ලබපු අත්දැකීම් හරි අපූරුයි. අපි සති තුනක් විතර ඕස්ට්‍රේලියාවේ නැවතිලා හිටියා. ඒ කාලය මට කවදාවත් අමතක වෙන එකක් නැහැ.
“වස්සානේ සඳ” නතාෂාගේ චරිතය සිනමා නිර්මාණය ඔස්සේ දකිද්දී ඕෂධීට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද...?
ඔව්... ඇත්තටම නිර්මාණය දකිද්දී මට මම ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්. “වස්සානේ සඳ” චිත්‍රපටයේ දී මම ලොකුවට රඟපාන්න තිබුණේ නැහැ. නතාෂා කියන්නේ දඟකාර සාමාන්‍ය යුවතියක්. ඉතින් මගේ ජීවිතයට ගැලපෙන චරිතයක් තමයි නතාෂා කියන්නේ. ඉතින් මගේ පළමු රංගනය පිළිබඳව මම සෑහීමකට පත්වෙනවා. උදය කාන්ත අයියා වගේම බොහෝ දෙනා ඒ පිළිබඳව හොඳ ප්‍රතිචාර දැක්වූවා. ඉතින්... මම හිතන්නේ නතාෂාව මම මට පුළුවන් උපරිමයෙන් සාධාරණයක් කරලා තියෙනවා.
[Text – Dishani / Sarawita]
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...


Popular Segments
-
පියුමි හංසමාලිට පහරදීමට එරෙහිව අප ක්‍රියා කළ යුත්තේ කාන්තා හිංසනයටත් වඩා රටේ නීතියට එරෙහිව මානව හිංසනයේ යෙදීම සම්බන්ධවයි. එය කරපු උන් කවු...
-
Talent - Nadhu Weerasiri Photography by - Pathum Weerasinghe Photography DIGITAL RETOUCHING - PathUm WeeraSinghe SPECIAL THANKS - Chamodh ...
-
දරු ප්‍රසූතිය එක් පසකින් අවදානම් සහ වගකීම් සහිත කටයුත්තක්. නමුත් එහි සම්පූර්ණ වගකීම වෛද්‍යවරයාට පවරන්න බැහැ. මවටත් එහි වගකීමක් තිබෙනවා. ඕන...
-
ක්‍රීම් ඕනෙ කාටද? සාමාන්‍යයෙන් සමේ වර්ණය ගැන ගොඩක්ම අවධානය යොමු කරන්නෙ ආසියාතික අය. ආසියාතික අයගෙනුත් තලෙළු සමක් තියෙන අය. බටහිර රටව...
Newsletter
Subscribe here to get interesting stuff and updates.
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
