Showing posts with label Beauty tips. Show all posts

සුදු වෙන්න හදන අයට “කළු” ආරංචියක්.


වර්තමානයේ බොහෝදෙනා උත්සාහ දරන්නේ තමන්ගේ සම පැහැපත් කරගන්නවාටත් වඩා සම සුදු කරගැනීමටය. නවීන විද්‍යාව දියුණුවීමත් සමඟම ලෝකයේ බොහෝ රටවල් සම සුදු කර ගැනීමට විවිධ ක්‍රම අත්හදා බලමින් සිටී. ඒවායින් ඇතැම් අත්හදා බැලීම් සාර්ථක වුවද ඇතැම් විට මිනිසාගේ සිරුරට අහිතකර, විවිධ අසාත්මිකතා ඇතිකරවන අවස්ථා මතු වේ. 

සුදුවීමට වැඩිපුරම උත්සාහ දරන්නේ පිරිමි පාර්ශ්වයටත් වඩා කාන්තා පාර්ශ්වය වීම සාමාන්‍ය දෙයකි. එය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටත් පොදු වූ කරුණකි. කෙනෙක් සුදුවීමට උත්සාහ දැරීම වැරැද්දක් ලෙස සැලකීමට නොහැක. විශේෂයෙන්ම ඕනෑම කාන්තාවක් උත්සාහ දරන්නේ තමන්ගේ ස්වභාවික රූප සම්පත්තියට වඩා සුන්දරත්වයත් මෙන්ම සුදක් එක්කර ගැනීමටය. ඒ සඳහා කෙනෙකුට හානියක් නොවී තම නිරෝගීභාවය ආරක්ෂා කරගනිමින්ම සුදුවන්නට ක්‍රමයක් ඇත්නම් එය අත්හදා බලා ක්‍රියා කිරීමෙහි වරදක් දැකිය නොහැක. ඕනෑම කෙනෙක් අන් අයට ආකර්ෂණය වන ලෙස ජීවත් වෙන්නට කැමතිය. එය කුඩා කල සිට මහල්ලා දක්වා පොදු වූ කරැණකි. නමුත් ඒ සඳහා මීට වඩා සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්ය.

“අපි උත්සාහ කරගත යුත්තේ අපේ පැහැය නිරෝගිමත් වන ලෙස, නිවැරදි ලෙස වර්ණවත් කර ගැනීමටයි. එය අපි පැහැපත්කම ලෙස හඳුන්වනවා. අපේ සිරුරේ ඇති පැහැය එමඟින් වැඩිදියුණු කරගන්නවා. නමුත් අපිට මුණගැහෙන්න එන කවුරුවත් “අනේ මට නිරෝගිමත් පැහැපත් භාවයක් ලබාදෙන්න” කියල කියන්නේ නම් නැහැ. ඒ අය ඇවිත් අපිට කියන්නේ “අනේ අපිව සුදු කරන්න” කියලායි යැයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා ද සිල්වා මහත්මිය දේශයට පැවැසුවාය.

ආසියාතික මිනිසුන් ලෙස අපට පිහිටා ඇත්තේ දුඹුරු රන්වන් පැහැය මිශ්‍ර සමකි. ඇතැමුන් ලා දුඹුරු පැහැති සමකට හිමිකම් කියති. ඕනෑම කෙනෙකුගේ පැහැය ජානවලින් පවතින දෙයකි.

“කෙනෙකු සුදු හෝ කළු පැහැය ඇතිවන්නේ ඒ තැනැත්තාගේ ජානවල හේතූන් නිසයි. යුරෝපා රටවල සියල්ලන්ම සුදු පැහැයෙන් යුක්ත වුවත් ආසියාතික රටවල බොහෝ මිනිසුන් දුඹුරු හෝ ලා දුඹුරු වර්ණවලින් යුක්ත වෙනවා. රටවල්වල දේශගුණික බලපෑම් අනුවද මිනිසුන්ගේ වර්ණය වෙනස් වෙනවා. කාලාන්තරයක් තිස්සේ ඒ ප්‍රදේශවල ජීවත්වීමෙන් ඒවාත් ඒ ජානවලට එකතු වෙනවා. මේ නිසා කෙනෙක්ට බලහත්කාරයෙන් තම වර්ණය වෙනස් කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ. මීට අමතරව තවත් සමහරුන්ගේ ජානවල එම විකෘතිතා හේතුවෙන් සිරුර සුදු පැහැයක් ගන්නවා. ඇතැමුන්ගේ මෙම ජානවල විකෘතිතා හේතුවෙන් සිරුරේ තැනින් තැන සුදු පැහැයක් ගන්නවා. සුදු කළු භේදයට ප්‍රබලව බලපාන්නේ සමේ ඇති මෙළනින් වර්ණකය හේතුවෙනි. මෙම මෙලනින් වර්ණකය අඩු වූ විට සුදු පැහැයත් එය වැඩි වූ විට කළු පැහැයත් සිදුවෙනවා.” යැයි ආයුර්වේද විශේෂඥ වෛද්‍ය රූපලාවණ්‍ය උපදේශක ඒ.එච්. තෙන්නකෝන් මහතා දේශයට පැවසීය.

සුදුවීම වර්තමානයේදී කාලීන උමතුවක් වී හමාරය. බොහෝ අය සුදුවීමට උත්සාහ දරන්නේ විවිධ හේතුන් නිසාවෙනි. ඒ අතරින් කාන්තාවන් වැඩිවශයෙන් සුදුවීමට උත්සාහ දරන්නේ පිරිමින්ගේ ආකර්ෂණය දිනා ගැනීමටය. විශේෂයෙන් විවාහ වීමට සූදානම් වන වයසේ පසුවන තරුණියෝ තම ආදරවන්තයාගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා සුදුවීමට විවිධ ක්‍රම අත්හදා බලති.

මීට අමතරව බොහෝ අය සුදුවීමට උත්සාහ දරන්නේ තමන් කැමැති පුද්ගලයන්ගේ සමට සමාන වීමටය. විශේෂයෙන් තමන් වඩාත් ප්‍රියකරන නළු නිළියන්ගේ වර්ණයට සමාන වර්ණයක් ලබාගැනීමට උත්සාහ ගනිති. මේ නිසා මෙවැනි අය රූපලාවණ්‍යාගාරයට ගොස් “මට මේ නිළිය වගේ සුදු වෙන්න ඕනේ” යැයි රූපලාවණ්‍ය ශිල්පිණියට ඇවිටිලි කරනා අවස්ථාද නැතිවා නොවේ. පාසලේදී හෝ රැකියා ස්ථානයේදී අන් අය ඉදිරියේදී තම සිරුරේ වරණය නිස කොන්වන බව සිතට දැනීම නිසාත් තව සමහරු තම වර්ණය වෙනස් කරලීමටත් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තම සුන්දරත්වය පෙන්වීමටත් හැකිවන ලෙස සුදුවීමට උත්සාහ ගනිති.

මේ නිසා බොහෝ කාන්තාවන් තුළ සුදුවීමට ඇත්තේ දැඩි කැමැත්තකි. මේ බොහෝදෙනා සුදුවීම සඳහා විවිධාකාර ආලේපන වර්ග භාවිත කරති. ඇතැම්හු බ්ලිචින් ක්‍රීම් ආලේප කරති. සමහරු දැන හෝ නොදැන ඉක්මනින් සුදුවීමට රසදිය වැනි බොහෝ රසායනික ද්‍රව්‍යයන් අඩංගු ක්‍රීම්වර්ග පාවිච්චි කිරීමට උත්සාහ ගනිති. එමගින් සිදුවන්නේ මිනිස් සිරුරේ ඇති උඩු ස්ථරය යම් පිළිස්සීමකට ලක්වීමය. මෙම පැහැය පිළිස්සීම හේතුවෙන් සිරුරේ පවතින රෝම කූප ඇතුළු සියල්ල යම් සුදු පැහැයකින් දිස්වේ. ඇතැම්විට එය රත්රන් වර්ණකයකින්ද පෙනී යා හැක. මේ අවස්ථාවේදී බැලූ බැල්මට සුදු පැහැය දිස්වුවද පැහැපත් වුවද කාලයක් ගතවෙද්දී තිබෙන පැහැයද නැතිවී, ආසාත්මිකතා හටගැනීම හේතුවෙන් ඇතැම්විට රෝහල් ගතවීමට ද පුළුවනි. මේ තත්ත්වයන් හේතුවෙන් සමහරුන්ට ජීවිතය අහිමි වූ අවස්ථාද නැතිවාම නොවේ.

“බොහෝ කාන්තාවන් වර්තමානයේදී සුදුවන්නට උත්සාහ දරන්නේ එන්නත් ක්‍රම මගින්. එසේත් නැත්නම් ලේසර් ක්‍රම මගින්. මෙම එන්නත් මඟින් ග්ලුටෝ පයෝන් ශරීරයට එන්නත් කරගන්නවා. ග්ලුටෝ පයෝන් අප ශරීරයේ සාමාන්‍ය ප්‍රමාණයක පවතින දෙයක්. මෙය අප ශරීරයේ වැඩිපුර පවතින දෙයක් නොවේ. ශරීරයට පිටතින් එන්නත් ක්‍රම මඟින් ග්ලුටෝ පයෝන් ඇතුළු කරගැනීමටත් වැඩිවන මෙළනින් නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ග්ලුටෝ පයෝන් පාලනය කරගන්නවා. එවිට ප්‍රබලතම ප්‍රතිඔක්සිකාරකයන් සමඟ පාලනය වීමත් සමඟ යම්කිසි පැහැයක් ඇතිවෙනවා. නමුත් මෙම එන්නත් ක්‍රමය හිතුමතේට පාවිච්චි කරන්න බැහැ. එයටම සුවිශේෂී වූ විශේෂඥ වෛද්‍යවරැන්ට පමණයි මෙම එන්නත් ලබාදිය හැකි වන්නේ.” යැයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

සුදුවීමට පමණක් නොව වර්තමානයේදී බොහෝ කාන්තාවෝ තම රූපය සුන්දර කර ගැනීමට විවිධ නවීන ක්‍රම අත්හදා බලති. විශේෂයෙන් මුහුණේ රැලි වැටීම තාවකාලිකව හෝ වළක්වා ගැනීමට, පපු ප්‍රදේශය විශාල කර ගැනීමට, දෙතොල විශාල කර ගැනීමට උත්සාහ ගනිති. නමුත් මේ සියල්ලම කළ යුත්තේ ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් හා අනුමැතිය ඇතිව පමණි. අද බොහෝ රූපලාවණ්‍යාගාර තුළදීද මෙවැනි එන්නත් ක්‍රම සිදුකරයි. හතු පිපෙන්නා සේ රූපලාවණ්‍යාගාර බිහිවන්නා සේ ඒ හා සමානවම එවැනි ආයතනවලින් රූපයට යම් හානියක් සිදුවීමෙන් රෝගී වූ අවස්ථාද නැතිවාම නොවේ. ඇතැමුන් මෙම එන්නත් තමන් විසින්ම එන්නත් කරගනී. එය ඉතා භයානක තත්ත්වයකි. එන්නත් කිරීම යනු ඉතා වේදනාකාරී අවස්ථාවකි. සුදුවීමට ඇති බලවත් ඕනෑකම නිසාම මෙම අධික වේදනාව වුවද විඳදරා ගැනීමට මොවුහු පෙළඹෙති.

වර්තමානයේ කතුන් සුදු කරන විශාලම මාෆියාව වන්නේ ආලේපන වර්ගයි. මේ වනවිට නොයෙකුත් වර්ගයේ ක්‍රීම් වර්ග වෙළෙඳපොළේ ඇත. ඇතැම් ක්‍රීම් රූපලාවණ්‍යාගාරවලම නිෂ්පාදනය කෙරේ. වෙළෙඳපොළට ගොස් ආලේපන වර්ගයක් ආලේපනය කරද්දී සොයා බැලිය යුතු කරුණු කාරණා රාශියකි. “හිතුමතේට ආලේපන වර්ග මිලදී ගන්න එපා. තව කෙනෙකු පාවිච්චි කරන, ක්‍රීම් ආලේපන වර්ගයක් තමන් හිතුමතේට ආලේප කරන්න එපා. වෙළඳපොළේ ඉතා සාර්ථක, ඉතා උසස් ආලේප වර්ගද පවතී. ඒවා මිලදී ගන්න. යම් ආලේපන වර්ගයක් මිලදී ගනිද්දී එහි වෙළෙඳ නාමය, නිෂ්පාදිත රට, එහි අන්තර්ගතව ඇති ද්‍රව්‍යයත්, ආනයනය කරන සමාගම, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය හා ඒ සම්බන්ධව ඇති තත්ත්ව සහතිකය පිළිබඳව අවධානය යොමුකරන්න.” යැයි මේ පිළිබඳ බොහෝ විශේෂඥයෝ අවවාද කරති.

වෙළෙඳ පොළ විවෘතය. නමුත් පාරිභෝගිකයා බුද්ධිමත් විය යුතුය. ජීවත්වීමට විශාල කාලයක් නොමැත. ඒ කාලය තුළ සුන්දරව ජීවත්වන්නට ඕනෑම කෙනෙකු කැමැතිය. එහි කිසිදු වැරැද්දක් නැත. නමුත් හිතුමතේට වෙළෙඳ පොළේ ඇති ආලේපන මුහුණේ ආලේප කිරීමත් අඩු මුදලට වෙළෙඳ පොළේ ඇති ආලේපනවලට රැවටීමත් හානිකර ප්‍රතිඵල උදාකරයි. ඇතැම් ආලේපනවල අලුතින් ස්ටිකරයක් අලවා තිබීම දක්නට ලැබේ. ඒ කල් ඉකුත් වූ දිනය වෙනුවට නව දිනයක් ආදේශ කරමින්ය. මෙවැනි ආලේපන භාවිතයෙන් අසාත්මිකතා ඇතිවේ. ඇතැම්හු මේ පිළිබඳව තව කෙනෙකුට කීමට පවා මැලිවෙති. මේ තත්ත්වයට වැඩිපුරම මුහුණ දෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවය. මුදල් හදල් ඇති අය වැඩිපුර මුදලක් වියදම් කොට විදෙස් රටකට ගොස් ඉහළ ප්‍රමිතියකින් යුත් එන්නත්, ආලේපන, මඟින් සුදුවීමට උත්සාහ ගනිති. නමුත් මාසේ වැටුපෙන් යම්තමින් ජීවත්වෙන කුඩා සැෂේ පැකට්ටුවක් ගෙන ලස්සන වෙන්නට උත්සාහ ගන්නා අප රටේ තරුණ තරුණියන් බහුතරයකට සුදුවන්නට ගොස් තිබෙන ලස්සනත් නැති කරගෙන ඇතැම් විට ජීවිතෙන්ම වන්දි ගෙවන්නට සිදුවීම කොයිතරම් නම් අවාසනාවන්තද...?

►දිශානි ජයමාලි කරුණාරත්න

අනවශ්‍ය රෝම සදහටම ඉවතට...


කාන්තා ඔබට අනවශ්‍ය රෝම කියන්නේ සිතට අසහනයක් එක්කරන කරුණක් බව අමුතුවෙන් කිවයුතු කාරණාවක් නොවේ. නමුත් වෙළෙඳ පොළේ දැනට පවතින රෝම ඉවත් කරන්නට නිපදවා ඇති ආලේපන සම්බන්ධයෙන් ඇතැමුන් දරන්නේ තරමක නොකැමැත්තකි. ඒ මෙවැනි ආලේපන ඇතැම් සංවේදී සමක් සහිත කාන්තාවන්ට අසාත්මික වීමෙන් විවිධ ගැටලු පැන නගින අවස්ථා කොතෙකුත් පැවතීම හේතුවෙනි. 

රෝම ඉවත් කරගැනීමට පවතින තාවකාලික විසඳුම්වලින් හෙම්බත්ව සිටින ඔබට දැන් නවීන විද්‍යාවේ පිහිටෙන් නැවත කිසිදු දිනයක මතුනොවන ආකාරයට සදහටම රෝම ඉවත් කරගැනීමට පුළුවන. මේ අප ඒ සම්බන්ධව සිදුකළ විමසුමකි. 

කාන්තාවන් බොහෝ දෙනෙකු පිරිමින් මෙන් මුහුණේ රෝම ඇතිවීම පිළිබඳ නොසතුටෙන් පසුවන්නන් බව පැවසුවහොත් ඒ මතය සමග කාන්තාවන් බොහෝ දෙනෙකු තම එකඟතාව පළකරනු ඇත. එපමණක් නොව කාන්තාවන්ගේ දෑත්, දෙපා, උදරය, පපුව, පිට යන ස්ථානවල සාමාන්‍යයෙන් රෝම වැවෙන්නේ ඉතා සිනිඳු ලෙසය. වැඩි කාලවර්ණයකින් යුතුව නොවුණත් ඇතැම් කාන්තාවන්ගේ දෑත්, දෙපාවල, පිට සහ බඩ, පපුව යන ස්ථානවල පිරිමි අයෙකුගේ මෙන් රෝම වැවෙන අවස්ථා කොතෙකුත් පවතී. එය ලැජ්ජාවට හෝ අපහසුතාවට පත්විය යුතු ශාරීරික වශයෙන් ආබාධමය තත්ත්වයක් සේ සැලකිය යුතු දෙයක් නොවුණද මෙම තත්ත්වය එයට මුහුණදෙන කාන්තාවන්ගේ සිරුරේ හොර්මෝන ක්‍රියාවලියේ යම් වෙනසක් පවතිනවිට හා ඩිම්භ කෝෂවල ගැටලු පවතිනවිට ඇතිවීමට හැක. මෙයින් සිදුවන්නේ කාන්තාවගේ සිරුරේ සමේ පවතින සියුමැලි බව හා අලංකාරය යම්තාක් අඩාළ වීමක් නිසා අනවශ්‍ය රෝම පිළිබඳ සෑම කාන්තාවක්ම කනස්සල්ලට පත්විය හැකිය.

විශේෂයෙන්ම කාන්තාවකගේ රූපකාය පෞරුෂත්වයට මේ අනවශ්‍ය රෝම පිළිබඳ ගැටලුව වඩාත් බලපාන්නේ ඇගේ විලාසිතාවන්ට එයින් බරපතළ ලෙස ගැටලු මතුකරන්නට ඇති ඉඩ කඩ හේතුවෙන් බව සුලභ කාරණයකි. එසේ කියන්නේ ඇගේ වෘත්තීය මට්ටමට එයින් යම් බලපෑමක් ඇතිවීම නිසා වෙන්නටත් පුළුවන. යම් කාන්තාවක් නිරූපිකාවක්, නිළියක් හෝ කිසියම් නියත දිගක් තීරණය කිරීම නිසා මදක් කෙටියට පෙනෙනා,( පොලිස් හා හමුදා වැනි නිල ඇඳුම් ඇඳීම වැනි දෙපා මදක් නිරාවරණයව පෙනෙන) ඇඳුම් අඳිනා විට අධික ලෙස රෝම වැවී  තිබීම ඇය අසහනයට පත්කරනා කාරණයක් වන්නට ඉඩ ඇත්තේ එයින් ඇගේ දෙපාවල සුන්දරත්වයට යම් අසුන්දර බලපෑමක් ඇතිවෙන්නට තිබෙන ඉඩ හසර හේතුවෙනි. නමුත් සුන්දරත්වයට ඇති එම බාධාව මිස එම රෝම ඇගේ සාමාන්‍ය ජීවිතයට බලපෑමක් එල්ල නොකරනා බවත්, එයින් යම් ශාරීරික බලපෑමක් ඇති නොකරන බවත් කිව යුතුය. එහෙත් එසේ රෝම වැඩිපුර වැවීමට හේතු සොයා බැලීම නම් වරදක් නොවන්නේ හෝර්මෝන අසමතුලිතතා මෙන්ම ඩිම්භ කෝෂවල පිළිකාමය තත්ත්වයන් පවතින විටත් මෙවන් ලක්ෂණ දැකිය හැකි නිසාය. නමුත් එවන් විශේෂ හේතුවක් රෝම වැවීමට බලනොපාන අවස්ථා තිබෙන බවත් අමතක නොකළ යුතු කරුණකි. කෙසේ නමුත් අනවශ්‍ය තරම් රෝම වැවීමේ සීග්‍රතාවක් පවතී නම් ඔබේ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය පරීක්ෂණ හරහා එයට හේතුව කුමක්ද යන්න තීරණය කරගැනීම වරදක් නොවේ.

දැන් අප අනවශ්‍ය රෝම ගැටලුව කාන්තා ඔබට ඇතිවෙන ආකාරය මුහුණ හා කඳ යන කොටස් දෙක වෙන වෙනම ගෙන විවරණය කර බලමු. කාන්තා මුහුණේ අනවශ්‍ය රෝම කම්මුල්, නිකට, සහ තොළ උඩ ඇති විය හැකි අතර මැද්දෙන් එකට හා වූ ඇහි බැමද කාන්තා මුහුණේ සුන්දරත්වයට බාධා කරයි. බොහෝ දෙනෙක් මේ සඳහා ත්‍රෙඩින් ක්‍රමය මෙන්ම වැක්ස් කිරීම , ට්වීසරයක ආධාරයෙන් ගැලවීම වැනි තාවකාලික ක්‍රම යොදාගන්නා අතර, එයද හරියාකාරව සිදු නොකළහොත් වෙනත් රූපලාවණ්‍ය ගැටලු ඇතිකරගන්නට මග පෑදිය හැක. 

එසේ රෝම කූපයෙන් රෝම ඇද ඉවත් කරන විට  එහි කේශ මූලය ආසාදනය වීම නිසා කළු පැහැති තිතක් ආකාරයේ පැල්ලමක් මතුවීමට ඉඩ තිබේ. එම අවස්ථාවේ එහි මෙලනින් තැන්පතුවක් ඇතිවීම හේතුවෙන් ඇතිවන මේ තිත් ආකාරයේ පැල්ලම් P I H ලෙස වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනු ලබයි. මේ නිසා රෝම ඉවත්කිරීම නිසියාකාර දැනුවත් බවකින් සිදු නොකළහොත් එයින් අතුරුඵල රාශියක් ඇතිවීමට ඉඩ තිබේ. විශේෂයෙන් රෝම ඉවත්කිරීම සඳහා කිසියම් ආලේපනයක් තවරන්නේ නම් සමේ සීරීම් වැනි තත්ත්වයන් පවතින විට ඒවා ගැල්වීම එතරම් හිතකර නොවේ. මන්ද ඒවායේ අඩංගු රසායනිකයන් එවන් ස්ථානවලින් ශරීරය තුළට එක්විය හැකි බැවිනි. කුමන ක්‍රමයෙන් ඒවා ඉවත් කළත් එය නැවත වැඩෙන බැවින් වඩා සුදුසු වන්නේ ඒවා නැවත නොවැඩෙන අන්දමේ පිළියමකට යොමුවීම යැයි ඔබට සිතෙනවා ඇත. මෙසේ රෝම ඉවත්කළ හැකි ක්‍රම හතරක් පවතින බව ඔබ දන්නවාද? 

  1. ලේසර් හෙයා රිමුවර්
  2. කිවු ස්විච් ප්ලස්
  3. අයි පී එල්
  4. ඩයෝඩ් ලේසර් 808 නැනෝ මීටර් 

යනු ඒ ක්‍රම හතරයි. මෙහිදී රෝම ඉවත්කිරීම එක් දවසින්ම සිදු නොකෙරෙන බවත්, ඒ සඳහා වාර 4- 5ක් එම ප්‍රතිකාරයන්ට ලක්විය යුතු බවත් ඔබ දැන සිටිය යුතුය. නමුත් ඉතා දිගු කාලයක් මේ සඳහා බලාසිටිය යුතු නොවේ. මුහුණේ හැරුණු විට කිහිළි, බිකිනි ඒරියා, සහ පිට, පපුව, දෙපා, අත්  ආදී ස්ථානවලත් කාන්තාවන්ට අනවශ්‍ය යැයි සිතෙන පරිදි රෝම පැවතිය හැකිය. ඒවාද සදහටම ඉවත් කරන්නට අප මේ කියූ පර්මනන්ට් හෙයා රිමුවර් ක්‍රම තුළ අවශ්‍ය තරම් විසඳුම් තිබේ. මේවායේ අතුරු ආබාධ රහිත වන අතර අධික වියදමක්ද නොවේ. රුපියල් දස දහසත්, දොළොස් දහසත් අතර මුදලක් මෙම ප්‍රතිකාරයන්  සඳහා දල වශයෙන් වැය විය හැකි අතර, නැවත වතාවක් කිසිදු දිනයක රේසර්, වැක්ස්, රිමුවර් ක්‍රීම්. ත්‍රෙඩින් හෝ අනවශ්‍ය රෝම තාවකාලිකව ඉවත් කරන්නට දහස් ගණනින් මුදල් වැයකරන්නට ඔබට සිදු නොවනු ඇත. 

ඔබේ සිරුරේ හොර්මෝන තත්ත්වය කුමක් වුවත්, ආරය කුමක් වුවත් මේ ක්‍රමයෙන් සදහටම ඔබේ රෝම ඉවත්ව ගිය පසු නැවත ඇතිවීමක් සිදුනොවේ. එමෙන්ම මේ රෝම ඉවත් කළ පසු එය ඉවත් කර ඇති බවට කිසිදු සලකුණක් පිටතින් නොපෙනෙන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු දැනගැනීමට අවැසි නම් 0716412427 යන දුරකථන අංකය මගින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව ඇමතිය හැක. 

සටහන - නාලිකා රාජපක්ෂ

කාර්යාලයේදීම ලේසීයෙන් ව්‍යායාම කළ හැකි ක්‍රම (Video)


මේ වන විට ලංකාවේ  පුද්ගලයින් ඉතා කාර්ය බහුලයිනේග ඉතින් ඔන්න මේ කාර්යබහුල කමත් එක්ක කාටවත් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන නම් හිතන්න වේලාවක් නෑ.

ඔන්න තමන්ගේ කාර්යාලය තුළ ඉඳළාම ව්‍යාම කරන්න  ක්‍රමයක් දැන් අපි ඔබට පෙන්වනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

ෆෙයානස් ක්‍රීම් නිවැරදිව ආලේප කරගන්නේ මෙහෙමයි




ෆෙයාර්නස්‌ ක්‍රීම් වර්ග ගැන ගැන කාන්තාවන්ගේ අවධානය වැඩිපුර යොමුවී තිබෙන යුගයක් තමයි මේ. දිනෙන් දින නොයෙකුත් නම්වලින් ෆෙයානස් ක්‍රීම් වෙළෙඳපොළට එක්වන්නේ මේ හේතුව නිසයි.

ෆෙයානස්‌වලින් සිදුවන්නේ මෙලනින් පාලනය කිරීමක්‌. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතුවන්නේ වෙළෙඳපොලේ ඇති නොයෙකුත් බාල ෆෙයානස්‌ වර්ගවලට නොරැවටීමටයි.


  • ෆෙයානස් ක්‍රීම් නිවැරදිව ආලේප කරන්නේ මෙහෙමයි


බොහෝ දෙනෙක් ෆෙයානස් ක්‍රීම් ආලේප කරන්නේ මුහුණෙහි පමණයි. එය වැරදි ක්‍රියාවක්. එයින් සිදුවන්නේ ඔබේ  මුහුණ සහ සිරුර වර්ණ දෙකකට වෙන්වීම. ඒ නිසා ඔබ මිලදී ගත් හොඳ වර්ගයේ ෆෙයාර්නස්‌ ක්‍රීම් වර්ගය පළමුව හිරු එළියට සම පිළිස්‌සී ඇති ස්‌ථානවල ආලේප කරන්න. ටික දවසකින් සම නැවත යථා තත්ත්වයට පත් වූ පසු මුහුණ, බෙල්ල, අත් පා යන සියලු ස්‌ථානවල ෆෙයාර්නස්‌ ආලේප කිරීම අරඹන්න. අන්න එහෙම තමයි ෆෙයාර්නස්‌ එකක්‌ ආලේප කළ යුතු වන්නේ.

ඉක්‌මනින් සුදුවෙන්න හදන්නේ නැතිව එය ක්‍රමානුකූලව කාලයක්‌ ඇතුළත කළ යුතු දෙයක්‌ බව සිහිතබා ගැනීම හරිම වැදගත්.

ඇතැම් ෆෙයාර්නස්‌ වර්ගවල බ්ලීචිං මිශ්‍රකර තිබෙනවා. මේවා සමට සුදුසු දේවල් නොවෙයි. ගලයිකොලයික්‌ ඇසිඩ් ඇතැම් අවස්‌ථාවල භාවිත වුනත් එය ඉතාම සුළු ප්‍රමාණයකින්. එය වැඩිවීම සුදුසුම නැහැ. වෛද්‍ය නිර්දේශ අනුව තමයි එවැනි දේ සමට භාවිත කළ යුතු වන්නේ.


  • ෆෙයානස් ක්‍රීම් සහ සුදු පැහැති සමක් ලබා ගැනීම


සුදුවෙන්න හිතාගෙන නොයෙකුත් ෆෙයාර්නස්‌ වර්ග ආලේප කර සම නාස්‌ති කරගන්නා කාන්තාවන් අද දක්‌නට ලැබෙනවා. සුදු පැහැ සමක් වෙනුවෙන් විවිධ ආලේපනයන් වගේම, එන්නත් ආදිය ලබාගැනීමට ගොස් මරණයට පත්වූ කාන්තාවන් ගැනත් පසුගිය කාලයේ අසන්නට ලැබුණා ඔබට මතක ඇති.

අද ෆෙයාර්නස්‌ ආලේප කර හෙට සුදුවෙන්න තමයි බොහෝ දෙනා කල්පනා කරන්නේ. බ්ලීචිං වර්ග අඩංගු නම් එහෙම වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිඵල භයානකයි. කල් ගත වනකොට සම රැළි වැටෙනවා. සම ගැලවී වියළි යන තත්ත්වයක්‌ මතුවෙනවා. ඒ විතරක් නෙවෙයි සමේ පිළිකා තත්ත්ව පවා ඇතිවන්නට පුළුවන්.


  • ෆෙයාර්නස්‌ සහ SPF


ඔබ තෝරාගන්නා ෆෙයාර්නස්‌ ක්‍රීම් එකේ SPF (සන් ප්‍රොටෙක්‌ෂන් ෆැක්‌ටර්) හිරු කිරණින් සම ආරක්‍ෂා කිරීම ඇතුළත් නම් ඔබට එය එළිමහනට යනවිට ආලේප කළ හැකියි. මෙහිදීත් ඔබට විශේෂ යමක්‌ මතකයේ තබාගත යුතු වෙනවා. ඒ තමයි ඔබ තෝරාගන්නා ෆෙයාර්නස්‌ ක්‍රීම් එකේ SPF තිබෙනාවාදැයි කියන කාරණය. ඔබේ ෆෙයාර්නස්‌ ක්‍රීම් එකේ SPF නැතිනම් එය කිසිවිටෙකත් අව්වේ යනවිට අලේප කරන්න එපා. එය ආලේප කළ යුත්තේ නිවසේ සිටින සවස්‌ කාලයට සහ රාත්‍රී කාලයටයි.

SPF නැති ෆෙයාර්නස්‌ එකක්‌ එළියට යන විට ආලේප කිරීමේදී හිරු කිරණ සමඟ ෆෙයාර්නස්‌වල අඩංගු දේ ක්‍රියාකර සමට වෙනම ආබාධ සිදුවිය හැකි බවත් මතකයේ තබා ගැනීම නුවණට හුරුයි


ඔබ ඔබම වන්න.


ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ  අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන්න. මේ සමහර දේවල් නම් ඔයාලා දැනටත් පුරුද්දක් වශයෙන් කරගෙන යනවා ඇති. හැබැයි ඔයා එහෙම කරන්නේ නැත්නම් අද ඉඳන් මේ පුරුදු ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. මොකද අපි කැමැතියි ඔයා ලස්සනට ඉන්නවට.


  • Deodorant භාවිතය.

Deodorant එකක් භාවිතය තුළින් ඔබ තුළ වඩාත් ප‍්‍රියමනාපභාවයක් මතුකර ගැනීමට හැකිය. විශේෂයෙන් වැඩි වශයෙන් අව් රශ්මියට නිරාවරණය වන ඝර්ම කලාපීය රටක් වශයෙන් ශරීරයේ වැඩි වශයෙන් ඩහදිය දැමීම නොවැළැක්විය හැකි කරුණකි. මේ නිසා බොහෝ දෙනා දිවා කාලයේ ගමන් බිමන් යාමට දක්වන්නේ මැලිකමකි. නමුත් ඔබට ගැළපෙන Deodorant එකක් භාවිතයෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය. එසේම හොඳ තත්ත්වයේ සුවඳ විලවුන් වර්ගයක් භාවිත කිරීමද වැදගත් කරුණකි. සුවඳ විලවුන් භාවිතයේදී ගුණාත්මක බවින් තොර නිෂ්පාදනයකට වඩා  Branded නිෂ්පාදනයක් භාවිතය ඔබ සමාජය තුළ වැඩි අවධානයකට ලක්වීමට හේතුවනු ඇත.


  • Make-up අඩුවෙන් යොදන්න.

Make-up වැඩි වශයෙන් භාවිත කිරීම ඔබට අශෝබන පෙනුමක් ළඟා කරන්නකි. හැකි සෑමවිටම ඔබේ ස්වභාවික පෙනුම වැඩිකිරීම සඳහා Make-up භාවිත කරන්න. Foundation එකක් යෙදීමේදී එය මුහුණ මත වෙනම තට්ටුවක් සේ දිස්වන ලෙස ගැල්වීමෙන් වළකින්න.  Lip balm එකක් භාවිත කිරීමට හැකිනම් ඉතා වටිනා අගයක් ඔබේ තොල් පෙති මතට එක්වනු ඇත. අනවශ්‍ය ලෙස  Lipstick භාවිතා නොකර තොල් bold කිරීමට පමණක් යොදාගන්න. 


  • දන්ත සෞඛ්‍ය රැකගැනීම.

දිනපතා දවසට දෙවරක් දත් මැදීම ඉතා වැදගත්ය. හැකිනම්  Mouthwash එකක් භාවිත කරන්න. එය ඔබේ මුඛයේ නැවුම් බව තබා ගැනීමට ඉතා වැදගත් වනු ඇත. සීනි රහිතව නිපදවන Chewing gum එකක් ඔබේ ආහාර වේලකට පසු සැපීමට හැකිනම් එය ඔබේ දන්ත සෞඛ්‍ය ඉහළ දැමීමට හේතුවනු ඇත. නමුත් Mint අඩංගු Chewing gum නිතර භාවිතය ඔබේ ආශ්වාස ප‍්‍රශ්වාස කාර්යයට බාධාවක් වනු ඇත. එසේම Gastritis වැනි රෝග තත්ත්වයන් ඇති අය Chewing gum භාවිතයේදී සැලකිලිමත් විය යුතුය.


  • නිරෝගී වීම.

ශරීරයේ හැඩය පවත්වාගෙන යාම හා නිරෝගී වීම යනු එකිනෙකට වෙනස් සංකල්ප දෙකකි. නීරෝගී අයකු වීමට වැදගත්ම කරුණ නම් පෝෂ්‍යදායී හා නිවැරදි ආහාර පුරුදු පවත්වාගෙන යාමයි. හැකිතරම් පිෂ්ටය හා සීනි අඩංගු ආහාර මඟහැර එළවළු සහ පලතුරු ආහාර වේලට එක්කර ගැනීම වැදගත්ය. දිනකට අවම වශයෙන් විනාඩි 30ක් 60ක් අතර කාලයක්වත් ව්‍යායාම කිරීම මෙන්ම හෘදයේ ක‍්‍රියාකාරීත්වය යහපත්ව පවත්වා ගැනීමට වැදගත්වන දිවීම වැනි කාර්යයක විනාඩි 30ක් වත් නිරත වීමට හැකිනම් ඔබේ නිරෝගීභාවයට ඉතා වැදගත් වනු ඇත. ඔබේ ආහාර වේලට එකතුවන කැලරි ප‍්‍රමාණය ඉක්මවා ඔබට කැලරි දහනය කිරීමට හැකිනම් තවදුරටත් ආහාර වේල් මඟහැරීම අවශ්‍ය නොවනු ඇත.


  • ගැළපෙන ඇඳුම් අඳින්න.

ඔබේ සිරුරට උචිත විලාසිතාවන් තෝරාගන්න. ඔබ ශරීර ප‍්‍රමාණයෙන් තරමක් වැඩි අයෙක් නම් කිසිවිටෙක ශරීරයට හිර විලාසිතාවන් සඳහා යොමු නොවන්න. හැමවිටම ඔබේ ඇඳුම් පිරිසුදුව තබාගැනීම වැදගත්ය. රැළි වැටුණු හෝ පොඩිවුණු ඇඳුම් ඇදීම අනිකා ඔබ කෙරෙහි අප‍්‍රසාද තත්ත්වයක් ජනිත කරනු ඇත. ඒ නිසා සෑමවිටම තම ඇඳුම් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන්න.


  • ඔබේ හිසකෙස් ගැන සැලකිලිමත් වෙන්න.

සතියකට දෙතුන් වතාවක්වත් හිස කෙස් සඳහා Shampoo යෙදීම හා Conditioner යෙදීම සිදුකරන්න. ස්වභාවික තෙල් වර්ගයක් දිනපතා ගැල්වීමට හැකිනම් එය ඔබේ හිසකෙස් සඳහා ඉතා අගනා සාත්තුවකි.


  • නිය ආලේපන භාවිතය.

Nail File එකක් හෝ Nail Clipper එකක් භාවිත කර නිය අවශ්‍ය ලෙස සකසා ගැනීම කළ හැකිය. මීට Manicure Scissor එකක්ද උදව් කර ගැනීමට හැකි නම් ඉතා පහසු වනු ඇත. ඔබ ස්වභාවික පෙනුමකට ප‍්‍රිය කරන්නේ නම් පැහැදිලි නිය ශක්තිමත් කරන ගල්වනයක් භාවිතය හෝ උදාසීන නිය ආලේපන වර්ගයක් භාවිත කළ හැකිය. ළා දුඹුරු පාට හෝ ළා රෝස පාට මේ සඳහා වඩාත් උචිත වර්ණයන්ය. නමුත් ඔබට තද වර්ණයක් භාවිත කිරීමට අවශ්‍ය නම් Nail Art එකක් සඳහා යොමුවීම සුදුසුය.


  • අනවශ්‍ය රෝම ඉවත් කරන්න.

ඔබේ සිරුරේ ඔබට අනවශ්‍ය යැයි හැඟෙන රෝම තිබේ නම් ඒවා ඉවත් කිරීමට පසුබට නොවන්න. Shave කිරීම හෝ Wax කිරීම මඟින් ඔබට අලංකාර පෙනුමක් ලැබෙනු ඇත. ඔබ පිරිමි අයෙක් නම් මුහුණේ රැවුල කැපීමෙන් වෘත්තීමය පෙනුමක් ලබාගත හැකිය. Shave කිරීමේදී,  Shaving Foam  එක වැඩි වශයෙන් තැවරීම මඟින් සමට වන හානිය අවම කරගත හැකිය. නමුත් Shave කිරීම අසීමිත ලෙස සිදුකිරීම රෝම ගොරෝසු වීමට හේතුවේ. ඒ නිසා දිනපතා Shave කිරීම වැනි පුරුදුවලින් ඉවත්වීම වඩා සුදුසුය.


  • සිනහවන්න.

සිනහව ඔබ ප‍්‍රියමනාප අයකු බවට පත්කරයි. නමුත් ඔබේ දත් දෙපළ ගැන සිනහවීමට පෙර අවධානය යොමුකරන්න.



| ‪#‎විදූ‬ | ‪#‎ViDhu |‬



තනියම makeup කර ගැනීමේදී සිදුවන වැරැදීම්...



ගෙදරදී මේක්අප් කරගන්න ඕනෙම කෙනෙක් කැමැතියි. සැලොන් යන්න ගියාම කාලය විතරක් නෙවෙයි සල්ලිත් වියදම් වෙනවා. ඒත් ගෙදරදි කරන මේක්අප් එක සැලොන් එකේ කරන මේක්අප් එක තරම් නීට් නොවුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඉතින් මේ කියලා දෙන්න යන්නෙ ගෙදරදි මේක්අප් එකක් කරද්දි වෙන්න පුළුවන් අතපසුවීම් කීපයක් ගැනයි.

1. මස්කාරා පාවිච්චි කරද්දී වෝටර් පෘෆ් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නෙ දාදියට හෝ කඳුළුවලට දියවෙන්නෙ නැති එකක්. සාමාන්‍යයෙන් තත්ත්වයෙන් බාල මස්කාරා ගාලා ටිකක් වෙලා යද්දි දාදිය දැම්මොත් ඇස් දෙක යටින් කළු පාටට මස්කාරා ගලන්න පටන් ගන්නවා. ඒ නිසා දියවෙන්නෙ නැති එකක් පාවිච්චි කරන්න. හොඳ තත්ත්වයේ මස්කාරා සෝදාහරින්න නම් වතුරින් තෙමලා ෆේස් වොෂ් එකක් දාලා සෝදන්නම ඕනෙ. මිලෙන් ටිකක් වැඩි වුණත් හොඳ මස්කාරා ඕනෙ තරම් වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්.


2. ඔබේ මේක්අප් බ්‍රෂ් සෙට් එක ඔබ කොච්චර කාලෙකට සැරයක් පිරිසුදු කරනවාද? සමහර විට ගත්ත දවසෙ ඉ¼දලා පිරිසුදු කරලා නැතිව ඇති. සාමාන්‍යයෙන් මේක්අප් බ්‍රෂ් සෙට් එක දිනපතාම පාවිච්චි කරනවා නම් සතියකට වතාවක්වත් පිරිසුදු කරන්න ඕනෙ. සතියකට දවස් දෙකක් තුනක් විතරක් පාවිච්චි කරනවා නම් මාසෙකට වතාවක්වත් පිරිසුදු කරන්න ඕනෙ. මේක්අප් බ්‍රෂ් පිරිසුදු කරනවා කියලා කියන්නේ සෝදලා දාන එක නෙවෙයි. වෙළෙඳපොළේ ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු පිරිසුදුකාරක දියර තියෙනවා. ඒවායේ මිල අධික නැහැ.


3. ඔබ ෆවුන්ඩේෂන් පාවිච්චි කරන කෙනෙක් නම් ෆවුන්ඩේෂන් එකේ වර්ණය ගළපන්න ඕනෙ මුහුණේ වර්ණයට නෙවෙයි පිටි අත්ලේ වර්ණයට. එහෙම නැති වුණොත් වෙන්නෙ මුහුණ ගොඩක් සුදු පාටට ලස්සනට පෙනෙන එක හා අත් අඳුරු පාටට පෙනෙන එක. ඒ නිසා මුහුණ ඕනෙවට වඩා සුදු වෙන්න ෆවුන්ඩේෂන් දාන්න එපා. පිටි අත්ලේ වර්ණයට ෆවුන්ඩේෂන්වල වර්ණය ගළපනවා කියන්නේ එක්තරා ආකාරයකට ඔබ දෙස බලන්නාව රැවටීමක් විදියටත් කියන්න පුළුවන්.


4. ෆවුන්ඩේෂන් ආලේප කරද්දි මුළු මුහුණේම ආලේප කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මුහුණේ ඇස් යට සහ නාසය උඩ ඉංග්‍රීසි ඊ අකුරේ හැඩයට ෆවුන්ඩේෂන් ආලේප කළොත් මුහුණේ පිරිපුන් බවක් පෙන්වනවා. නමුත් සමහර ගැහැනු ළමයි සුදු පාට වෙලා පෙනෙන්න කියලා ෆවුන්ඩේෂන් ගොඩක් මුළු මුහුණේම ආලේප කරනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා මතක තියාගන්න. ඒකෙන් වෙන්නේ ඔබ අනෙක් අයගේ සමච්චලයට ලක්වෙන එක විතරයි.


5. ක්‍යුටෙක්ස් ගාන අය ඒවා රිමූව් කරන්න කම්මැළි හිතුණාම තියෙන ක්‍යුටෙක්ස් එකට උඩින් නියපොතුවල පාට ක්‍යුටෙක්ස් එකක් ආලේප කරනවා. ඒකත් හොඳ පුරුදක් නෙවෙයි. සාමාන්‍යයෙන් ක්‍යුටෙක්ස් තට්ටු තට්ටු ආලේප කළාම නියපොතුවල ස්වාභාවික පැහැය නැති වෙලා අවපැහැ වෙන්න පුළුවන්. ඒ වගේම දීර්ඝකාලීනව ක්‍යුටෙක්ස් ගාගෙන ඉන්න එකත් හොඳ නැහැ. ඒ නිසා සති දෙකකට වතාවක්වත් පරණ ක්‍යුටෙක්ස් එක රිමූව් කරලා අලුතින් ආලේප කරන්න ඕනෙ.


6. ඔබ මේක්අප් එකක් දානකොට හොඳ තදට ආලෝකය එන ලයිට් එකක් පාවිච්චි කරනවා ඇති. ඒකත් වැරැදි පුරුද්දක්. සාමාන්‍යයෙන් මේක්අප් කරන්න හොඳම ලයිට් එක විදියට සලකන්නේ කහ පැහැ ලයිට් එක. එහෙමත් නැත්නම් ස්වාභාවික ආලෝකය. ඒ කියන්නේ සාලෙ හොඳට එළිය තියෙන අව්ව වැටෙන්නෙ නැති තැනක. එහෙමත් නැත්නම් ගහක් යට වගේ තැනක. සුදු ආලෝකය නම් මේක්අප් කරන්න හොඳම නැහැ කියලා ඒ සම්බන්ධ විශේෂඥ අය උපදෙස් දීලා තියෙනවා.



දුලංජලී මුතුවාඩිගේ