Showing posts with label Better Living. Show all posts

50 පස්සේ ජිවිතේ ලස්සනට ගෙවන්න උපදෙස් කිහිපයක්.


අපේ ජීවිතේ හරිම ඉක්මනින් ගෙවිලා යනවා. කාර්යබහුල ජීවන රටාවක් සමඟම ජීවිතේ වියපත් වීම ගැන ඔබේ සැලකිලිමත් බව ගැන නම් සෑහීමකට පත්විය නොහැකියි. අවුරුදු 50ක් වන විට ඔබේ ජීවිතයේ බොහෝ අවධීන් පසු කරලා, ඉදිරි ජීවිතය නිරෝගිමත්ව ගත කිරීමට නම් ඔබට මේ කාරණා කිහිපය වැදගත් වේවි.

  • වෛද්‍ය පරීක්‍ෂණවලට යොමු වීම
අවුරුදු 50න් පසුව රෝග ඇති වීමේ වැඩි අවදානමක් පවතියි. මේ නිසා මුළු ශරීරයම පරීක්‍ෂා කර ගැනීමට සුදුසු වෛද්‍ය පරීක්‍ෂණ වෙත යොමු වෙන්න. මේ අතරින් ඇස් පරීක්‍ෂාව, දත් පරීක්‍ෂාව, රුධිරගත සීනි මට්ටම මෙන්ම හෝමෝන ආශි්‍රත ගැටලු මැන බැලීමත් වැදගත් වෙනවා.

  • හෝමෝන පරීක්‍ෂාවට වැඩි ඉඩක්
මේ වයසේදී කාන්තාවන්ගේ ශරීරය තුළ හෝමෝන විපර්යාසයක් වන නිසා එය වෙනත් රෝග ඇති වීමටත් බලපෑ හැකියි. එම නිසා ඒ ගැන වැඩි අවදානයක් යොමු කරන්න.

  • උෂ්ණාධික ආහාරවලින් අෑත්වන්න
ශරීරය උණුසුම් වන ආහාරවලින් හැකි තරම් අෑත් වන්න. මාළු, ඉස්සන්, දැල්ලන්, තක්කාලි, අන්නාසි, චට්නි හා මිරිස් අධිකව ආහාරයට නොගන්න. මේ වෙනුවට ඇඟ සිසිල් කරන ආහාරවලට හුරුවන්න. මුං ඇට, කොමඩු, බාර්ලි හා සව් වැනි ආහාර නිතරම ආහාර වේලට එක් කර ගන්න.

දිනකට වරක් හෝ ඔෟෂධීය පානයක් සවස 4.00ට පෙර ගැනීම වඩා සුදුසුයි.

  • පාදවල තැළීම්වලට අයිස් තෙරපි
වියපත් වන විට පාද හා සන්ධිවල වේදනාවන් ඇති වේ. ඔබ මෙවැනි විටෙක හුරු වී සිටින්නේ විවිධ බාම් වර්ග ආලේප කිරීමට හා උණු ජලයෙන් තැවීමටය. නමුත් ඔබේ ශරීරය මේ අවධියෙදි හෝමෝන ක්‍රියාවලියෙන් උණුසුම්ව ඇති නිසා මේ පිළියම නම් සුදුසු නොවේ. ඒ වෙනුවට අයිස් පැක් එකක් හෝ ශීත තුවායකින් දණහිස්, වළලුකර හෝ වෙනත් ශරීරයේ නැවෙන ස්ථාන තැවීමට හැකියි. මෙය අයිස් තෙරපි ලෙස හඳුනා ගනියි.

  • මෙට්ටය තෝරා ගැනීමේදී සැලකිලිමත් වන්න
කොන්දේ ආබාධ ඔබට මේ අවධියේදී නිතරම ඇති විය හැකියි. මේ නිසා අවුරුදු 45 සිටම තරමක් ඝනකම සහිත හයිය මෙට්ටයක නිදාගැනීමට හුරු වන්න. වාහන පදවන්නේ නම් එහි අසුනටද මේ ආකාරයට සාදාගත් කොට්ටයක් යොදා ගන්න. වඩාත් සුව පහසුවට ඇති එබෙනසුලු මෙට්ට නිසා ඔබේ අස්ථි අධිකව සෙලවෙන නිසා එලෙස නිමවූ ඉධටච, පුටු හා ඇඳන් ආදිය ඇත්නම් ඒවා මාරු කරන්න.

  • කොට්ටය මාරු කරන්න
මෙට්ටය මෙන්ම ඔබ හිස තබන කොට්ටයද අතුරු ආබාධ ඇති කරවිය හැකි දෙයක්. මේ කාලයේදී අධිකව දහදිය දැමීම, හිස අධිකව රත්වීම, ඉස්හොරි ගැටලු හා විවිධ ක්‍ෂුද්‍ර ජීවීන් ඇතිවීම නිසාත් මාස 6කට වරක්වත් කොට්ටය මාරු කිරීම සෞඛ්‍යාරක්‍ෂිතයි. මේ නිසා අවම වශයෙන් වසරකට වරක්වත් කොට්ටය අලුත් කර ගැනීම වැදගත්ය.

  • ආහාර ගැනීමේදී
රාත්‍රි ආහාරයට බත්, අල වැනි කාබෝහයිඩේ්‍රට් අඩංගු ආහාර නොගන්න. ඒ වෙනුවට එළවළු හෝ සුප් පානයක් පිළියෙල කර ගන්නත් පුළුවන්. පලතුරු යුෂ වැනි විටමින් ඛ් අඩංගු පාන නම් උදෑසන ගැනීම වඩාත් සුදුසුයි.

  • සීනි, ලුණු සීමා කරන්න
සීනි, ලුණු හා තෙල් වැනි දේ ශරීරයට ගත යුතු වන්නේ අඩු ප්‍රමාණයකිනි. දිනකදී නම් මේවා තේ හැඳි 2 බැගින් ගැනීම ඔබට වඩා සුදුසුයි. එය ඔබට ඇති උපරිම සීමාවයි. එනම් සීනි, ලුණු හා තෙල් දිනකට තේ හැඳි 2කට වඩා ගැනීම ඔබට සුදුසු නොවේ. පැණි රස බිස්කට් වැනි කෙටි ආහාරයක් ගන්නවා නම් තේ එක සීනි නොදා පානය කිරීමට හුරුවන්න. මේ වෙනුවට ඇඹුල් රසැති ආහාරවලටත් ඔබට යොමුවිය හැකියි. සවස 6න් පසුව සීනි යෙදූ ආහාර වර්ග ගැනීමෙන් අෑත්වන්න. පෙණහලු හා වකුගඩු ආබාධ ඇති වීමත් ඔබට මින් පාලනය කරගත හැකියි.

නින්දෙදී හදිසි හෘද රෝග ඇතිවීමේ අවදානමද මින් අවම කරයි.

  • කොන්දේ ආබාධ ගැන අවධියෙන් සිටින්න
මේ අවධියේදී අස්ථි හා මාංස පේශිවල දුර්වලතා ඇති වීම සාමාන්‍ය දෙයක්. එබැවින් කොන්ද අමාරු, දණහිස හා උකුල ආශි්‍රත වේදනා ඇත්නම් වහාම වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්‍ෂා කරගන්න. මිනිපිරියන් බලා ගැනීමේ කාර්යයක් ඔබට මේ අවධියේ කිරීමට සිදු වුවද දරුවන් වඩා ගැනීමේදී කොන්දට ඇතිවන ආබාධ ගැන සැලකිලිමත් වෙමින් ඒවා සිදු කිරීමට වගබලා ගන්න. බරක් එසවීමේදී කොන්දට නොව පාදවලට දැනෙන ලෙස එම ක්‍රියා සිදුකළ යුතුයි. මේ නිසා පාද ශක්තිමත් කරන ව්‍යායාමවලට වැඩි අවධානයක් දෙන්න.

පිහිනීම කොන්දේ ආබාධ ඇති අයටත් පහසුවෙන්ම යෙදීමට හැකි ව්‍යායාමයක්. දුවන ව්‍යායාම හා යන්ත්‍රවලින් සිදු කරන ව්‍යායාමවලට ඔබ යොමු වන්නේ නම් ව්‍යායාම් උපදේශකවරයකුගේ උපදෙස් පිළිපදින්න.

  • මුත්‍රා කිරීම වරින් වර සිදුවන්නේ නම්
ඔබේ ශරීරය උණුසුම් නිසා එය සමනය කිරීමට සවස 3 සිට 5 වනතෙක් වතුර හා වතුර අඩංගු වෙනත් ආහාර වර්ග ගන්න. නමුත් සවස 5ත්, රෑ 10ත් අතර වතුර අඩංගු ආහාර අඩුවෙන් ගැනීමට හුරුවන්න. ලුණු භාවිතයත් අඩු කරන්න. රාත්‍රි කාලයේ වරින් වර ඔබට මුත්‍රා කිරීමට සිදුවන්නේ මේ ගැන නිසි දැනුවත් වීමක් නොමැතිකම නිසා විය හැකියි.

හිරු එළිය බැස යන විට එනම් සවස 4ට පමණ ඇඟපත සෝදා පිරිසුදු වීමත් වැදගත් දෙයක්.

මන්ද ඔබ ස්නානය කර පිරිසුදු වීමෙන් පැය 1/2කට පමණ පසු මුත්‍රා පිටවීම සිදුවන නිසයි. ඔබ නිදා ගැනීමට සූදානම් වීමට පෙර ස්නානය කරන්නේ නම් මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවන නිසා ඔබේ නින්දටත් බාධා පැමිණිය හැකියි.

  • අමතක වීම
වියපත් වීමත් සමඟ ඔබට කායිකව පමණක් නොව මානසිකවත් ගැටලු ඇති වෙයි. අමතක වීම මින් ප්‍රධාන ගැටලුවක්. මේ නිසා කරන හා කළ දේවල් සියල්ල දින පොතක සටහන් කර තබන්න. දවසෙන්, විනාඩි 10ක්වත් මේ සඳහා වෙන් කරන්න. දුරකතන අංක, ඔබ ගන්නා ඔෟෂධ හා දරුවන්ගේ කාර්යයන් පවා සටහන් කර තැබීමෙන් ඔබටත් පහසුවක් වේවි.

  • සිතේ සතුට
බොහෝ කාන්තාවන් මැහුම් ගෙතුම් වැනි නිර්මාණාත්මක කටයුතුවල යෙදන්න වැඩි කැමැත්තක් දක්වනවා මල් පැළ වගාව වගේම සුරතල් සතුන් ඇති කිරීමත් මානසික සහනයට හොඳම පිළියමක්. ජීවිතයේ සැදෑ සමයේ තනිව ජීවත් වන වැඩිහිටියන් සුරතල් සතුන් සමීප කරගැනීමෙන් ඒ පාළුව මඟහරවා ගන්නවා. එය සිතට මහත් සතුටක් ගෙන දේ. වයස 50න් පසු මානසික සුවතාවය හරිම වැදගත්.

  • මනස ශක්තිමත් කරන්න
මනසට උදේ‍යාගයක් ගෙනදෙන වීර චරිත, ලෝකේ දියුණුව ගැන ඇති පොත්පත් කියැවීමට හුරුවන්න. අලුත් අත්දැකීම් ගැන උනන්දු වන්න. මනස ශක්තිමත් කර ගැනීමට නම් බෝධි පූජා කිරීම වැනි ආධ්‍යාත්මික කටයුතුවල උදෑසන කාලයේදී නිරත වන්න. යෝගා, භාවනා විධිවලත් උදෑසන කාලයේ නිරත වීම මනස ශක්තිමත් කිරිමට උදව් වෙනවා.

  • මානසික ආතතියට
ලංකාවේ අවුරුදු 50ට වැඩි කාන්තාවන් 5 දෙනෙක්ගෙන් එක් අයෙක් ප්‍රතිකාර ගතයුතු මානසික රෝගයකින් පෙළෙන බව ඔබ දන්නවාද? මෙවැනි අවස්ථාවකදී ඔබ විසඳුම් සෙවිය යුතු වන්නේ තනිව නොව ඒ පිළිබඳ උපදේශකවරයකුගෙනි. නමුත් මේ ගැටලුවලට විසඳුම් සෙවීමට පවුල හෝ ආධයාත්මික නායකයකු මැදිහත් කර ගැනීම සුදුසු නැත. උපදේශන සේවය ලබාදෙන පුහුණු විශේෂඥවරයකුගෙන් හැම විටම උපදෙස් ලබාගන්න.

  • අඹු සැමියන් අතර කතාබහ
මේ කාලයේදී කාන්තාවන්ගේ සිතේ බිය, සැකය, සාංකාව වැනි හැඟීම් වෙනදාට වඩා අති වෙනවා. තම සැමියා හා දරුවන්ගේ කටයුතු ගැනත් නිතරම සැකයෙන් පසු වනවා. මේ නිසාම මානසික වියවුල ඔබේ වියපත් වීම තවත් ඉක්මන් වෙනවා. මෙයට වඩාත් සුදුසු වන්නේ තම සැමියා සමඟ මේ දේවල් ගැන ඉතා සමීපව කතාබහ කිරීමයි. එයට නිසි පිළිතුරක් නොලැබුණත් ඔබේ මනසේ පීඩනය එඑයින් මඟහැරී යයි. අඹු සැමියන් අතර වන සුහද කතාබහ ඔබේ ගැටලු රැසකට පිළියම් ලබාදෙයි.


ශාලිකා රංගනී සමරදිවාකර

උපදෙස් : එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

සුව කළ නොහැකි රෝගයකින් මිදෙන්න නිරුවතින් නිදියන්න.


නින්ද කියන්නෙ හොඳ ‍ඖෂධයක්. රෝග රැසකටම. හැබැයි ඕනවට වැඩිය නිදියන එකත් රෝගයක්. එක එක්කෙනා නිදියන්නෙත් එක එක විදියට. මේ රෝග අවදානමෙන් මිදෙන්න නම් තමන්ට ඕන විදියට නිදියගෙන හරියන්නෙ නෑ. නිරුවතිනුයි නිදියන්න ඕන.

මේ බව කියන්නෙ එක්සත් ජනපදයේ National Sleep Foundation ආයතනය. ඔවුන් පවසන පරිදි ඔබ නිරුවතින් නිදියන්නේ නම් දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරගන්න පුළුවන්. නිරුවතින් නිදාගැනීම කාන්තාවන්ට දිලීර ආසාදනය මගහැරීමටත් පිටිවහලක් වෙනව. ඒ වගේම නිරුවතින් නිදියනවිට කැලරි දහනයද වේගවත් වන බව ඔවුන් පවසනව. විවාහකයින්ට නම් තමන්ගෙ යුග ජීවිතයට ඉහළ වටිනාකමක් එකතු කරගන්නත් මින් අවස්තාව ලැබෙන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නෙ.


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

කෑම අඩු කළත් මහත අඩුවෙන්නේ නැද්ද?


තරබාරුකම පාලනය කරන්න බොහෝ දෙනා විවිධ ක්‍රම අනුගමනය කරනවා. ආහාර පාලනය හා ව්‍යායාමවලට මින් වැඩි අවධානයක් යොමු වෙනවා. ශරීරය තුළ ක්‍රියාත්මක වන හෝර්මෝන හා එන්සයිමත් මේ ක්‍රියාවලියට දායක වෙනවා. තරබාරුකම පාලනය කළ හැකි මේ සරල ක්‍රම කිහිපය ඔබටත් වැදගත්ය.
  • ආහාර පාලනය හා මේදය දහනය
සිරුරේ තැන්පත් වන මේදය නිසි ලෙස දහනය නොවුණහොත් ඒවා උදරය, කලවා ආදී ස්ථානවල තැන්පත්වෙයි. ශරීරයේ මේදය තැන්පත් කිරීමට හා දහනය කිරීමට හෝමෝන රාශියක් බලපාන බව සැබෑවකි. ශරීරයේ ඉන්සියුලින් වැඩි වූ විට මේද දහනය වීමේ ක්‍රියාවලිය නැවතී යයි. මේදය තැන්පත් කරන එන්සයිම මඟින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ නංවයි.

ඔබේ ආහාර පාලනයද මෙයට බලපෑම් කරන නිසා කාබොහයිඩේ්‍රඩ් අඩු, ප්‍රෝටීන් වැඩි ආහාර වඩාත් සුදුසුයි.
ශුද්ධ කළ ආහාර, සීනි සහිත ආහාර, කාබෝහයිඩේ්‍රට් අඩංගු ආහාරවලින් හැකි තරම් වැළකී සිටින්න.

බතල, ආටා පිටි, එළවළු, නිවුඩු හාල් වැනි ආහාර ඔබේ ආහාර වේලට එක්කර ගන්න.
  • අඩ නින්දත් තරබාරුවට බලපායි
ඔබ කාර්යබහුල වීම හෝ වෙනත් මානසික වියවුල් තත්ත්වයන් නිසා නින්දට බාධා ඇතිවිය හැකියි. මෙය ඔබේ තරබාරුකමට අහිතකර ලෙස බලපානවා. ඔබ සුව නින්දක් නොලැබීම නිසා කෝටිසෝල් හෝමෝන ක්‍රමිකව වර්ධනය වෙයි. එම හෝමෝනය වර්ධනය වූ විට ඉන්සියුලින්ද පහළ බසියි. එවිට සීනි සහිත ආහාරවලට වැඩි රුචිකත්වයක් ඇතිවෙයි.

පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ සුව නින්දක් නොලැබීම අධිකව බර අඩුවීමටත් බලපාන බවයි.
සෑම රාත්‍රියකම පැය 8ක සුව නින්දක් ලබා ගන්න.

නින්දට යෑමට පෙර කෝපි වැනි පාන ගැනීමෙන් වළකින්න. එය ඔබේ සුව නින්දට බාධා කිරීම මෙයට හේතුවයි.
ඊස්ට්‍රජන් හෝමෝනයේ සමතුලිත බව මේද දහනයට පහසුවකි.
ශරීරයේ මේද දහනයේ හිතකර හා අහිතකර බවටත් ඊස්ට්‍රජන් හෝමෝනය බලපෑම් ඇති කරවයි.
ඊස්ටජන් මට්ටම ඉහළ ගිය විට මේදය දහනය වීම සාමාන්‍ය ක්‍රියාවලියකි. ඉණ, කලවා ආදී ස්ථානවල මේදය දහනයට උපකාරී වන්නේද එයයි.



ශාලිකා රංගනී සමරදිවාකර.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

උදේ පාන්දර දෙහි යුෂ වීදුරුවක් බීමේ වාසි.


උදෙන්ම දවස පටන් ගන්න පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් ප්‍රබෝධයක්. ඒ වෙනුවට උදෑසනම දෙහි යුෂ පානයක් ලබා ගැනීමෙන් ඔබට වාසිදායක ප්‍රතිඵල රැසක්ම හිමිවන බව නම් කිව යුතුමයි.

  • ආහාර දිරවීම පහසු කරවයි
මඳ රස්නෙ ජලයත් ඔබේ ආහාර දිරවීමට උපකාර වන අතරම දෙහි යුෂවලටත් ආමාශය පිරිසුදු කරමින් ආහාර දිරවීම පහසු කිරීමේ විශේෂ ගුණයක් පවතියි. දෙහිවල අඩංගු අම්ල ගුණය නිසා ආහාර දිරවීම මෙන්ම ඒවා බැහැර කරවීමද පහසු කරයි.

  • සිරුරේ ප්‍රතිශක්තිකරණයට උපකාරි වෙයි
පැඟිරි සහිත පලතුරක් වන දෙහිවල විටමින් ඛ් අන්තර්ගතයි. එය සිරුර අභ්‍යන්තරයේ අම්ල සමඟ ප්‍රතික්‍රියා කරමින් ප්‍රතිශක්තිකරණය ලබා දෙයි.

  • විස නැසීමේ ගුණය
දෙහි යුෂ පානය මුත්‍රා පිටවීම පහසු කරවන ඔෟෂධීය පානයක්. ශරීරයේ ඇති විස ද්‍රව්‍ය සෝදා හැරීමේ විශේෂ ගුණයක්ද මෙය සතුයි. මෙහි අඩංගු සිට්රික් අම්ලය මඟින් එන්සයිම වර්ධනය කර අක්මාවේ උත්තේජනයක් ඇති කරවයි.

  • ශක්තිය ලබා දෙයි
කෝපි පානයෙන් ඇඟට ප්‍රබෝධයක් ගෙන දෙන බව බොහෝ දෙනා දන්නා මතයක්. එවැනි ප්‍රබෝධයක් දෙහි යුෂ පානයෙන්ද ලබා ගත හැකියි. ජලය සමඟ දෙහි යුෂ මිශ්‍ර වී සාදන දියරයෙන් රුධිර සංසරණයටද උත්තේජනයක් ලබාදීම මෙයට හේතුවයි.

  • සම පැහැපත් කරයි
නිදන්ගත විජලන රෝග තත්ත්ව නිසා ඔබේ සම අඳුරු පැහැ ගැන්විය හැකියි. නමුත් දෙහි යුෂ පානයකින් දවස ආරම්භ කරන ඔබට නම් මෙය ගැටලුවක් නොවේවි. එහි අඩංගු විටමින් ඛ් ඔබේ සම නිරෝගීමත් කිරීමට උපකාරි වන බවත් කිව යුතුමයි.



ශාලිකා රංගනී සමරදිවාකර.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

අන්තර්ජාලය පුරා පාසල් දැරියගේ නිල් පින්තූර.



කාර්යබහුල දිවියට මද විරාමයක් ලබාදෙමින් පූජනීය නගරයට ඇතුළුවූයේ ශ්‍රීමා බෝ සෙවනේදී සිත් පහන් කර ගැනීමටය.

බෝපත් සිළි සිළි හඬ දෙමින් සිතට බුද්ධාලම්භන ප‍්‍රීතියක් එක් කළ අතර හඳුන්කූරු, පහන් හා මල්වල එකතු වූ අපූරු සුගන්දය පුන්‍ය භූමියේ පහන් සිතිවිළි තවතවත් වර්ධනය කළේය.

ජයසිරි මා බෝ සමිඳු අභියස දොහොත් මුදුන් දී වන්දනා කළ මා කිරි සුදු පාටින් බබළමින් අහස් කුස සිපගැනීමට වෙරදරන සෑ රදුන් දෙසට ගමන් කළෙමි.

”දුවේ ඔයාට මතකද? අපි හැම පෝයකටම මෙහෙට එනවා. මගේ දු මතක් කරන්න රත්තරං”

සවන වැකි ඒ අනුවේදනීය හඬ ආ දෙස මම හැරී බැලූවෙමි.

දිගු සුදු ගවුමකින් සැරසී කොණ්ඩය තනි කරලට ගොතා සිටි සුන්දර තරුණියකි. පෙනුමේ හැටියට ඇයට වයස අවුරුදු 15 ක් හෝ 16 ක් විය හැකිය. කිසිදු හැඟීමක් ඵල නොකළ ඇය සෑරදුන් දෙස අර්ථ විරහිතව බලා සිටියාය. ඒත් ඒ නෙත්හි කුමක් හෝ ලොකු දුකක් වේදනාවක් සැඟවී ඇති බව මට වැටහී ගියේ ඇගේ දෑසෙන් ගලා යන කඳුළු නිසාවෙනි.

ඇය අසල සිටි මැදිවයස් ගැහැනිය ඇගේ අම්මා විය හැකිය. මම ඇය දෙස බැලූවෙමි.

”අනේ බලන්න දුවේ, රත්තරන් වගේ හිටපු මගේ කෙල්ලට වෙච්ච දේ. කතා කරන්නෑ, හිනාවෙන්නෑ, කිසිම දෙයක් කියන්නෑ, බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. මෙයා මෙහෙම හිටපු කෙනෙක් නෙවෙයි.” ඇගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැළෙන්නට විය. මම ඇය දෙසට හැරුනෙමි.

”ඇයි දුවට මොකද වුණේ”

මම ඇගෙන් විමසුවෙමි. සියලූ සත්ත්වයින්ගේ සිතට සැනසුමක් ලබාදෙන මේ පින්බිමේ සිට ඇය ඒ සෝචනීය පුවත දිග හැරියාය.

”අපි මෙහෙ අය නෙවෙයි දුවේ. අපි ගාල්ලේ. මට ඉන්නේ මේ දුව විතරයි. මගේ මහත්තයා නැතිවුණේ මම තරුණ කාලේ. මේ දරුවා නිසා මම ආයේ විවාහයක් වුණේ නෑ. මම හැමදේම කළේ මේ දරුවා සතුටින් තියන්න. එයාට ඉල්ලන ඉල්ලන දේ ගෙනැත් දුන්නා. ඒත් එයාගේ සැප වෙනුවෙන් භෞතික දේවල් එකතු කරපු මට එයාව ටික ටික ලොකු වෙනවා කියලා හිතුනේ නෑ. මට එයාව තේරුම් ගන්න බැරිවුණා....”

මම යළිත් ඒ අහිංසකාවිය දෙස හැරී බැලූවෙමි. මේ සුන්දර පුංචි කෙල්ලට ඇත්තටම මොකද වුණේ. ඔවුන් ජය සිරිමා බෝ සමිඳුගේ පිහිට ඉල්ලා ශුද්ධ නගරයට පැමිණ ඇත. මම නැවතත් ඒ අහිංසකාවියගේ මව දෙසට හැරුණෙමි.

”මම ගොඩක් මහන්සිවෙලයි මේ දරුවා ලොකු මහත් කළේ. මගෙ දුව ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. සාමාන්‍ය පෙළ විභාගය හොඳටම පාස්වුණා. එයා විභාගය හොඳට පාස්වුණොත් ලැප්ටොප් එකක් අරගෙන දෙන්න මම පොරොන්දුවෙලා හිටියේ. ඒ නිසා මම දුවට පරිගණකයක් අරගෙන දුන්නා. අපේ ගෙදර මගේ නංගි කෙනෙකුත් හිටියා.

උසස් පෙළ පංති පටන්ගන්න තුරු දුව හිටියේ ගෙදර. නංගී දුවගේ තනියට ඉන්න නිසා මම බයනැතිව වැඩට ගියා. ඒත් දුව හිටියේ වෙනම කාමරයක. එයා පාඩම් වැඩ කරනවා ඇති කියලා නංගිත් වැඩිය එයාගේ කාමරයට ගිහින් නෑ. දුව විද්‍යා අංශයෙනුයි උසස් පෙළ කරන්න බලාපොරොත්තු වුණේ. ඒ නිසා මම ඉන්ටනෙට් ලයින් එකත් අරගෙන දුන්නා.

මම දැනගෙන හිටියේ නැතිවුණාට දහය වසර ඉඳලා දුවට පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. එයා ගෙදර හිටියට ඒ ළමයත් එක්ක නිතරම ස්කයිප් එකෙන් කතා කරලා.

දවසක් හයියෙන් කතා කරන සද්දයක් ඇහෙන නිසා නංගි දුවගේ කාමරයට ගිහින්. එයා දොර රෙද්ද අයින් කරලා බලද්දි දුව ඒ පිරිමි ළමයත් එක්ක රණ්ඩු වෙනවලූ. මම හවස ගෙදර ආවහම මේ විස්තරේ නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන ඇහුවා.

ඒ පිරිමි දරුවා දුවගෙම පන්තියේ ළමයෙක්. අම්මලා තාත්තලත් වැදගත් අය. ඒ නිසා මම ඒ දරුවත් එක්ක කතා කළා. ඒ ළමයා එයාගේ මව්පියෝ මට මුණගැස්සුවා. අපේ දරුවෝ පුංචි කාලෙදිම ඒ වගේ දේකට අනුබල දීලා අපි ලොකු වැරැුද්දක් කළේ.

ඇයගේ දෑස් අගින් කඳුළු බිංදු ගලාගෙන යන්නීය. සැබැවින්ම එය වරදකි. තාරුණ්‍යයට ආදරය දැනෙයි. ඔවුන් ආදරය සොයා යයි. ඒත් ඉගෙන ගන්නා වයසේ බාලවයස්කාර දරුවන්ට විවාහයක පදනම ඇතිව එවැනි සම්බන්ධතා පවත්වන්නට දීම කොතරම් යෝග්‍යය ද යන්න ගැටළුවකි. ඇගේ එම ලිහිල් ප‍්‍රතිපත්තියම අද ඇයට කඳුළු උරුම කර දී ඇත.

ඒත් එම අහිංසකාවියට මෙම තත්ත්වය උදාවූයේ කෙසේද? තවමත් ගැටළුවකි. මම නැවතත් ඇගේ මව් දෙසට හැරුනෙමි.

”අපි දෙපැත්තෙන්ම කතා කරාට පස්සේ මේ දරුවෝ ගොඩක් හොඳට හිටියා මිස්. ඒත් ආයෙත් කාලයකට පස්සේ දෙන්නා ස්කයිප් එකෙන් නිතර නිතර රණ්ඩුවෙනවා කියලා නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන අහලා බැලූවා. එයා කිව්ව දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා දුවේ.’’

”ඒ පිරිමි ළමයා නිතරම නිල් චිත‍්‍රපටි බලනවලූ. ඒවා බලලා දුවත් එක්ක කියනවලූ. දුව ඒකට කැමති නෑ. ඒ නිසා රංඩු වෙනවා කියලා දුව කිව්වා.”

අද අහන්න දකින්න ලැබෙන දේත් එක්ක මම ඉක්මන්වෙලා ගත්ත තීරණේ භයානකකම ගැන හිතුනේ ඒ වෙලාවේ. මට ඉන්නේ දුව විතරයි. මම කැමති නෑ එයා අඬනවා බලන්න. ඒ නිසා මම ඒ දරුවාගෙ අම්මලාට කතා කරලා එයා නිල් චිත‍්‍රපටි බලන එක ගැන දැනුම්වත් කළා. එයාලගේ අම්මලත් ඒ දරුවට අවවාද කරලා තිබ්බා.

එදායින් පස්සේ සතියක් විතර ඒ දරුවා අපේ දුවට කතා කරලා නෑ. දවස් දෙක තුනකින් විතර දුවට එයාගේ යාළුවෝ කතා කරලා එයාගේ නිරුවත් ෆොටෝ ඉන්ටනෙට් එකේ තියන බව කියලා තියනවා. මුලින් දුව ඒක මට හැංගුවා. ඒත් අන්තිමට දුව මට ඒ ගැන කිව්වා.

ඒක එහෙම වුණේ කොහොමද කියලා දුව මට කලින් කිව්වේ නෑ. එයා මුලින්ම කිව්වේ එයාගේ ෆේස්බුක් ගිණුමේ තිබුණ ෆොටෝ අරගෙන වෙනස් කරලා හදලා දාලා තියෙන්නේ කියලා. ඒත් ප‍්‍රශ්නෙ ටික ටික දුරදිග ගිය නිසා එයා මට හැමදේම කිව්වා.

අර ළමයාට නිල් චිත‍්‍රපටි බලන්න එපා කිව්වාම එයා කියලා ඒවා නොබලා ඉන්නනම් දුවගෙ පින්තූර එවන්න කියලා. දුව ඒක විශ්වාස කරලා. එයාට තිබුණ ආදරේට, එයා ඒ වගේ දේවලින් ගලවා ගන්න දුවම එයාගේ ෆෝන් එකෙන් පින්තූර අරගෙන ඒ පිරිමි ළමයට යවලා. ඒත් එයා නිල් චිත‍්‍රපටි බලන එක නතර කරලා නෑ. දුව ඒ නිසා නිතරම එයත් එක්ක රණ්ඩු කරලා. අන්තිමට දුව මට කියලා එයාගේ මව්පියන්ට කියලා අවවාද කළ තරහට මගෙ දරුවගෙන් පළිගත්තේ එහෙමයි.

ඔය සිද්ධියෙන් පස්සේ දුව ගොඩක් මානසිකව වැටුණා. හීනෙන් බයවෙලා නැගිට්ටා. ඇඳේ ඉඳගෙන අඬන්න වුණා. මෙයාට ඉස්කෝලේ ගුරුවරුත් ගොඩක් ආදරෙයි. යාළුවොත් ගොඩක් ගරු කළා. ඒත් ඔය සිදුවීම ගොඩක් අය දැනගත්තට පස්සේ එක දිගටම මෙයාට කෝල් ආව අවස්ථා තිබුණා. අද ඒ ගැන කල්පනා කරලම ඒ දුක දරාගන්න බැරුව මෙයා නිහඬ වෙලා. දැන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා. ඒත් මෙයා ඒ පරිසරයෙන් ඈත් කරන්න ඕනෑ නිසයි අපි අනුරාධපුරේ ආවේ. ඉස්සර මෙයා ගොඩක් ආසයි උඩමළුවට එන්න. මට ඕන කොහොම හරි මගෙ අහිංසකීව සනීප කරගන්න.

සැබැවින්ම ඛේදනීය ඉරණමකි. ආදරය සුන්දරය. එම සුන්දර ආදරය තුළ විශ්වාසය, ගෞරවය, ආරක්ෂාව ආදී බොහෝ දේ තිබිය යුතුය. අද පවතින ඒකාකාරී අධ්‍යාපන රටාව මත ළමයින්ගේ පරිකල්පන ශක්තිය හීන වී ඇත. දහම් අධ්‍යාපනයක් නොලබන දරුවෝ පින, පව, සංස්කෘතිය, සදාචාරය, කර්මඵල පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව අර්ථ විරහිත ජීවිත ගත කරති.

ඒ වෙතින් නොදැනුවත්වම ඔවුන් ඔවුන්වම විනාශ කර ගනිමින් සමාජය ද කෙළෙසා දමයි. නව තාක්ෂණය අවශ්‍යය. එහෙත් එය භාවිතය දැලි පිහියෙන් කිරි කෑමක් බඳුය. එබැවින් ජීවිතයට අවශ්‍ය දේ තෝරාගෙන අනවශ්‍ය දේ බැහැර කර තාක්ෂණය භාවිත කළ යුතු බව සිහියට ගත යුතුය.


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



නින්දට මිනිත්තු 10කට පෙර.



ගෙදර‍ෙදාර වැඩ කටයුතු හා කාර්යාල වැඩවල නිරත වන කාන්තාවන්ට නිදහසක් නැහැ. රාත්‍රියේදී ලබන සුව නින්දට පෙර මිනිත්තු 10ක් හෝ යම් කාර්යයන් කිහිපයකට වෙන් කළොත් රාත්‍රිය සුවදායක නින්දක් ලබන්න වගේම උදෑසන දවස ප්‍රබෝධයෙන් ආරම්භ කරන්නත් පහසු වෙයි

  • ආහාර භාජන සෝදා තබන්න
රාත්‍රි ආහාර පිටතින් ගන්නවාට වඩා පෝෂණීය යමක් නිවෙසේම පිළියෙල කර ගැනීම හැම අතින්ම සුදුසු දෙයක්. නමුත් ආහාර ගත් පසුව මේ සියලු භාජන සෝදා පිරිසිදු කර තබන්නත් අමතක කරන්න එපා. පසුදින උදෑසන ආහාර පිසීමටත්, කාලය ඉතිරි කර ගැනීමටත් එය පහසුවක් වෙයි. නින්දට පෙර මිනිත්තු කිහිපයක් හෝ මේ සඳහා වෙන්කර ගැනීම වැදගත් වන්නේ මේ නිසයි.

  • ඇඳුම් මාරු කරන්න
කාර්යාලයට ගොස් නිවෙසට ආ විගස ඔබේ පාවහන් හා ඇඳුම් ගලවා ඉවත් කරන්න. දවස පුරාම කාර්යබහුලව ගත කර නිවෙසට පැමිණි විට ඇඳුම් ඉවත් කර පිරිසුදු වීමෙන් සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් සුවයකි.

  • ශ්‍රව්‍ය දෘශ්‍ය සංගීත උපකරණවලින් අෑත් වන්න
කාර්යබහුල වන නිසා මනසට දැනෙන ආතතියෙන් මඳකට හෝ අෑත් වීමට වීඩියෝ ගේම්, ඩී.වී.ඩී. පට හෝ සංගීතයට සවන් දීමට ඇතැම් අය පුරුදු වී සිටිනවා. නමුත් නින්දට යෑමට පෙර රූපවාහිනි, ගුවන්විදුලි යන්ත්‍ර යන සියල්ල ක්‍රියා විරහිත කර තබන්න.

  • ලැයිස්තුවක් හදාගන්න
මේ අදහස ඇතැම් විට ඔබට විහිළුවක් විදියට දැනෙන්නත් පුළුවන්. නමුත් ඉදිරි දිනයේ වැඩකටයුතු ලැයිස්තුගත කර තබා ගැනීම ඔබේ කාලයද ඉතිරි කරවන්නකි. නින්දට යෑමට පෙර ඉදිරි දිනයේ කාර්යයන් සැලැසුම් කර තැබීම ඔබේ මනසටද සුවයක් ගෙනදෙයි.




ශාලිකා රංගනී සමරදිවාකර.


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



කාන්තාවන්ට පමණයි.



මේ විශේෂඥ උපදෙස් කාන්තාවන්ගේ ප්‍රවේශම සඳහායි

1) කාන්තා ඔබට සෙනග අඩු අවස්ථාවක සැක සිතෙන පිරිමියකු සමග තට්ටු ගණනාවක ගොඩනැගිල්ලක විදුලි සෝපානයක (ලිෆ්ට් එකක) ගමන් කිරීමට සිදු වුවහොත් ඔබ කරන්නේ කුමක්ද?


විශේෂඥ උපදේශය: විශේෂඥ උපදේශය නම්, ඔබට ගමන් කිරීමට අවශ්‍ය තට්ටුව දක්වා ඇති සියළුම තට්ටු වලට අදාළ බොත්තම් ඔබා සියළුම තට්ටු වල සෝපානය නැවතීමට සළස්වන්න. සිහියක් ඇති එකෙක් ඔබට අතවරයක් නොකරනු ඇත.


2) ඔබ නිවසේ තනිව සිටින අවස්ථාවකදී නිවසට පැමිණෙන අමුත්තකු ඔබට හිරිහැර කිරීමට සැරසෙන්නේනම් කුමක් කළ යුතුද?


විශේෂඥ උපදේශය: වහාම කුස්සියට දුවන්න. මිරිස් කුඩු සහ කහ කුඩු ඇත්තේ කොතනදැයි නිවැරදිව දන්නේ ඔබ පමණකි. පිඟන් සහ පිහි තබා ඇත්තේ කොහිදැයි දන්නේ ඔබ පමණකි. මේ සියල්ල මාරක ආයුධ ලෙස යොදාගැනීමට හැකිය. වෙනත් කිසිවක් කළ නොහැකිනම්, පිඟන් කෝප්ප එහාට මෙහාට විසි කරන්න. ඔහේ කැඩුනාවේ. හයියෙන් කෑ ගසන්න. සතුරා අකමැති‍ම දේ හඬනැගීමයි.


3) රාත්‍රී කාලයේදී ටැක්සියක හො ත්‍රිරෝද රථයක යාමට සිදු වුවහොත් ඔබට ගතහැකි ආරක්ෂක පියවරයන් මොනවාද?





විශේෂඥ උපදේශය: වාහනයට ගොඩවීමට පෙර එහි ලියාපදිංචි අංකය, වාහනයේ පාට, වර්ගය ආදිය බලා මතක තබාගන්න. වාහනයට ගොඩ වූ විගස, ඔබගේ ගමනාන්තය රියැදුරුට දන්වා ඔබේ මොබයිල් ෆෝන් එක අතට ගෙන කවර හෝ හිතවතකුගේ (ස්වාමියාගේ, දරුවකුගේ, මිතුරකුගේ, මිතුරියකගේ, ඥාතියකුගේ) අංකය අමතා “මං දැන් රතු පාට ත්‍රී වීලර් එකක නැගලා අසවල් තැනින් බහිනවා, මාව ගන්න එන්න, ත්‍රී වීලර් එකේ නොම්බරේ මේකයි” ආදී වශයෙන් ඔබ ගමන් ගන්නා රථය ගැන හැඳින්වීමක් කරන්න. ඔබ අතේ මොබයිල් ‍‍ෆෝන් එකක් නැත්නම් නිකම්ම අත කනේ තියාගෙන කතා කළත් කමක් නෑ. ඔබ අමතනු ලබන තැනැත්තා කතා නොකළත් කමක් නෑ. ඔබ එනතුරු ඥාතියාට ගමනාන්තයේ සිටින ලෙස දැන්වූ බව සහ ඔබ එන රථය ඥාතියාට දැනුම් දී ඇති බව රියැදුරුට හඟවන්න.


4) රියැදුරා වාහනය නොයා යුතු පාරකට හැරවූවොත් ඔබ කරන්නේ කුමක්ද?


විශේෂඥ උපදේශය: ඔබගේ අත් බෑගයේ හැන්ඩලය හෝ සාරි පොට හෝ ඔසරි පොට රියැදුරුගේ බෙල්ලට තබා පිටුපසට අදින්න. (නිසැකවම ඔබ වාඩි වී සිටින්නේ රියැදුරුට පිටුපසින් කියා සිතමි.) ඔබ අත අත් බෑගයක් නැතිනම්, ඔබ සාරියක් හෝ ඔසරියක් හෝ පංජාබි සූට් එකක් ඇඳ නැතිනම්, රියැදුරුගේ කමිස කොළරයෙන් තදින් අදින්න. ඔහුගේ කමිසයේ උඩ ‍බොත්තම අවශ්‍ය කාර්යය ඉටු කරනු ඇත.


5) කවරකු හෝ ඔබව ෆලෝ කරන බව පෙනී ගියහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?


විශේෂඥ උපදේශය: වහාම සාප්පුවකට හෝ නිවසකට ගොඩ වැදී ඔබට ඇති වූ සැකය ගැන විස්තර කරන්න. විවෘත නිවසක් හෝ සාප්පුවක් නොමැතිනම්, ටෙලර් යන්ත්‍රයක් වුවත් කම් නැත. (ඒවායේ සෙකියුරිටි ගාඩ්ලා සිටිති. සීසීටීවී යන්ත්‍ර ද තිබේ)


7) සෑම විටම අවදියෙන් ඉන්න. (ඇලට් එකේ ඉන්න.)


(8) මෙය කලින් කියවා ඇත්නම් හෝ නැත්නම්, මේ ගැන තව තවත් අය දැනුවත් කරන්න.



මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



තණකොළ බිමක සෙරෙප්පු නොදා ඇවිදීමේ වාසි.



ඇවිදීම කියන්නේ හරිම පහසු වගේම ප්‍රතිඵලදායක ව්‍යායාමයක්. ඒත් මේ ව්‍යායාමයෙන් සාර්ථකව ප්‍රතිඵල ලබා ගන්න නම් ඇවිදීමට සුදුසු මං තීරුවක් තෝරා ගත යුතුයි. ව්‍යායාම් කිරීමට නම් වඩාත් සුදුසු වන්නේ තණකොළ හෝ වැලි බොරලු සහිත එබෙනසුලු ස්තරයකි. සිමෙන්ති හෝ ගල් යොදා සකස් කරගත් මං තීරුවලින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකියි.

නමුත් තණකොළ, වැලි බොරලු හෝ කොහු සහිත බිමක ඇවිදින ඔබට මෙවැනි වාසි කිහිපයක්ම අත් විඳින්න හැකි වෙයි.


1. ස්නායු පද්ධතියට උත්තේජනයක් ලබා දෙයි විශේෂයෙන්ම ශරීරයේ ස්නායු ආබාධ නිසා ඇඟ පණ නැති වන අයට වැදගත්ය.

2. දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග ඇති අයට යෝග්‍යයි

• වකුගඩු, අක්මාව ආදී ශරීර පද්ධති හා රුධිර ගමනාගමනය කාර්යක්ෂම කිරීමට උපකාරී වෙයි.

• තාර මාර්ගයක හෝ සිමෙන්ති බිමක ඇවිදීමට වඩා එබෙනසුලු තණකොළ වැනි ස්ථරයක් මත ඇවිදීමෙන් දණිස්වලට ඉණට අපහසුතා ඇති නොවෙයි.

• කොන්දේ ඇතිවන ආබාධද අවම කරයි.

• ශරීරය හැඩ කරයි.

• මෙවැනි මං තීරු විටින් විට වෙනස් කරමින් ඇවිදීමත් වැදගත් (කඳු ප්‍රදේශ බොරලු පාරක, මුහුදු තීරයක)

• නිතර ඔළුවේ කැක්කුම් හා සිත් වේදනා ඇති අය විනාඩි 10-15ක් අතර කාලයක් හෝ මෙවැනි එබෙනසුලු තණකොළ ස්තරයක ඇවිදීම වඩාත් යෝග්‍යයි.

• එබෙනසුලු බව නිසා විළුඹේ ඇඟිලි පහම පොළොවට එබී ස්පර්ශ වන නිසා ශරීරයටම උත්තේජනයක් ලැබෙයි.

• තණකොළ බිමකදී නම් ශරීරය අඟලක් පමණ පහළට එබෙන නිසා දණහිස වළලුකර, බෙල්ල හා කොන්ද වැනි ප්‍රදේශවල අස්ථි අතර ඇති ජෙල් වැනි කොටසට අස්ථි සැකසීමට පහසුවකි.

• ක්‍රියාකාරී අස්ථිවලට හා රුධිර ගමනාගමනයට පහසුවක් වන නිසා සංවේදී ස්ථානවලට හොඳින් රුධිරය සැපයෙමින් දෑස් පෙනීමටද හිතකර බලපෑමක් ඇති කරවයි.

• ආර්තවය සම්බන්ධ ගැටලු, වකුගඩු ගර්භාෂ හා හෝමෝන ආශි්‍රත රෝග ඇති කාන්තාවන්ට මෙවැනි ස්තරයක ව්‍යායාම කිරීමෙන් වැඩි වාසියක් ගන්න හැකි වෙයි.


ශාලිකා රංගනී සමරදිවාකර
උපදෙස් : එක්සත් රාජධානියේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



දරු ප්‍රසූතියට කලින් අනිවාර්යෙන් කියවන්න.


දරු ප්‍රසූතිය එක් පසකින් අවදානම් සහ වගකීම් සහිත කටයුත්තක්. නමුත් එහි සම්පූර්ණ වගකීම වෛද්‍යවරයාට පවරන්න බැහැ. මවටත් එහි වගකීමක් තිබෙනවා.

ඕනෑම ගර්භණී මවකට සති 37 පසු වීමෙන් අනතුරව ප්‍රසූතිය සිදුවෙන්න පුළුවන්. ඒ නිසාම වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා ප්‍රසූතියට සති තුනකට පෙර දින ලබා දෙනවා. තමන්ගේ ප්‍රසූති දිනය නිවැරැදිව දැනගන්න සෑම මවක්ම එදින පටන් ප්‍රසූතියට සූදානම් විය යුතුයි. සාමාන්‍යයෙන් රෝහලෙන් හෝ මාතෘ සායනයෙන් ප්‍රසූතිය සඳහා රෝහලට එනවිට රැගෙන ආ යුතු ද්‍රව්‍ය ලැයිස්තුවක් ලබා දෙනවා.

  • ලක්ෂණ
බඩේ රිදුමක් මුලින්ම ඇති වනවා. නමුත් එය සාමාන්‍ය රිදුමක් නොවේ. මුලින්ම තුනටියේ ඇතිවන වේදනාවෙන් අනතුරුව ගර්භාෂය හරහා වේදනාව මතුවී අවසන් වනවා. නමුත් ප්‍රසව දිනය ආසන්න වනවාත් සමඟම වේදනාව වැඩිවීම දකින්න පුළුවන්.

තවත් ලක්ෂණයක් තමයි දරුවා සිටින වතුර බැගය පැළී ඉන් වතුර පිටතට ශ්‍රාවය වීම. මේ ලක්ෂණය ආරම්භයේදීම රෝස පාට උකු දියරයක් ලෙස වතුර ශ්‍රාවය එනවා.

මෙවැනි ලක්ෂණ කොයි මොහොතේ මතු වේද කියන්න බැහැ. ඒ නිසා ප්‍රසූතියට ආසන්න මවක් නිතරම පෙර සූදානමින් සිටීම අත්‍යවශ්‍යයි. රෝහලට ගියාම ලියාපදිංචි කිරීම සඳහා වාට්ටුවට රැගෙන යනවා. රුධිර පීඩනය, උෂ්ණත්වය මනිනවා. පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හා හෙදිය විවිධ පරීක්ෂණ සිදු කරනවා.

මවකට එම පරීක්ෂණවලට භාජන වීමට සිදුවන්නේ මවගේ සහ දරුවාගේ යහපත සඳහායි. එබැවින් වේදනාව ඉවසා පරීක්ෂණවලට ඉඩදීම මවකගේ වගකීමක්. මවට ගර්භාණී වේදනාව දැනේ නම් යෝනි මාර්ගයේ පරීක්ෂණ සිදුකරනවා. ඉන් ගැබ් ගෙල විවර වෙලාද, වතුර බෑගය පුපුරා ගොස්ද කියා දැනගන්න පුළුවන්.

ප්‍රසවයේ අවස්ථා 3ක් තිබෙනවා. පළමුව ගර්භාෂයේ ගැබ්ගෙන 4ජථ පමණ විවර වනවා. මේ සඳහා පැය ගණනක් හෝ දින ගණනක් ගතවිය හැකියි. ඉන් පසු පළමු අවස්ථාව උදාවන අතර එහිදී ගැබිගෙල සම්පූර්ණයෙන්ම විවර වීම දක්නට පුළුවන්. එවිට ප්‍රසූතිය සඳහා අවශ්‍ය ඇඳුම් අන්දලා සූතිකාගාරයට මව රැගෙන යනවා.

  • දරු ප්‍රසූතිය
දරු ප්‍රසූති අවස්ථාවේ වේදනා කැක්කුම් වැඩියි. ඒ නිසා මව පහසු ඉරියව්වකින් සිටීම වැදගත්. නමුත් කෙළින්ම උඩුබැලි අතර ඉන්න හොඳ නැහැ. ගර්භාෂයේ විශාල ලේ නහර, ශීරා තෙරපිලා බබාට රුධිරය අඩු වෙනවා. අධික වේදනාව දැනෙන විට ගැඹුරින් හුස්ම ගැනීම, ඇවිදීම වගේ දේවලින් සහනයක් ලබාගන්න පුළුවන්.

  • ආහාර පාන
ගර්භණී බවේ ගැටලු නැතිනම් සුළු ආහාර, දියර වර්ග ආහාරයට ගන්න. මව සහ දරුවා පිළිබඳ නිතරම පරීක්ෂණ සිදු කරනවා. ඒවාට සහාය දීමත් වැදගත්.

ගර්භණී මවක් රෝහලට යන විට අත්‍යවශ්‍යයෙන්ම රැගෙන යා යුතු ද්‍රව්‍ය තිබෙනවා. ඉතාම වැදගත් තමන් සතුව තිබෙන සියලුම රිපෝර්ට් වර්ග, ඒ වගේම තරුණ කාලේ, විවාහයට පෙර හෝ පසු වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ගත්, රුධිර පරීක්ෂණ කළ අවස්ථා පිළිබඳ සියලු තොරතුරු දරු ප්‍රසූතියට රැගෙන යන්න.



හංසි ආටිගල
උපදෙස් : විශේෂඥ වෛද්‍ය නීලන් කේ. රුද්‍රිගු  ප්‍රසව හා නාරිවේදී


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



අලුත් බබා පරිසරයට හුරු කිරීම



දරුවන් හැමදාම ගේ ඇතුළට කොටුකරලා තියන්න බැහැ. එයාලා පරිසරයට සමාජයට හුරුකරවන්න වෙනවා.

පුංචිම කාලෙදි බබාව එළියට අරගෙන යෑම ඒ තරම් සුදුසු නැති වුණත් අවස්ථා කීපයකදී බබා එළියට අරගෙන යන්න වෙනවා. එනම් මාස 2, 4, 6 කියන කාලවලදී ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සිදු කරන්නේ සායනවලදීයි.

එවැනි අවස්ථාවලදී බබා වැඩි වේලාවක් රෝහලේ හෝ සායනයේ තියාගෙන ඉන්න එපා. රෝගීන් ගැවසෙන තැන්වල විසබීජ තිබෙන නිසා දරුවාට විසබීජ ආසාදන ඇති වෙන්න පුළුවන්.

ලංකාව තරමක් උණුසුම් දේශගුණයක් තිබෙන රටක් නිසා සෑම විටම තොප්පි, මේස් දාන්න අවශ්‍ය නැහැ. නමුත් ශීත දේශගුණයක් තිබෙන ප්‍රදේශයක් නම් අනිවාර්යයෙන් බබා උණුසුම්ව තියන්න.

මේ කියන ආරක්ෂක ක්‍රමවේද යොදමින් අපිට පුංචි බබාව සෙමින් පරිසරයට හුරු කරවන්න පුළුවන්. ඒත් පිරිසුදු කමත් ඉතාම වැදගත්. බබාව ටික ටික පරිසරයට හුරු කරන්න. මුලින්ම එයාව වඩාගෙන ගස්වැල්, මල්, සත්තු පෙන්වන්න පුළුවන්. එවිට බබා පරිසරයට සංවේදී වෙනවා.

පුංචිම කාලේ මාස 1 1/2ක් විතර යනකල් බබාට ඇස් පේනවා. නමුත් එයාට යමක් දැකලා තේරුම් ගන්න බැහැ. එයා හඳුනන්නේ අම්මා විතරයි. ඒ නිසා ඒ කාලෙදි බබා එළියට ගෙන යෑමේ තේරුමක් නැහැ.

නමුත් ඇවිදින, කෑම කන කාලය පරිසරය හුරු කිරීමට සුදුසුම කාලයයි. ඒ කාලෙදි එළියට එක්ක ගිහින් කෑම කවන්න පුළුවන්. සෙරෙප්පු දාන්නේ නැතිව බබාට ඇවිදින්නත් ඉඩ දෙන්න. බබාට ගල්, වැලි, තණකොළ පෑගෙන්නත් අවශ්‍යයි.

බබා ඇවිදින කාලෙට එයාට අතට හසුවෙන දේවල් කටේ දමා ගන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා ප්ලග් පොයින්ට්, විස වර්ග, මදුරු කොයිල් වගේ දේවල් දරුවන්ගෙන් ඉවත් කරන්න. බෙහෙත් වර්ගත් ඉවත් කරන්න. ඒ වගේම දරුවන් මදුරුවන්, කූඹින් වැනි සතුන්ගෙන් ආරක්ෂා කිරීමත් වැදගත්.

මේ කාලෙදිම බබාට සෙරෙප්පු පුරුදු කරන්නත් පුළුවන්. සෙරෙප්පු නිවැරැදිව දාගන්න, ගලවලා පැත්තකින් පිළිවෙළට තියන්න වගේ දේවලට දරුවා ඉබේම හුරුවෙනවා.



හංසි ආටිගල,
උපදෙස් : ළමාරෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



කාන්තාවක් තනියම යනවා නම් මෙන්න නගර.

කාන්තාවකට තනියම ගමන් කිරීම අනතුරුදායක මට්ටම්වල පවතින බවත් සෑම වර්ෂයකම ලිංගික හිංසාවන් සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති රැසක් අසන්නට ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහෙත් කාන්තාවන්ට තනිවම කිසිදු බියකින් තොරව ගමන් කළ හැකි ස්ථාන 10ක් සම්බන්ධයෙන්ද විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.

ඩෙන්මාර්කය - කෝපන්හේගන් 

ඩෙන්මාර්කයේ විශාලතම නගරය වන කෝපන්හේගන් නගරය මිලියන දෙකක ජනගහනයකින් යුත් අතිශය කාර්ය බහුලම නගරයද වනවා. එසේම අලංකාර වාස්තු විද්‍යාත්මක නිර්මාණ මෙන්ම ඉහළ පෙළේ සාප්පු සංකීර්ණවලින්ද මෙම නගරය යුක්ත වනවා. එසේම කාන්තාවන්ට සාප්පු සවාරි යාමට හොඳම නගරය ලෙසද බහුතර පිරිසකගේ මතය වනවා. ඩෙන්මාර්කය බිහි වූ අයුරු කියැවෙන මිත්‍යා ප‍්‍රබන්ධ කතාවට පසුබිම් වූ ගෙෆ් ජුන් උල්පත මෙම නගරයේදී නැරඹිය යුතු චිත්තාකර්ශනීයම ස්ථානය වනවා. 

Denmark

නවසීලන්තය -  ඕක්ලන්ඞ් 

ඕක්ලන්ඞ් නවසීලන්තයේ විශාලතම නගරයයි. මෙහි ජනගහනය දහ හතර ලක්ෂයකට අධිකයි. එහෙත් එම නගරයේ කාන්තාවකට තනිවම ගමන් කිරීමට හැකියාව තිබෙන ආරක්ෂාකාරීම නගරයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම නගරය රුවල් නගරය ලෙස අන්වර්ථ නාමයෙන්ද  ඕක්ලන්ඞ් හැඳින්වෙනවා. ඊට හේතු වන්නේ මෙහි වරායේ නිරන්තයෙන් රුවල් ඔරු දක්නට ලැබීම නිසයි. එසේම මෙහි ඔරිවා ප‍්‍රදේශයේ ඇති සුන්දර වෙරළ තීරය නැරඹීමටද සංචාරකයන් දක්වන්නේ ඉහළ උනන්දුවක්. වයිවේරා උණු ජල උල්පත් ද මෙහි යන සංචාරකයන් නැරඹීමට අමතක නොකරන ස්ථානයකි. 

New Zealand


නෝර්වේ - ඔස්ලෝ

කාන්තාවන්ට සමසැලකීම ලබාදීම සම්බන්ධයෙන් මුල් තැන ගන්නා ස්කැන්ඩිනේවියානු රටවල් අතර නෝර්වේ රාජ්‍යයට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. නෝර්වේ අගනුවර මෙන්ම විශාලතම නගරය වන්නේද ඔස්ලෝයි. විග්ලන්ඞ් මූර්ති උද්‍යානය මෙහි සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානයකි. 


Norway


ප‍්‍රංශය - මාර්සෙයිල් 

ඉහළම සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප‍්‍රංශයේ දෙවන විශාලතම නගරය වන්නේ මාර්සෙයිල් නගරයි. මෙම නගරයද කාන්තාවන්ට ලැබෙන ආරක්ෂාව සම්බන්ධයෙන් බහුතරයකගේ විශ්වාසය දිනාගෙන තිබෙන නගරයකි. මෙම නගරය මධ්‍යධරණී වෙරළ තීරයේ පිහිටා තිබේ. මෙම නගරයේ තවත් විශේෂත්වයක් වන්නේ නොයෙක් වර්ගයේ මුහුදු ආහාර රස බැලීමේ අවස්ථාව උදා වනවා. 

France


හවායි - හිලෝ

ඇමෙරිකාවේ නගර බොහෝමයක කාන්තාවන්ට බියෙන් සැකෙන් තොරව ගමන් කළ හැකි නගර තිබුණද ඒවායින්ද වැඩිම ආරක්ෂාවක් සහිත නගරය ලෙස පෙරමුණ ගන්නේ හවායි හි හිලෝ නගරයයි. මෙහි ජනගහනය ලක්ෂ හතරකට අධික වනවා. අකාකා ෆෝල්ස් ස්ටේට් උද්‍යානයේ පිහිටි අඩි 400ක් පමණ උසැති දිය ඇල්ල මෙහි සංචාරය කරනු ලබන අයෙක් නැරඹිය යුතුම ස්ථානයකි. මෙහි සංචාරයක නිරත වන  ඕනෑම අයෙක් අමතක නොකරන දෙයකි මැකඬේමියා නමැති ඇට මැදි කළ ප‍්‍රණීත චොකලට් කැබැල්ලක් අනුභව කිරීම.

Hawaii


පෘතුගාලය - සෙටුබාල් 

පෘතුගාලයේදී කාන්තාවකට ආරක්ෂාවක් ලැබෙන ප‍්‍රධානතම ස්ථානයකි සෙටුබාල්. මෙහි සෙරා ඩා ඇරබිඩා ජාතික උද්‍යානය සුවිශේෂී ස්ථානයක් ගන්නවා. මුහුද හා වනය එක් වන අපූරුව සුන්දරත්වය දැක බලා ගැනීමේ විරල අවස්ථාවද මෙහිදී උදාවනවා. එසේම මෙහි මුහුදු තීරයද විශේෂත්වයක් ගන්නවා. එනම් මෙහි පෝර්ටින්හෝ ඩා ඇරබිඩා මුහුදු වෙරළහෙි රළ රහිතය. 


Portugal


ෆින්ලන්තය - හෙල්සින්කි

විශ්මිත වාස්තු විද්‍යාත්මක නිර්මාණ හා කලාත්මක ගොඩනැගිලි නිසා සංචාරක ආකර්ශණය දිනාගත් හෙල්සින්කිද කාන්තාවන්ට තනිවම ගමන් කළ හැකි තවත් නගරයකි. මෙම නගරය කාර්මික නිර්මාණ සංගම්වල ජාත්‍යන්තර කවුන්සිලය විසින් ලෝක නිර්මාණ අගනුවර ලෙස තෝරා ගැනුණේද හෙල්සින්කි නුවරයි. ඒ 2012 වසරේදියි. ස්කැන්ඩිනේවියානු සම්ප‍්‍රදායේ විසිතුරු ඇඳුම් පැළැඳුම් මිලදී ගැනීමටද හෙල්සින්කි වෙත යන කාන්තාවන්ට අවස්ථාව උදාවනවා. 


Finland


කැනඩාව - ඔටාවා


ඔටාවා නගරය බහුවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත නගරයකි. ඉංගී‍්‍රසි සහ ප‍්‍රංශ භාෂාව මිශ‍්‍රව කතා කරයි. මෙම නගරයේ ඇති බයිවර්ඞ් වෙළෙඳ මධ්‍යස්ථානය නැරඹිය යුතුම ස්ථානයක් වන අතර සති අන්තයේදී සංචාරකයින් පන් දහසක් පමණ මෙම නගරයට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. ඔටාවාහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ දේශීය වශයෙන් නිපදවෙන චීස් හා පාන් වර්ග රසවිඳීමටද පමණක් නොව අතින් සැකසූ ඇඳුම් හා ආභරණ ආදිය මිලදී ගැනීමේ අවස්ථාවද මෙහිදී උදා වනවා. 


Canada


ස්වීඩනය - මැල්මෝ

ස්වීඩනයද කාන්තාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ ප‍්‍රතිපත්ති අනුගමනය කරන රටකි. එරට නගර අතරිනුත් විශාලත්වයෙන් තෙවන ස්ථානය ගනු ලබන මැල්මෝ නගරය වඩාත් ආරක්ෂාකාරී බවයි විශ්වාස කෙරෙන්නේ. එසේම මැල්මෝ නගරය  කි‍්‍රයාශීලී නිවාඩුවක් ගත කිරීමට ආශා කරන කාන්තාවන්ට  උචිතම නගරයකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සුන්දර සංස්කෘතියකින් සහ සොඳුරු මිනිසුන්ගෙන් සමන්විත වීමයි. එසේම පරිසර හිතකාමී ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමටද මෙහිදී සංචාරකයන්ට අවස්ථාව උදාවනවා. 


Sweden

 ඕස්ටේ‍්‍රලියාව - පර්ත් 

බටහිර  ඕස්ටේ‍්‍රලියාවේ අගනගරය වන පර්ත් නගරයද කාන්තාවන්ට ආරක්ෂාකාරීම නගර අතරට ගැනෙනවා. ලක්ෂ 18ක අධික ජනගහනයක් ජීවත් වන පර්ත් හි ඇති කිංග්ස් පාර්ක් නමැති උද්‍යානය ලොව නගරයක් තුළ ඇති විශාලතම උද්‍යානය වනවා. ලක්ෂ 60කට අධික පිරිසක් මෙම උද්‍යානය වර්ෂයක් තුළ නරඹනු ලබනවා. 

Australia


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



රාත්‍රී නින්දට පෙර කොකෝවා පානය කරන්න! අමතක නොවන වෙනසක් අත්විඳින්න!



රාත්‍රී නින්දට යන බොහෝ දෙනෙකුට නොයෙක් ප්‍රශ්න ඇතිවෙනව. ඒ නිසාම නින්දට යාමට පෙර නොයෙක් පුරුදු වලට ඇබ්බැහි වුණ ‍අති මහත් පිරිසක් ලෝකය පුරාම සිටිනව. මේ පිරිස් අතුරින් වැඩි දෙනෙක් රාත්‍රියට පානය කරන්නෙ මත්පැන්. තේ, කෝපි වගේ පානයන්ටත් ඇබ්බැහි වුණ පිරිස් සිටිනව. මේ සියල්ල අතරෙ තමයි කොකෝවා පානයේ මහිම කරලියට එන්නෙ.

රුධිර වහනය වැඩි වීම හේතුවෙන් ඇතිවන චිත්ත වික්ෂිප්තභාවය වළකන්න නින්දට පෙර ගන්න‍ා කොකෝවා (චොකොලට්) පානයට හැකියාවක් තියෙනව. ඒ වගේම වයසට යාමේදී ඇතිවන අමතකවීමේ ස්වභාවය මග හැරීමටද මේ කොකෝවා පානය හේතුවන බවයි පර්යේෂකයින් පවසන්නේ. ඒ වගේම වයස්ගත උදවියගේ මොළයේ කෘත්‍යයන් සඳහා මේ පානයෙන් උත්තේජනයක් ලැබෙනා බවත් පර්යේෂකයින් පවසනවා.

මේ පර්යේෂණය පවත්වා ඇත්තේ කොලාම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේශකයින් පිරිසක්.
මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



සුරතල් සතුන්ගෙන් දරුවන්ට ලෙඩ ගොඩක්.


හුඟක් දෙනෙක් බල්ලෝ, පූසෝ තමයි වැඩිපුරම ඇති කරන්නේ. සමහර අවස්ථාවලදී ලව් බර්ඩ්ස්ලා, හාවෝ, වෙනත් කුරුල්ලන් වර්ග ඇති කරන අයත් ඉන්නවා. කෙසේ වෙතත් පුංචි දරුවෝ ඉන්න ගෙදරක සතුන් ඇති කිරීම කියන්නේ සැලකිය යුතු කරුණක්.

විශේෂයෙන්ම බඩගාන සහ ඇවිදින්න පටන් ගත්ත ගමන්ම පුංචි බබාලා ඉන්න ගෙවල්වල සතුන් සිටීම අනතුරුදායකයි. එයාලට එපා කිව්වට තේරෙන්නේ නැහැ. ඒ නිසා බබා බල්ලන්ගේ, පූසන්ගේ නැට්ටෙන් අදිනවා. එහෙම කළාම ඒ සතුන්ට රිදිලා සූරන්න, හපන්න පුළුවන්. ඒ නිසා බල්ලන්ට, පූසන්ට එන්නත් කරන්න අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දුන්නාම සතුන්ගෙන් සිදුවන අනතුරුවලදී බය වෙන්න අවශ්‍ය නැහැ.

බල්ලා සහ පූසා පශු වෛද්‍යවරයකුට නිතරම පෙන්වන්න. ඒ වගේම වසරකට වරක් ලබාදිය යුතු එන්නත් ලබාදීමත් ඉතාම වැදගත්. ඒ වගේම පූසෝ සූරනවා, මුහුණට පනිනවා. පූසා හරි කැමැතියි උණුසුමට. ඒ නිසා බබා නිදාගෙන ඉන්න තැනට ගිහිල්ලා ගුළි වෙලා නිදාගන්නත් කැමැතියි.

පූසන්ගේ මවිල්වලින් බබාට ඇදුම ආදී ශ්වසන රෝග සෑදෙන්න ඉඩකඩ තිබෙනවා. ඇදුම තිබෙන බබෙක් නම් ඇදුම රෝගය උත්සන්න විය හැකියි. ඒ වගේම පූසා බල්ලා ඇතුළු සතුන්ගෙන් ජල භීතිකාව සෑදුණොත් එය සුව කරන්න බැහැ.

සතුන් විසින් පිට කරන මල මුත්‍ර ආදියෙනුත් රෝග බෝ වෙනවා. පණු රෝග ඉන් ප්‍රධානයි. වැලිවලට සතුන් මල පිට කළාම වැලි සමඟ මිශ්‍ර වීමෙන් මලවල සිටින පණුවන් පසට එකතු වනවා. පුංචි බබාලා වැලි අනද්දී වැලි කටේ දා ගනිද්දී මේ පණුවන් ශරීර ගත වෙන්න පුළුවන්.

කොකු පණු රෝගය ඉන් එක් පණු රෝග අවස්ථාවක්. මෙම කොකු පණුවාට මිනිස් සිරුර තුළට රිංගන්න බැහැ. ඒ නිසා ඒ පණුව සම මතු පිටින් ඇතුළු වෙලා ඇඟ ඇතුළේ සම මතුපිටින් ගමන් කරවා. සමහර බබාලගේ සම පුරා ඉරි, ඉරි වගේ දක්නට ලැබෙන්නේ ඒ නිසා.

ලව් බර්ඩ්ස්ලා, පරවියන් වැනි කුරුල්ලන් ඇති කිරීමෙනුත් දරුවන්ට හානි සිදු වනවා. ප්‍රධාන වශයෙන් කුරුල්ලන් තටු ගසන විට පිටවන කුඩා මවිල් වැනි ද්‍රව්‍ය නිසා ශ්වසන ආබාධ මතුවිය හැකියි.

සාවුන්ගේ මැක්කන්ගෙන් ඇතිවන සමේ රෝග ආදිය නිසා සාවුන් ඇති කරද්දීත් දරුවන්ගෙන් ඉවත් කර තබන්න. මැක්කන් නිසා කැසීම් ඇතිවන අතරම නිතර නිතර සැර බිබිළි මතු වෙනවා. සම ආශි්‍රත බරපතළ ගැටලු ඇති වීමටත් එය හේතුවක්.

පුංචි බබාලා ඉන්න ගෙදරක සත්තු ඇති කරන්නට ඕනම නම් බබාගෙන් සතුන්ව අෑත් කරලා තියන්න. ඒ වගේම සතුන්ට නිසි එන්නත් හා ප්‍රතිකාර ලබා දීලා ඒ සඳහා අදාළ කාඩ්පත් සුරක්‍ෂිතව තබා ගැනීමටත් වැදගත්. වසරකට වරක් පශු වෛද්‍ය උපදෙස් මත සතුන්ට ප්‍රතිකාර කළ යුතුයි. ඒ වගේම බාබාටත් සතුන් ළඟට ළං වෙන්න නොදී පරෙස්සම් කරගැනීම මවුපියන් සතු වගකීමක්.


හංසි ආටිගල.
උපදෙස් : ළමා රෝග විශේෂඥ වෛද්‍ය මානෙල් ප්‍රනාන්දු 
උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි.


පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගැනීම ඔබේ මුදල් ඉතුරු කරන විසඳුමක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම පුංචි අවධානම් කිහිපයකටත් ඔබට මුහුණදෙන්න සිදුවේවි. ඉතින් මම අද කියන්න යන්නේ මොනවද පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්න කලින් හිතන්න ඕන දේවල් කියලයි. ඒ වගේම ඔයාගේ පරණ ජංගම දුරකථනය විකුණන්න කලින් හිතන්න ඕන දේවල් ගැනත් අපි අද කතා කරමු.
ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් සෑම වසරකම අලුතින් මාදිලි වෙළඳපලට නිකුත් කරනවා. ඉතින් මේ නිසා නිතැතින්ම බොහෝ දෙනෙක් අලුත්ම මාදිලිය මිලදීගන්නට නිතැතින්ම පෙළඹෙනවා. ඒත් අලුත්ම මාදිලිය මිලදීගන්නට අවශ්‍ය නොවන ඊට ටිකක් පරණ ජංගම දුරකථනයකින් සෑහීමට පත්වන අය බොහෝ පිරිසක් අපේ වගේ රටවල් වල ඉන්නවා.
පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්නවා නම් ඔබ warranty එක ගැන හිතන්නේ බොහෝමත්ම සුළුවෙන්. ඒත් මාසෙක හරි වගකීමක් තියෙනවා නම් ඒක වටිනවා. මොකද ඒකෙන් ජංගම දුරකථනය පාවිච්චි කරපු කාලය ගැන හොඳ අදහසක් ඔබට ගන්නට පුළුවන්. ඒ වගේම ජංගම දුරකථනය හොඳ තත්වයේ තියෙනවා කියලත් හොඳ විශ්වාසයක් තබාගන්න පුළුවන්. හැබැයි මේ හැමදේටම කලින් ඔබ මිලදීගන්නා මුදලයි වැදගත් වන්නේ.

නියම මිල ගැන දැනගන්න.

20121016-FIRST-TIME-SMARTPHONE-059edit
පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදීගන්න ප්‍රධානම හේතුව වෙන්නේ සාක්කුවට ගැලපෙන මිලයි. ඉතින් හිතුමතේට මිලදීගන්නේ නැතුව ටිකක් මිල ගැන හොයලා බලන එක හොඳයි නේද? මොකද පාවිච්චි කරපු ජංගම දුරකථන වලට නිෂ්චිත මිලක් නැහැ. ඒ වගේම දුරකථනයේ තත්වය කාලය අනුවත් මිල වෙනස් වනවා. හැබැයි සාමාන්‍යෙයන් අලෙවි වන මිල ගැන දල අදහසක් ගන්නට ikman.lk, ebay.com, wow.lk වගේ වෙබ් අඩවියක පිහිට පතන්නට පුළුවන්. එහිදී ඔබට අවශ්‍ය දුරකථනය සාමාන්‍යෙයන් අලෙවි වන මුදල, කොයිතරම් ප්‍රමාණයක් විකිණීමට තිබෙනවාද කියලා දැනගන්න පුළුවන්. මං එහෙම කිව්වේ වැඩිය විකුණන්න නැති ජංගම දුරකථනයක් මිලදී ගන්න එක ටිකක් විතර අවධානම් විය හැකි නිසයි. ඒ විතරක් නෙවෙයි ඔබ සොයන ජංගම දුරකථනය බොහෝ දෙනෙක් මිලදීගෙන ටික කලකින්ම විකුණන්නට පෙළඹෙනවා නම් එය තරමක් අවධානම් සහිත තේරීමක් කියලා හිතන්න පුළුවන්.
1. ඒ වගේම අමතක කරන්න එපා ඒ දුරකථනය Unlock එකක්ද කියලා හොයලා බලන්න. Ebay වගේ වෙබ් අඩවි වල නම් ඔබට වෙනම Unlocked ජංගම දුරකථන හොයාගන්න පුළුවන්. ඒත් Ikman හරි වෙනත් ලංකාවේ වෙබ් අඩවියක නම් බොහෝ විට ඔබට ඒ පිළිබඳව විමසා දැනගන්න වේවි. Ebay එකේ හොයනවා නම් Buy It Now මිල සහ Bid කරලා ගන්න කැමති මිල පටලගන්න එපා.
2. සෑම විටම ඔබට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ඇතුලත තියෙන ජංගම දුරකථන සොයන්න. එහෙම නැතුව අඩුත් නැති වැඩිත් නැති මිල ගැන බලන්න එපා. මොකද සියගණනක් ජංගම දුරකථන අතරින් අන්තිමට ඔබට මිලදීගන්නට වන්නේ ඔබේ අතේ තියෙන මුදලට ගැලපෙන ජංගම දුරකථනයක් නේ. එහෙම තෝරගත්ත ජංගම දුරකථන අතරින් හොඳම තත්වයේ ජංගම දුරකථනය සොයාගන්න එක තමයි වැදගත්ම දේ. ඒ සඳහා ජංගම දුරකථනය ගැන සඳහන් කරල තියෙන විස්තරය හොඳින් කියවන්න. ඒ වගේ විස්තරයක් නැති ජංගම දුරකථන අමතක කරලා දාන එක නුවණට හුරුයි. තවත් අමතර යමක් දැනගන්න තිබෙනවානම් එහි සඳහන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ඇමතුමක් දෙන එකෙන් ඔබට වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන දේවල් වල ඇත්ත නැත්තත් දැනගන්න පුළුවන්නේ.
3. ඔබ මිලදීගන්න සූදානම් වල ජංගම දුරකථනයට සමාන specs තියෙන අලුත් ජංගම දුරකථන වල මිල ගැනත් හොයලා බලන එක වැදගත්.
4. ජංගම දුරකථනය සමඟ ලබාදෙන අනෙකුත් අමතර උපාංග ගැනත් තොරතුරු විමසන්නත. එහෙමත් නැතිනම් අලුතින් උපාංගම මිලදී ගන්නට වැයකලයුතු මිල ගැනත් සොයාබලන්න. මොකද සාමාන්‍යයෙන් අමතර උපාංග වල මිල වෙනම මිලදීගන්න විට තරමක් වැඩියි.

මීලදීගැනීමට සුදුසුම තැන

කොහෙන්ද මිලදීගන්නේ කියන එකත් අවධානය යොමුකල යුතුම දෙයක්. විවිධාකාර විධි වල විවිධ වාසි අවාසි තියෙනවා. හොඳම විදිය නම් විකුණන කෙනා මුණගැහිලා ජංගම දුරකථනය පරීක්ෂා කරලා මිලදීගන්න එක. ඒත් අන්තර්ජලය හරහා මිලදීගන්න එකෙත් වාසි තිබෙනවා.

Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා.

Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවි වල ජංගම දුරකථන පිළිබඳ කතා බහට ලක්වෙන Groups ඔබ අනන්තවත් දැකලා ඇති. ඉතින් මේ වගේ group එකක් හරහා ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. බොහෝ වෙලාවට නියම පුද්ගලයාගෙන්ම ඔබට මිලදීගන්නට පුළුවන් වීමත්, පහසුවෙන් කතාබහ කරලා තොරතුරු දැනගන්නට හැකියාව තිබීමත් නිසා මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක්. ඒත් සමහර අය පුද්ගලික තොරතුරු අනාවරණය වන නිසා සමාජ ජාල වෙබ් අඩවි හරහා ගණුදෙනු කරන්නට අකමැතියි.

Ikman.lk, Wow.lk හා HitAd.lk වැනිClassified වෙබ් අඩවි හරහා

මේ වගේ වෙබ් අඩවි වල විශේෂත්වය වෙන්නේ ඔබට විශාල ප්‍රමාණයක් භාණ්ඩ අතුරින් හොඳම දේ තෝරාගන්නට හැකියාව තිබීමයි. ඒ වගේම ඔබට ආසන්න ප්‍රදේශයකින් තෝරාගන්නට හැකි වීමත් විශේෂයි. හැබැයි කලින් කිව්වා වගේ පැහැදිලි ඡායාරූපයක් පළකර ඇති, ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු වැඩි ප්‍රමාණයක් ඇති දැන්වීම් වලින් පමණක් ජංගම දුරකථන තෝරාගැනීම වැදගත්. කොහොමහරි අන්තමට අතට අරන් බලලාම ජංගම දුරකථනය ගැන අවසන් තීරණයට එළඹෙනවා නම් හොඳයි. ඒ වගේම කොයිම වෙලාවකවත් නොදන්න අයගේ බැංකු ගිණුම් වලට එහෙම සල්ලි දාන්න යන්න එපා. ඒ විතරක් නෙවෙයි ජංගම දුරකථන බලන්න එක එක තැන් වලට යනවා නම් පරිස්සම් වෙන්න. ඒ නිසයි හොඳ විස්තරයක් තියෙන දුරකථන විතරක් බලන්න කියලා කිව්වේ. මොකද අන්තිමට නංගි පෙන්නල අක්කා දෙන තැනකට ගිහින් නිකං කාලේ නාස්ති කරගන්නේ මොකටද නේද? :)

Ebay වැනි Online මිලදීගැනීමේ පහසුකම් ඇති වෙබ් අඩවි හරහා

Ebay හරහා බොහෝම අඩු ගාණට ජංගම දුරකථන මිලදීගන්න පුළුවන්. හැබැයි ඉතින් අතට අරන් බලලා නෙවෙයිනේ සල්ලි ගෙවන්න වෙන්නේ. ඒ නිසා ටිකක් වැඩිපුර හොයලා බලන්න. හොඳ පැහැදිලි Top Sellers ලාගෙන් විතරක්ම ගන්නවන් හොඳයි. ඒ වගේම Return Policy එකක් තියෙන ජංගම දුරකථනයක් විතරක් මිලදී ගන්න. මොකද මොනම හේතුවකින් හරි ඔබට අවශ්‍ය දේ නෙවෙයිනම් ලැබිලා තියෙන්නේ ඒ ජංගම දුරකථනය නැවත හරහා යවන්නට අවස්ථාවක් තිබීම වැදගත්. Bid කරලා මිලදීගන්නවාට වඩා සඳහන් කරලා තියෙන මිලට මිලදීගන්න එකටයි පුද්ගලිකව මමනම් කැමති. Bid කරලා මිලදීගන්න හොඳයි ඒතරම් හොයාගන්න නැති ජංගම දුරකථන නම්. ඒත් ඕන ගානට ඕන තරම් තියෙන ජංගම දුරකථන වෙනුවෙන් මොකටද bid කරන්නේ.

අවසන් මිල තීරණය කිරීම

අමතක කරන්න එපා සාමාන්‍යෙයන් කෙනෙක් මිලක් තීරණය කරන්නේ ටිකක් වැඩිපුර තියලා. ඒ අවශ්‍ය වුනොත් ටිකක් අඩුකරන්න හිතලා. ඉතින් කියනගානටම ගන්නේ නැතුව ටිකක් අඩු මිලකට ඉල්ලන එක වරදක් නැහැ. ඒ වගේම පින්තූර වලින් පෙනෙන විදියට නැත්නම් ඔබට මිල ගැන ඉල්ලීමක් කරන්න පුළුවන්. සාමාන්‍යන් ජංගම දුරකථනයේ පසුපස ආවාරණයේ හෝ දෙපස ආවරණයේ සීරීම් වලට වැඩි ගණනක් අඩු කරන්න ඉල්ලන එක අසාධාරණයි. හැබැයි තිරයේ සීරීම් තියෙනවානම් ලොකු ගණනක් අඩු කරන්නට ඉල්ලන්න ඔබට පුළුවන්.

පාවිච්චි කල දුරකථනයක් පරීක්ෂා කිරීම.

ඔබ ජංගම දුරකථනය පරික්ෂා කරන්න යන අවස්ථාවේ දේවල් කිහිපයක් යා යුතුයි.
  • ඔබේම චාජර කේබලයක් ( නැත්නම් කෙනෙක්ගෙන් ඉල්ලාගෙන යන්න )
  • ජංගම දුරකථන වර්ගයට ගැලපෙන SIM පතක්.
  • Headphones
  • microSD කාඩ් පතක්
  • ලැප්ටොප් පරිගණයක්
Scratched-iPhone-4
මුලින්ම ජංගම දුරකථනය අතට අරගෙන හොඳින් පරීක්ෂා කරන්න. හදිස්සියේ check කරන්න යන්න එපා. දුරකථනයේ බඳේ ඇති සීරීම් නැවීම් ගැන පරීක්ෂා කරන්න. තැලීම් වගේ දකින්න තියෙනවා නම් හිතලා බලන්න ඒ වගේ තැල්මක් ඇතිවෙන්න පුළුවන් විදි ගැනත්. මොකද විශාල තැල්මක් ඇති වෙන්න සැලකිය යුතු තරමේ ඉහලක සිට දුරකථනය පහළට වැටෙන්න ඕන. ඒ වගේම කැමරාවේ කාචය, බාහිර වීදුරු ආවරණය ගැනත් සැලකිලිමත්වන්න. ජලයෙන් හානි සිදුවෙලාද කියලා දැනගන්න බැටරියට යටින් ඇති කුඩා සුදු පැහැ ස්ටිකරය රතු පැහැ වී ඇත්නම් එය ජලයෙන් හානි වූ ජංගම දුරකථනයක්. බැටරිය ඉවත්කරන්න බැරි ජංගම දුරකථනයක් නම් සිම්පතට යටින් එය දැකගන්නට පුළුවන් වෙයි.
සිම්පත ඇතුලත් කරන කවුළුව වගේම විවෘත වන චලනය වන අංග වැඩි අවධානයකින් සෝදිසි කරන්න. Headphone port එකට ඔබ රැගෙන ආ headphone එක යොදා check කරන්න. චාජර් කේබලයත් ඔබේ ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කරලා පරීක්ෂා කරන්න. මේ පරීක්ෂා ඔබට ලබාදෙන අමතර උපාංග සමගත් පරීක්ෂා කරන්න.
සිම්පත ඇතුලත් කරන්න. Calls ගන්න. SMS යවන්න. ඔබ සාමාන්‍යෙයන් පිවිසෙන වෙබ් අඩවියකට පිවිසී බලන්න. සෑම ජංගම දුරකතනයකම විශේෂ කේතයක් භාවිතයෙන් Service මෙනුවට පිවිසීමට හැකියි. ඒ හරහා ඔබට ජංගම දුරකථනයේ විවිධ අංග වල ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. උදාහරනයක් විදියට Samsung Galaxy Note 3 ජංගම දුරකථනයේ *#0*# යෙදීමෙන් ඔබට LCD තිරය, තිරයේ ස්පර්ශ සංවේදී බව, සීපීකරය, කැමරාව, වයිබ්‍රේටරය හා අනෙකුත් සංවේදක වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න පුළුවන්.
මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



ඔබත් නින්දෙන් ගොරවන කෙනෙක්ද? - එහෙනම් අනිවාර්යෙන් කියවන්න.

ඔබත් නින්දෙන් ගොරවන කෙනෙක්ද? - එහෙනම් අනිවාර්යෙන් කියවන්න.


නින්දෙන් ගෙරවීම සම්බන්ධයෙන් කතාකරන විට සමහරැ එය සිනහවට කාරණයක් සේ සිතන තරම් ඉතාම බහුල දෙයක්. නමුත් නින්දෙන් ගෙරවීම සිනහවට කාරණයක් නොවේ. සාමාන්‍යයෙන් වැඩිපුරම නින්දෙන් ගොරවන්නෙ පිරිමි අය.ඒ වගේම වයසට යන විට ගොරවන අයගේ ප්‍රතිශතය වැඩි වෙන්නත් පුළුවන්.

මෙය අපට මෙසේ වර්ග කළ හැකියි අවුරුදු 30 ට අඩු 10% ක් දෙනා ගොරවන විට වයස 60ට වැඩි අය 60%ක් ගොරවන අය ලෙසයි. කොහොම නමුත් තරුණ ගැහැණු අය ගොරවන ප්‍රමාණය අඩු වුවත්  වයස  60 ට වැඩි  අය 30- 40 % ත් අතර ප්‍රමාණයක් ගොරවන්නියන් සිටිය හැකියි. කොහොම නමුත් සෙම්ගෙඩි සහ ඇඩිනොයිඩ් විශාලවීම නිසා කුඩා දරුවන්ද ගොරවන්නන් පුළුවන්. 

කොහොම නමුත් තරබාරු බව සහ අධික මත් පැන් භාවිතාවත් ගෙරවීම වැඩිවීමට හේතුවක් වන බව නම් කොහොමටවත් අමතක කරන්න එපා.

සමහරු ගොරවන්නේ  යාන්තමින් . ඒ හඬ යාබද කාමරයට ඇසෙන්නේ නැතිවා මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාත් නැතිවිය හැකියි. දෙර වසා තිබුණත් යාබද කාමරයට හඬ ඇසෙන දේ තදින් ගෙරවීම සහ නින්දෙන් හුස්ම හිරවීම  ගෙරවීම සම්බන්ධයෙන් පවතින අනෙක් අවස්ථා දෙකයි.

 කෙසේ වෙතත් නාසය අවහිරවීම, ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාලවීම, නාස් ආවාරය ඇදවීම, විශාල වූ සෙම් ගෙඩි දික් වූ මෘදු තල්ල සහ රස දිව, විශාල වූ දිව, තරබාරු ශරීරය හා කෙටි බෙල්ල, නිදි බෙහෙත් සහ මත්පැන් භාවිතාව තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම නින්දෙන් ගෙරවීමට හේතු වෙයි. 

කෙසේ නමුත් හුස්ම ගැනීම සෑම තත්පර 10 ට අධික කාලයක් වරින් වර මේ නිසා නවත්වන අතර පැය හතක නින්දකදී  තිස් වතාවකට වඩා හුස්ම නවත්වයි නම් භයානක තතත්වයකි.  රෝගියා වරින් වර හුස්ම හිරවී  අවදිවෙයි.රුධිරයේ ඇතිවෙන අඩු ඔක්සිජන් සාන්ද්‍රණය  හෘදයට පෙනහළුවලට සහ මොළයට බලපානු ලබයි.

එමෙන්ම අධික රුධිර පීඩනය හෘදයාබාධද ඇතිවිය හැකියි. මෙවන් අයට දිවා කාලයේදී තද නිදිමත ගතියක්ද ඇතිවෙයි. එමෙන්ම මෙවැනි රෝගීන් නින්දේදී වුවද මරණයට පත් විය හැකිය. එම නිසා නින්දෙන් ගෙරවීම නැවතීමට කන නාසය උගුර සායනයකට වහාම යන්න. 


ශ්‍රී ලංකා ජාතික රෝහලේ  කන නාසය උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



Office එක ගෙදර අරගෙන යන අයට.

Office එක ගෙදර අරගෙන යන අයට.


හුඟක් කාර්යබහුල ඔබට කාලය කියන්නේ ලොකු වටිනාකමක්. ඒ නිසාම තමයි හුඟක් දෙනා ඔෆිස් එක ගෙදර අරන් යන්නේ. නමුත් කාර්යාල කටයුතු ගෙදරදී පහසු කර ගන්නට නම් ගෙදර පරිසරයත් වෙනස් විය යුතුයි.


  • ඔබේම තැනක් වෙන්කර ගන්න

ගෙදරදී කාර්යාලයීය කටයුතු සිදු කරන්න වෙනම ඔෆිස් කාමරයක් තිබීම ඉතාම වැදගත්. නමුත් එවැනි පහසුකම් සලසාගන්න බැරි නම් නිදන කාමරය වුණත් කමක් නැහැ. ඔබේ කටයුතු කරන වේලාවට කාමරයේ ‍ෙදාර වසා ගන්න. එවිට සුරතලාගේ කෑගැසීම, රූපවාහිනියේ සහ දරුවන්ගේ ශබ්දවලින් ඔබට බාධාවක් නැහැ.

  • සැප පහසු අසුනකට මාරු වෙන්න

හොඳ ආකල්ප කරන කාර්ය සාර්ථක වීමට ඉතාම වැදගත්. ඒ සඳහා සැප පහසුව ඉතාම අත්‍යවශ්‍යයි. අසුන අපහසුදායක තත්ත්වයක තිබෙන විට, කොන්දට සහ බෙල්ලට දැඩි අපහසුවක් දැනෙනවා.


  • සැලැසුමක් නිර්මාණය කරගන්න

ඔබේ සාමාන්‍ය කටයුතු, රැකියාවේ කාර්යයන්, අධ්‍යාපනය ඇතුළු සියලුම දේ සඳහා සුදුසු කාල රාමුවක් නිර්මාණය කර ගන්න. නිවෙසේදී ඔබේ කාර්යාල කටයුතු කරනවා නම් ආරම්භයට මෙන්ම වැඩකටයුත්ත අවසාන කිරීමට වේලාවක් තබා ගන්න. එම කාලය තුළදීම අදාළ කටයුත්ත අවසන් කිරීමට උත්සාහ දරන්න.


  • විවේක ගන්න

නිවෙස ඔබට අයිති තැනක්. කාර්යාලයේදී වගේ නිවෙසේදී නීති දාන්න කවුරුත් නැහැ. ඒ නිසා වැඩකටයුතු අතර පුංචි විවේකයක් ගන්න. තේ ටිකක් බොන්න, නැඟිටින්න, ගෙවත්තට යන්න. නමුත් වැඩක් කරන අතරතුර නම් නැඟිටලා යන්න එපා. එක් වැඩකටයුත්තක් අවසාන කරලම පුටුවෙන් නැඟිටින්න.


  • සෞඛ්‍ය සම්පන්න ආහාර සහ පාන වර්ග

බඩගින්නේ වැඩ කරද්දී ඔබේ කටයුතු නියමාකාරයෙන් සිදු කර ගන්න බැහැ. නමුත් වැඩක් අතරතුර නැඟිටීමෙන් ඒ කරන කාර්යයට බාධා මතු වනවා. ඒ නිසා ආහාර වර්ග කිහිපයක්, වතුර සහ වෙනත් පාන වර්ගයක් ළඟ තියාගන්න. නමුත් ඒ සෑම ආහාරයක් සහ පානයක්ම සෞඛ්‍ය සම්පන්න විය යුතුයි.


  • එළියට යන්න

ඔබට එක දිගටම වැඩ කරන්න පුළුවන් නම් එක දිගටම වැඩ කරලා ඉන්පස්සේ ලොකු විවේකයක් ගන්න. පවුලේ අයත් එක්ක එළියට යන්න කෑමකට යන්න.


  • පරිසරය කළමනාකරණය

නිවෙසේ පරිසරය වැඩ කටයුතු සඳහා අවශ්‍ය පරිදි නිදහස්ව තබාගන්න. පොත්පත් පිළිවෙළට අසුරලා ලියන මේසය පිළිවෙළකට තිබ්බාම, පෑන් - පැන්සල් වැනි අත්‍යවශ්‍ය දේවල් ඉක්මනින් ගන්න පුළුවන් තැන්වලින් තියන්න.


  • දෑසට විවේකය දෙන්න.

හැමදාම, එක දිගටම රාජකාරි කටයුතුවල නිරත වන ඔබේ ඇස් දෙකට විවේකය අවශ්‍යයි. ඒ නිසා දෑසට විවේකය ලැබෙන ව්‍යායාමත් කරන්න.


  • සහාය ලබාගන්න

ඔබේ කටයුතුවලට ගෙදර පවුලේ අය සහභාගි කරවා ගන්න අවශ්‍ය නම් එය ඔබට පහසුවක්. විද්‍යුත් තැපෑල වගේ දේවල් පරීක්ෂා කර ගන්නත් පවුලේ අයගෙන්, බිරියගෙන්, සැමියාගෙන් සහාය ලබා ගන්න.


  • සැහැල්ලු ඇඳුමකට හුරුවන්න

නිවෙසේදී ඔබට කාර්යාලයට වඩා නිදහස්ව හැසිරෙන්න පුළුවන්. ඒ නිසා කාර්යාල කටයුතුවලදී සැහැල්ලු ඇඳුමකින් සැරසෙන්න. එවිට ඔබට ලොකු නිදහසක් දැනෙනවා.


හංසි ආටිගල.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....