Showing posts with label Better Living. Show all posts

බොඳ වුණු සංක්‍රාන්ති සිතුවම.


ජිවිතේ සංක්‍රාන්ති සමයක කොහේදෝ ඉදන් අහම්බෙන් වගේ මගෙ ජීවිතේට එබුනු ඔයා මටත් නොදැනිම මගේ ජිවිතේ ලස්සනට සිතුවම් කරලා.....

මංවත් නොදැකපු ලස්සන හීන අනාගතයක් සිතුවම් කරපු ඔයා , 
ඔයාගෙ ආදර පාට පෙට්ටියෙන් ඒ හීනෙට පණ දුන්නා.....

සත්තකයි ලස්සනයි ඒ හීනෙ...
මං ආදරෙයි....
ඒ හීනෙට...

අනේ ඒත් අද... 
මගෙම කදුලකින් ඒ හීන සිතුවම බොද වෙලා...

මගෙ ආදරණීය සිත්තරානෙනි... 
ඔබට පමණයි නැවතත් මගෙ දිවියට පාට පෙවිය හැක්කේ.... 
වග බලාගනිමි නැවත ඒ සිතුවම බොද නොවෙන්නට.... 
ඉඩ දෙනවානම් රැක ගන්නම් මං...
අපේ හීනය 
අපේ අනාගතය 
අපේ ජිවිතය 
අපේ ප්‍රාර්ථනාවන්....

කළු සුදු මගෙ ජීවිතේට පාට පෙවූ පිණම ඇති නුබට 
ලස්සන දිවියකට උරුමකම් කියන්නට 
එපා නම් මම එහි රැදෙන්නට 
අවසරයි නික්මෙන්න.... 
සුභ පතමි නව දිවියකට මම 
ඔබේම ලස්සන අනාගතයේ....

ඉඩ දෙන්න සිත්තරාවියකට නුබෙ ලොවේ 
නතර වී නුබේ දිවියට අරුත්බර වර්ණයන් ගලපන්න
 දනිමි මම නොවන බව ඒ කෙනා....
සිත්තරෙක් වූ නිසාවෙන්ම 
නොහැක නුබට නුබේම දිවියට පාට පොවන්නට 
ලස්සන කරගන්නට එය... 
රැදෙන්න ඔබේම ලොවක් තුළ 
කිරුළු දරමින් ප්‍රීතියේ....


~~~ Samadhi Sankalpana Malalaweera ~~~
web.facebook.com/writer.sankalpana 


දුරින් හිටියත් ආදරෙයි.


අපි ආදරය කරන අය අපි ළඟින්ම ඉන්නවට අපි ගොඩක් කැමැතියි. ඒත් සමහර වෙලාවට අපේ ආදරණීයයන්ගෙන් අපිට ඈත් වෙන්න සිද්ධ වෙනවා. පෙම්වතෙකුට පෙම්වතියකට විතරක් නෙමෙයි විවාහ වෙච්ච යුවළකට වුණත් මේක ටිකක් අමිහිරි අත්දැකීමක්. සමහරවිට ඔයාට හරි එයාට හරි දුර පළාතකින් රැකියාවක් හම්බවෙලා, සමහරවිට උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවෙන්න සිද්ධ වෙලා, ඔයාලා ඈත් වුණාම සම්බන්ධය තියාගන්න ටිකක් අමාරුයි තමා. හැබැයි අපි අද ඔයාලට කියලා දෙන්නෙ දුරින් ඉන්න කෙනෙක්, ළඟින් ඉන්න කෙනෙක් වගේ තියාගෙන ඔයාලගේ ආදරය තවත් ශක්තිමත් කරගන්න ක‍්‍රම කිහිපයක්. සමහරවිට ඔයාට හිතෙයි මේවා හරි පුංචි දේවල් කියලා. හැබැයි පුංචි දේවල් තමයි අපේ ජීවිත ජීවත් කරන්නේ.


එයත් එක්කම වැඩ කරන්න.

ඔයාලා දෙන්නා එකතැන නොහිටියාට ඔයාට පුළුවන් එයත් එක්ක එකට වැඩ කරන්න. එයත් එක්ක කන්න, එයත් එක්ක ටී.වී. බලන්න වගේම එයත් එක්ක කෑම ටිකක් හදන්න ඔයාට පුළුවන්. එයාට කතා කරන්න පුංචි ‘බ්ලූටූත් හෑන්ඞ් ෆ‍්‍රී’ එකක් ගන්න පුළුවන් නම් ඒක තවත් ලේසි වෙයි. අමතක නොකර ඔයාගේ වැඩවලට එයාගෙන් උපදෙස් ටිකකුත් ගන්න. ඒකට එයා ගොඩක් සතුටු වෙයි.


හැම මොහොතකම පේ‍්‍රමණීය වෙන්න.

හැම මොහොතකම ඔයාලට පේ‍්‍රමය ඉදිරියෙන් තියාගන්න පුළුවන් නම් ඔයාට එයාගේ ආදරයත් එයාට ඔයාගේ ආදරයත් ගොඩක් කිට්ටුවෙන්ම දැනෙයි. ඔයාලගේ කතාව හැමවෙලාවෙම සරල විදිහට සුන්දරව කරගෙන යන්න. ඔයාට පුළුවන් ජීවිතේ ඔයා වැඩියෙන්ම ආදරය කරන කෙනාට පුංචි SMS එකක් යවලා දවස පටන් ගන්න. දැන් අලූත් සුබ පැතීමේ ක‍්‍රමත් තියෙන හින්දා එහෙම සුබ පැතුවත් ගැටලූවක් නැහැ. හිතන්න ඔයා ආදරය කරන කෙනා හැමදාම මුලින්ම ඔයාගේ දවස සුබ වෙන්න ප‍්‍රාර්ථනා කරලා එවන මැසේජ් එකක් ගැන. කොච්චර සුන්දර උදෑසනක් ද ඒක....

ලිපියක් ලියන්න.

ලියුම් ලියන එක ගොඩක් පරණ ක‍්‍රමයක් කියලා ඔයා හිතයි. හැබැයි ලියුමක් ඇතුළේ සඟවලා, ලියුමක් ඇතුළේ තවරලා ඔයාට එයා වෙනුවෙන්ම අකුරු ටිකක් එකතු කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඒත් එක්කම එයාට ඔයාගේ මතකය අලූත් කරගන්න පුංචි තෑග්ගකුත් යවන්න. ඒක එයාට ගොඩක් දැනෙයි. ඒ වගේම ඔයාට පුළුවන් නම් කුරියර් සර්විස් එකකින් මාසෙකට දෙකට සැරයක් එයාට පුංචි පාර්සලයක් යවන්න. පුංචි මල් පොකුරක් වුණත් කමක් නැහැ.

මූණ බලන්න හැමදාම.

ඉස්සර එයාගේ මූණ බලන්න එයාව හම්බවෙනකම් ඉන්න සිද්ධ වුණත් අද එහෙම නැහැ. ස්කයිප් එක හරහා හැමදාම එයාට කතා කරන්න ඔයාට පුළුවන්. ඒක ඔයාලගේ සම්බන්ධතාව ආදරණීයව තියාගන්න ගොඩක් වටිනා හේතුවක් වෙයි. එයාට ඔයා අලූතින් ගන්න ඇඳුම් වගේ දේවල් ස්කයිප් එකෙන් පෙන්නන්න. එයාගෙන් අහන්න ඒවා ලස්සනයිද කියලා. එයා ඔයාට ළඟ ඉන්නවා වගේම ඒ දේවල්වලට උත්තර දෙයි. ඔයාගේ Phone එකෙත් ස්කයිප් තියනවා නම් ගමනක් යන ගමන් වුණත් එයා දිහා බලාගෙන කතා කරන්න පුළුවන් වුණොත් එයත් ඔයත් එක්ක ඒ ගමන යනවා වගේ දැනෙයි.

පින්තූර යවන්න.

එයාට ඔයාගේ පින්තූර විතරක් නෙමෙයි යන එන තැන්වලත් පින්තූර යවන්න. ඉස්සර තැපැල් කරලා මේ පින්තූර යවන්න සිද්ධ වුණත් දැන් Facebook හරි What's app හරි හරහා ඒ වෙලාවෙම එයාට පින්තූර ටික යවන්න ඔයාට පුළුවන්. ඔයා ෂොපින් ගියපුවහම එතැන තියන ඇඳුමක් ගැන වුණත් ඔයාට ඒ වෙලාවෙම එයාගෙන් අහන්න පුළුවන් වෙච්ච තාක්ෂණයක් දැන් තියෙන කොට ඒ තාක්ෂණය ඔයාලගේ ආදරයට පුංචි තල්ලූවක් කරගත්තොත් නරකද?

පුදුම කරන්න.


ඔයාට හදිස්සියේ නිවාඩුවක් ලැබුණොත් එයාව පුදුම කරන්න ඒ නිවාඩුව පාවිච්චි කළොත් අපූරුයි නේද? පුළුවන්කමක් තියෙනවා නම් එයාව බලන්න යන්න. නොහිතපු වෙලාවක ඔයා එයාගේ ඉස්සරහා හිටියහම එයාගේ ඇස් දෙක කඳුළින් තෙත් වෙනවට නම් සැකයක් නැහැ.

හැමදාම කතා කරන්න.


පුංචි වෙලාවක් හරි එයත් එක්ක හැමදාම කතා කරන්න. ඔයාට කොච්චර වැඩ තිබුණත් වැඩකරලා කොච්චර මහන්සි වුණත් ඔයාට ඔයාගේ ආදරය වෙනුවෙන් විනාඩි දහයක් වත් වෙන්කරන්න බැහැ කියන එක ඇත්තක් නෙමෙයි. හිතලා බලන්න, එයා ඔයාගේ කටහඬ අහන්න කොච්චර බලාපොරොත්තුවෙන්ද ඇත්තේ. ඒ බලාපොරොත්තු කඩ කරන්න එපා. ඒ වගේම ඒ විනාඩි දහය ඇතුළේ එයාගේ හිත රිදෙන දෙයක් කියන්න එපා. ඔයාට එයාව හැමදාටම ඕන නම් එයාට කතා කරන්න අමතක කරන්න එපා.


ආදරයට හැමදාම ආදරය කරන්න. එතකොට අපේ ජිවිත වල සතුට සදාතනික වෙයි...!!!


-විමුක්ති දුෂාන්ත රාවණසිංහ

Room එකකට යනවාද? යනව නම් දැනගන්න.


ලබන සතිය වෙද්දි ගල් මුල් ප්‍රහාර කොච්චර එල්ලවෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි එක ගලක් හරි එල්ල වෙන බව නම් දන්නවා.වැඩිහිටි පරම්පරාව කොයි විදියට කිව්වත් අද තරුණ පරම්පරාව තමන්ට ඕන දේ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ කරනවා. හැමෝම නෙවෙයි ගොඩක් අය එහෙමයි. ඒ අතරෙ තමන් ආදරය කරන ගැහැනු ළමයා හරි පිරිමි ළමයා හරි එක්ක මුහුදු වෙරළට, එහෙමත් නැත්නම් ලැගුම්හලකට යන එක වගේ දේවලුත් තියෙනවා. මුහුදු වෙරළට යන එක නම් සාමාන්‍ය දෙයක්නේ. ඒත් ලැගුම්හලකට යන එක නම් දෙපාරක් හිතන්න වෙන දෙයක්. මොකද ඒ වෙනුවෙන් නිර්මාණය වුණු නීති කිහිපයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ නීති ගැන අපේ තරුණ තරුණියන්ට වගේම සමහර පොලිස් නිලධාරීන්ට පවා නිසි අවබෝධයක් නැති බව පත්තරයක් කියවනකොට හොඳටම තේරුම් ගන්න පුළුවන්. ජනමාධ්‍යයක වගකීම මහජනතාව නිවැරැදි සහ සත්‍ය සිදුවීම්වලින් දැනුවත් කිරීම. ඉතින් මේ කරන්න යන්නෙ අන්න ඒ වගේ දෙයක්.

අද අපේ රටේ තරුණ තරුණියන් බොහොමයක් ලැගුම්හල්වලට යන්නේ නීති ගැන දැනුවත් බවක් නැතිවයි. සාමාන්‍යයෙන් ලැගුම්හල්වල ලැගුම්ගෙන සිටින්නන් අත්අඩංගුවට ගන්න පොලිසියට සම්පූර්ණ බලතල තියෙනවා. ඒ 'ගණිකා නිවාස පනත'ට අනුවයි. හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න හේතු තියෙන්න ඕනෙ. ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සඳහා ආධාර කිරීම හෝ ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වැරැදි කියලා ඉස්සෙල්ලා කියපු පනතේ සඳහන් වෙනවා. නමුත් මේ පනතට අනුව කාවහරි අත්අඩංගුවට ගන්න නම් අදාළ යුවළගෙන් කාන්තාව ඒ ලැගුම්හලේ සේවය කරන කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ගණිකාවක් වෙන්න ඕන. තවත් පැහැදිලි කරනවා නම් මුදල් මත ලිංගික සේවාව සපයන්නියක් වෙන්න ඕනෙ. අපි හිතමු කවුරුහරි පිරිමි කෙනෙක් ඒ ලැගුම්හලට බාහිරින් වෙනත් කාන්තාවක් එක්කගෙන ගිහින් ලිංගික කාර්යයේ යෙදුණා කියලා. එහෙනම් ඒ යුවළ අත්අඩංගුවට ගන්න පොලිසියට කිසිම බලයක් නැහැ. ඇත්තටම ඒ කාන්තාව මුදල් මත ලිංගික සේවය සපයන්නියක් වුණත්, ඒක ඔප්පු කරන්න විදියක් නැති නිසා අත්අඩංගුවට ගන්න බැහැ.

ලැගුම්හලකදී විතරක් නෙවෙයි වෙන ඕනෑම තැනකදී පොලිස් නිලධාරීන්ට තමන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්න බැරි වුණොත් නම් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒක තනියම පාරෙ යද්දි වුණත් එහෙමමයි. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුවයි. ඒ නිසා යන තැනක අයි.ඩී. හරි පාස්පෝට් එක හරි ඩ්‍රයිවින් ලයිසන් එක හරි අරන් යන්න අමතක කරන්න එපා. හැබැයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව අත්අඩංගුවට පත් වුණොත් ඔයාලට විරුද්ධව පොලිසියට ගොනු කරන්න පුළුවන් වෙන්නේ 'අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වීම' කියන චෝදනාව විතරයි. ලැගුම්හලක ඉඳලා අනන්‍යතාව තහවුරු කරගන්න බැරිවුණු වෙලාවට ලිංගික ක්‍රියාවල යෙදුණා කියලා චෝදනා කරන්න බැහැ. අත්අඩංගුවට ගන්නවා නම් චෝදනාව වෙන්න ඕනෙ කලින් කිව්ව වගේ 'අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වීම' කියන එක විතරයි. එහෙම නැත්නම් ඒ වගේ දෙයකට අත්අඩංගුවට ගත්තොත් මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා පොලිසියට විරුද්ධව පියවරක් ගන්න අදාළ පුද්ගලයාට පුළුවන් වෙනවා.

ඒ වගේම ලැගුම්හලක් හෝ වේවා වෙන ඕනෑම තැනක් හෝ වේවා වයස අවුරුදු 18ට අඩු පිරිමි ළමයෙක් හෝ ගැහැනු ළමයෙන් එක්ක ලිංගික කාර්යයේ යෙදීමත් දඬුවම් ලැබෙන වරදක්. ඒක සිද්ධ වෙන්නේ ඒ බාල වයස්කරුගේ කැමැත්තෙන් වුණත් එය වරදක් විදියට පිළිගන්නවා. 'බාල වයස්කරුවකු අපයෝජනයට ලක්කිරීම' කියන චෝදනාව මත ඒ වරදට නඩු දමන්න පුළුවන්. ඒ කියන්නේ වයස අවුරුදු 18ට අඩු නම් කිසිම කෙනකුට කොච්චර කැමැති වුණත් ලැගුම්හලකට යන්නවත් ලිංගික ක්‍රියා සිදු කරන්නවත් අවසර නැහැ. වයස අවුරුදු 18ට වැඩි නම්, තමන්ගේ අනන්‍යතාව ඔප්පු කරන්නත් පුළුවන් නම් ලැගුම්හලකට යෑම වරදක් කියලා නීති පොත්වල කොහෙවත් ලියලා නැහැ. ඒ වගේම එය වරදක් විදියට පිළිගන්නේ නැහැ. නමුත් අපේ රටේ සංස්කෘතියට අනුව නම් එය වරදක්. වරදක් නෙවෙයි පාපකර්මයක්.
ඒ වගේම 18ට වැඩි ගැහැනු ළමයෙක් එයාගේ අකැමැත්තෙන් ලිංගික කාර්යයේ යොදවා ගන්නවා නම් ඒක වරදක්. ඒ වරද දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන 'ස්ත්‍රී දූෂණය' කියන චෝදනාව යටතේ නඩු දාන්න පුළුවන්. මේ ප්‍රශ්නෙදි මූලික වෙන්නේ ඒ කාන්තාවගේ කැමැත්ත හෝ අකැමැත්ත. ඒ නිසා කටඋත්තරය ගන්න අවස්ථාවේ අදාළ කාන්තාවගේ මානසික තත්ත්වය ගැන සැලකිලිමක් වෙන්න ඕන. ඇය මානසික පීඩනයකින් ඉන්නවා නම් හරි හොඳ සිහිබුද්ධියක් නැත්නම් හරි කටඋත්තරය ගැනීම ප්‍රමාද කරන්න පුළුවන්. මුලදි කැමැත්තෙන් හිටියත් පස්සේ එක එක ලාභ ප්‍රයෝජන නිසා අකැමැත්තෙන් බලෙන් එක්ක ගියා කියලා කියන අයත් ඉන්නවා. එහෙම වුණොත් නම් ඉතින් බොහොම කනගාටුයි. මොකද අසාධාරණයට ලක්වුණු පාර්ශ්වය ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා.

අපි ඕනෙ තරම් අහලා දැකලා තියෙන දෙයක් තමයි සමහර වෙලාවට ලැගුම්හල් වටලන පොලිස් නිලධාරීන් ඒ වෙලාවෙ ලැගුම්හලේ ඉන්න ජෝඩු ඔක්කොම පොලිස් ජීප් ඕකේ දාගන පොලිසියට අරන් යනවා කියන එක. එහෙම අරන් යන්නනම් නිශ්චිත චෝදනා තියෙන්න ඕන. ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 18ට අඩු නම් අනිවාර්යයෙන්ම පොලිසියට යන්න වෙනවා. ඒ වගේම අනන්‍යතාව තහවුරු කරගන්න බැරි වුණත් පොලිසියට යන්න වෙනවා. එහෙමත් නැත්නම් තමා එක්ක ඉන්න කාන්තාව ඒ ලැගුම්හලේම සේවය කරන කෙනෙක් නම් ඒත් පොලිසියට යන්න වෙනවා. එතැනදී සැලකෙන්නේ අදාළ කාන්තාව ගණිකාවක් විදියටයි. ගණිකා වෘත්තිය කියන්නෙ තාම අපේ රටේ තහනම් දෙයක්. මේ යන විදියට ඉදිරියේදී තහනම ඉවත් වෙන්නත් ඉඩ තියෙනවා.
අපි මේ කළේ තරුණ තරුණියන් දැනුවත් කිරීමක් විතරයි. සමහර විට අර අඬන්න බලාගෙන ඉන්න අයට හිතෙන්න පුළුවන් අපි තරුණ තරුණියන්ට ලැගුම්හල්වලට යන්න පෙලඹවීමක් ඇති කළා කියලා. එහෙම දේකට පෙලඹවීමක් ඇති කරන්න නම් මේ වගේ ලිපියකට වඩා අඩ නිරුවත් කාන්තා රූපයක් වටිනවා. කොහොම වුණත් හැමදෙයක් ගැනම දැනුවත් වීම වැදගත්. දැනුවත්කම මුවහත් ආයුධයකටත් වඩා මුවහත්.


-දුලංජලී මුතුවාඩිගේ

තම්බපු බිත්තරයක් සුද්දකරන්න ලේසිම ක්‍රමය මෙන්න. (Video)


සමහර තම්බපු බිත්තර සුද්ද කරන්න ගියාම බිත්තර කන්නත් එපා වෙනව. සුදු මදය ඔක්කොම බිත්තර කටුවටම ගැලවිලත් එන වෙලාවල් නැතුව නෙවෙයි. ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව තත්පර කිහිපයකින් තම්බපු බිත්තරයක් සුද්දකරන හැටි මේ වීඩියෝවෙන් බලන්න.


අවදියෙන් 'ඇය' වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයයි! - Share against Domestic Violence.




ලෝකය තුළ වර්තමානයේ පවතින Digital තාක්ෂණය බොහෝවිට යොදා ගැනෙන්නේ සාමාන්‍ය එදිනෙදා සන්නිවේදන කටයුතු සඳහායි.

ඒත් එමගින් ලෝකයේ හතරෙන් තුනක් පමණ වෙනස් කල හැකියි. එහි සත්‍ය අසත්‍යතාවය ඔබට තේරුම් ගත හැකි වඩා බලවත් ඩිජිටල් ව්‍යාපෘතියක් පසුගියදා ක්‍රියාත්මක වුණා.


ඒ මේ දිනවල වඩා කතාබහට ලක්වන මාතෘකාව වන ස්ත්‍රී හිංසනයන්, අපචාරයන්, අතවරයන් සහ විශේෂයෙන් ස්ත්‍රී දූෂණයන් සම්බන්ධව බටහිර ලෝකය ක්‍රියාත්මක කල ඉතා විශිෂ්ට ගනයේ ව්‍යාපෘතියක්.





ගැහැනියකට සිදුව ඇති මේ තුවාල සහ හිංසනයන් නැති කර දැමීමට එදිනෙද මෙතනින් ඇවිද යන අය කල යුතු දේ ඉතාම සරලයි.



මෙතනින් ඇවිද යන හැම කෙනෙක්ම කැමරා මගින් නිරීක්ෂණය කෙරෙනවා. ඒ කීයෙන් කී දෙනෙක් මේ පුවරුව දිහා බලනවද කියන කාරණාව. 




වැඩි පිරිසක් මේ දිහා බලන්න බලන්න මෙහි සිටින කාන්තාවගේ කැළැල් මැකී යනවා.

මෙමගින් ලබා දෙන්නේ මෙම සියලු දේ නවතගනීමට අවශ්‍ය ඉතා සුළු ජන අවධානයක් යොමු කිරීම පමණක් බවයි.


මේ එළඹී ඇත්තේ ඇස කන පියාගෙන සිටිය යුතු කාලය නොව අවදියෙන් 'ඇය' වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයයි.

Share if you stand against domestic violence!




- අනුෂි හක්මනගේ 




කාන්තාවන් සහ පිරිමින්ගේ ආකර්ෂණය ලබා ගැනීමට නම්.


යම් යම් පුද්ගලයින් තව කෙනෙකුගේ ආකර්ෂණය ලබා ගැනීම සදහා නොයෙක් විදියේ දේවල් කිරීමට පෙළඹී තිබෙනවා. නමුත් එය යම් යම් පුද්ගලයින් සිතන පතන ආකාරය අනුව වෙනස් වෙනවා. පර්යේෂකයින් කණ්ඩායමක් විසින් කළ පරීක්ෂණයකදී ආකර්ෂණය ලබා ගැනීම සදහා ඔබ විසින් භාවිතා කරන භාවිතයන් 05ක් හදුනාගෙන තිබේ. 


  • හාස්‍යය  

පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ කාන්තාවන් තමන් හිනාගස්සවන පිරිමි පුද්ගලයන්ටද, පිරිමි පාර්ශවය තමන්ගේ විහිළු වලට සිනාසෙන කාන්තාවන්ට ආකර්ෂණය වන බවයි.


  • කැමැත්ත පළකිරීම  

කෙනෙක් ඒ පුද්ගලයාට කැමැත්ත පල කිරීම ඒ පුද්ගලයා කෙරෙහි ආකර්ෂණය වීමට හේතු වේ. ආකර්ෂණය වීම පිළිබද විමසු විට 90% පවසන ආකාරයට ආකර්ෂණය හේතු වී ඇත්තේ අනෙක් පුද්ගලයා තමන්ට කැමති බව දැනගැනීමයි.


  • ඔබ කරන දෙය  

හැගීම්බර හා පුද්ගලික තොරතුරු හුවමාරු කර ගැනීමෙන් දැඩි බැදීමක් ඇතිවේ. පර්යේෂණ වලට අනුව 30%ක්, ජිවිත කාලය පුරා පැවති බැදීම් වලට වඩා දැඩි බැදීමක් ඉහත තොරතුරු හුවමාරු කර ගැනීමෙන් ඇතිවේ.


  • පෞර්ශයත්වය  

හරි වැරැද්ද පිළිබද පැහැදිලි අවබෝධයක් තිබෙම සහ පහසුවෙන් එකඟ වන පුදගලයන් විවාහයට වඩා සුදුසු වේ.


  • හැගීම්  

පර්යේෂණ කණ්ඩායම් පෙන්වා දෙන්නේ කෙනෙක් ආකර්ෂණය වන්නේ පුද්ගලයාට නොව ඒ පුද්ගලයා සමඟ සිටින විට දැනෙන හැගීමට බවයි.උච්චතම අවස්ථාවකදී තමන් මරණයට පත් කිරීමට එන පුද්ගලයෙකුට පවා කෙනෙක් ආකර්ෂණය විය හැකියි.


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....