පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Showing posts with label Fitness. Show all posts
කාර්යාලයේදීම ලේසීයෙන් ව්‍යායාම කළ හැකි ක්‍රම (Video)
දින 5කින් බර කිලෝග්‍රෑම් 3ක් අඩුකරගන්නට පුළුවන් විදිහක්.
දින 5කින් බර කිලෝග්‍රෑම් 3ක් අඩුකරගන්නට පුළුවන් විදිහක්.
ඔබ වඩාත් ප්‍රිය කරන යෝගට් අනුභව කරන ගමන්, ශරීරයේ අනවශ්‍ය බරද අඩුකරගන්නට පුළුවන් නම් එය කොපමණ අගනේද ? අද ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ යෝගට් කන ගමන් බර අඩුකරගන්නා ආකාරය පිළිබඳවයි. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ අපි ලබාදෙන උපදෙස් වලට අනුව යෝගට් අනුභව කිරීම පමණයි.
උදෑසන අවදි වූ විගස ලොකු වතුර වීදුරුවක් හිස් බඩ පානය කිරීමද ඉතාමත් වැදගත් බව පළමුව ඔබට මතක් කරන්නට ඕනේ.
- පළමු දවස
දහවල් ආහාරයට / එළවලූ සුප් බඳුනක් සහ යෝගට් මිලිලීටර් 300ක්.
පස්වරු 5 / යෝගට් මිලිලීටර් 300ක් සහ ඔබ කැමති පළතුරක් (රාත්‍රී ආහාරය / එළවලූ සුප් බඳුනක් සහ යෝගට් මිලිලීටර් 300ක්
නින්දට යෑමට ප්‍රථමව සීනි එකතු නොකර සාදාගත් තේ එකක් සමග වියලි මිදී ගෙඩි 3ක් පරිභෝජනය කරන්න (පළමු දවසට පමණක් නොවෙයි දින 5 ටම අදාළ වේ
- දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි දවස
දහවල් ආහාරය / එළවලූ සුප් බඳුනක්, යෝගට් මිලිලීටර් 300ක්, සහ කැමති පලතුරක්.
පස්වරු 5 / සීනි නොමැතිව සකසා ගත් තේ කෝප්පයක්, යෝගට් මිලිලීටර් 300ක් සහ පලතුරක්. ල සෙඑබැිි එර්සබසබට
රාත්‍රී ආහාරය / තම්බාගත් මාළු පෙති කිහිපයක්, බටර් මේසහැන්දක් එකතු කොට සකසාගත් සලාදයක් සහ සීනි එකතු නොකර සකසාගත් පලතුරු යුෂ එකක්.
මේදය රහිත (නන් ෆැට්) යෝගට් නිෂ්පාදනයක්ම තොරාගන්නවානම් ඔබට වඩාත් හොඳ ප්‍රතිපල ලබාගන්නට පුළුවන් වේවි.
මේ විදියට දවස් 5ක් ඔබ ආහාර පාලනය කරන විට ඔබේ ශරීරයේ අනවශ්‍ය බරින් කිලෝග්‍රෑම් 3ක් පමණ අඩුවෙනවා.
උපුටා ගැනීම - කීර්ති ගේ නුදුටුලෝකයෙන්
ඇමරිකාව හෙල්ලූ ලංකාවේ කෙල්ල.
ඇමරිකාව හෙල්ලූ ලංකාවේ කෙල්ල.
'සර්වයිවර්' නමැති ලෝක ප්‍රසිද්ධ රියලිටි තරගාවලියට සහභාගී වී එහි කිරුළ හිමි කරගනිමින් ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් කෝටි 13 ක්) හිමිකරගත් ශ්‍රී ලාංකික යුවතිය වු නටාලි ඇන්ඩර්සන් සහ ඇගේ නිවුන් සොයුරිය නාදියා ඇන්ඩර්සන් දිවයිනට පැමිණියහ. එම තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 13) මුදලක් තෑගී ලෙස ලැබුණු බව ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පැවසු අතර ඉන් විශාල මුදලක් ශ්‍රී ලාංකාවේ දුප්පත් දරුවන් වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන බවද කීවාය.
මෙම තරඟය ඉතා අසීරු එකක් වන අතර මරණය සමඟ කරන සටනක් වැනි එකක් බව නටාලී කියයි. තම දෑත් වල වැලමිටට පහතින් ශ්‍රී ලංකා සිතියම පච්චා කොටා ඇති මේ සොඳුරු යුවතියෝ ශ්‍රී ලංකාවට අසීමිතව ආදරය කරන බව කියයි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉපදී ඇති මේ දෙදෙන වයස අවුරුදු 3දී පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
"මම ලංකාවට ආවේ අවුරුදු 3 කට පස්සේ. මේ වනකොට ඇමරිකාව 'සර්වයිවර්' වැඩසටහන් 30ක් පවත්වලා තියෙනවා. මෙවැනි තරගයක් ජයග්‍රහණය කළ දකුණු ආසියාවේ පළවෙනි කෙල්ල මම. ලංකාව නියෝජනය කරන්න ලැබීම ගැන හරිම සතුටුයි. ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ අපිට ගොඩක් සහයෝගය දුන්නා." ජයග්‍රාහී නතාලී එහෙම කියන්නීය.
තණකොළ බිමක සෙරෙප්පු නොදා ඇවිදීමේ වාසි.
තණකොළ බිමක සෙරෙප්පු නොදා ඇවිදීමේ වාසි.
ඇවිදීම කියන්නේ හරිම පහසු වගේම ප්‍රතිඵලදායක ව්‍යායාමයක්. ඒත් මේ ව්‍යායාමයෙන් සාර්ථකව ප්‍රතිඵල ලබා ගන්න නම් ඇවිදීමට සුදුසු මං තීරුවක් තෝරා ගත යුතුයි. ව්‍යායාම් කිරීමට නම් වඩාත් සුදුසු වන්නේ තණකොළ හෝ වැලි බොරලු සහිත එබෙනසුලු ස්තරයකි. සිමෙන්ති හෝ ගල් යොදා සකස් කරගත් මං තීරුවලින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකියි.
නමුත් තණකොළ, වැලි බොරලු හෝ කොහු සහිත බිමක ඇවිදින ඔබට මෙවැනි වාසි කිහිපයක්ම අත් විඳින්න හැකි වෙයි.
1. ස්නායු පද්ධතියට උත්තේජනයක් ලබා දෙයි විශේෂයෙන්ම ශරීරයේ ස්නායු ආබාධ නිසා ඇඟ පණ නැති වන අයට වැදගත්ය.
2. දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග ඇති අයට යෝග්‍යයි
• වකුගඩු, අක්මාව ආදී ශරීර පද්ධති හා රුධිර ගමනාගමනය කාර්යක්ෂම කිරීමට උපකාරී වෙයි.
• තාර මාර්ගයක හෝ සිමෙන්ති බිමක ඇවිදීමට වඩා එබෙනසුලු තණකොළ වැනි ස්ථරයක් මත ඇවිදීමෙන් දණිස්වලට ඉණට අපහසුතා ඇති නොවෙයි.
• කොන්දේ ඇතිවන ආබාධද අවම කරයි.
• ශරීරය හැඩ කරයි.
• මෙවැනි මං තීරු විටින් විට වෙනස් කරමින් ඇවිදීමත් වැදගත් (කඳු ප්‍රදේශ බොරලු පාරක, මුහුදු තීරයක)
• නිතර ඔළුවේ කැක්කුම් හා සිත් වේදනා ඇති අය විනාඩි 10-15ක් අතර කාලයක් හෝ මෙවැනි එබෙනසුලු තණකොළ ස්තරයක ඇවිදීම වඩාත් යෝග්‍යයි.
• එබෙනසුලු බව නිසා විළුඹේ ඇඟිලි පහම පොළොවට එබී ස්පර්ශ වන නිසා ශරීරයටම උත්තේජනයක් ලැබෙයි.
• තණකොළ බිමකදී නම් ශරීරය අඟලක් පමණ පහළට එබෙන නිසා දණහිස වළලුකර, බෙල්ල හා කොන්ද වැනි ප්‍රදේශවල අස්ථි අතර ඇති ජෙල් වැනි කොටසට අස්ථි සැකසීමට පහසුවකි.
• ක්‍රියාකාරී අස්ථිවලට හා රුධිර ගමනාගමනයට පහසුවක් වන නිසා සංවේදී ස්ථානවලට හොඳින් රුධිරය සැපයෙමින් දෑස් පෙනීමටද හිතකර බලපෑමක් ඇති කරවයි.
• ආර්තවය සම්බන්ධ ගැටලු, වකුගඩු ගර්භාෂ හා හෝමෝන ආශි‍්‍රත රෝග ඇති කාන්තාවන්ට මෙවැනි ස්තරයක ව්‍යායාම කිරීමෙන් වැඩි වාසියක් ගන්න හැකි වෙයි.
ශාලිකා රංගනී සමරදිවාකර
උපදෙස් : එක්සත් රාජධානියේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න
මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....
Subscribe to:
Posts (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...


Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
