Showing posts with label Life. Show all posts

දික්කසාදයකින් ඔබට හිමි - අහිමි දේවල් තීරණය වන්නේ මෙහෙමයි.


කාන්තාවන් සමාජය, සංස්කෘතිය තුළ නොයෙක් භූමිකාවන් නිරූපණය කරන අතර, ඒ තුළ ඇයට පැවරෙන වැඩ ප්‍රමාණයද එකිනෙකට වෙනස් ස්වරූපයක් ගනී. එමෙන්ම ඇය නීතියෙන් වුවද පුරුෂයා හා සමානව සැලකුවද, ඇතැම් සමාජීය, ජීව විද්‍යාත්මක හා ආර්ථික කාරණා මත නීතියෙන් සමාන ආරක්ෂණයක් ලැබුණද ඇතැම් කාරණා සම්බන්ධයෙන් ඇයට අසාධාරණයක් සිදුවේ. ඒ අනුව දික්කසාදය තුළ වුවත් ඇය මුහුණපාන ප්‍රශ්න රාශියකි. පුරුෂයා හා ස්ත්‍රිය දික්කසාදයකදී නීතියෙන් එක හා සමාන ලෙස සලකා නඩුවක් තීන්දු කළද තවත් බොහෝ කාරණා මත ඇය මහත් අසරණබවකට පත්වේ. මේ පිළිබඳ සාකච්ජා කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පුද්ගල හා තුලනාත්මක නීති අංශයේ අංශ ප්‍රධාන ආචාර්ය රෝස් විජේසේකර මහත්මිය  සම්බන්ධ කර ගැනීමට අපි සිතුවෙමු.  

පෙරට වඩා වර්තමානයේ දික්කසාද වන ප්‍රමාණය වැඩියි. දික්කසාදයකට යෑම කියන තැනදී සාමන්‍යයෙන් කාන්තාව පොදු සිංහල සමාජය තුළ නීතිමය අංශයෙන් ඒ තරම් ප්‍රශ්නයකට භාජනය වෙන්නේ නැහැ. නමුත් මුස්ලිම් නීතියේදී එය කාන්තාවන්ට බලපාන්නේ පිරිමි පුද්ගලයෙකු දික්කසාද වීමේදී බලපාන නීති තත්ත්වය අනුව නෙමෙයි. ඒ නිසා ඒ දෙකෙහි ලොකු වෙනසක් අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා ප්‍රවේශයේදී නීතිමය අංශයෙන් සාමාන්‍ය සිංහල හා ද්‍රවිඩ දෙපිරිසටම ගත්විට ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. නමුත් පොදුවේ සිංහල හා ද්‍රවිඩ යන කාන්තාවන් දෙපාර්ශ්වයටම සමාජීය වශයෙන් විශාල ප්‍රශ්න රැසකට මුහුණපාන්නට සිදුවෙනවා. 

සාමාජීය හා ආර්ථික වශයෙන් මුහුණපාන ප්‍රශ්න වැඩියි

සිංහල හා ද්‍රවිඩ කාන්තාවන් දික්කසාද වීමේදී නීතිමය වශයෙන් ඔවුන්ට වෙනස්කමක් කිසිවක් සිදුනොවුණත් සමාජීය හා ආර්ථික වශයෙන් මේ අය මුහුණපාන ප්‍රශ්න විශාලයි. සාමාන්‍යයෙන් රැකියාවල නියුතු වන කාන්තාවන් විවාහ වන අවස්ථාවේදී ඇතැම් විට රැකියාවෙන් ඉවත් වීමට පෙළෙඹෙනවා. එමෙන්ම විවාහය තුළින් ඔවුන්ට දරුවන් සිටින්නට වුණත් පුළුවන්. ඒ නිසා ඇය දික්කසාද වන අවස්ථාවේදී බොහෝ විට ආර්ථිකමය වශයෙන් ස්වාමිපුරුෂයා තරම් ප්‍රබල අවස්ථාවේ ඒ වන විට නැහැ. එසේ වන විට නීතිය සමානව සැලකුවත් සමාජීය වශයෙන් ඇය දෙවැනි තැනක සිටින්නේ. ඇය නීතියට ප්‍රවේශ වීම කියන තැනදී පළමුව ලොකු ප්‍රශ්නයකට මුහුණපානවා.

නීතියේ සහාය ලබාගැනීමේදී මුදල් කියන දෙය ප්‍රබල දෙයක් කියලා අපි දන්නවා. නඩු ගාස්තු, නීතිඥ ගාස්තු වගේ දේවල්වලට ඇයට මුදල් යොදවන්න සිදුවෙනවා. නීතිඥ සහාය ලබාගැනීමේදී පිරිමි පාර්ශ්වයට මෙන් ප්‍රබල තත්ත්වයක් නොමැති නිසා බොහෝ වේලාවට නීතිඥ සේවයේත් ඇයට යම් යම් අඩු පාඩුකම් සිදුවෙන්නට පුළුවන්. 

පිරිමි කෙනෙකුගේ චරිතයක් ඝාතනය කරනවට වඩා වෙනස් ආකාරයටයි කාන්තාවගේ චරිතයක් ඝාතනය වීම උසාවිය තුළ සිදුවන්නේ 

දික්කසාද නඩුවකදී නීතිමය ප්‍රශ්නවලට වඩා සිද්ධිමය ප්‍රශ්න ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් වෛවාහික වරදක් කර තිබෙනවා නම් පමණයි නීතියෙන් දික්කසාදයක් ඉල්ලන්න පුළුවන්. වෛවාහික වරදක් යනුවෙන් අදහස් කරන්නේ එක්කෝ විවාහයෙන් පසුව අනාචාරයේ යෙදී තිබෙන්න ඕන. නැතිනම් කිසිම සාධාරණ හේතුවක් නොමැතිව එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය අතහැර දමා තිබෙන්න ඕන. එසේත් නොමැති අවස්ථාවල එක් පාර්ශ්වයක් ලිංගික බෙලහීනතාවකට පත්වෙලා තිබෙන්න ඕන. මේ කියන කාරණා ත්‍රිත්වය මත පදනම් වෙමින් දික්කසාදයක් ඉල්ලීමේ හැකියාවක් තිබෙනවා. 

එවිට අනෙක් පාර්ශ්වයේ මෙවැනි වැරදි තිබෙන බව කියන කාන්තාව හෝ පුරුෂයා එනම් දික්කසාද නඩුවක් පවරන ඔහු හෝ ඇය ඒ කාරණාව ඔප්පු කර පෙන්වීමට අවශ්‍යයි. එය ඔප්පු කළ යුත්තේ මෙහෙමයි කියා නීතියේ පැහැදිලි කිරීමක් තිබෙනවා. නමුත් මේ යටතේ  හාරලා අවුස්සලා ගන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල්. බොහෝ අවස්ථාවන්වලදී පෞද්ගලික කාරණා හාරලා අවුස්සලා ගන්න ගියහම පිරිමි කෙනෙකුගේ චරිතයක් ඝාතනය කරනවට වඩා වෙනස් ආකාරයටයි කාන්තාවගේ චරිතයක් ඝාතනය වීම උසාවිය තුළ සිදුවන්නේ. 

විවාහය කියන සංස්ථාව තුළ සමාජය කාන්තාවකගෙන් බලාපොරොත්තු වන දේවල් වැඩියි 

ද්වේෂ සහගතව සාධාරණ හේතුවක් නොමැතිව අතහැර දමා යන තත්ත්වයකදී වුණත් සමාජයක් විවාහය තුළ පිරිමින්ගේන් අපේක්ෂා කරන දෙය හා කාන්තාවකගෙන් අපේක්ෂා කරන දෙය වෙනස් නිසා පිරිමි කෙනෙක් අත්හැර දමා ගියවිට සාධාරණ හේතුවක් නොමැතිව එක වෛවාහික වරදක්ය කියලා පෙනෙන දෙයට වඩා කාන්තාවක් අතහැරලා ගිය අවස්ථාවකදී ඒක වෛවාහික වරදක්ය කියා කියන දෙය ඔප්පු කරන්න පහසුයි. මොකද කාන්තාවකගෙන් විවාහය කියන සංස්ථාව තුළ සමාජය බලාපොරොත්තු වන දේවල් පිරිමි කෙනෙක්ගෙන් සමාජය බලාපොරොත්තු වන දේවලට වඩා ගොඩක් වැඩියි. එම නිසා නීතිය එසේ වුවත් සමාජයට  භාවිතයත් සමග එය අදාළ වීමේදී පිරිමි කෙනෙකුට අදාළ වෙන්නේ එක විදිහකට, ගැහැනු කෙනෙකුට අදාළ වෙන්නේ තවත් විදිහකට. 

විවාහයෙන් පසුව අනාචාරයේ යෙදී තිබීම

අපි අනාචාරය කියන දෙය ගත්තත් සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් ගැහැනු කෙනෙක් ඒක්ක රාත්‍රී කාලයේ කුමක් හෝ අවශ්‍යතාවකට ගියවිට තිබෙන වෙනසයි, විවාහක ගැහැනු කෙනෙක් තමන්ගේ ස්වාමිපුරුෂයා නොවන පිරිමි කෙනෙක් සමග රාත්‍රී කාලයේ අවශ්‍යතාවකට ගියවිට බලන ආකාරයයි දෙයාකාර ස්වරූපයක් ගන්නවා. ඇත්තෙන්ම එහිදී වැරැද්දක් යැයි හඳුන්වන දෙයක් නොතිබෙනවා විය හැකියි. විවාහක ගැහැනිය හා විවාහක පුරුෂයා කර තිබෙන්නේ එකම දේ වූ නමුත් මේ දිහා බලන ආකාරය වෙනස්. නීතියේ තිබෙන්නේ එකම කරුණ වුවත්, උසාවියක් තුළ සාක්ෂි විමසන අවස්ථාවේ  විනිශ්චකාරවරයාගේ සිටම නීතිඥවරයා මෙය උලුප්පා දක්වන ආකාරයෙන් කාන්තාව බරපතළ ලෙස වෙනස් තත්ත්වයකටයි මුහුණපාන්නේ. 

ස්වාමිපුරුෂයාට සියලුම ලිංගික අවශ්‍යතාවන් සියලු අවස්ථාවන්හි කොන්දේසි විරහිතව ඉෂ්ට කළ යුතුයි කියා නීතියේ පූර්වේක්ෂණය 

දික්කසාදයක් වීම සඳහා බලපාන තවත් කාරණාවක් ලෙස ලිංගික බෙලහීනතාව හඳුනාගන්න පුළුවන්. අපේ නීතිය තුළින් විවාහයක් ඇතුළත සිදුවන ස්ත්‍රී දූෂණයක් කියා දෙයක් පිළිගන්නේ නැහැ. විවාහ වුණාට පසුව කාන්තාව තමන්ගේ ස්වාමිපුරුෂයාට සියලුම ලිංගික අවශ්‍යතාවන් සියලු අවස්ථාවන්හිදී කොන්දේසි විරහිතව ඉෂ්ට කළ යුතුයි කියා නීතිය පූර්වේක්ෂණය (උපකල්පනයක්) කරනවා. එනිසා තමයි කාන්තාවකගේ අකැමැත්ත මත සිදුවන ලිංගික සංසර්ගය විවාහයක් තුළ සිද්ධ වෙනවිට එය ස්ත්‍රී දූෂණයක් ලෙසින් පිළිගන්නේ නැත්තේ. 

විවාහක කාන්තාවක තමන්ගේ ස්වාමිපුරුෂයා නොවන අයෙකු සමග තමන්ගේ කැමැත්ත නැතිව ලිංගික සංසර්ගයක යෙදුෙණාතින් නීතිය අනුව එය ස්ත්‍රී දූෂණයක් වූවත්, ස්වාමිපුරුෂයා තමන්ගේ භාර්යාවගේ කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණයක් ලෙසින් සලකන්නේ නැහැ. එය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ මැරිටල් රේප් (marital rape) යන නමින්. යුරෝපයේ රටවල්, ආසියාවේ ඇතැම් දියුණු රටවල්, සිංගප්පූරුව වැනි රටවල් මෙම වෛවාහික දූෂණය පිළිගන්නවා. නමුත් ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ රටවල තවමත් ඒ තත්ත්වය පිළිගන්නේ නැහැ. 

ඒ නිසා කොන්දේසි විරහිතව ලිංගික අවශ්‍යතාවන් ඉටුකළ යුතු යැයි පිළිගන්නා තත්ත්වයක් තුළ කාන්තාවගේ යම් යම් ශාරීරික නොහැකියාවන් ලිංගික බෙලහීනතාව කියා අර්ථකථනය කිරීමේ අවදානමක් තිබෙනවා. ඇත්තෙන්ම නීතියේ ලිංගික බෙලහීනතාව කියා පදනමක් කර ගන්නේ වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කළ යුතු තත්ත්වයක්. 

නමුත් ශාරීරික වශයෙන් කාන්තාවන් මුහුණදෙන ලිංගික චර්යා චක්‍රයයි, පිරිමි ලිංගික චක්‍රයයි වෙනස්. කාන්තාවන්ට දරුවන් ලැබෙනවා. ඒ වගේම ඔසප් වීම් සිද්ධ වෙනවා, ආර්ථභාවය සිදුවෙනවා. එවැනි ශාරීරික ක්‍රියාවන් නිසා ලිංගික වශයෙන් යම් යම් නොහැකියාවන්වලට වැඩි වශයෙන් භාජනය වන්නේ කාන්තාව. නමුත් නීතියේ බෙලහීනතාව කියා ලියා තිබෙන්නේ කාන්තාව හා පිරිමියාට එක හා සමානවයි. නමුත් මේ භෞතික කාරණා නිසා මෙය කාන්තාවන්ට වෙනස් ආකාරයකට බලපානවා. උසාවියකදී දික්කසාද නඩු ඔප්පු කිරීමේදී මේ වගේ දේවල් එළියට ගන්නවා. එහිදී සිදුවන්නේ ඇත්තෙන්ම කිළිටි රෙදි ප්‍රසිද්ධියේ සෝදනවා වගේ වැඩක්. 

ඔය කියන කාරණා තුනට හා සම්බන්ධ සිද්ධිමය දේවල් ප්‍රසිද්ධියේ උසාවියේ කියැවෙන අවස්ථාවේදී කාන්තාවක් අසීරුතාවකට පත්වෙන ආකාරයයි, පුරුෂයෙකු පත්වන අසීරුතාවයි අපිට සමාන කරන්න පුළුවන්ද? ඒ නිසා එතැනදීත් කාන්තාව අපහසුතාවට වෙනස්කමකට ලක් වෙනවා. 

පවුල් උපදේශනය තුළ කාන්තාව පත්වන අපහසුතාව
දික්කසාදයක් ගැනීමේදී පළමුවෙන්ම පවුල් උපදේශනය සඳහා යොමු කරනවා. මේ පවුල් උපදේශනයට යොමු කිරීම පිළිබඳවත් නොයෙකුත් ගැටලු මතු වී තිබෙනවා. මෙහිදී පිරිමි අය වැඩි වශයෙන් උපදේශකයන් ලෙස කටයුතු කරනවා. ඒ අය පුහුණු උපදේශකවරු තමයි. නමුත් පවුලේ ප්‍රශ්නයක් නිසා උපදේශනයට ගියාම කන්තාවන්ට බලපෑම් ඇතිවන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 

දික්කසාද වූ කාන්තාවකට සමාජයේ මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න.

තීන්දුව ගත් පසු නැවතත් ඒ කාන්තාව තනි කෙනෙකු බවට පත් වෙනවා. මේ වන විට කාන්තාව හොඳ මූල්‍යමය තත්ත්වයක් දරන කෙනෙකු නම් මූල්‍යමය පැත්තෙන් ඉදිරි කාලය තුළ ජීවිතය ගෙවා දැමීම ඇයට එතරම් අපහසු කටයුත්තක් වෙන්නේ නැහැ. පිරිමි කෙනෙක් රැකියාවක නිරත වීම සුලභ දෙයක්. ඒ නිසා දික්කසාද වූ නිසා පුරුෂයාට එතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දික්කසාද කාන්තාවකට සාමාන්‍යයෙන් අවිවාහක කාන්තාවකට වඩා සමාජයෙන් එන වැඩි ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙන්න සිදුවිය හැකියි. 

නඩත්තු ගෙවීම් පැහැරහරින අවස්ථාවේ මූල්‍යමය අතින් අසරණ වන කාන්තාව

දික්කසාද වන විට දරුවන් සිටියා නම් ඒ දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ ප්‍රශ්නත් මතුවෙනවා. එහිදී භාරකාරත්වය මවට හෝ පියාට නඩු තීන්දුවේදී ලැබෙන්න පුළුවන්. මව දික්කසාදයේදී නිර්දෝෂී පාර්ශ්වය වී ඒ මවට භාරකාරත්වය හිමිවුණෝතින් පියාටද තම දරුවන්ගේ නඩත්තුව ගෙවන වගකීම ගැනීමට සිදුවෙනවා. නමුත් ඇතැම්විට පියා දික්කසාදයෙන් පසු නඩත්තු ගෙවීම් පැහැරහරින අවස්ථා තිබෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඒ කාන්තාවට තමන්ගේ දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් නඩත්තු නඩු දමා උසාවි යන්නට සිදුවෙනවා. එසේ වූ විට ඇයට උසාවියේ නීතිඥ සේවය ලබාගන්න නැවතත් මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඇතැම් විට මාස්පතා උසාවිය ඉදිරියේ පෙනී සිටිමින් නඩත්තුව ඉල්ලා සිටින්නට සිදුවෙනවා. එවැනි තත්ත්වයකදී කාන්තාව අසරණ තත්ත්වයකට පත්වෙනවා. 

දික්කසාදයෙන් පසු දේපොළ හිමිකාරීත්වය

දික්කසාදයට පෙර භාර්යාවගේ නමින් යම් දේපොළක් තිබුණානම් එය අයිති වන්නේ ඇයටයි. නැතහොත් ස්වාමිපුරුෂයාගේ නමින් යම් දේපොළක් තිබුණා නම් එය ස්වාමිපුරුෂයාට අයිති වෙනවා. නමුත් භූමිය භාර්යාවගේ වී සෑදූ නිවසේ වියදම ස්වාමිපුරුෂයා දරා ඇති විටෙක ඔවුන් දික්කසාද වීමේදී ඉඩමේ අයිතියට ප්‍රමුඛතාව ලබාදෙනවා. නමුත් අසාධාරණයක් සිදු නොවන්න හානි පූරණයක් සිදුකොට සිදුවුණ අලාභයට යම්කිසි මුදලක් ගෙවා නිවසේ අයිතියද භාර්යාවට ගැනීමේ හැකියාව තිබෙනවා. 

දික්කසාදයේදී නිර්දෝෂි ඇයට හෝ ඔහුට ඇලිමලි දීමනා (එක්වර ගෙවීම)

ස්වාමිපුරුෂයා හා දික්කසාද වීමේදී ඇය නිර්දෝෂී නම් ස්වාමිපුරුෂයාගේ හැකියාව, ඇයගේ අවශ්‍යතාවය, නැතිවුණ දේවල්, වැරැද්ද යන කරුණු කාරණා පදනම්ව එකවර වන්දි මුදලක් පුරුෂයා විසින් ඇයට ගෙවන ලෙස උසාවිය තීරණය කරන්න පුළුවන්. එමෙන්ම ස්වාමිපුරුෂයා නිර්දෝෂී පාර්ශ්වය නම් ඇයට සිදුවෙනවා යම් කිසි මුදලක් ස්වාමිපුරුෂයාට ගෙවන්නට. එනිසා එතැනදී ලොකු අසාධාරණයක් කාන්තාවකට සිදුවෙන්නේ නැහැ. 
එක් පාර්ශ්වයක කැමැත්තකින් තොරව තම දරුවන් විදෙස් රටවලට ගෙන යා නොහැකියි

දරුවන් වෙනත් රටකට ගෙන යෑමේ අවශ්‍යතාවක් ඇති වූ විට උසාවිය ඉදිරිපත් වී අනෙක් පාර්ශ්වයෙන් අවසර ලබාදෙන බවට ලිඛිතව කැමැත්ත ලබාදෙන්න ඕන.

දික්කසාදයේ අවසන් තීන්දුවට ප්‍රථම තවත් විවාහයක් සිදුකරගත් විට බහු විවාහයකට වරදකරු වේ

දික්කසාද නඩුවකදී තීන්දුව ලබාදෙන්නේ පියවර දෙකකින්. පළමුව ලබාදෙන්නේ 'නෛයිසයි 'නඩු තීන්දුව. එම තීන්දුව ලබාදී අවම වශයෙන් මාස තුනක් පමණ ගිය විටදී අවසාන තීන්දුව ලබාදෙනවා. ඇතැම් අය මේ තත්ත්වය වරදවා වටහා ගනිමින් ඇතැම් විට 'නෛයිසයි' තීන්දුවෙන් පසුව විවාහ වෙනවා. එවැනි විවාහයන් නීත්‍යනුකූල වන්නේ නැහැ. එහිදී බහු විවාහයකට ඔහු හෝ ඇය වරදකරු වෙන්න පුළුවන්. 

ගබ්සාව

අපේ රටේ තවමත් තිබෙන්නේ මවගේ ජීවිතයට හානියක් වන අවස්ථාවකදී හැර ගබ්සාවක් සිදුකිරීම නීතිවිරෝධී ක්‍රියාවක් යනුවෙනුයි. යම්කිසි අවස්ථාවක ස්ත්‍රී දූෂණයකට ලක්වී ගැහැනු දරුවෙකු හෝ කාන්තාවක් ගැබ්ගෙන ඇති අවස්ථාවක සහ ශාරීරිකව හා මානසිකව කලලය මත සිටින දරුවා රෝගී තත්ත්වයකින්  පෙළෙන අවස්ථාවකදී යන සීමා සහිත අවස්ථාවන්වලදී ගබ්සාව සඳහා ඉඩ දෙන ලෙස ඉල්ලා නීති සංශෝධනයන් ඉදිරිපත් වුණා. තවමත් ඒ පිළිබඳ සාකච්ඡා වෙමින් පවතිනවා. 

මුස්ලිම් නොවන වෙනත් අෙයකු සමග සිදුකරන විවාහයන් මුස්ලිම් නීතිය පිළිගන්නේ නැහැ 

සිංහල කෙනෙකු ද්‍රවිඩ කෙනෙකු හා විවාහ වීමේදී එය සිදුකළ යුත්තේ සාමාන්‍ය නීතිය යටතේ. ඒ නිසා එම විවාහය දික්කසාද කළ යුත්තේද සාමාන්‍ය නීතිය යටතේයි. නමුත් මුස්ලිම් අයෙකු සිංහල හෝ ද්‍රවිඩ අයෙකු විවාහ කරගත් විට එවැනි නීතියක් සාමාන්‍ය නීතියක් යටතේ සිදුකරන්න පුළුවන්. නමුත් මුස්ලිම් නොවන වෙනත් අයෙකු සමග සිදුකරන විවාහයන් මුස්ලිම් නීතිය පිළිගන්නේ නැහැ. මුස්ලිම් තරුණියක් එසේ වෙනත් ජාතියක කෙනෙක් සමග සාමාන්‍ය නීතිය යටතේ විවාහ වුවහොත් මුස්ලිම් නීතියෙන් ඇය තවදුරටත් පාලනය නොවේ. 

ප්‍රදේශයක කාතිවරයාට අවුරුදු 12ට අඩු ගැහැනු ළමයෙක් වුණත් වැඩිවියට පැමිණ තිබෙනවා නම් විවාහ කර දීමට අවසර ලබාදීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙය තවමත් නීතියේ තිබෙන තත්ත්වයක්. එය ඇත්තෙන්ම ගැහැනු දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්. මෙය බරපතළ ලෙස නරක ප්‍රතිඵල ඇති කරන තත්ත්වයක්.

මුස්ලිම් කාන්තාවක් හෝ පිරිමියෙකුගේ විවාහය, දික්කසාදය, දරුවන් හදාගැනීම, දරුවන්ගේ භාරකාරත්වය, වගේ දේවල් සියල්ල නිරූපණය වන්නේ ඔවුන්ගේ මුස්ලිම් නීතිය හරහා. ඒ සඳහා සකස් වුණු වෙනම මුස්ලිම් නීති හා එහි තීන්දු ලබාදීම සඳහා කාති උසාවි පිහිටුවලා තිබෙනවා. 

මුස්ලිම් කාන්තාවකට කාති උසාවියක් තුළ සාධාරණයක් වීමේ ඉඩකඩ සීමිතයි

මේ කාති උසාවිවල සිටින කාතිවරුන් සම්පූර්ණයෙන් පිරිමි පුද්ගලයන්. ඒ නිසා මුස්ලිම් කාන්තාවකට කාති උසාවියක් තුළ සාධාරණයක් වීමේ ඉඩකඩ අඩුයි. මුස්ලිම් සමාජය අතිශයින් පුරුෂ මූලික සමාජයක්. ඒ අය ගැහැනු අය දෙස බලන්නේ එක්තරා විදිහකට. මුස්ලිම් නීතියේදී සාක්ෂිකරුවෙකු ලෙසින් මුස්ලිම් පිරිමි කෙනෙක් කියන දෙයක් පිළිගන්නා නමුත් කාන්තාවක් සාක්ෂිකයක් ලබාදුන්විට එය තහවුරු කිරීමට තවත් කාන්තාවක් සාක්ෂි ලබාදිය යුතුයි. එවැනි තත්ත්වයක් යටතේ අපි කොහොමද කාන්තාවන්ට සමානාත්මතාවක් අපේක්ෂා කරන්නේ. 

විදෙස් රටවලදී බලපාන පෞද්ගලික ජාත්‍යන්තර නීතිය
අපේ රටේ අයෙකු වෙන රටකට ගිය පසුව එතැනදී අපේ රටේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතැනදී ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික ජාත්‍යන්තර නීතිය. අපේ රටේ අෙයකු වෙනත් රටක අපරාධයක් කළ විට එහිදී බලපාන්නේ ඒ අදාළ රටේ අපරාධ නීතිය. ලංකාවේ කාන්තාවක් ජපානයේ පුරුෂයෙකු විවාහ කරගත් විට කුමන රටක නීතියක් අනුවද විවාහ විය යුත්තේ කියා ප්‍රශ්නයක් මතුවෙනවා. ජපන් නීතිය යටතේ විවාහවී ශ්‍රී ලංකාවේද ලියාපදිංචි වුවහොත් එම විවාහය රටවල් දෙකම පිළිගත් විවාහයක් වෙනවා. නමුත් මේ දෙපළටම දරුවෙක් සිටින අවස්ථාවක වෙන් වී මව තම දරුවා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියහොත් ජපානයේ සිටින ස්වාමිපුරුෂයා කුමක්ද කළ යුත්තේ. එහිදී බලපාන්නේ පෞද්ගලික ජාත්‍යන්තර නීතියයි. 

පුරුෂයාගේ අවසරය නොමැතිව එසේ ලංකාවට දරුවා ගෙන ඒමේදී ලංකාවේ මහාධිකරණයේ මේ සම්බන්ධ විශේෂ නීතියක් තිබෙනවා. මහාධිකරණය, විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වෙලා ඒ දරුවගේ ප්‍රශ්නේ ඒ අධිකරණයේ විභාග කරන්නේ ලංකාවේ නීතියට අනුව නොව ඒ තිබෙන විශේෂ නීතියට අනුවයි. මෙවැනි ගැටලු ඇතිවන නිසා හැම රටකටම පොදු යම්කිසි නීතියක් තිබෙන්න ඕන. ඒ නිසයි එවැනි අවස්ථාවල පෞද්ගලික ජාත්‍යන්තර නීතිය වැදගත් වෙන්නේ. 

 ( ෂෙහානි දිල්රුක්ෂිකා )

රාගමින් දුම්රියට නඟින දූ‍වරුනි පරිස්සම් වන්න!


ඒ පසුගිය අනෝරා වැසි වැටුණු දිනයකි. කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ගසක් කඩා වැටීම හේතුවෙන් කඳාන දුම්රිය ස්ථානයෙන් කොටුව බලා යන දුම්රිය ධාවනය ප්‍රමාද වීය. චමරී මෙනිසා සුපුරුදු ලෙසින් දුම්රියට ගොඩ වීමට කඳාන දුම්රිය ස්ථානයට නොපැමිණ රාගමට ගියාය. ඇය රාගම දුම්රිය ස්ථානයට පැමිණෙද්දී වෙලාව පෙරවරු 6.30ට පමණය. රාගම දුම්රිය ස්ථානයට ඒ මොහොතේ ළඟාවීමට නියමිත වූ දුම්රිය ඒ වෙද්දී ද ළඟා වී නොතිබිණි. දුම්රිය බලාපොරොත්තුවෙන් පන්සීයකට අධික මගී පිරිසක් එහි රැඳී සිටියහ. ඒ මැද්දේ චමරි ද සිට ගත්තේ කෙසේ හෝ දුම්රියට ගොඩ වැදීමේ අපේක්ෂාවෙනි.

පාණදුර බලා දිවෙන මන්දගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයට ළඟා වෙද්දී පෙරවරු 6.45 ද පසුවී තිබිණ. චමරී ද දුම්රියට පොරකන සෙනඟ අතරට මැදි වූවාය. එතැන වූයේ එකම තදබදයකි. කාගේත් අපේක්ෂාව කෙසේ හෝ දුම්රියට ගොඩවීමය. සෙනඟ අතරේ පොරකන අතරේ චමරිට දැනුණේ පසුපසින් ඇගේ සිරුරට කෙනකු තෙරපෙන බවකි. මගී තෙරපුම අතරේ එය නොතකා හැරීමට උත්සාහ ගත්ත ද මේ පුද්ගලයාගේ තෙරපුම අසාමාන්‍ය බවක් දැනුණෙන් චමරී ඔහු තල්ලු කරමින් ඔහුගෙන් ඉවත්ව වෙනත් පැත්තකින් දුම්රියේ පාපුවරුවට යන්තමින් පයක් තබා ගත්තාය. එහෙත් ඇය ගොඩ වීමට පෙර දුම්රිය පිටත් වීමට ආසන්න බව අඟවමින් නළාව නාද විය.

“කන්තෝරු යන්න පරක්කු වුණාට කමක් නෑ. අද්දන කෝච්චියට එහෙම නගින්න එපා ” මව හැමදාම පවසන වදන් චමරිගේ දෙසවන යළි ඇසෙන්නට විය.

‍‍තෙරපෙන සෙනඟ තමාත් ඇදගෙනම දුම්රියට නැගීමට පෙර ඇය දුම්රියට නැගීමේ සටනින් පරාජය බාරගෙන ‍පසෙකට වූවාය. ‍ඒ සමගම ඇයට දැනුණේ ඇගේ නිතඹ ප්‍රදේශයේ දැවිලලක් මුසු වේදනාවකි. චමරි ඇඳ සිටි බ්ලවුසයට යටින් නිතඹට අත තබා බැලුවාය. අතට දැනුණේ ඇලෙන සුලු බවකි. වේදනාව දරුණු වෙද්දී ඇය තමාගේ අත ඇලෙන්නේ මන්දැයි බැලුවාය.

“දෙවියනේ, ලේ ... ලේ කොහෙන්ද?”

ඇඳ සිටි කලිසමද ‍තෙමා ගෙන රුධිරය ගලා යද්දී චමරී බියෙන් මුසපත් වී පියාට දුරකථන ඇමතුමක් දුන්නාය.

“ තාත්තේ, මගේ කකුල සීරිලා ද කොහෙද ලේ එනවා. මෙහෙම කන්තෝරු යන්න බැහැ. මාව එක්ක යන්න එන්න”

සිදුව ඇත්තේ කුමක් දැයි කාටත් වැටහුණේ ඇය නිවෙසට විත් ඇඳුම් ගලවා බලද්දීය. ඇගේ කකුලේ නිතඹ ප්‍රදේශය හරහා කැපුම් තුවාලයකි. ඉන් වැගිරෙන ලෙයින් ගෙබිම තෙමී යයි. ලේ දැක චමරිත් ඇගේ මවත් විලාප නගද්දී පියා‍ වහාම නිවෙස අසල විසූ පෞද්ගලික වෛද්‍යවරයකු කරා දියණිය කැටුව ගියේ තුවාලයට බෙහෙත් දැමීමටය.

“මේක කැපුම් තුවාලයක් මට බෙහෙත් දාන්න බැහැ. ඉක්මනටම රෝහලකට අරන් යන්න”

එතැනින් ඔවුහූ වහාම රාගම ලීසන්ස් රෝහල කරා ගියහ. එහිදී තුවාලයට මැහුම් දොළහක් යෙදිණි.

“ මේක දැළි පිහි පහරක්. කපනකොට දැනුණේ නැත්තේ ඒකයි” නොයෙක් දෙනා නොයෙක් දේ කීහ.

අපේ රටේ සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා ආරක්ෂිතය යන්න කාගේත් පොදු මතයයි. චමරි නව යොවුන් දැරියකි. ඇයට මේ දැළි පිහි පහරට ලක් වන්නට වූයේ ඇය කුමක් කළාටද?

පාපතර නරුමයකුගේ විකෘති ආශාවකට අවනත නොවූ ඇයට වන්දි ගෙවීමට සිදු වූයේ දැළි පිහි පහරකිනි. දැන් ඇය නිවෙසට වී වේදනාවෙන් කල් ගත කරන්නීය. ගතේ වේදනාවටත් වඩා ඇගේ සිතේ වේදනාව බලවත්ය. දුම්රියේ යෑමට දැන් ඇගේ සිතේ ඇත්තේ බලවත් බියකි.

අද අපේ රටේ කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී විශේෂයෙන්ම දුම්රියේදී ඇතැම් පිරිමින්ගෙන් විඳින්නට සිදුවන අකටයුතුකම් ‍බො‍හෝය.

තවත් පිරිමි ගැහැනියක එවන් අතවරයකට ලක්ව ඊට විරුද්ධ වෙද්දී නෑසූ කන්ව සිටිති. අවාසනාවක මහත‍. පිරිමිකමට නිගා දෙන මෙවන්

සිද්ධි දැක දැක නිහඬවීමද නිවටකමකි.

චමරිට වූ මේ අවාසනාවන්ත සිදුවීම හැරුණු කොට තවත් මෙවැන්නක් අපට අසන්නට ලැබිණ. ඒ ද රාගම දුම්රිය ස්ථානයේදීය. රාගමින් දුම්රියට ගොඩවූ තරුණියක සිය ඩෙනිම් කලිසමේ නිතඹ ප්‍රදේශය කැපී තිබෙනු දුටුවේ දුම්රියෙන් බැස යද්දීය. වාසනාවකට ඇගේ සිරුර තුවාලවී නොතිබිණ. මින් අපට හැඟී යන්නේ දැළි පිහියක් ගත් නරුමයකු රාගම දුම්රිය ස්ථානය අවට ගැවසෙන බවය. විශේෂයෙන්ම මගී තදබදය ඇති වෙලාවලය.

වැඩිහිටියන් මේ පිළිබඳව රාගම දුම්රිය ස්ථානාධිපතිවරයා හෝ පොලිසිය දැනුම්වත් කිරීමට සැරසුණද චමරි ලජ්ජාව නිසා එයට විරුද්ධ වූවාය.

මවුවරුනි, වැඩිහිටියනි, මේ සටහන තැබෙන්නේ ඔබ වෙනුවෙනි. මෙවන් නරුම පුරුෂයන් අප අතර සිටින බවට ඔබේ දියණියන් ද දැනුම්වත් කරන්න. හැකිතාක් දුරට අවධානයෙන් සිටින ලෙසට අවවාද කරන්න. පොදු ප්‍රවාහන සේවාවල යන එන ඔබ සැම මෙවන් සිද්ධි ගැන දැනුම්වත් වීම අගනේය. එසේම එවන් සිද්ධි ඇස ගැසුණහොත් එයට විරුද්ධව නොබියව හඬ නගන්න.

- සේමාලි

හණමිටියක් උඩ තැබූ ගබ්සාව.


ගබ්සාව, මේ දිනවල සමාජයේ වැඩිම කතාබහකට ලක්වූ මාතෘකාවකි. එය ලොව සෑම රටකම පාහේ පවතින සමාජ ගැටලුවක් ලෙස පෙන්වාදීමෙහි වරදක් නැත. මන්ද ගබ්සාව නීතිගත වුවත් නැතත් එය ලොව පුරා පුළුල් වශයෙන් දැකිය හැකි තත්ත්වයක් වන හෙයිනි. 

ගබ්සාව පිළිබඳ මෙරට කතාබහ අලුත් වූයේ ගබ්සා නීතිය ලිහිල් කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවීමත් සමඟ ය. එනම් ලිංගික අතවරයක් නිසා සිදුවන ගැබ් ගැනීමකදී හෝ උපදින්නට සිටින දරුවා බරපතළ ආබාධ තත්ත්වයක් ඇතුව උපදින බව තහවුරු වීමකදී ගබ්සා කිරීමට නීතිමය ඉඩහසර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පිළිගත් වෛද්‍යරු දෙදෙනකුගේ නිර්දේශය යටතේ රජයේ රෝහලකදී පමණක් යනුවෙන් යැයි යම් සංවරණ තත්ත්වයක් ද සමඟිනි. එහෙත් එම තීරණය හමුවේ මේ වනවිට ශ්‍රී ලාංකික සමාජය තුළ සැලකිය යුතු ආන්දෝලනයක් හටගෙන ඇත.  

ශ්‍රී ලංකාව තුළ ගබ්සාව යනු නීති විරෝධී ක්‍රියාවකි. යම් හෙයකින් දරු උපතක් අතරතුර දරු ගැබ නිසා මවගේ ජීවිතය අනතුරට ලක්වන්නේ නම් පමණක් ගබ්සාවට අවසර දී තිබුණද ප්‍රතිපත්තියක් ලෙස ගබ්සාවට මෙරට නීතියෙන් අවසරයක් නැත. එවන් පසුබිමක වුව ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව ගබ්සා කිරීම් හයසියයකට වැඩි ප්‍රමාණයක් සිදුවන බව පර් යේෂණවලදී තහවුරු වී තිබේ.

මේ අතර දැඩි සාම්ප්‍රදායික සමාජ පරිසරයක් පවතින අසල්වැසි ඉන්දියාවේ පවා ගබ්සා නීතිය ඇත්තේ අපට වඩා ලිහිල් තැනක ය. එනම් දරු ගැබට සති 20ක් ඉකුත් වීමට පෙර එරටදී ගබ්සාවක් සිදුකළ හැක. බංග්ලාදේශයේ දරු ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර ගබ්සාවක් සිදුකරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත. නමුත් අපේ රට තුළ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක්වේ නම් පමණි. මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ එසේ කියවෙන්නේ වසර  එකසිය තිස් හතරක් පැරැණි නීතියක් වන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ වීමය. 

ගබ්සා නීතිය ලිහිල් කිරීම ගැන නිර්දය විවේචනයක් එල්ල වන්නේ අගරදගුරුහිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාවෙනි. කැබිනට් තීරණය පිළිබඳ සිය අප්‍රසාදය පළකරමින් ශ්‍රී ලංකා කතෝලික සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙයි. 

කතෝලික සභාව විශ්වාස කරන්නේ, කළලය පිළිසිඳගත් මොහොතේදීම මිනිස් ජීවිතය ඇරඹෙන බවත්, එය ශුද්ධවත් වන අතර කිසිවකුට ජීවිතය කෙලසීමට පිළිසිඳගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බවත් ය. 

මේ අතර පසුගියදා තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අතරතුරදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කර සිටියේ සෑම මිනිස් ජීවිතයක්ම දේව කැමැත්ත අනුව සිදුවන්නක් වන බවත් දෙවියන් වහන්සේගේ ඇතැම් සැලසුම් මිනිස් අපට තේරුම් ගැනීමට අපහසු වන බවත් ය. උන්වහන්සේ එහිදී මෙසේ පවසා සිටියහ. 

ගබ්සා නීතිය ලිහිල් කරන්න, ඉස්සෙල්ලා හිටපු රජයත් උත්සාහ කෙරැවා. මේ ළඟදි ඉඳලා ඇහෙනවා මේ දැන් ඉන්න රජයත් ගබ්සා නීතිය ලිහිල් කරන්න හදනවා කියලා. ඊයෙ පෙරේදාත් පුවත්පත්වල තිබුණා ඒක. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයට විරුද්ධව ප්‍රකාශ පවා ඉදිරිපත් වෙනවා. කතෝලික අපිට ජීවිතය වැදගත්. ජීවිතය උතුම්. ඒ නිසා දරුවෙක් අංග විකලව ඉපදුණා කියලා, බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා දරුවො ලැබුණා කියලා ඒ දරුවා නැති කරදැමීම වරදක්!

කතෝලික සභාව එවැනි මතයක් ප්‍රකාශ කරන්නේ බයිබලයේ දස පනත අනුව යමිනි. එනම් දරු ගැබක් වුවද මිනිස් ජීවිතයක් ලෙස සැලකිය හැකි නිසා ගබ්සාව යනු මිනිස් ජීවිතයක් උදුරා ගැනීම බව කතෝලික සභාවේ ස්ථාවරය වී තිබේ. එම අර්ථයෙන් ගත් කළ කතෝලික සභාවේ අදහසෙහි කිසිදු වැරුද්දක් නැත. 

නමුත් කතෝලික පල්ලියේ ප්‍රධානියා වන ශුද්ධෝත්තම පාප් වහන්සේ ඉකුත් වසරේදී වතිකානුව තුළ ගබ්සාව සම්බන්ධයෙන් යම් ලිහිල් ප්‍රතිපත්තියකට ගමන්කොට තිබීම ද අමතක කළ නොහැක. එනම් ගබ්සා සිදුකළ කාන්තාවන්ට සමාව ලබාදෙන ලෙස සියලු කතෝලික පූජකයන්ගෙන් උන්වහන්සේ ඉල්ලීමක් කර සිටියහ. 

ගබ්සාව දෙයාකාරය. එනම් ස්වභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙන් කොටස් දෙකකි. මින් ස්වභාවික ගබ්සාව ලෙස හැඳින්වෙන්නේ දරු ගැබ නිසා මවගේ ජීවිතයට යම් හානියක් සිදුවේය යන පදනමින් නිත්‍යනුකූල වෛද්‍යවරු විසින් සිදුකරන ගබ්සාවකි. එමෙන්ම එහි තවත් පැත්තක් තිබේ. මවගේ ශරීරය තුළ හටගන්නා යම් රෝගී තත්ත්වයක් නිසා හෝ දරු ගැබේ ශක්තිමත් භාවය නොමැතිවීම ආදී ස්වභාවික හේතුවක් මත දරු ගැබක් කුස තුළදී ඉබේටම විනාශ වී යාම ද ස්වභාවික ගබ්සා තත්ත්වයක් ලෙස හඳුනා ගැනේ. 

සාපරාධී ගබ්සාව ලෙස සලකනු ලබන්නේ හිතාමතාම දරු ගැබ විනාශ කිරීමේ පරමාර්ථයෙන්ම සිදුකරන ගබ්සාවකි. එය සාපරාධී ලෙස හඳුන්වන්නේ ද එනිසා ම ය. නීති විරෝධී ගබ්සා කිරීම් ලෙස හඳුන්වන්නේත් එම තත්ත්වය ය. 

එහෙත් වර්තමාන සමාජ වටපිටාව විසින් නීතිවිරෝධී ගබ්සාවන්ට යොමුවීම සඳහා කාන්තාවන්ට බල කෙරෙමින් තිබේ. ස්ත්‍රී දූෂණ හේතුවෙන් සිදුවන ගැබ්ගැනීම් සඳහා පිළියමක් ලෙස ගබ්සාව ජනප්‍රිය වී තිබෙන්නේ සෑහෙන කලක පටන් ය. ලිංගිකත්වය යන විෂයේදී කාන්තාව බොහෝවිට තැලෙන පොඩිවන මෙරට සමාජ පරිසරයේදී නීති විරෝධී ගබ්සාව දිනෙන් දින වර්ධනය වන්නේ එනිසා ය. ගබ්සාව නීතිගත කළ යුතු නැතැයි පුරුෂ පක්ෂයේ ඇතැමුන් පවසන්නේ එවැනි අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීමක් වුවහොත් එම බර දැනෙන්නේ ස්ත්‍රියට පමණක් නිසා විය හැක. ස්ත්‍රිය පමණක් බඩදරු වීම නිසා මේ ඊනියා සුචරිතවාදීහු ගබ්සාවට විරෝධය පළකරති. 

නමුත් මේ කාරණය අප සැලකිය යුත්තේ වඩා විවෘත සංවේදී මනසකිනි. ස්ත්‍රී දූෂණයකට බඳුන් වූ කාන්තාවකට අපේ සමාජය තුළ උරුම වන්නේ යුක්තිය නොව සමාජ හුදෙකලාකරණය බව කීමට පැකිළිය යුතු නැත. අධිකරණය ඉදිරියේ පිරිමියා වරදකරු වුවද සමාජ අධිකරණය හමුවේ දඬුවමට බඳුන් වන්නේ පීඩාවට පත් කාන්තාවම ය. අවසානයේ දරු ගැබක් නිසා එකී පීඩාව තම ජීවිත කාලය පුරාවම ලැබුණු දඬුවමක් සේ සලකා ජීවත් වීමට ඇයට සිදුවීම ඇගේ අවාසනාවක් සේ සලකා ඉවත බැලීමට නොහැකිය. මන්ද ඈට එසේ සිදුවන්නේ අප ජීවත්වන අපුල සහගත සමාජ වටපිටාව නිසාවෙන් වීමය. 

මෙනිසා ගබ්සා නීතිය ගැන ඝෝෂා කිරීමට පෙර කාන්තාවන්ට අදාළව ගබ්සා නීතියේ ඇති සංවේදී පැතිකඩ විවර කරගත යුතුය. ගබ්සාව නීතිගත කළ යුතුද යන්න ගැන සමාජයේ විසංවාද පවතින විට ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ යුතුය. නමුත් අපේ රටේ විවෘත හා සාධාරණ ප්‍රවේශයක් තුළ නොකෙරෙන්නේත් ඒ සංවාදයමය. අපේ සමහරුන්ට අනුව ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකිරීම පවා සදාචාරයට පටහැනි ය.

එහෙත් අද තරුණ පරම්පරාව ලාංකික සමාජය ඒ විවෘත භාවය දෙසට කැඳවාගෙන යමින් තිබේ. මෙහිදී තරුණ පරම්පරාව ලෙස හඳුන්වන්නේ වයස අවුරුදු විස්සේ තිහේ පසුවන සියලුදෙනා නොව නූතන ලෝකය හා බද්ධ වෙමින් අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරා සිදුවන දෑ පිළිබඳ විමසිලිමත් පරම්පරාවයි. ඔවුන් ගබ්සාව ගැන කතාකරන්නේ තම ආගමික වාර්ගික විශ්වාසයන් පසෙක ලා විවෘත මනසකිනි. එය සුභවාදී ලක්ෂණයක් බව නොකියා බැරිය. 

කෙසේ වෙතත් ගබ්සාව නීතිගත කිරීමට පෙර හෝ අඩුම තරමේ එවැන්නකට සමගාමීව කළ යුතු කාර්යයන් රැසක් තිබේ. ගබ්සාවක් කිරීමට කාන්තාවන් යොමුවන සමාජ හේතු සාධක අවම කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.  ස්ත්‍රී දූෂණ අවම කිරීම සඳහා අපේ රට තුළ ලිංගික නිදහස මීට වඩා පුළුල් කළ යුතුව ඇතැයි යන්න එක් අදහසකි. ඉන් අදහස් කරන්නේ, මහපාරේ එකිනෙකා සිප වැළඳ ගැනීම නොවුණත් නිදන කාමරයේ අඩ අඳුරට පමණක් අපේ රටේ ලිංගිකත්වය සීමා කළ යුතු නැති බවය. ලිංගිකත්වය හා බැඳුණු කාරණා තවදුරටත් ගූඪ ධර්මතා ලෙස දොර මුල්ලේ නොතියා විවෘතව ඒ ගැන කතාබහ කළ යුතුය. 

එමෙන්ම උපත් පාලන ක්‍රමවේද සහ පවුල් සැලසුම් ක්‍රමවේද පිළිබඳ නිසි දැනුමක් ජනතාවට ලබාදීම තවත් පියවරකි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල තවමත් පවුල් සැලසුම් ක්‍රමවේද ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන්නේ නැති බව තමන්ගේ පවුල් ආර්ථිකයට දැරිය නොහැකි තරමින් දරුවන් හදනා ගැමි පවුල් දෙස බැලූ විට පෙනී යයි. ග්‍රාමීය ආර්ථිකයේ දුබලතාවට ද එය එක් හේතුවකි. 

අනෙක් අතට නීති විරෝධී ගබ්සාව නිසා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන සෞඛ්‍ය ගැටලු ද සලකා බැලීම වටී. නීතිවිරෝධී ගබ්සා කිරීම් වෙනුවෙන් බොහෝවිට පෙනී සිටින්නේ හොර වෙද්දු ය. කම්බි කූරු ගර්භාෂයට රිංගවීම වැනි අතිශය අනතුරුදායක හා ප්‍රතික්ෂේපිත ක්‍රමවේද භාවිතාව හේතුවෙන් අදාළ කාන්තාවට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැක. විශේෂයෙන්ම ගර්භාෂයේ තුවාල, ප්‍රජනන පද්ධතියට සිදුවන හානි මෙන්ම නීතිවිරෝධී ගබ්සාව නිසා ඇතිවන මානසික පීඩාව ආදිය එම කාන්තාවන්ගේ අනාගතයට ඍජුව බලපෑම් එල්ල කරන බව තහවුරු වී තිබේ. 

එනිසා අප කළ යුත්තේ සමාජ සංවේදී බව මත පිහිටා ගබ්සාවට යම් ලිහිල් බවක් ලබාදෙන අතරේදීම ගබ්සාවට තුඩු දෙන සමාජ හේතු එකිනෙක සමාජයෙන් පලවා හැරීම ය. එවන් දියුණු සමාජයක් තුළදී ගබ්සාව තවදුරටත් සමාජ මාතෘකාවක් ද නොවනු ඇත. 

 රජිත ජාගොඩ ආරච්චි

Stress අඩු කරන්න ලේසි ක්‍රම.


මානසික ආතතිය අද සමාජයේ බහුලම දෙයකි. ආතතියට හේතුවන සිද්ධියකට මුහුණ දීමෙන් පසු මිනිස් මොළය වසර හතරකින් වයසට යන බව දැන් සොයාගන තිබේ. ආතතිය පසුකාලීන අමතක වීමේ රෝග හෙවත් ඩිමෙන්ෂියාවන්ටද හේතුවකි. ඒ නිසා ආතතිය දුරලන පහසු ක්‍රම කිහිපයක් ගැන කියවමු.

01. ඔබේ දෑත් තදින් මිට මොළවාගෙන ඉන්පසු අත්ල තුළට මිට මෙළවූ දෑත් තෙරපවා පසුව අත හරින්න. ආතති බලය ඉවත් වී අතේ මස්පිඬු ලිහිල්වන ආකාරය ඔබටම දැනේවි.

02. නළල රුළිගන්වාගෙන මුහුණ හැකිතරම් හකුළුවා ගන්න. ඔබට තවදුරටත් එසේ සිටිය නොහැකි බව දැනෙන තෙක්ම එම ඉරියව්වේ හිඳ, ඉන්පසු එක්වරම මුහුණේ මස්පිඬු ලිහිල් කරන්න.

03. ලොකු ආ අකුරක් සෑදෙන පරිදි මුව හැකිතරම් විවර කරන්න. ඉන්පසු මුව වසාගන්න. මුහුණේ මාංශ පේශීන් රිලැක්ස් වන ආකාරය හෙවත් ලිහිල්වන ආකාරය අත්විඳින්න.

04. බිත්තියක් මත ඔබේ අත්ල තබන්න. ඉන්පසු අත්ලෙන් බිත්තිය තල්ලු කරන්න. කළ නොහැකි මේ දෙය තේරුමක් නැති දෙයක් මෙන් පෙනුණත්. දෑත් වේදනා දෙන විට තමන් රිලැක්ස් වී තිබෙන බව ඔබටම දැනේවි.

05. බිම වැතිරී දෙපා ඉහළට ඔසවා, හිසට ලැබෙන ලේ සැපයුම ක්‍රමයෙන් වැඩිවන අයුරු දැනෙනවාදැයි බලන්න.

06. බිම හොඳින් වැතිරී ශරීරයේ හැම කොටසක්ම සිතා මතාම ලිහිල් කරගන්න. ඔබේ ශරීරයේ මස්පිඬු කෙතරම් ආතතියකින් යුක්තද යන්නත්, ඒවා ලිහිල් කර ගැනීමෙන් කොතරම් සුවයක් ලැබේද යන්නත් ඔබට අත්දැකීමට හැකිවනු ඇත.

07. පෙර පරිදිම බිම වැතිරී සෙමෙන් සහ ගැඹුරැ ලෙස නාස් පුඩුවලින් හොඳින් හුස්ම ඉහළට ගන්න. උදරය බැලුමක් මෙන් එයට අනුගාමී ලෙස රිද්මයානුකූලව පිම්බෙන ආකාරයත් දැනෙන්නට හරින්න. ඉන්පසු ඉහළට ගත් හුස්ම මුවෙන් පිට කරන්න. ඒ සමඟම බැලුනයකින් වාතය හිස්වන්නාක් මෙන් උදරය පැතලි වන ආකාරයක් දැනෙන්නට හරින්න. නැවුම් ජීවයෙන් පිරි ශක්තියක් ඔබේ ශරීරය තුළට ඇතුළුවන බව හුස්ම ඉහළට ගන්නා විට සිතන්න.

08. බිම වැතිර සිටින අතරතුර, ජීවිතයේ ඔබ දකින්නට වඩාත්ම කැමති ධනාත්මක සිහිනයක් සිතෙන් මවාගන්න. ඔබ සමගම සතුටෙන් සිනාසෙන්න.

09. ඔබේ දෑත් මුලින් තිරස් ලෙසත්, ඉන්පසුව සිරස් ලෙසත් දිග හරින්න. මේ සෑම අවස්ථාවකදීම හැකිතරම් වේලා එසේ දිග හැරෙගෙන සිටීමෙන් පසු, දෑත් පහළට දමා ශරීරයට දැනෙන සැහැල්ලුව මෙනෙහි කරන්න.

දෙදරු මවක් වූ සොනාලි ලෝකය දිනපු හැටි [Photos]


මේ ඉන්නේ ඉන්දියාවේ සොනාලි ස්වාමි.

ඇය 42 හැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනකුගේ මවක්.

සෙනාලි මෙවර WBPF තරගාවලියේ Best physique model ඇතුලුව පසුගිය වසර කිහිපයේම විවිධ තරග ජයග්‍රහනය කල ක්‍රීඩිකාවක්.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්…









ලංකාවේ වෘත්තිමය වශයෙන් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙච්ච එකම කෙල්ල රෝඇනාගේ කතාව.


දැන්කාලේ ගොඩක් ජනප්‍රිය විලාසිතාවක්නේ ටැටූ එකක් කියන්නේ.

ගොඩක් අය මේ විලාසිතාව කරන්න කැමතියි.

ඒත් කෙල්ලෙක් තමන්ගේ ඇගේ කොහේ හරි ටැටූ එකක් කරනවා කිව්වත් ටැටූ ආර්ටිස් කෙනෙක් වෙනවා කිව්වත් මිනිස්සු දකින්නේ මහා අමුතු විදියට. ඒ මේ සමාජය හැදිලා තියෙන හැටි.

ඒ සමාජයට බයේ තමන්ගේ හිත් වල හැංගිච්ච ආසාවල් එහෙම්ම තියාගෙන ඉන්න කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා. ටැටූ හීනෙත් ඒ වගේ.

ඒත් මේ හීනේ හැබෑ කරගත්තු කෙනෙක් තමයි රොඇනා කියන්නේ. ඩිමු ෆ්‍රනෑන්ඩුගේ ටැටූ ආර්ට් ස්ටුඩියෝ එකේ තමයි මෙයා ඉන්නේ. කොටින්ම කිව්වොත් ටැටූ ආර්ටිස්ට් කෙල්ලෙක්.

රෝඇනා ලංකාවේ වෘත්තිමය වශයෙන් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙච්ච එකම කෙල්ල. එතැනයි විශේෂත්වය. මේ ඇය සමග කළ කතාබහක්.

අවුරුදු 7 දී ඇමරිකාවට යන රෝඇනා ආයේ ලංකාවට එන්නේ අවුරුදු 18. ඉතින් ඇයට ඩිමුව හමුවෙනවා. ඇයගේ ජීවිතය වෙනස් වෙන්නේ එතැනින්. අවුරුදු 18 දී ඩිමුගේ පලවෙනි ටැටූ එක කරන රෝඇනා ඊට පස්සේ ටැටූ ගැන ඉගෙන ගන්න පටන් ගන්නවා. ඇයගේම වචන වලින් ඇය ඒක කියන්නේ මෙහෙම.

ඩිමුයි මායි හොද යාළුවො. ඩිමු තමයි මට මේක ඉගෙන ගන්න ට්‍රයි කරන්න කිව්වේ. ඩිමු විතරක් නෙවෙයි. තවත් ගොඩක් මගේ යාළුවො මට කිව්වා ඔයා මේ ටැටූ ගැන ඉගෙන ගන්න ඔයාගේ ඇගේ එකට තියෙන ආසාව හැකියාව තියෙනවා කියලා. ඉතින් ටික කාලයක් ටැටූ ගැන ඉගෙන ගෙන මන් ආයේ ඇමරිකාවට ගියා අවුරුදු 19දී එහෙ ගිහින් මන් ආයේ ටැටූ ගැන ඉගෙන ගත්තා. Touch of Ink කියලා ටැටූ ෂොප් එකක අවුරුදු දෙකක් විතර වැඩ කරා. ඊට තමයි ලංකාවට ආවේ. මට මේ රට දාලා දැන් නම් කොහෙවත් යන්න ඕනි නැහැ. පුංචි කාලේ ඉදන් මට ඕනි උනේ ලංකාවේ ඉන්න. ඇමරිකාවේ ඉද්දිත් මන් මගේ අම්මලට කියනවා මාව ලංකාව ට යවන්න යවන්න කියලා. මොකද මන් මේ රටට ගොඩක් ආදරෙයි. හැබැයි මේ ලංකාවේ කෙල්ලෙක් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙනවා කියන එක හරි අමුතු දෙයක්. හැමෝම බලන්නේ හරි වෙනස් විදියට. සමහරු මාව දැක්ක පාරේදී වුනත් මග හරිනවා. මගේ ගෙදරින් වුනත් මුලදී කැමති උනේ නැහැ. එයාල කිව්වේ කෙල්ලෙක්ට ඒක ලස්සන නැහැ. කවුරුත් ඔයාව කසාද බදින එකක් නැහැ මේ විදියට ඇග පුරාම ටැටූ තිබුනොත් වගේ දේවල්. මන් වුනත් කවදාවත් හිතුවේ නැහැ මන් මේ වගේ වෙයි මේ තරම් දුරක් එයි කියලා. නමුත් මන් අද ගොඩක් සතුටු වෙනවා මන් ඉන්න තැන ගැන. ඉස්සර ඉදන් මන් චිත්‍ර වගේ දේවල් අදින්න ආස කරා. හැබැයි මන් ඉගෙන ගත්තේ පයිලට් කෙනෙක් වෙන්න. අවුරුදු දෙකක් විතර ඉගෙන ගද්දි මට තේරුනා. මගේ ජිවිතේ සතුට තියෙන්නේ මෙතැන නෙවෙයි මට මේක රස්සාවක් විදියට කරන්න ඕනි නැහැ කියලා. මගේ ආත්මයේ සතුට තිබුනේ ටැටූ වල. මට අවශ්‍ය වුන මානසික භෞතික සහ මුල්‍යම හැම සතුටක් ම මට ලැබුනා මේ ක්ෂේත්‍රය හරහා.

ගොඩක් මිනිස්සු හිතන්නේ මේක පිරිමින්ගේ රස්සාවක් පිරිමින්ගේ වැඩක් කියලා. ඒත් ගෑනුන්ටත් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඇයි ගෑනුන්ට ටැටූ කරන්නවත් බැහැ කියන්නේ. මගේ ඇගේ වුනත් මේ වෙද්දී ටැටූ 50 කට වැඩිය තියෙනවා. මිනිස්සු හිතන්නේ ටැටූ ආර්ටිස්ට් කෙනෙක් කිව්වම ඩ්‍රග්ස් ගන්න නරක කෙනෙක්. එකම ඉදිකටු පාවිච්චි කර කර වැඩ කරන පිළිවලක් නැති කෙනෙක් කියලා. එහෙම නැහැ.. එහෙම අය ඉන්නවා නැතිව නෙවෙයි. නමුත් ගොඩක් අය එහෙම නැහැ. අපි එක්කෙනාගෙන් එක්කෙනාට හැම දෙයක්ම මාරු කරනවා. මොකද මිනිස්සු අපි ගාවට එන්නේ ලොකු විශ්වාසෙකින්. ඒ විශ්වාසෙ අපි රකින්න ඕනි. අපි හරි විදියට වැඩ කරනවා නම් ඒ ගරුත්වය රකිනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ලේ එක්ක කරන සෙල්ලමක් වගේ. විහිළුවක් නෙවෙයි යු ටියුබ් එකෙන් බලලා ටැටූ ඉගෙන ගන්න බැහැ. මමත් කැලිෆෝනියාව රෙජිස්ටර් වෙලා ටැටූ ගැන සැහෙනන ඉගෙන ගත්තා. තව ගොඩක් ඉගෙන ගන්නත් තියෙනවා. වෙනස් ටැටූ ආර්ටිස්ට් ලා එක්ක වැඩ කරලා අත්දැකීම් අරගන්න ඕනි. මොකද හැමෝගෙම ස්ටයිල් එක වෙනස්. ඩිමු, රොබී ඕටිස් සහ විකාස් මලානි තමයි මගේ ගුරුවරු. ටැටූ ගැන වගේම නියම විදියට ටැටූ රිමුව් කරන්නේ කොහොමද උපකරණ මොනවා ද කියලත් මන් ඉගෙන ගත්තා. ලබන අවුරුද්දේ ඉදන් ලේසර් වලින් ටැටූ රිමුව් කරන්න පටන් ගන්නත් මන් හිතාගෙන ඉන්නවා. ලගදීම දවසක ලංකාවේ මිනිස්සු ටැටූ ගැන තියෙන තමන්ගේ ආකල්පය වෙනස් කර ගනීවි. ටැටූ කියන්නේ තමන්ගේ ආත්මය තමන් කවුද කියලා ප්‍රකාශ කරන මාර්ගයක්. මට උනත් ගොඩක් නරක කාල ඇවිත් තියෙනව් . ඒ වෙලාවට ටැටූ කරා මට මාව අලුත් වෙනවා මාව ශක්තිමත් වෙනවා ප්‍රශ්නේ ඉවරයි වගේ හැගීමක් දැනෙනවා. ටැටූ තමයි මට ජීවිතය දුන්නේ. මන් දවසක බෙල්ලෙ ඉදන් මගේ යටි පතුල් දක්වා ටැටූ කරන්නත් හිතාගෙන ඉන්නවා

සමලිංගික සේවනය කාමයෙහි වරදවා හැසිරීමක්ද?.......


නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර යනු,සමකාලීන ලාංකේය දේශපාලන,සමාජයීය තත්වයන් පිළිබදව ගැඹුරු විග්‍රහයක යෙදෙන චින්තනයකින් සංනද්ධ පුද්ගලයෙකි. මේ ඔහුගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගත් සටහනකි.එය ඔබගේ දැනුවත් බව උදෙසා ගෙන ඒමට අපට අවසර!

ඉෂාර ලක්මිණ


ථෙරවාදී බුදු දහමෙහි කිසිදු කාම සේවනයක් වර්ණනා කෙරෙන්නේ නැත. ඇස, කන,දිව,නාසය,කය,මනස යන ආයතන වලින් ගන්නා අරමුණු වල සැප ඇති ස්වභාවයන්(කාම) තණ්හාවෙන් උපාදානය කිරීම, එනම් "මගේ කර ගනුවස්" දැඩිව සිතින් අල්ලා ගැනීම පෘතග්ජනයන්ගේ ස්වභාවයයි. පෘතග්ජනයෙකු ලෙස කාමයන් උපාදානය කොට, වැඩි වැඩියෙන් කාම සේවනයට හිත යොමු කිරීම දුක් සහිත සසරට බැදී යාමට හේතුවකි. මාරයාගේ තොණ්ඩුව ගෙල පැලදීමකි. ප්‍රධාන පෙළේ අමුම අමු මෝඩකමකි. දැලි පිහියෙන් කිරි කෑමකි. ගිලී වැනසෙන බව දැන දැන කුහුබුවෙකු ලෙස පැණි හැලියට පැනීමකි.
මේ ගැටලුවට විසඳුම සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීමයි. එවිට සතර අපායෙන් නිදහස් වන නිසා කාමයන් සේවනය කලද කමක් නැත. දැලි පිහියෙන් කිරි කෑවද දිව කැපෙන්නේ නැත. පැණි බොන්නේ නලපාන ජාතකයේ නුවණැති වදුරා මෙන්, බටයකින් මිස, දිය රකුරා ඉන්නා දියට පැන නොවේ. සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීම සමහරුන්ට ලේසිය. සමහරුනට අමාරුය. අමාරු අය වීරියෙන් සීල,සමාධි,ප්‍රඥා දියුණු කළ යුතුය. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම ඒ අරමුණ උදෙසා වන, ගිහි පංච සීලයේ කොටසකි. කාමයේ වරදවා හැසිරීම යනු කුමක්දැයි සාලෙය්යක සූත්‍රයේ විග්‍රහ කොට තිබේ. ඒ විග්‍රහය කෙටියෙන් කිවහොත්, පිරිමියෙකුට නම්,
1.දෙමව්පියන් විසින් හෝ වෙනත් අයෙකු විසින් රකින දැරිවියක, 2.විවාහක හෝ විවාහ ගිවිසගෙන සිටින ස්ත්‍රියක, 3.සදාචාර ධර්මයන් උල්ලංගනය කරමින් යමෙකු සමග (උදා; ස්ත්‍රී දූෂණය) , කාම සේවනයේ යෙදුන හොත් කාමයෙහි වරදවා හැසිරීමේ අකුසලය සිදු වේ. මෙහි සදාචාර ධර්මයන් උල්ලංගනය යන්නට සමලිංගික සේවනද ඇතුලත් විය හැක. අනිත් අතින් සමාජය පිරිහවන කරුණක් ලෙස බුදුන් සඳහන් කරන "විෂම රාගය" යන්නට, සමලිංගික සේවනය, ළඟම ඥාතීන් අතර කාම සේවනය(ව්‍යභිචාරය/incest ) , හා තිරිසන් සතුන් හා කාම සේවනය අන්තර්ගත බැවු ඇතැම් බෞද්ධ විශාරදයන්ගේ මතයයි. එම මතයට මම පෞද්ගලිකව එකඟ වෙමි. එනමුත් යමෙකු සමලින්ගිකයෙකු වූ පමණින් ඔහු තැලීම,පෑගීම, හෝ සමච්චලයට ලක් කිරීම, බුදු දහමෙහි මූලික සදාචාර අවවාදය වන "කරුණාව ඇති කර ගැනීම"ට ප්‍රතිවිරුද්ධ බවද මෙහිලා සඳහන් කරමි.
සටහන - නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර

ඔබටත් ඔබේ බිරිඳගෙන් මේ දේවල් ලැබෙනවද?


විවාහ ජීවිතයක පැවැත්ම තියෙන්නෙ ඒ දෙන්නගෙ අන්‍යොන්‍ය සහයෝගය සහ දෙන්නට දෙන්නා තේරුම් ගැනීම මත. මේ දේපාර්ශවයම දෙපාර්ශවයෙන්ම බලාපොරොත්තු වන දේවල් රැසක් තියෙනව. ඒ සමහර දේවල් ඔහු හෝ ඇය බලාපොරොත්තු වුණාට ඉල්ලන්නෙ නැති වෙන් පුළුවන්. 

බිරිඳකගෙන් සැමියෙක් බලාපොරොත්තුවන මූලික කාරනා කිහිපයක් පවුල් උපදේශකයෙකු වන  ආචාර්ය විලර්ඞ් එෆ් හාලි මහතා මෙසේ පෙන්වා දෙනවා. ඔහු මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධරයෙක් වනවා. ඔහු විසින් රචිත His Needs, Her Needs: Building an Affair-proof Marriage ග්‍ර‍න්ථය ලොව පුරා ජනප්‍රිය වූවක්. එය භාෂා 22ට පරිවර්ථනය වී ඇති අතර, පිටපත් මිලියන 3ක් පමණ ලොවපුරා අළෙවි වී තිබෙනවා.

විනෝදකාමී බව සහ මිත‍්‍රත්වය

ඔබ සහ සැමියා එකට එකතු වී යම් යම් වැඩ වල නිරත වන අවස්ථා බහුලව තියෙනවා. ඒත් ඒ වැඩ යම් තරමකින් හරි විනෝදාංශයක් විදිහට කරන්න පුළුවන්නම්, එය ඔබේ පවුල් ජීවිතය ප‍්‍රීතිමත් කරනවා නොඅනුමානයි. දෙදෙනාම එකට වැඩ කරන අවස්ථාවට ඔබට පුළුවන්නම් ඔහු කැමති මොන වගේ දේවල් වලටද කියල තේරුම් ගන්න එය ඔබේ හොද ජයග‍්‍රහණයක් වෙනවා. සෑම දිනකම නොකලත් සුළු කාලයක් හෝ මිඩංගු කරල ඔබට සැමියා සමග යම් ක‍්‍රීඩාවක යෙදෙන්නට පුළුවන් නම් දිනෙන් දින ඔබ ගත කරන කාලය උද්යෝගිමත් කර ගන්න පුළුවන්. මේ දේවල් වලින් කරන්නේ ඔබ සැමියාගේ විනෝදාංශයන් වලට උනන්දු වන බව පෙන්වීමයි. එතකොට සැමියත් ඔබගේ විනෝදාංශ ගැන උනන්දු වේවි.

ලිංගික අවශ්‍යතාවයන්

ලිංගික අවශ්‍යතාවයන් කියන දෙය ඔබ ඉතා ඉක්මනින් නොසලකා හරින කාරණයක් වෙන්නට පුළුවන්. ඒත් එය වැදගත් දෙයක්. ඒ මොකද කිව්වොත් අඹු සැමියන් විදිහට මේ දේ අත්‍යාවශ්‍යයි. විවාහ ජීවිතයක සිටින දෙදෙනෙකු තේරුම් ගතයුතු දෙයක් තමයි ලිංගිකත්වය කියන්නේ යම් විදිහකින් ගත්තොත් සෙල්ලමක් වගේ දෙයක් කියන එක. එය හරි හැටි නොවුනහොත් දඩුවම්කාරී දෙයක් බවට පත්වෙනවා. ඒ කියන්නේ එයින් වෙන්නේ සෘණාත්මක බව වැඩිවීම සහ අමනාපයන් ඇතිවිමයි. අමනාපයෙන් සිටිනවාට වඩා මිත‍්‍රත්වය දෙදෙනෙකුට සමගියෙන්  ඕනෑම දෙයක් කිරීමට හැකි තත්වයට පත්කරනවා. ඒ වගේම ලිංගිකත්වය කියන්නේ ඔබේ සැමියාටත් අත්‍යවශ්‍ය දෙයක්. මෙහිදී ඉරියව් ගැන සහ උද්යෝගය ගැන සිතීම ගොඩක් වැදගත් වෙනවා.

අගය කිරීම්

සාර්ථක විවාහ ජීවිතයක් සදහා ඔබගේ සැමියා ඔහුගෙන් ඉටුවිය යුතු සෑම දෙයක්ම වගේ කරනවා. රැකියාවට යෑම, පාසලට යෑම, ළමයින් බලා ගැනීම වගේ දේවල් තමයි ඔහුගෙන් ඉටු වෙන සේවාවන් වෙන්නේ. නමුත් ඔහු විසින් මේ දේවල් කලත් ඔබට ඇස ගැටෙන්නේ නැති අවස්ථානම් වැඩියි. අපි උදාහරණයක් ගත්තොත්  ර්‍ණමගේ සැමියා දවසට පැය 8 ක් 10 වියදම් කරලා පාසලට යනවා ගෙදර වැඩ කරනවා රැුකියාවට යනවා” ඔබ මේ විදිහට සිතන අවස්ථා ගොඩක් අඩුයි. ඒ වගේම ඔහුගේ මේ වැඩ පහසු කරන්නේ කොහොමද කියලාවත් ඔබ හිතන්නේ නැතුව ඇති. නමුත් මතක තබාගන්න එය ඔබට කළහැකි මෙන්ම ඉටුවිය යුතු දෙයක් කියලා. ඔබ ඔහුගේ වැඩ සෑම වේලාවකම අගය කරන්න උත්සාහ කරන්න.

ගේ දොර වැ‍ඩ වලට උදව් වීම

මෙය ගොඩක් දුරට ගෙදර සාමය ආරක්ෂා වීමටත්, නිවසේ පරිසරය නිරවුල් වීමටත් බලපාන දෙයක්. දෙදෙනා එකිනෙකාගේ වැඩ බෙදා ගත යුතුයි. තව විදිහකින් කිව්වොත් සැමියා කාර්ය බහුල වේලාවට ඔබ ඔහුගේ අනෙකුත් වැඩ කරදීමට උනන්දු විය යුතුයි. මතක තබාගන්න පවුලේ දියුණුව වෙනුවෙන් ඔහු ‍ගොඩක් ලොකු වැඩ කොටසක් කරන බව. ඔබ ඔහුගේ යම් යම් අතපසුවන වැඩ ගැන හිතන්න  ඕනේ.

සිත් ඇදගන්නා භාර්යාවක් වීම

ඔබ අවුරුදු 12 ක පමණ අත්දැකීම් ඇති භාර්යාවක් නම් සැමියා ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මොනවගේ දේවල්ද කියලා හොදින් දන්නවා. ඉතා හොදයි. ඒක ගොඩක් හොද තේරුම්ගැනීමක්. ඒත් සමහර විට ඔබ මුලූ දවසම එකම ඇදුමකින් සිටිනවා විය හැකියි. ඒ වගේම දවසේ වැඩත් එක්ක පිරිසිදුකම ගැන සිතීම අතපසු වෙනවාත් ඇති. ඒත් ඒ වගේ අතපසුවීම් වලක්වා ගැනීම ඔබ සිතන්න ඔනේ. යම් තරමකින් ඔබ සමහර දින වලට අපි මේ කියන දේ ගැන සිතනවා විය හැකියි. ඒත් පුරුද්දක් විදිහට ඔබ දිනකට අදින්නේ එක් ඇදුමක් පමණයි නම් එය සැමියාගේ අප‍්‍රසාදයට හේතුවක් වෙනවා. ඔබගේ පෙනුම ආකර්ෂනීය විදිහට තබා ගැනීමට උනන්දු ‍වෙන්න. උදාහරණයක් විදිහට ඔබට පුළුවන්නම් ? කෑම වේලාවට සැමියා කෑමට පැමිනීමට තත්පර 30 කටවත් කලින් ඔබගේ පෙනුම අළුත් කරගන්න. ඒය ඔබගේ අරමුණ ගොඩක් ලේසි කරයි. මෙය කරලා බලන්න. එතකොට සැමියා ඔබව දකින සෑම අවස්ථාවට ගොඩක් සතුටින් සිටිනවා නොඅනුමානයි.

මේ ක‍්‍රම ඔබ ‍‍හොදින් අධ්‍යනය කලොත්, ඔබට ඔබගේ විවාහ ජීවිතය වගේම ඔබගේ සහකරුවාගේ අවශ්‍යතා මොනවද කියලත් තේරුම් ගන්න පුළුවන්. එතකොට පුළුවන් එකිනෙකාගේ අවශ්‍යතා තේරුම්ගෙන ආරවුල් නැති ඉතා හොද පවුල් ජීවිතයක් ගත කරන්න.


Photos චාරිත්‍ර වාරිත්‍රවලට වැඩියෙන් වැදගත්ද?


නව වසරේ මල් මංගල්‍යය සමය උදා වෙලා. සෙනෙහසේ දෑඟිලි බැඳෙන සොඳුරු විවාහ මංගල්‍යයක සිහිනය දකින්න ඔබත් අතැඟිලි ගණිනවා ඇති. පිරූ පෙරුම් පැතූ පැතුම් සැබෑවෙන මේ දිනය හා බැඳි සම්ප්‍රදායික චාරිත්‍ර හා වාරිත්‍රත් බොහෝයි.  

පෙම්වතකු පෙම්වතියකව සිටි ඇය/ඔහු අද යුවතිපතීන් වෙනවා. විවාහයකදී මේ දෙපොළට ලොකු වගකීම් යුතුකම් සමුදායක් භාර වෙනවා. ඒ සියල්ල සාර්ථක කරගත හැකි වනුයේ පෙර කී චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දී කටයුතු කළොත් පමණි. 

විවාහයක් කියන්නේ අර්ථය, ධර්මය, කාමය, මෝක්ෂය යන අංග සතර සම්පුර්ණ වීමයි. සැබෑවටම මිනිසෙක් පරිපූර්ණත්වයට පත් වන්නේ විවාහයෙනි. විවාහයේ රාගය, ආශ්වාදය කියන කාරණා තිබුණත් මිනිසෙක්ට හරි මඟ කියා දෙන්නේ විවාහයෙනි.

සිංහල බෞද්ධ ජන සමාජයේ චාරිතානුකූලව කාන්තාවක් හා පිරිමියෙක් විවාහ විය යුත්තේ එක් වරකි. මේ සඳහා සීහෙන නැකැත් පරීක්ෂාවක් සිදු කෙරේ. මේ උපයෝගී කරගන්නා නැකැත් ශාස්ත්‍රය යුවතිපතීන්ගේ කායික, මානසික සැපය උදෙසාත් අනාගත අභිවෘද්ධිය උදෙසා සියලු බලාපොරොත්තු සපලකර ගැනීමටත් එක හෙළා බලපානු ලැබේ. ඒ නිසාමයි විවාහ මංගල්‍යයකදී “නැකැත” ට මුල් තැන හිමිවනුයේ. එතරම්ම මංගල කටයුත්තේ දී නැකැත ප්‍රබල සාධකයක් වේ.

 තරුණයෙක් හා තරුණියක් විවාහයකට මුණ ගැසෙන විධි දෙකකි. එකක් පේ‍්‍රම සම්බන්ධතාවක් මඟින් විවාහ වීම, අනෙක යෝජිත විවාහයයි. මේ කුමන එකක් වුවත් මුලින්ම විවාහ අපේක්ෂිත දෙදෙනාගේ ජන්ම පත්‍ර පරීක්ෂාවක් සිදු කරනවා. සුදුසු දිනයක් තෝරා ගැනීමේ දී එදින දෝෂ නැති නැකැත් ඇති දිනයක් විය යුතුයි. එනම්, ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්‍රත්‍යාධි, සාධක, වද, මෛත්‍රී, පරම මෛත්‍රී යන නැකත්වලින් සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී නැකත් සුබ ලෙස දෙදෙනාටම ගැළපෙන සේ ගන්නවා.

මේ අයුරින් බලන කල විවාහ මංගල්‍යයක මුල්ම නැකැත වන්නේ “නැකැත් පත්‍රය පිළිගැන්වීමයි.” එහි අයිතිය ඇත්තේ මනාලයාගේ පාර්ශවයටයි. මේ නැකැත් පත්‍රය කවි කොළයක ලියා මනාලියගේ නිවෙසට භාර දීමත් චාරිත්‍රයකි. එහිදී ඒ නැකැත අක්ෂර වින්‍යාසය ශබ්ද නගා කිව හැකි යහපත් චරිතයකින් යුත් වැඩිහිටියකු දෙපාර්ශවයටම ඇසෙන්නට කියවිය යුතුය. මෙය නැකත් ගෙන යාමේ චාරිත්‍රය ලෙස ද සැලකේ.

ඊළඟ නැකැත උදා වන්නේ “මංගල්‍යයට බුලත් දීමටයි” එය නැකැත් ආරාධනා යනුවෙන් ද හඳුන්වයි. මනාලියගේ මව සහ පියාත් මනාලයාගේ මව සහ පියාත් තම තමන්ගේ පාර්ශවයේ තෝරා ගත් පුද්ගලයකුට නැකතට බුලත් දීමේ චාරිත්‍රය සිදු කරයි. මෙය දෙපාර්ශවයම එක් දිනක සුබ නැකැතකට සිදු කරනවා නම් වඩාත් සුබයි. නැකැතට බුලත් දීමේ චාරිත්‍රයට තෝරා ගනු ලබන පුද්ගලයා විවාහ වී සැමියා හෝ බිරිය ජීවත් ව සිටින දරු මුනුබුරන් ඇති යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නකු විය යුතුය. තවද මානුෂික ගුණදම් ඇති, කාරුණික ප්‍රසන්න පුද්ගලයකු, ප්‍රසිද්ධියක් දරන්නකු වගේම ඔබට ළෙන්ගතු වන්නකු වීමත් විශේෂයි. ඔබේ සාර්ථකත්වය ඔහු/ඇය එක හෙලාම ප්‍රාර්ථනා කරන්නකු විය යුතුයි.

ඉන්පසුව උදා වන්නේ “තෙල් තාච්චි ළිප තැබීමේ” නැකැතයි. සුබ හෝරාවක් බලා යහපත් ආකාරයට මේ කර්තව්‍ය සිදු කළ යුතුය. අම්මා, නැන්දා විසින් තෙල් තාච්චිය ළිප තැබීමේ චාරිත්‍රය සිදු කරයි. කැවුම් ඉවීමෙන් ඇරඹෙන මේ චාරිත්‍රයේ බලාපොරොත්තුව මංගල්‍ය පුරාවට කෑම බීම හිඟයක් ඇති නොවී බව භෝගයෙන් පිරී කිසිදු අඩුවක් නොමැතිව මංගල්‍ය කරගැනීමට හැකි වීමයි. “බල සුබ නිමිති පෙර මඟ” අරුත් ගන්වන්නේ මෙයමයි.

 දැන් මංගල දිනයයි. එදින මනාලියට මංගල ඇඳුම ඇන්දවිය යුත්තේ සුබ නැකැතකිනි. ඇය මනා... ලියක් වන්නේ මඟුල් වස්ත්‍රයෙනි.

මඟුල් වස්ත්‍රය වන්නේ තැල්ල හෝ වේල් එකයි. මෙය හරිහැටි නොදන්නා අය මනාලියගේ සාරිය හෝ යට ඇඳුම් නැකැතට අන්දවයි. එහෙත් එය නිවැරැදි නොවේ. ඇය මනාලිය වන්නේ කුමකින් ද එය මඟුල් වස්ත්‍ර පැලඳවීමේ නැකැතයි. මෙම චාරිත්‍රය මනාලියගේ මව විසින් සිදු කරයි. තම දියණිය නිවෙසින් පිටවන දා ලස්සනට හිඳීමත් ඇය වෙනත් ගෙදරක සිරි දෙව්දුව වීමට හැඩ කිරීමත් මෙම චාරිත්‍රයේ අරමුණයි. මනාලයාගේ මංගල වස්ත්‍රය වන්නේ පලඳන මල හෝ මුල් ඇඳුමයි. මනාලියට හා මනාලයාට මංගල වස්ත්‍රාභරණ ඇන්දවීමේ දී තුන් සුත්‍රය ශබ්ද නගා කීම හෝ ඇසෙන්නට සැලස්වීමත් සිදු කිරීම සුබ ගෙන දේ.

මනාලියත් මනමාලයාත් තම තමන්ගේ නිවෙස්වලින් පිටවීමට පෙර “කෑම මේසය ඉඳුල් කරනු ලැබේ. එය ඔවුන් දෙදෙනා හෝ මව, පියා විසින් සිදු කළ යුතුයි. නැතිනම් පිරිසුදු, චරිතවත් ඔවුන්ට ළැදියාවක් ඇති අයකු “මංගල මේසය ඉඳුල් කළ යුතු වේ.” මංගල්‍ය පුරාවට ඥාති සංග්‍රහය පී‍්‍රතිමත්ව අඟ හිඟකමින් තොරව කරගන්නට ලැබීම ඉන් අපේක්ෂා කෙරේ.

මනාලිය හා මනාලයා තම නිවෙස්වලින් පිටවීම පිටත් වීමේ නැකැතින්, සිදු කෙරේ. එම හෝරාවේ චන්ද්‍රයා 8, 12 නොසිටි යුතුය. ගුරු, සිකුරු හෝරාව සුබයි. විශේෂයෙන් ගුරු හෝරාව සුබ ගෙන දේ.

“පෝරුවේ මස්තකාරූඪ” කිරීමේ නැකැත මංගල්‍යයේ ප්‍රබල නැකැත් අතරින් එකකි. දෙවියන් ඉදිරියේ යුවතිපති බැම්ම ඇති වන්නේ පෝරුවේ චාරිත්‍රයෙනි. නියම විවාහයක් ලෙස ගැනෙන්නේ පෝරුවේ චාරිත්‍ර ඉටු කළ විවාහයකි. යශෝදරා සිද්ධාර්ථ පෝරුමස්තකාරුඪ වීම පටන් අද දක්වාම පෝරුව පැවත එනු ඇත. පෝරුවේ චාරිත්‍ර සිදු කිරීම සඳහා හොඳ පවුල් ජීවිතයක් ගත කරන, පංච ශීලය රකින, ධාර්මිෂ්ඨ, ආධ්‍යාත්මික ගුණ සපිරි, මත් පැන්වලින් තොර පුද්ගලයකු තෝරා ගත යුතුයි. ඔහු විසින් අෂ්ඨක සියල්ලක්ම ගායනා කළ යුතු වේ. මනාලියත් මනාලයාත් දේවත්වයට පත් කිරීම පෝරුවේ චාරිත්‍රයේ දී සිදු කෙරේ.

මෙහිදී මනාලියත් මනාලයාත් නැකැතට පෝරුවට නැග්ගවීම මාමාවරුන් අතින් සිදුවේ. පෝරුවෙන් බැසීමේ නැකැතේ දී මනාලියගේ මාමා විසින් පොල් ගෙඩිය බිඳිනු ලබයි.

මංගල පහන් දල්වා මංගල කේක් කපා අවසන්ව “නීත්‍යානුකූල විවාහය අත්සන් කිරීමේ” නැකැත උදා වේ. මීළඟට දෙපාර්ශවයේ නැදෑයින් හිතවතුන් හඳුනා ගැනීම සිදු කෙරේ. අනතුරුව ඥාති සංග්‍රහය සිදු වේ. මනාලියත් මනාලයාත් යන දෙදෙනාම එක් අයකු වී “පිටත් වී යාමේ” නැකැතයි ඊළඟට උදා වන්නේ. කිසිදා වෙන් නොවෙනා ප්‍රාර්ථනයෙන් දරු මල්ලො හදාවඩා ගෙන පරම්පරාව ඉදිරියට ගෙන යන්නට මේ නැකත සුබ විය යුතුය. බ්‍රහස්පති, ගුරු, සිකුරු, චන්ද්‍රයා යන නැකැත්වලින් පිටත්වීම සුබය.

 විවාහ මංගල්‍යයක බැලිය යුතුම නැකැත අද බොහෝ දෙනා අතින් මඟ හැරී යයි. එනම් “සයන නැකැතයි”. ධර්පදාන නක්ෂත්‍රයට අනුව සෑදෙන මේ නැකැතින් මනාල යුවළ අඹු සැමියන් සේ එක්වීම සිදු විය යුතුයි. එය සිකුරු හෝරාවේ හෝ චන්ද්‍රයා + සිකුරු හෝරාවේ නම් ගැහැනු දරුවන් ද ගුරු හෝරාවේ නම් පිරිමි දරුවන් ද ලබයි. අඹු සැමි යුවළට කායික, මානසික සම්පත්තිය පිහිටවීම මේ නැකැතින් සිදු වේ.

දෙවැනි ගමනේ දී මනාලිය අලුත් ඥාති පිරිසක් වෙත යයි. නැන්දම්මා සහ මාමණ්ඩිය සමඟ සමගියෙන් සතුටින් සිටිය හැකි නැකැතත් ඒ සඳහා තිබිය යුතුයි. මේ සඳහා අවස්ථානුකූලව තත්කාලය බැලිය යුතුවේ. මනාලයාගේ මව චන්ද්‍රයාගෙනුත් පියා රවි ග්‍රහයාගෙනුත් නියෝජනය කෙරේ. මේ සියල්ලට ගැළපෙන සේ “මනාලිය මනාලයාගේ නිවෙසට කැන්දාගෙන ඒමේ” නැකැත සැකසිය යුතුයි.

 අද දවසේ මංගල්‍යකදී ඇඳුම් පැලඳුම්, ඡායාරූපකරණයට මුල්තැන දුන්නත් යහපත් යුග දිවියකට වඩා වටින්නේ සම්ප්‍රදානුකූල නැකැත් හා සිරිත් විරිත්ය. මේ වැටහීම තිබුණොත් හොඳ විවාහ මංගල්‍යයක අසිරිය ඔබටත් ලැබේ.

උපදෙස් - ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී
චින්තා වික්‍රමසිංහ 

ශනුද්‍රිට පිස්සු හැදිල, තනියම නටල..



ශනුද්‍රි එක එක කාලෙට එක එක වෙනස්කම් කරනව..ෆේස් බුකියපුරා රගන ශනූ..තනියම රගපු හැටි බලමු


ගැහැනු ළමයින්ගේ බෝඩිමේ ජීවිතේ...


ගැහැනු ළමයෙක් වුණාම පිළිවෙළට අඳින්න පලඳින්න ඕනෑ කියලා අම්මා ඔයාට ඒ කාලේ ඉදන් කියලා ඇති. ඒ අතරේ සමාජයේ ජීවත්වීම ගැනත් ඇය ඔබේ ජීවිතයට ජීවන අත්පොතක් වෙන්න ඇති. ඒත් ඒ ජීවන අත්පොතේ පිටු දවසින් දවස පෙරළා බලන්න කාර්යබහුල දවස දැන් හරස් වෙලා කියලා පිළිවෙළ අවුල් කරගත්තොත් ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඔය ඇතිවෙච්ච හැම ප්‍රශ්නයකම මුලට ගියොත් විසඳුම හොයාගන්න පුළුවන්. ගෙදරින් පිටවෙලා රැකියා ජීවිතවලට හුරු වුණාම ඔය හැමදේටම වෙලාව හරස් වෙනවනෙ.

ඇඳුම් පැලඳුම්

ඇඳුම්වලින් කෙනකුගේ චරිතයක් මනින්න බැරි වුණත් එයින් ඔබේ පෞරුෂයට 60%කවත් වටිනාකමක් දෙන්න පුළුවන්. සේවා ස්ථානයට, උපකාරක පන්තියට, සාදයට යන තරුණියන් එතැනට නුසුදුසු ඇඳුම හින්දා කොච්චර අපහසුතාවට ලක්වෙනවාද ඒත් ඒ අපහසුතා නැති කර ගැනීමට තමන් සතුව හොඳ දැනුමක් තියෙන්න ඕනේ.
තනිවම බෝඩින් ජීවිතයක් ගත කරන ගැහැනු ළමයකුට වඩා තව මිතුරියන් කිහිපදෙනකු එක්ක ඉන්න තරුණියකට ඇඳුමක්, පුයර, විලවුන්, ආලේපන, ආභරණ ආදිය තනි පාවිච්චියට ගන්න එක අමාරු වැඩක්. ඒත් අනෙක් අයගේ ඇඳුම් පැලඳුම් පාවිච්චියට තමන්ම වාරණයක් දා ගන්නවා නම් අනෙක් අයත් ඒකට හැඩගැසේවි. හැබැයි ඔබ ඒ දේට මුල්ම පියවර තියන්න ඕනෑ. එයින් කියන්නේ නෑ කිසිම දෙයක් හවුලේ පාචිච්චි කරන්න එපා කියලා.


මිත්‍ර සංවාද


වැඩපොළේ දහදිය වගුරවලා දහවල් සේවය කරන, රාත්‍රි වැඩමුරයේ නිදිවරන තරුණියක්ට තමන්ගේ දුක සතුට හුවමාරු කරගන්න මොහොත නවාතැන. ඒ වුණත් ඒ හුවමාරුවේදී පෞද්ගලික තොරතුරු අනෙක් මිතුරියටද දැනගැනීමට සැලැස්වීම, විශේෂයෙන් ආදර සබඳතා ගැන. ඒ ගැටලු කතා කිරීමට උදවු ගැනීමට එම මිතුරියන්ව පාර්ශ්වකාරියක් කරගැනීම නොකළ යුතුයි.




රුචි අරුචිකම්


ඔබත් අනෙක් මිතුරියනුත් එකම නවාතැනෙහි සිටියත් එකිනෙකාගේ රුචි අරුචිකම් වෙනස් හින්දා ජීවත්වීමේදී යම් යම් ගැටලු මතු වන්න පුළුවන්. ඒ හින්දම අනෙක් කෙනාගේ කැමැත්ත පිළිගන්නවා නම් මත ගැටුම් අඩුයි. උදාහරණයක් විදියට තමන් කැමැති ටෙලිනාට්‍යය නරඹන්න අකැමැතිවීම වැනි හේතු මේ ගැටලුවට හේතු වෙනවා. ඒ වෙලාවට තමන්ට අකැමැත්තෙන් හරි කරන්න සිදු වෙන්නේ බහුතර කැමැත්තට ඉඩදීමයි.


උදවු උපකාර


ගොඩක් වෙලාවට ගෙදර යන්න නිවාඩු දවස එනකල් ඇඟිලි ගැන ගැන ඉන්න ඔබට නවාතැනේ මිතුරියන්ගෙන් ලැබෙන සහාය ගැන තෘප්තියකුත් ඇති. අම්මා, තාත්තා නොදකින ඉසව්වක තනිවෙලා රස්සාව කරද්දි නිතැතින්ම එන හිත් අමාරුකම්වලට පොඩි ඔසුවක් වෙන්න මිතුරියකට පුළුවන්. හැබැයි ඔබ ඒ අයට කරන උපකාර වගේම ලබාගන්නා උපකාර ද සීමාවක් තියාගන්නවා නම් හොඳයි.




පිරිසුදුකම


තරුණියක් වුණාම පිරිසුදුකම ගැන වඩාත් සැලකිලිමත් විය යුතු නිසාම කිහිපදෙනෙක් එකට ඉන්න ඔබේ නවාතැන පිරිසුදුවට තියාගැනීම හැමෝගේම වගකීමක් වෙනවා. අපිරිසුදු නවාතැන ගැන එකිනෙකාට චෝදනා කර කර ඉන්නේ නැතිව තමන්ම පිරිසුදු කර ගැනීමට ඉස්සර වීම සුදුසුයි.


මුදල් ගනුදෙනු


කීයක් හරි නැති වෙලාවට නවාතැනේ කෙනෙක්ගෙන් ඒක ඉල්ලගන්න එක ගැටලුවක් නොවුණත් තමන්ට දෙන්න බැරි මුදලක් ඉල්ලාගන්න එකනම් නුවණට හුරු දෙයක් නෙවෙයි. දෙන්න බැරි ගාණක් ඉල්ලා ගැනීමෙන් දෙන්නම අපහසුතාවට පත්වෙන්න පුළුවන්.







                                                                      නදීෂ නිර්මාණ හේරත්


අවුරුදු 16දී Room ගිය කෙල්ලගේ ජීවිත කතාව හෙළිකරයි (වීඩියෝ සහිතයි)


තරුණියන් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වලට එලඹෙන්නේ ඇයි? සමාජය වැරදි නිසාද? වැලන්ටයින් බිස්නස්කාරයින් නිසාද? නැතිනම් තරුණියන්ටත් ලිංගික ආශාවක් ඇති නිසා නොවේද?

කොහොම වුණත් සමාජය වෙනස්. මිනිස්සු හිතන පතන විදියත් වෙනස්. පිරිමියාට මෙන්ම ස්ත්‍රීයටද ලිංගික ආශාවන් කියන දේ තියෙනවානේ. මොකද මේ ලෝකයේ ජීවත් වන සියලු දෙනා මනුස්සයෝ මනුස්සයෝ හිතන පතන විදිය එකිනෙකාට පරස්පර වුණත් පොදු දේවල් එකම තමයි. එි කියන්නේ පිරිමියාට ඇති වන ලිංගික ආශාවන් ස්ත්‍රීයටද ඇති වනවා නියතයි.

ලිංගිකත්වය කියද්දී වැලන්ටයින් දවසත් අනිවාර්යයෙන්ම එළියට එනවා. සිහිපත් වෙනවානේ.

මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් තමයි. බලන්නකෝ වැලන්ටයින් දවසේ මේ ගැහැණු ළමයා කරලා තියෙන දේවල්….

අත ළග එන වැලන්ටයින් - සංකල්පනා මලලවීර.


පෙබරවාරි මාසේ පටන් ගන්නවත් එක්කම ලොකු පොඩි කාගේත් හිත වසාගන්න හැගීම තමයි “ මේ වැලන්ටයින් මාසේ “ කියන එක. ඇත්තටම මේ valentine’s day එක කියන්නෙ මොකක්ද ???? හොයලම බලමු....

වැලන්ටයින් කියන්නෙ ක්‍රිස්තියානි පූජකතුමෙකුගෙ නමක්. ලංකාව තුළ වැලන්ටයින් සැලකිය යුතු මට්ටමකින් සැමරීම ආරම්භ වූයේ 1990 දශකයේදීය. අපේ රටේ නම් වැලන්ටයින් කියන්නෙ ආගමික ස්වරූපයක් ගන්න උත්සවයක් නෙමේ. අනික අපේ රටේ වැලන්ටයින් ගොඩක්ම සමරන්න පෙළබෙන්නෙ තරුණ තරුණියො.

වැලන්ටයින් සාමි තුමා කියන්නෙ ක්‍රිස්තු වර්ෂ 3වන සියවසේ රෝමෙ හිටපු පූජකවරයෙක්.ඔය කාලෙම තමයි දෙවනක්ලෝඩියස් කියන රෝම අධිරාජ්යයා ඉඳලා තියෙන්නෙත්. ඔය කියන අධිරාජ්යයාට ලොකු උණක් තිබිලා තියෙනවා අධිරාජ්යය ලොකු කරගන්න. ඒ හින්දම එයා නියෝග කලාලු රටේ ඉන්න හැම මිනිහෙක්ටම හමුදාවට බැදෙන්න කියලා. කසාද බැදපු මිනිස්සුන්ට වඩා පවුල් බරක් නැති තනිකඩයෝ බදව ගත්තම හොදට වැඩ කරගන්න පුලුවන් නේද කියලා කල්පනා කරපු මේ අධිරාජ්යයා කසාද බදින එක තහනම් කලාලු. වැලන්ටයින් පියතුමා හිටියෙත් ඔය කාලෙමනෙ , ඉතින් එයාට තේරිලා මේ නීතිය නිසා couple විදින දුක,එයා හොරෙන්ම ආදරය කරන couple ගෙන්නලා කසාද බන්දවලා. මේ වැඩේ ටික දවසක් යද්දි කොහොම හරි ක්ලෝඩියස් ලොක්කට ආරංචි වෙලා වැලන්ටයින් පියතුමාව හිර කරලා පස්සෙ පෙබරවාරි 14 වෙනි දවසක හිස ගසා මරා දමලා .ඊට කාලෙකට පස්සෙ කතෝලික සභාව තීරණය කරලා තියෙනවා වැලන්ටයින් පියතුමාගේ සේවය අගය කිරීමක් වශයෙන් එතුමාව ශුද්ධවරයට ඔසවන්න. ඉතින් ක්‍රි.ව 496දී (1969) ග්ලාසියස් කියන පාප්තුමා වැලන්ටයින් තුමාව “ආදරවන්තයන්ගේ සාන්තුවරයා” වශයෙන් නම් කරලා තියෙනවා.සාන්ත වැලන්ටයින් දිනය පටන් අරන් තියෙන්නෙ යහපත් චේතනාවකින්..........හැබැයි අද.................

පෙබරවාරි මාසේ පටන් ගන්නවත් එක්කම ලංකාවේ කඩ සාප්පු ඔක්කොම වගේ වැලන්ටයින් වෙනුවෙන් හැඩ වෙනවා..... සුබ පැතුම් පත් , රෝස මල් විතරක් නෙමේ වැලන්ටයින් party වලට ගැලපෙන විදියේ ඇදුම් පැළදුම් වලින් නිමි ඇදුම් සාප්පු වල ප්‍රදර්ශනාගාර පිරිලා ඉතිරිලා යනවා........ගොඩක් යට තමන්ගේ කෙල්ලට , කොල්ලට ආදරේ කරන්න මතක් වෙන්නේ වැලන්ටයින් දවසට විතරයි..........

වැලන්ටයින් දිනයත් එක්ක රෝස මල් සම්බන්ධ වෙන්නේ ,

වැලන්ටයින් සාමි තුමාගේ මරණ දඩුවම ගැන අහපු එතුමාගේ බැතිමතුන් එතුමාගේ සිර කුටියට රෝස මල් එවන්න ගත්තු නිසාලු........

පෙබරවාරි 14 කියන්නේ රටට ලෝකෙට පෙන්න තමන්ගේ කෙල්ලගේ කොල්ලගේ අත් අල්ලාගෙන valentine party වලට ගිහින් සින්දු කියා කියා බිබී නටන්න ඕනේ දවසක් නෙමේ.....හරිනම් ආදරවන්තයින් වෙනුවෙන් සටන් කරලා ජීවිතේ පුජා කරපු වැලන්ටයින් සාමි තුමාව අනුස්මරණය කරන්න ඕනේ දවසක්...........


සංකල්පනා මලලවීර
2016/02/06

ජිවිතේම ප්‍රශ්නයක් ?



වෙලාවකට ජීවිතේ කියන්නෙ ප්‍රශ්න ගොඩක්...අපි හැමෝම වැරදි කරනවා...සමහරු ඒ වැරදි තනියෙන් හිතලා හදාගන්නවා….සමහරු කවිරු හරි පෙන්නුවම තේරුන් අරන් හදාගන්නවා….තවත් සමහරු තේරුන් ගන්නෙත් නැහැ කවුරු පෙන්නුවත් වෙනස් වෙන්නෙ වත් ඒ වැරදි හදාගන්නෙවත් නැහැ…...සමහර වැරදි නිසා ජීවිතේම නාස්ති වෙලා යනවා….එකම එක පුංචි වැරැද්දකට පුළුවන් ජීවිතයක් කාලකණ්ණි කරලා නැත්තටම නැති කරලා දාන්න…..

වැරදි හදාගෙන සමාජයේ ඉස්සරහට අඩිය තියන්න හැදුවත් , මේ කාලකණ්ණි නින්දිත සමාජය එහෙමත් නැත්තන් හිතක් පපුවක් නැති අදුරු අතීතය අපේ කකුලෙන් අදිනවා…..අතීතය නිසා තැවි තැවී දුක් විදින් වර්තමානය මිසක් ඉන් එහා ලස්සන වර්ණවත් අනාගතයක් ගැන හීන මවන්න අපෙ හුගක් දෙනා පැකිලෙන්නෙත් ඒ හින්දා ම වෙන්න ඇති කියලා මං හිතනවා….

ජීවිතයක සතුට එක නිමේශයකින් නැත්තට නැති කරලා දාන්න එකම එක වචනයක් එහෙමත් නැත්තන් බොරුවක් හොදටම ඇති….හිතට තට්ටුවක් දාලා චුට්ටක් අහලා බලන්න , අපෙ හිතේ ඉහලම තැනක ඉන්න කෙනෙක්ගෙන් අත්වැරැදීමකින් හෝ පිට වුන එක වචනයක් නිසා කොච්චර නම් හිත රිද්දගත්ත ද කියලා….

ජීවිතේ සතුට එහෙමත් නැත්තන් ආත්මයම නැති වුනා කියලා දැනෙද්දි හුස්ම ගන්න එක පවා කරදරයක් කියලා දැනෙන්න ගන්නවා….

ජීවිතේ සතුට සැනසිල්ල හොරු අරන් ගියහම ආත්මයට හව්හරණක් හොයනවා ඇරෙන්න වෙන විකල්පයක් තියෙනවද….?

සමාධි සංකල්පනා මලලවීර



මගේ අසරණ ලෝකයේ.…ඔබ....




මගේ අසරණ ලෝකයේ
ඔබ එකම සිතුවිල්ලයි
එවන් සිතුවිලි දිළිදු හදකට
එකම සැනසිල්ලයි

දයාවක් හෝ සෙනෙහසක් නැති
සිනහවක් හෝ තෙතමනක් නැති
ඔබෙ සිත මා හෙටත් පතනා
එකම මුතුරැුල්ලයි

හමු නොවන මුත්
සසරෙ යළි අප
රිදවුවත් සිත පෙර දිනේ සිට
ඔබෙ හඩ සවනත ගැටෙන විට
සිතට සැනසිල්ලයි

සමාධි මලලවීර




'විදිය යුතු විදවනා ආදරය' සමාධි මලලවීර විසිනි


ජීවිතේ මහා ඉහල තැනක තමන්ගේ ආදරේ තියාගත්තම , ඒ ආදරේ සිද්ද වෙන පුංචිම වෙනසක් පවා හිතකට දැනේනේ මහමෙරටත් වඩා ලොකුවට.

පුරුද්දකට වගේ නැගිට්ට ගමන් dial කරපු number එකට උදෙන්ම උනත් dial කරන්න දෙපාරක් හිතන්න වෙද්දී , කටහඩ අහන්න ආස හිතුනම call එකක් ගත්තොත් කරදරයක් ද කියලා අහන්න වෙද්දී හිතට දැනෙන අසරණකම වචන වලට ගලපගන්න බැරි තරම් කියල දන්නේ ඒ දේ විදපු කෙනෙක් විතරයි...

තමන් ඉස්සර වගේ කතා කරන්න ගත්තොත් තියෙන සම්බන්දයත් නතර වෙයිදෝ කියලා හිතේ තියෙන තිගැස්ම වගේම බැරි වෙලාවත් ඒ number එක busy උනොත් , එහෙමත් නැත්තන් call එකක ඉද්දි hold වැටුනොත් පපුව පිච්චෙන්න ගන්න තරම දන්නෙත් විදවන හදවතක්ම විතරයි...

පුංචි වෙනසක් ගැන උනත් දවස් ගානක් හිතන්න තරම් ආදරේ ඉස්සරහ බොලද වෙද්දී , වෙලාවකට තමන් ගැනම දුකයි. 

ලෝකේ ඉස්සරහ කිසිම දෙයක් ගණන් ගන්නේ නැති care කරන්නේ නැති ජීවිතේ විදිනව කියල පෙන්නන ගොඩක් අය එහෙම හැසිරෙන්නේ ආදරේ හින්ද විදවන ගමන් ඒ දුක නැති කරගන්නයි.

ආදරය කියන්නේ විදින්න ඕනේ දෙයක්....ජීවිතෙත් එහෙමයි...විදින්න පුළුවන් ආදරේ විදවලා ජීවිතේම නාස්ති කරගන්නේ නැතුව තමන්ගේ ආදරේ විශ්වාස කරගෙන දුකක් උනත් උහුලගන්න පුළුවන් නම් කවදාවත් ඔයාට ඔයාගේ ආදරේ නැති වෙන එකක් නැහැ. හිනාවෙලා ඒ ආදරේ විදින්න පුළුවන් දවසක් එයි...ඒ දවස වෙනකන් තමන්ගේ ආදරේ විශ්වාස කරන්න....තමන්ගේ ආදරේ අයිතිකරයව එහෙමත් නැත්තන් අයිතිකරියව විශ්වාස කරන්න....


සමාධි සංකල්පනා මලලවීර 
2015/12/12 


බොඳ වුණු සංක්‍රාන්ති සිතුවම.


ජිවිතේ සංක්‍රාන්ති සමයක කොහේදෝ ඉදන් අහම්බෙන් වගේ මගෙ ජීවිතේට එබුනු ඔයා මටත් නොදැනිම මගේ ජිවිතේ ලස්සනට සිතුවම් කරලා.....

මංවත් නොදැකපු ලස්සන හීන අනාගතයක් සිතුවම් කරපු ඔයා , 
ඔයාගෙ ආදර පාට පෙට්ටියෙන් ඒ හීනෙට පණ දුන්නා.....

සත්තකයි ලස්සනයි ඒ හීනෙ...
මං ආදරෙයි....
ඒ හීනෙට...

අනේ ඒත් අද... 
මගෙම කදුලකින් ඒ හීන සිතුවම බොද වෙලා...

මගෙ ආදරණීය සිත්තරානෙනි... 
ඔබට පමණයි නැවතත් මගෙ දිවියට පාට පෙවිය හැක්කේ.... 
වග බලාගනිමි නැවත ඒ සිතුවම බොද නොවෙන්නට.... 
ඉඩ දෙනවානම් රැක ගන්නම් මං...
අපේ හීනය 
අපේ අනාගතය 
අපේ ජිවිතය 
අපේ ප්‍රාර්ථනාවන්....

කළු සුදු මගෙ ජීවිතේට පාට පෙවූ පිණම ඇති නුබට 
ලස්සන දිවියකට උරුමකම් කියන්නට 
එපා නම් මම එහි රැදෙන්නට 
අවසරයි නික්මෙන්න.... 
සුභ පතමි නව දිවියකට මම 
ඔබේම ලස්සන අනාගතයේ....

ඉඩ දෙන්න සිත්තරාවියකට නුබෙ ලොවේ 
නතර වී නුබේ දිවියට අරුත්බර වර්ණයන් ගලපන්න
 දනිමි මම නොවන බව ඒ කෙනා....
සිත්තරෙක් වූ නිසාවෙන්ම 
නොහැක නුබට නුබේම දිවියට පාට පොවන්නට 
ලස්සන කරගන්නට එය... 
රැදෙන්න ඔබේම ලොවක් තුළ 
කිරුළු දරමින් ප්‍රීතියේ....


~~~ Samadhi Sankalpana Malalaweera ~~~
web.facebook.com/writer.sankalpana