Showing posts with label Money. Show all posts

සාර්ථක අරමුණක් ඇතිකර ගැනීමට රහස් 10ක්.


සාර්ථක ව්‍යාපාරයකට හොඳ අරමුණක් අවශ්‍ය වනවා. නමුත් අරමුණක් තිබූ පමණින් කිසිම ව්‍යාපාරයක් සාර්ථක වන්නේ නැහැ. එහෙනම් කළ යුත්තේ කුමක්ද? මෙන්න තියෙනවා කරුණු දහයක්.

1. ඔබේම අරමුණක් සකසා ගන්න
ඔබේම ඉටුකරගත හැකි අරමුණක් සාදා ගන්න. නිතර දෙවේලේ එය මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් කටයුතු කරන්න.

2. අරමුණ පසුපස යන්න
නිතර අරමුණ හඹා යන්න. ඒ අරමුණ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සම්පත්, උපාය, උපක්‍රම අධ්‍යයනය කරන්න.

3. අරමුණට අදාළව සැලැසුම් සකසන්න.
පියවරෙන් පියවර අලුත්ම සැකැසුම් සකස් කරන්න. ඒ සඳහා අවශ්‍ය විශේෂ ක්‍රමවේද සලකා බලන්න.

4. දිනපතා ලැයිස්තු සකසන්න
දිනෙන් දින අරමණු ඉටුකර ගත හැකි අරමුණු සංවිධාන කරන්න. සිතට නැඟෙන සාර්ථක අදහස් ලැයිස්තුගත කරන්න.

5. ඔබේ අභිවෘද්ධිය ඇගැයීමට ලක් කරගන්න
නිරන්තරයෙන් ඔබේ අරමුණු අගයන්න. අන් අය සමඟ නොව තමා සමඟ පමණක් ඇගැයීම සිදු කරන්න.

6. ජාලයක් සකස් කරගන්න
සියල්ල ජාල ගත කර ගත් විට ඔබේ අරමුණින් වැඩි කොටසක් ජයග්‍රහණය කළ හැකියි. ව්‍යාපාරයකදී නම් හොඳ පාරිභෝගිකයන්, සේවකයන් ඔබට අරමුණ ජය ග්‍රහණයට උපකාරී වෙනවා.

7. සහතික වශයෙන් චිත්තරූප දකින්න
ඔබ අත්දකින්න උත්සාහ දරන සිහිනය සැබෑ වන බව සිතා කටයුතු කරන්න. සිතින් එය සැබෑ වී ඇති අයුරු දකින්න.

8. අරමුණ සාර්ථක කර ගැනීම සඳහා එය නාභිගත කරන්න.
ඔබේ කැමැත්ත ඔබේ අරමුණ කෙරෙහි යොමු කරන්න. ඔබේ අරමුණ ඔබේ කැමැත්ත බවට පත් කරගන්න.

9. අනපේක්ෂිත කරදරවලට සූදානම් වන්න
සාර්ථක ව්‍යාපාරයක අයිතිකාරියක වීමට නම් අනපේක්ෂිත ගැටලුවලට කල් තියාම සූදානම් වන්න. සැලැසුම් කරන්න.

10. අරමුණ දියුණු කරන්න
නිතර අරමුණ ගැන සිතමින් එහි අඩුපාඩු සකස් කරගනිමින්, අරමුණ දියුණු කරගන්න.


හංසි ආටිගල

ලොවම වෙනස්කළ 'පිස්සු' අදහස් 15ක්.


ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක්, නිපැයුමක්, මේ වගේ දේවල් වලදී බොහෝ දෙනෙක් හිතන්නේ හොඳම අදහස (idea) තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒත් හොඳම අදහස තිබුණ පමණින් ඒ ව්‍යාපාරය හෝ නව නිර්මාණය සාර්ථක වේවි ද? ඉතින් අපි අද කියන්න යන්නේ මුලදී පිස්සු අදහසක් කියලා හැමෝම අහකදාපු, ඒත් කාලයත් එක්ක සීග්‍ර දියුණුවක් ලබපු අදහස් කිහිපයක් ගැනයි.


Facebook: ෆේස්බුක් කරළියට එන කාලයේ MySpace, Friendster වගේ වෙබ් අඩවි රජකරපු කාලයක්. ඒ නිසා බොහෝ දෙනෙක් සිතුවේ ෆේස්බුක් තවත් එක් Friendster එකක්, MySpace එකක් වෙයි කියලයි.

Dropbox: ඩ්‍රොප්බොක්ස් කියන සේවාව එලියට එන කාලයේ ඔබේ ලිපි ගොනු sync කරන්න, share කරන්න පුළුවන් සේවා ගණනාවක්ම තිබුනා. ඒ වගේම මයික්‍රාසොෆ්ට් වගේ දැවැන්ත සමාගම් වලින් ලබා දෙන file sharing සේවාවන් පවා තිබුනා. ඒත් ඒ වෙනකොට තිබුනු අනෙක්ත් සේවාවන් වලට වඩා Dropbox හි වෙනස වුනේ සාමාන්‍යෙයන් අවශ්‍ය files පමණක් upload කරනවා වෙනුවට ඔබේ සියළුම files වුනත් upload කිරීමේ හැකියාව ලබාදීමයි. උදාහරණයක් විදියට ඔබේ ජංගම දුරකථනයෙන් ලබාගන්න සියළුම ඡායාරූප dropbox වෙතට ස්වයංක්‍රීයව එක් කල හැකියි.

Amazon: ඇමසන් සමාගම ආරම්භ කලේ අන්තර්ජාලය හරහා පොත් විකුණන්නටයි. ඒත් ඒ කාලයේ කිසි කෙනෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් දත්ත අන්තර්ජාල ගණුදෙනු සඳහා යොදාගන්නට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම Shipping Cost ලෙස අමතර මුදලක් ගෙවන්නටත්, පොත් ලැබෙනකම් සතියක් විතර බලාගෙන ඉන්නටත් පාරිභෝගිකයින්ට සිදු වුනා. හැබැයි එසේ වුනත් පොත් සාප්පු වල රස්තියාදු නොවී අන්තර්ජාලය හරහා පොත් මිලදී ගන්නට ක්‍රමක්‍රමයෙන් බොහෝ දෙනෙක් පුරුදු වුනා.

Virgin Atlantic: වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවාව ආරම්භ කල සමයේ එයත් දහස් ගණනක් ගුවන් සේවාවන් අතරින් එකක් විතරයි. ඒත් සාමාන්‍ය ගුවන් සේවාවකදී ලබාදෙන ආරක්ෂණ උපදෙස් මාලාව වෙනුවට, හාස්‍යජනක වීඩියෝවකින් ආරක්ෂණ උපදෙස් ලබාදෙන්නට වර්ජන් සමාගම තීරණය කලා. ඒ පුංචි වෙනස අනෙකුත් ගුවන් සේවා අභිබවමින් ඉහළටම පියඹා යන්නට වර්ජින්ට පියාපත් දුන්නා. ඒ වගේම සමාගමේ නමත් ඒ සඳහා ලොකු දායකත්වයක් ලබා දුන්නා. :)

Mint: මින්ට් කියන්නේ බැංකු තොරතුරු, මූල්‍යමය තොරතුරු එක්කාසු කර විශ්ලේෂණයට යොදාගන්න සේවාවන් සියගණනක් අතරින් එක් සේවාවක්. ඒත් කොළ පැහැ අක්ෂර රටා වලින් බැංකු ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය වැඩි ආකාරයකින් පෙන්වූ නිසා එය අනික් ඒවා අතරින් කැපී පෙනෙන වෙනසක් සිදුකලා.

iOS: iOS මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදීමේදී බොහෝ දෙනෙක් ඒ ගැන අප්‍රසාදය පළකලා. ඒ වෙනකොට තිබුණු මිලියන ගණනක් Mac OS, Windows හෝ Linux භාවිත කල හැකි උපකරණ කිසිවකට මේ නව මෙහෙයුම් පද්ධතිය සහාය දැක්වූයේ නැහැ. ඒත් ඉතාමත් ටික කාලයකින් ලොව වැඩිම දෙනෙක් භාවිත කරන මෙහෙයුම් පද්ධති අතරට එන්නට මේ මෙහෙයුම් පද්ධතියට හැකි වුනේ iPhone ජංගම දුරකථන සඳහාම වෙන්වූ මෙහෙයුම් පද්ධතියක් නිසාමයි.

Google: ගූගල් කියන්නේ ලොව මුල්ම සෙවුම් යන්ත්‍රය නෙවෙයි. දෙවෙැනි සෙවුම් යන්ත්‍රයත් නෙවයි. 20 වැනියට නිකුත් කල සෙවුම් යන්ත්‍රය තමයි Google කියන්නේ. ඒත් ඒ වෙනකොට තිබුනු සෑම සෙවුම් යන්ත්‍රයකට වෙබ් පිටුව වෙළඳ දැන්වීම්, විවිධ අනවශ්‍ය අංගම වලින් පිරී තිබුනත් Google හි තිබුනේ කුඩා Text Box එකක් විතරයි. අන්න ඒ වෙනස තමයි Google ගේ සාර්ථකත්වයට හේතු වුනේ.

GitHub: නොමිලයේ ලබාදෙන මෘදුකාංග යොදාගෙන නොමිලයේ ලබාදෙන මෘදුකාංග නිර්මාණය කරන්නට සල්ලි වියදම් කරලා ගිණුමක් පවත්වාගෙන යන්නේ කවුද? ඒත් GitHub භාවිත කරන අය ඒ දේ කරනවා.

PayPal: වැඩි ආරක්ෂාවක් නැති AOL හෝ Yahoo ඊමේල් ලිපින යොදාගෙන මුදල් හුවමාරු කරන්නට අන්තර්ජාලය යොදාගනීවි කියන එක ඒ දවස් වල කවුරුත් විශ්වාස කලේ නැහැ. ඒත් අද වෙනකොට ලොව අංක එකේ මුදල් හුවමාරු වෙබ් අඩවිය බවට PayPal පත්වී හමාරයි.

Instagram: ෆිල්ටර්ස් ! ඔව් ෆිල්ටර්ස් විතරයි. ජංගම දුරකථන ඡායාරූපකරණය වෙනස්ම දිශාවකට යොමුකල මේ ඉන්ස්ටර්ග්‍රෑම් වල සාර්ථකත්වයට හේතු වුනේ මේ ෆිල්ටර්ස් ටික විතරයි.

LinkedIn: වෘත්තීය මට්ටමේ සමාජ ජාලයක්. මුලදී වැඩිදෙනෙක් කිව්වේ මේ අදහස කිසි වැදගැම්මකට නැති අදහසක් ලෙසයි. ඒත් අවුදුරු ගාණකට සැරයක් හරි රස්සාවක් හොයගන්න ඕන වුනාම LinkedIn භාවිත කරන පිරිස එන්න එන්න ඉහළගියේ සැවොම පුදුමයට පත්කරමිනුයි.

Tesla: බැටරි හදලා විකුණනවා වෙනුවට ටෙස්ලා සමාගම කලේ බැටරි වලින් සුපිරි කාර් එකක් හදලා විකුණන එකයි. ඊට අමතරව ටෙස්ලා බෙදාහැරීමේ ජාලයක් වගේම බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ජාලයකුත් මේ සඳහාම නිර්ාණය කරන්නට ටෙස්ලා සමාගමට සිදුවුනා.

SpaceX: නාසා සමාගමට හැකි නම් අපිට බැරි ඇයි. SpaceX හි නිර්මාතෘන් සිතුවේ එහෙමයි. ඒ අනුව ලොව ප්‍රථම අභ්‍යාවකාශ සංචාරක ව්‍යාපාරයේ ආරම්භකයා වුනේ SpaceX සමාගමයි. ඉතින් දැන් ඩොලර් මිලියන ගණනක් දීල අභ්‍යාකාශයට විනෝද චාරිකා යන්න පෝලිමේ ඉන්නත් වෙලා.

Firefox: පරිගණක අතරින් 90% පරිගණක වල මෙහෙයුම් පද්ධතිය සමඟම වෙබ් බ්‍රව්සරය පැමිණියත් Mozilla සමාගම අලුතෙන්ම වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කලා. විශේෂත්වය වුනේ පහසුව සහ වේගය යි.

Twitter: ට්ව්ටර් වෙලාවකට Email වගේ, SMS වගේ, නැතිනම් RSS වගේ. හැබැයි ඒ හැමදෙයකටම වඩා සරල දෙයක් ට්විටර් සිදුකරන්නේ. කවුරුහරි කෙනෙක් කරන දේවල් දැනගන්න මේතරම් පිරිසක් කැමති වේ යැයි කිසි කෙනෙක් හිතන්න නැතුව ඇති නේද?



මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

සරසවිය එපා කියා නව මගක ගිය සුරූපී ඈ අද ළාබාලම බිලියන කතයි.



ස්වෝත්හාසයෙන් බිලියන පතියෙකු වූ ළාබාලතම ඇමරිකානු තරුණියගේ වයස අවුරුදු 30 ක් පමණි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතර මගදී නතර කරන ඇය විසින් ගොඩනැගූ සමාගම විසින් මේ වනවිට මිලියන ගණනක්වූ ඇමරිකානුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු වෙනස් කිරීමට සමත්ව තිබේ.

ඇයගේ නම එලිසබෙත් හෝල්ම්ස් වන්නීය. තමාගේම සමාගමක් ආරම්භ කිරීමේ අරමුණෙන් අවුරුදු 19 දී විශ්ව විද්‍යාලයෙන් අතර මගදී ඉවත්වන ඇය දෙමව්පියන් ඇයගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කර තිබූ සුළු මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරමින් Theranos නැමති සමාගම ආරම්භ කර ඇත.

සිරින්ජර් කටුවකින් ඇන විශාල ලේ ප්‍රමාණයක් ලබා ගනිමින් රිදුම්කාරී ලේ පරීක්ෂා කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කරමින් මෙම සමාගම විසින් ලේ බින්දුවක් ලබාගැනීමෙන් විවිධ රුධිර පරීක්ෂණ 70 ක් තරම් විශාල ප්‍රමාණයක් සිදුකිරීමේ අළුත් ක්‍රමයක් ඇමරිකානුවන්ට හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමය ඇමරිකානුවන් විසින් වේගයෙන් වැළඳගත් අතර හෝල්ම්ස් විසින් 2003 වසරේදී ආරම්භ කළ සමාගම වේගයෙන් දියුණු වන්නට විය.

මේ නිසා, ඇය ඇමරිකාව පුරාම මේ ආකාරයෙන් රුධිර පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන ව්‍යාප්ත කළේය. කෙටි කලකින්ම ඇය ඇමරිකාවේ ළාබාලතම බිලියනපති කාන්තාව වූවාය.

මෙම වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා තිබෙන්නේ බොහෝ තරුණ තරුණියන්ට ඉතාමත් ප්‍රායෝගික අදහස් තිබෙන නමුත් ඒවා ක්‍රියාත්මක නොකර නොයෙක් වෘත්තීන්හි නියැලී සිටින බවයි.

ළාබාල වියේදීම තමන්ගේ අදහස් ක්‍රියාවට නැගීමට හැකිවූ බව ඇය තමන්ගේ සාර්ථකත්වය ගැන අදහස් දක්වමින් පවසා ඇත.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....