Showing posts with label Oshadi Himasha. Show all posts

පත්තරේක කවරයක් දැකලා එයා මට කතා කළා : ඕෂධී


ඕෂධී... මේ දවස්වල වැඩ වැඩියි වගේ...?

ඔව්... මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දවස්වල සිද්ධ වෙනවා. මම මුලින්ම රඟපෑවේ උදය කාන්ත වර්ණකුලසූරිය මහතාගේ “වස්සානයේ සඳ” චිත්‍රපටයේ. ඒක මේ දිනවල තිරගත වෙනවා. දෙවැනියට මම රඟපෑවේ “Face To Face” චිත්‍රපටයේ. තුන්වෙනියට රඟපාන්නේ “මම Miss ජෙනිස්” චිත්‍රපටයේ. ඒක සුසිරන් ද සිල්වා මහතාගේ අධ්‍යක්ෂණයක් “මම Miss ජෙනිස්” සුසිරන් අයියගේ පළවෙනි චිත්‍රපටය. ඉතින් මේ වෙනකොට ඒ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ඇත්තටම ඒක හරි අපූරු අත්දැකීමක්. 

මේ දිනවල ඕෂධී රඟපෑ මුල්ම චිත්‍රපටය “වස්සානයේ සඳ” තිරගත වෙනවනේ මොකද හිතෙන්නේ?

ඔව්... උදය කාන්ත වර්ණසූරිය අයියාගේ “වස්සානයේ සඳ” චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒකේ මම රඟපාන්නේ නතාශා කියන චරිතයයි. ඉතින් ලැබෙන ප්‍රතිචාර ඇත්තටම හොඳයි. මගේ පළවෙනි චිත්‍රපටය මේ කාලයේ තිරගතවීම ගැන ඇත්තටම තියෙන්නේ ලොකු සතුටක්. 

“වස්සානයේ සඳ” සිනමා නිර්මාණයට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද...?

මේ අවස්ථාව මට ලැබුණේ මම හිටපු පුවත්පත් කවරයක් දැකලා. ඒක දැකපු උදය කාන්ත අයියා කතා කරද්දී මට පුදුම හිතුණා. මම ගොඩාක් සතුටු වුණා. එදා මම මුලදී හිතුවෙම නැහැ ඒ කතා කරන්නේ උදය කාන්ත අයියා කියලා. ඒ තරමටම මම පුදුම වුණා. මම හිතුවෙම මගේ යාළුවෙක් බොරුවට මට කතා කරනවා කියලයි. කොහොම හරි උදය කාන්ත අයියා කියලා දැනගත්තාම මම ඉතා සතුටින් ඒ අවස්ථාව බාරගත්තා. “වස්සානයේ සඳ” චිත්‍රපටය කරද්දී කැමරා අධ්‍යක්ෂණය කළ අයේෂ්මන්ත අයියා සහාය අධ්‍යක්ෂණය කළ ඩෝනල්ඩ් අයියාට ඇතුළු මුලු කණ්ඩායමම මට ලොකු සහයෝගයක් ලබලා දුන්නා. 

පුංචි කාලේ ඉඳන් ඕෂධී ආසාවෙන් හිටියේ කලාවට සම්බන්ධ වෙන්නද...?

නැහැ... එහෙම කැමැත්තන්නම් තිබුණේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම මගේ හීනය වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වීමයි. මගේ පෙනුමත් එක්කම අපේ ගෙදරින් නිතරම මම “ලොකු වුණාම ගුවන් සේවිකාවක් වෙන්න” කියන හීනය දාලයි තිබුණේ. ඉතින් ඒක තමයි නිතැතින්ම මගේ හීනයක් වුණේ. 

ඒ හීනේ වෙනස් වුණේ කොතනින් ද...?

මගේ පුංචිට ඒ දවස්වල සැලෝන් එකක් තිබුණා. ඉතින් මනමාලියන් දැක්මවලට තරගවලට පුංචි මාව තමයි ඒ දවස්වල ඇන්දවූවේ. ඉතින්... ඒ හරහා තමයි මාව මේ නිරූපණ ක්ෂේත්‍රයට මුලින්ම යොමුවුණේ. මගේ ගම හික්කඩුවේ. මම හැදුණේ වැඩුණේ හික්කඩුවේ. මේ ක්ෂේත්‍රයට මම ගමකින් ආපු කෙනෙක්. මම ඉගෙන ගත්තේ අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකාවේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගීයි, මල්ලියි. මම පවුලේ වැඩිමලා. මගේ තාත්ති ව්‍යාපාරිකයෙක්... අම්මා ගෘහණියක්.



ඕෂධී කලාවට සම්බන්ධ වීම ගැන දෙමව්පියන්ගෙන් කැමැත්තක් තිබුණා ද...?

ඔව්... අම්මයි තාත්තයි අද වෙද්දී මම ඉන්න තැන ගැන ගොඩාක් සතුටු වෙනවා. මුලින් වුණත් ඒ දෙන්නාගෙන් ලොකු අකමැත්තක් තිබුණේ නැහැ. කවදාවක් “මේක කරන්න මේක කරන්න එපා” කියලා තහංචි දාලා නැහැ. ඒ නිසා එහෙම අකමැත්තක් එදා තිබුණෙත් නැහැ. අදටත් එහෙම අකමැත්තක් නැහැ. 

ඕෂධී අද රංගනයට එකතුවෙලා හිටියට ඕෂධී මුල් කාලයේදී ජනප්‍රිය වුණේ නිරූපණ ශිල්පිනියක් විදිහට... ඇතැමුන් නිරූපණ ශිල්පිනියක් දිහා බලන විදිහ වෙනස්...?

ඔව්... ඒක ඇත්ත. නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් දෙනා කරන කියන දේවල් නිසා සමහරු හැමෝම එකම මිම්මෙන් මනිනවා. ඒක නිරූපණ ක්ෂේත්‍රයේ දී විතරක් නෙමේ බොහෝ ක්ෂේත්‍රවලට පොදු දෙයක්. මම මියුසික් වීඩියෝ බොහෝමයකට දායක වුණා. ඒ අතරින් කිහිපයක් ගැන වරින් වර ඇතැමුන් කතාබහ කළා. හැබැයි ඉතින් ඒ තවත් එක් නිර්මාණයක් විතරයි. මම කවදාවත් මගේ හිතට එකඟ නැති කිසිදේකට සම්බන්ධ වෙන්නේ නැහැ. නිරූපණ ක්ෂේත්‍රයේ උස සහ ඇගේ හැඩය අත්‍යවශ්‍යයි. මම 5”5” උසයි. ඉතින් මම මගේ උස සහ ඇගේ හැඩය ගැන සතුටු වෙනවා. 

ඕෂදී දැන් මොකද හිතන්නේ.. නිරූපණ ක්ෂේත්‍රයද...? රංගනයද...? ඉදිරියේදී තෝරා ගන්නේ...?

මම මේ ක්ෂේත්‍රයට එකතුවෙන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහායි. අද වෙද්දී මම සිනමාවටත් එකතු වෙලයි ඉන්නේ. ඉතින් සිනමාවෙන් තව ඉස්සරහට යන්න ආසයි. ටෙලිනාට්‍යයවලටත් ආරාධනා කිහිපයක්ම ලැබුණා. හැබැයි තවමත් ඉදිරියට යන්න කැමැති නිරූපණ ශිල්පිනියක් විදිහටයි. ඉතින් ඒ දේවලුත් එක්ක ටෙලිනාට්‍යයකට දායකත්වය ලබලා දෙන්න කාලවේලාව මදිකමක් තියෙනවා. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයෙන් සහ සිනමාවෙන් පමණක් ඉදිරියට යන්න මම කැමතියි. 

“වස්සානේ සඳ” ඔබේ රූගත කිරීම් කළේ ඕස්ට්‍රේලියාවේයි...?

ඔව්... මම හිතන විදිහට “වස්සානේ සඳ” කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඒකේ රූගත කිරීම් කළේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරයි. ඒ දවස් ටිකනම් මගේ ජීවිතේ අමතක වෙන්නේ නැහැ. ඊට කලින් මම පොඩි පොඩි රටවල් කිහිපයක සංචාරය කරලා තිබුණට ඕස්ට්‍රේලියාව වැනි ලොකු රටකට මම ගිහින් තිබුණේ නැහැ. ඉතින්... ඒ ලබපු අත්දැකීම් හරි අපූරුයි. අපි සති තුනක් විතර ඕස්ට්‍රේලියාවේ නැවතිලා හිටියා. ඒ කාලය මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. 

“වස්සානේ සඳ” නතාෂාගේ චරිතය සිනමා නිර්මාණය ඔස්සේ දකිද්දී ඕෂධීට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද...?

ඔව්... ඇත්තටම නිර්මාණය දකිද්දී මට මම ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්. “වස්සානේ සඳ” චිත්‍රපටයේ දී මම ලොකුවට රඟපාන්න තිබුණේ නැහැ. නතාෂා කියන්නේ දඟකාර සාමාන්‍ය යුවතියක්. ඉතින් මගේ ජීවිතයට ගැලපෙන චරිතයක් තමයි නතාෂා කියන්නේ. ඉතින් මගේ පළමු රංගනය පිළිබඳව මම සෑහීමකට පත්වෙනවා. උදය කාන්ත අයියා වගේම බොහෝ දෙනා ඒ පිළිබඳව හොඳ ප්‍රතිචාර දැක්වූවා. ඉතින්... මම හිතන්නේ නතාෂාව මම මට පුළුවන් උපරිමයෙන් සාධාරණයක් කරලා තියෙනවා.

[Text – Dishani / Sarawita]

Oshadi Himasha Chavindi

Talent - Oshadi Himasha Chavindi
Photography by - Thilina Ben Photography








මට බිකිණිය අමුතු නැහැ - ඕෂධී හිමාෂා


ඇය ඉරාජ්ගේ ආශාවරී වීඩියෝව හරහා රටක් කැළඹීය. ආශාවරී එහි ඇගේ රංගනය ගැන නොයෙක් දෙනා නොයෙක් කතා කීවෝය. ඇතැමුන් ඇයව එම චරිතයෙන් මැන්නෝය. එහෙත් ඇයට නම් ඒ වගේ වගක් නැත. සිතට එකගව රංගනය නම් ඇගේ වෘත්තියෙහි නියැලෙන්නීය. මියුසික් විඩියෝ ලොව පුබුදුවාලු ගිනිසිළුව ලෙසට අප ඇයට අන්වර්ථ නමක් තබන්නේය.

ඕෂධී හිමාෂා චාවින්දි. ඒ ඇගේ ඇත්ත නමය.


  • ඕෂධී ඔබව වඩාත් අප හඳුනා ගන්නේ ආශාවරී හරහා. එහෙත් ඔබ කලක සිට ක්ෂේත්‍රයේ රැඳී සිටියා නේද?

ඔව්. ආශාවරී සිංදුවෙහි රගපාද්දී මා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහකට හයකට වැඩියි. මාව ආශාවරී හරහා වඩාත් හඳුනාගත්තා. ඊට ප්‍රථම මාව හඳුනපු කොට්ඨාසයකුත් හිටියා. නමුත් ඔෂධී හිමාෂා කියන නම වඩාත් ජනප්‍රිය වුණේ ආශාවරී හින්දා.


  • හිතේ දෙගිඩියාවකිකන් නෙවෙයි ද එහි රගපැවේ?

කොහෙත්ම නැහැ.


  • - ඔබ එම වීඩියෝවේ එක්තරා අවස්ථාවකදී අඩ නිරුවතින් රංගනයේ යෙදෙනවා?

මං එහි ඇඳගෙන හිටියේ බිකිනියට වඩා ටිකක් දිග ඇඳුමක්. ඒත් මට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. රංගනය දැන් මගේ ජොබ් එක. මම මගේ වෘත්තීයට සාධාරණයක් කළා.


  • එම වෘත්තීයට සාධාරණයක් වන්නේ ඒ වාගේ ්චරිත රගපෑමෙන්ද?

මං ඔය ප්‍රශ්නයට මෙහෙම පිළිතුරක් දෙන්නම්කො. ආශාවරී කියන්නේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන ගීතයක්. ඒක දිහා හරි ඇසකින් බැලුවොත් ඒක තේරේවි. මට ඔය වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් රංගන ආරාධනා ලැබුණා මියුසික් වීඩියෝවලට ඒ වගේ චරිත සඳහා. නමුත් මං ඒ සියල්ලම අත හැරියා. මොකද ඉන් සමාජයට සෙතක් නැහැ.


  • සාමාන්‍යයෙන් ඔවැනි චරිතයක් රගපෑවම අපේ සමාජයේ ඇතැම් උදවිය චරිතයෙන් නිළියව මනිනවා. ඒ ඔස්සේ ඔබට අයුතු යෝජනා එහෙමත් එන්න ඇති?

වාසනාවට එහෙම වුණේ නැහැ. මං විවාහකයි. ඒකත් බලපාන්න ඇති මට මානසික පීඩනයට පත්වන දේවල් නොවෙන්න.


  • ඔබේ සැමියා ගැන විස්තර කියන්න පුළුවන්ද?

මොකද බැරි. මගේ සැමියා චානක අමිත්. අපි දෙන්නගෙම ෆස්ට් ලව් එක මේක. කාලයක් තිස්්සේ අප හඳුනනවා. එයාගෙන් අහලා තමයි මං සෑම නිර්මාණයක්ම බාර ගන්නේ.


  •  ආශාවරී පවා?

ඔව්. මෙහිදී තව දෙයක් මතක් කළ යුතුයි. අපේ ගම හික්කඩුව. සංචාරකයින් බහුල ප්‍රදේශයක්. එහිදී නිරන්තරයෙන් විදේශික කාන්තාවන්ව බිකිිනියෙන් දක්නට පුළුවන්. එහෙයින් අපේ ගෙදර අයට පවා බිකිනිය අමුතු දෙයක් නෙවෙයි.


  • ඕෂධී ටෙලි නාට්‍යවලට රගපාන්න ආරාධනා ලැබුණේ නැතිද?

මං ටෙලි නාට්‍ය බාර ගන්නේ නැහැ.


  • ඇයි ඒ?

ටෙලිවලට ගියාම මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ සියල්ලටම වඩා මට මගේ පවුල් ජීවිතය වැදගත්. ඒකට මූලිකත්වය දෙන නිසා ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරන්න වෙනවා.


  • ඔබ සිනමාවට පිවිසි උදයකාන්ත වර්ණසූරියගේ වස්සානේ සඳ සිනමාපටය ගැන කතා කළොත්?

මං ගොඩක් වාසනාවන්ත වුණා උදයකාන්ත වර්ණසූරිය වගේ සිනමාකරුවකුගේ චිත්‍රපටයක් ඔස්සේ සිනමාවට එන්න. මං ඔහුට ස්තූතිවන්ත වෙනවා. එහි මගේ චරිතයේ නම නටාෂා. මගේ පෞද්ගලික ජීවිතයට වඩා සමීප චරිතයක්. මගේ රූගත කිරීම් තිබුණේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මං එහි සතුටින් රගපෑවා.


  • ඕෂධීගේ මිල දැන් ටිකක් ඉහළ ගිහින් ඇති?

අන් අයගේ මිලට සාපේක්ෂව මගේ මිල වැඩි ද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් මට සරිලන මගේ මහන්සියට අදාලව මිලක් මං අය කරනවා.


  • මෙරට නිෂ්පාදනය වන නිරුවත් දර්ශන සහිත චිත්‍රපටයකට කතා කළොත් ඕෂධී මොකද කියන්නේ?

මං කියන්නේ බැහැ කියන එක.


  • හේතුව?

මං වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රගපාන්නේ නැහැ කියන අදහසින් ඉන්නේ.


  • සිනමාපටය සම්භාව්‍ය එකක් වුණොත් ඔබේ ප්‍රතිපත්තිය ඒකමද?

එතන්දි මෙහෙමයි, ඒ වගේ වෙලාවකදී මං ගෙදරින් අහලා බලනවා. තවම එවන් වූ අවස්ථාවකට මුහුණ දීලා නැහැ.

සටහන - ප්‍රසාද් සමරතුංග 

Oshadi Himasha

Talent : Oshadi Himasha Chavindi
Photos by :viraj Fernando (vm studio)
MUA :Dushmantha Shanaka kumara










ආශාවරී | Oshadi Himasha

Talent  : Oshadi Himasha










Oshadi Himasha

Sri Lankan Model Oshadi Himasha. 
Photography by Kasun Di Smaranayake.






ඕෂධී ගල්කිස්ස වෙරළේදී කළ වැඩක්.

ඕෂධි හිමාෂා ගේ  මුහුදු වෙරළේදී ගත් සුන්දර ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. එම ඡායාරූප පහතින් නරඹන්න.

Model – Oshadi Himasha
Photography by PicturE CAFFè Photography & Cinematography.
For Bookings, and any other enquirers please call +94 777 994 714 OR email on picturecaffe@gmail.com




















Oshadi Himasha

Talent  : Oshadi Himasha