Showing posts with label You. Show all posts

එකමත් එක රටක...(කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි.)


උදෑසන ඇරඹෙයි. ටීවී චැනල ඔන් වෙයි. පුවත්පත් කියවන්නන් ඔළු තුළ ඇති ජාතිවාදී ගූ සියල්ල ජනතාවට ගසයි. ජනතාව ඒවා කැච් එකක් මෙන් අල්ලා රසවිඳියි. පත්තර නොකියවයි.

උදෑසන ගතවෙයි. රසමසවුළු සියල්ල රූපවාහිනියේ ඉදෙයි. රස නහර පෙරළි කරණම් ගසයි. කිසි රසක් නැති කුස්සි පාළුයි.


දහවල එළඹෙයි. ‘තෙරුවන් සරණ අයදින බෝධි පූජා ගී , ‘ලොකු මිල මුදල්’ නෑ නෑ කියා නාහෙන් අඬන හැඬුම් ගී’ ගුවනේ මුසුවෙයි. එක හා සමාන තේරුම් ඇති - සමාන විෂුවල් ඇති - අපහසුවෙන් දඟලන ගායන විලාස ඇති මේවා දැක නංගිලා ජවයෙන් මත් වෙයි. අයියලා මොන සෙල්ලං දැම්මත් ඉජු ඉජු කී ඉක්මනට ළඟට කැන්දන විෂුවල් ලෝකය හැබෑ පොළොවට වඩා මොන තරං ෂෝයිදැයි සිතයි.

දහවල ගෙවෙයි. සුන්දරත්වය හිමි ජීවිත විකාශය කෙරෙන ෆිල්ම් වල පමණක් සිටියි. සැබෑ ජීවිත මහ පාරේ ගිනි අව්වේ කරවෙයි.

හැන්දෑව පැමිණෙයි - ගෙවෙයි. හුස්ම ගන්නා වීරයන් නොමැති හේතුවෙන් කාටුන් ජීවිත දරුවන්ගෙ ලොව රජවෙයි. දරුවෙක් පාසලේදී තමන්ගෙ වීරයා ගැන ලියන්නැයි කී විට මෙසේ ලියා තිබෙයි. මගේ වීරයා සෝනික්. එයා හැමදාම දිනයි. පරාජය නොවෙයි. ඒ කොණ්ඩය තියෙන විදිහට මං ආසයි. මගේ වීරයාට බුදු සරණයි.

රාත්‍රිය සැරසෙයි. සුටු සුටු ගා සියලු වැඩ හමාර කොට මව්වරු දූවරු හා පුතුන් සාලයට රැස්වෙයි. ‘ඊයෙ අරකිට මොකෙයි වුණේ පැනල ගියැයි ?’ මිත්තණිය අසයි. ‘පිස්සුද පැනල යන්න ඔන්න මෙන්න තියෙද්දි බඩු මාට්ටු’ චූටි නංගී උත්තර දෙයි. හඬා දොඩා හඬ කැවූ ඉෂිතාගේ සුදු මූණ ඉඹ ඉඹ මෙහෙ මූණු බුකවගෙන නින්දට යයි.

උදෑසන එළඹෙයි. අලුත් දවසක පරණ සිද්ධි සියල්ල නැවත නැවත - නැවත නැවත සිදුවෙයි !


සටහන - කසුන් මහේන්ද්‍ර හීනටිගල












බොඳ වුණු සංක්‍රාන්ති සිතුවම.


ජිවිතේ සංක්‍රාන්ති සමයක කොහේදෝ ඉදන් අහම්බෙන් වගේ මගෙ ජීවිතේට එබුනු ඔයා මටත් නොදැනිම මගේ ජිවිතේ ලස්සනට සිතුවම් කරලා.....

මංවත් නොදැකපු ලස්සන හීන අනාගතයක් සිතුවම් කරපු ඔයා , 
ඔයාගෙ ආදර පාට පෙට්ටියෙන් ඒ හීනෙට පණ දුන්නා.....

සත්තකයි ලස්සනයි ඒ හීනෙ...
මං ආදරෙයි....
ඒ හීනෙට...

අනේ ඒත් අද... 
මගෙම කදුලකින් ඒ හීන සිතුවම බොද වෙලා...

මගෙ ආදරණීය සිත්තරානෙනි... 
ඔබට පමණයි නැවතත් මගෙ දිවියට පාට පෙවිය හැක්කේ.... 
වග බලාගනිමි නැවත ඒ සිතුවම බොද නොවෙන්නට.... 
ඉඩ දෙනවානම් රැක ගන්නම් මං...
අපේ හීනය 
අපේ අනාගතය 
අපේ ජිවිතය 
අපේ ප්‍රාර්ථනාවන්....

කළු සුදු මගෙ ජීවිතේට පාට පෙවූ පිණම ඇති නුබට 
ලස්සන දිවියකට උරුමකම් කියන්නට 
එපා නම් මම එහි රැදෙන්නට 
අවසරයි නික්මෙන්න.... 
සුභ පතමි නව දිවියකට මම 
ඔබේම ලස්සන අනාගතයේ....

ඉඩ දෙන්න සිත්තරාවියකට නුබෙ ලොවේ 
නතර වී නුබේ දිවියට අරුත්බර වර්ණයන් ගලපන්න
 දනිමි මම නොවන බව ඒ කෙනා....
සිත්තරෙක් වූ නිසාවෙන්ම 
නොහැක නුබට නුබේම දිවියට පාට පොවන්නට 
ලස්සන කරගන්නට එය... 
රැදෙන්න ඔබේම ලොවක් තුළ 
කිරුළු දරමින් ප්‍රීතියේ....


~~~ Samadhi Sankalpana Malalaweera ~~~
web.facebook.com/writer.sankalpana 


රට ගිය ස්ත්‍රීන් ගෙදර ආවොත්....?


හොඳ නරකත් ගෑනු පිරිමිත් වශයෙන් කෙරෙන කතාබහේදී වැඩිපුරම හොඳ මිනිසුන් බවට පත්වන්නේ පිරිමිය. ඊට හේතුව නම් මේ ලෝකයේ බොහෝ දේවල නිර්මාණ අයිතිය අදටත් පිරිමින් සන්තකයෙහිම පැවැතීමය. එහෙත් අතීතයට සාපේක්ෂව අද වනවිට ශ්‍රී ලාංකික කාන්තාව නිවෙසින් පිටතට පැමිණීමේ ප්‍රවණතාවෙහි වර්ධනයක් දකින්නට ලැබේ. එමෙන්ම ඉන් නොනැවතී විවිධ විෂයන්හි කෙළවරට පැමිණෙමින් සමාජයෙහි ප්‍රගතිශීලී භූමිකාවන්ට පණපොවන්නට ඔවුහු කටයුතු කරමින් සිටිති. ඔවුන් කවර කාර්යක් කළ ද පැමිණෙන ප්‍රශ්නවල නම් අවසානයක් නැත. ඒ බව නම් පැහැදිලිය.

ජීවිතයේ තරැණ අවධියේදී අධ්‍යාපන කඩඉම්වලින් ඉදිරියට පැමිණීමේ දී අද දවසේදී ශ‍්‍රී ලාංකීය පුරැෂයාට සාපෙක්ෂව ශ‍්‍රී ලාංකික කාන්තාව සිටින්නේ ඉදිරියෙනි. අධ්‍යාපන තත්ත්වය සම්බන්ධයෙන් වූ දත්ත වාර්තා විමසීමෙන් එය පැහැදිලි වේ. විශේෂයෙන්ම සරසවි වරම් ලබන තරැණ පරම්පරාවෙහි සැළකිය යුතු කොටසක් වී ඇත්තේ ශිෂ්‍යාවන්ය. අවාසනාවන්ත කාරණය වන්නේ සරසවි දිවියෙන් පසුව ඔවුන්ට උරැම වන දිවියයි. තරැණ සමයේ කවර මට්ටමින් ඉදිරියට පැමිණිය ද ජීවිතයේ දෙවැනි ඉනිමේදී යළිත් ඇයට පණපොවන්නට සිදුවන්නේ සම්ප්‍රදායික ආසියාතික ගැහැනියටමය. ජීවිතයේ සැළකිය යුතු කාලයක් සිය පියාගේ භාරයට පත්ව සිටි ඇය ඉන්පසු ක‍්‍රමානුකූලව ස්වාමි පුරැෂයාගේ පාලනයට අණසකට යටවන්නේ නිරායාසයෙනි. 

මේ තත්ත්වයට මුහුණ නොපා කිසියම් බාධා මැද වුවද තමන් ලබාගත් අධ්‍යාපනයට සරිලන රුකියාවක නිරතවන තරැණියෝ ද වෙති. එහෙත් ඇයට ද ස්ත්‍රිය සම්බන්ධයෙන් වූ සම්ප්‍රදායික සංස්කෘතික මිථ්‍යාවන්ගෙන් ගැලවීමක් නම් නැත. පොදු සමාජයටත් වඩා ඇයට ප්‍රශ්න එන්නේ තම පවුලෙන්මය. මෙම පැති දෙකින්ම තැලී පෙළී රුකියාවක නිරතවීම ඇයට මහත් පීඩනයකි. මේ නිසා අධ්‍යාපනයේදී ජයග්‍රහණ අත්පත් කරගත් ලාංකීය ස්ත්‍රිය දිවියේ දෙවැනි ඉනිමේදී ස්වාධීනත්වය සම්බන්ධයෙන් මුහුණ දෙන ප්‍රශ්න ගැන මීට වැඩි සමාජ අවධානයක් යොමුවිය යුතුය. 

ශ‍්‍රී ලාංකික කාන්තාවගේ ජයග‍්‍රහණ සම්බන්ධයෙන් කතා කිරීමේදී බොහෝ දෙනා මහත් බරක් තබා සිහිපත් කරන එක් අංශයක් වන්නේ පාර්ලිමේන්තු දේශපාලනයයි. ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක එසේ කතා කරන බොහෝ දෙනාගේ මුවඟ රුදුණු පළමු නමයි. අප කෙතරම් ප්‍රීතියකින් ඒ ගැන කතාකළත් ඇයගේ දේශපාලන ආගමනයෙහි ස්වභාවය අපි හිතාමතාම අමතක කරමු. ඇත්ත වශයෙන්ම සිරිමාවෝ මැතිනිය අගමැති පුටුව දක්වා ගෙනගොස් වාඩිකරනු ලැබුවේ තම ස්වාමි පුරැෂයාගේ මරණයෙන් ඇති වූ හිස්කම වැසීමට හටගත් සමාජ බලවේග විසිනි. ඉන්පසුව ලංකාවේ නම් දැරෑ බොහෝ දේශපාලන කාන්තා චරිත නිර්මාණය වූයේ ඒ ඇසුරෙනි. ඒ හැර බලය අත්පත් කරගත්තා නම් ඒ ඉතාමත් ආකස්මික ජනාකර්ෂණයෙනි. 

ආසියාතික සමාජයෙහි කුඩා කල පටන් ස්ත්‍රිය ඇතිදැඩි වන්නේ සමාජයෙන් ආරෝපණය කරනු ලබන ස්ත්‍රීත්ව ගතිලක්ෂණ උරැම කරගෙනය. මේවා සංස්කෘතිය මඟින් බලහත්කාරයෙන් පටවන දේය. උපතේ පටන්ම ස්ත්‍රියටත් පුරැෂයාටත් වෙනම ලෝක දෙකක් නිර්මාණය වන්නේ ඒ අනුවය. මෙය ද එක්තරා ආකාරයක වර්ගභේදයකි. සිංහල බෞද්ධ සංස්කෘතික හැදියාවක් ගැන බණ දෙසන ඇතැම් විද්වතුන් පවා සිදුකරන්නේ මේ ක්‍රමය පවත්වාගෙනයෑමට උඩගෙඩි දීමය. එහෙත් මෙකී ඊනියා සංස්කෘතික අර්ථකතන සහ සත්‍ය සමාජය අතර තිබෙන්නේ විශාල පරතරයකි. ඊට හොඳම නිදසුන නම් මෙරටට ප්‍රධන වශයෙන්ම විදේශ විනිමය උපයා දෙන විදේශගත ශ්‍රී ලාංකික කාන්තාවන්ය. නිෂ්පාදන ආර්ථිකයක් ගැන කෙතරම් බණ කීව ද විදේශයන්හි සිටින වැඩකරන ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිස පෙරළා මේ රටට පැමිණියහොත් එමඟින් ඇතිවන බලපෑම ගිණිය නොහැකිය. ස්ත්‍රිය සම්බන්ධයෙන් ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන ඊනියා පුරැෂ බුද්ධිමතුන් මේ ගැන කියන්නේ කුමක්ද? අපේ පැනයට පිළිතුරක් දෙන්නේ නම් මැනැවි.


කාංචනා සමරසිංහ - ගාල්ල

30 Signs He’s in Love with You.


~30 Signs He’s in Love with You~


Y එයා ඔයාට අවවාද දෙනවා...ඔයා කැමති උනත් නැතත්...ඔයා එයාගෙන් උපදෙස් ඉල්ලුවත් නැතත්....

Y ඔයත් එක්ක ඉන්න හැම වෙලාවකම එයාගේ ශරීරය හැරිලා තියෙන්නේ ඔයාගේ පැත්තට...වෙන කෙල්ලෙක් දිහා බලන් හිටියත් ඒක එහෙම්මමයි....

Y එයාගේ පපුව හැරිලා තියෙන්නේ ඔයාගේ පැත්තට නම් , කතා කරන්නේ ඇස දෙක දිහා බලාගෙන නම් , එයා ඔයාට හුගක් කැපවීමෙන් ආදරය කරන කෙනෙක්....

Y  එයා ඔයා වෙනුවෙන් දොරවල් ඇරලා දෙන්න ඉදිරිපත් වෙනවනම් ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමේ..........එයා ඔයා ගැන වද වෙන නිසයි.....

Y  එයාගේ යාළුවන්ට ඔයාව අදුන්නලා දෙන හැම වෙලාවකම එයා ඔයාගේ අතකින් අල්ල ගනී , එහෙමත් නැත්තන් කර වටේට ඇත දාගනී. එයා ඔයාගේ කියලා අනිත් යට පෙන්නන්නයි එහෙම කරන්නේ. නිරායාසයෙන්ම එක වෙන දෙයක්....

Y  ඔයාට calls දෙයි. message කරන එක අද කලේ හැටියට සාමාන්‍ය දෙයක්. ඔයාගේ හැගීම් තේරුම් ගන්න වුවමනාවක් තියෙන කෙනෙක් නම් එයා ඔයාට message කරනවට වැඩ call කරන්න වැඩි නැබුරුවක් දක්වනවා.දුරකතනයෙන් ඇහෙන ඔයාගේ කටහඩට , හුස්ම ගන්න සද්දෙට පවා එයා ආදරේ කරනවා.....

Y ඔයා වෙනුවෙන් ඔයා කැමතිම කෑම උයන්න එයා පුරුදු වෙනවා.

Y  ඔයාගේ රැකියාවේ විස්තර අහාවී හැමදාම. ඔයාට කම්මැලි උනත් ඒ දේවල් එයා දැනගන්න කැමැති ඔයා ඉන්න පරිසරය වටපිටාව වගේ දේවල්.

Y  ඔයාව පුදුම කරවන්න පුංචි පුංචි ලස්සන තෑගි අරන් ඒවි ඔයාව හම්බෙන හැම වෙලාවකම දෙන්න.පුංචි ටොපියකින් පවා එයා ඔයාට තියෙන ආදරේ පෙන්නාවි.

Y  එයාගේ අතින් සුළු වරදක් උනත් එය සමාව ගනීවි.නියම පිරිමියෙකුගේ ගති ලක්ෂණයක් වෙන වරද පිළිගැනීම ඉස්මතුවෙන විදියට එයා හැසිරේවි.........

Y  ඔයාගේ හුරතලාට එයාගේ හුරතලාට වගේම ආදරය කරාවි.....

Y ඔයා වෙනුවෙන් සින්දු කවි ලියාවි....

Y  ඔයාගේ පවුලේ අයට එයාගේ පවුලේ අයට වගේම ආදරය කරාවි.....සම විදියට සලකාවි.........දුක සැප හොයා බලාවි..........

Y  makeup දාගෙන ඉන්න වෙලාවටයි නැති වෙලාවටයි එයා ඔයාට එකම විදියට සලකාවි.මොකද නියම පිරිමියා සලකන්නේ කෙල්ලෙක්ගෙ ඇතුලත ලස්සනට මිසක් පිට ආටෝපෙට නෙමේ.makeup දාගෙන නොහිටියත් එයා ඔයාගේ හිතට / ගතිගුණ වලට ආදරය කරන නිසා එයට එකේ වෙනසක් නොපෙනේවි....

Y  පොඩි දෙකට පවා එයා ඔයාගෙන් අවවාද ගනීවි.

Y  ඔයා දිහා බලන හැම වෙලාවකම එයා හිනා වේවි......

Y  ඔයා ගිරවියක් වගේ කියවද්දී එයා වචනයක් වත් නොකියා ඔයා දිහාම බලන් ඉදිවී.............

Y  අනාගතය ගැන කතා කරන හැම වෙලාවකම “මම” වෙනුවට “අපි” කියලා කියාවි..........


Yසමාධි සංකල්පනා මලලවීරY



ගෑනුන්ට මල්කම් විතරම ද?


ලිංගිකත්වය යන කාරණයේදී ප‍්‍රධාන වශයෙන් හඳුනාගන්නේ ජීව විද්‍යාත්මක වෙනසයි. හෝමෝන, ප‍්‍රජනන ඉන්ද්‍රියන් අනෙකුත් මනෝ විද්‍යාත්මක කාරණා අනුව මෙම ලිංගභේදය හඳුනාගනී. එහෙත් අද වනවිට සිදුවන්නේ මෙසේ ජීවවිද්‍යාත්මකව ලැබෙන වෙනස ද ඉරණම හැටියට හැඳින්වීමය. මෙම ස්ත‍්‍රී පුරැෂභාවය අපට ජීව විද්‍යාත්මකව උපතින්ම ලැබෙන්නකි.  තාක්ෂණික වෙනස්කම් මත සමලිංගික විවාහ සිදුවන බව ලොවම දනී. එහෙත් ජීව විද්‍යාත්මකත්වය තුළ දරැවන් බිහිකළ හැක්කේ ස්ත‍්‍රියට පමණි. මක්නිසාදයත් ශුක‍්‍රාණු නිපදවිය හැක්කේ පුරැෂයන්ට පමණක් හෙයිනි. ජීවවිද්‍යාත්මක සත්‍ය කුමක් වුවද මේ ලෝකය විසින් නිර්මාණය කරනු ලැබූ හා අපේක්ෂා කරනු ලබන ලෝකයේද මේ දෙපාර්ශවයටම උරැම කර දී තිබේ. සැබැවින්ම මේ කාරණය ජීවවිද්‍යාත්මක ලොව පසුකර යන සංස්කෘතික ලෝකයකි. 

 ස්ත‍්‍රී පුරැෂ සමාජභාවය තුළ අවධාරණය කරන්නේ ස්ත‍්‍රී පුරැෂ සබඳතා තුළ ව්‍යුහාත්මකව මතු කරන සමාජ ඇගයීම් මාලාවකි. අප ස්ත‍්‍රීත්වය හා පුරැෂත්වය යන සංකල්ප ගොඩනගාගන්නේ මෙම සමාජීය ගොඩනැගීම් මත සිටය. එහිදී ස්ත‍්‍රීත්වය වටහාගැනෙන්නේ යටහත් පහත්බව, ශෝභමාන බව, ලාලිත්‍ය යන ගුණාංගයන් ගෙනි. එමෙන්ම පුරැෂත්වය වටහා ගැනෙන්නේ බුද්ධිමත්බව කලහකාරී බව යන ගුණාංගයන් ගෙනි. සැබැවින්ම පුරැෂයින්ගේ ශරීර ශක්තිය වැඩි හොමෝන නිසාය. වෙනස තිබෙන්නේ එතැන වුවත් ප‍්‍රශ්නය එය නොවේ. සමාජය සමාජ කාරණා මත පදනම්ව ස්ත‍්‍රියගෙන් හා පුරැෂයාගෙන් යම් යම් කාරණා බලාපොරොත්තුවීමය. 

නිදසුනකට කඳුළු අයිති ගැහැනුන්ටය යන විශ්වාසය ගනිමු. එහි අනෙක් පැත්ත නම් පිරිමි අඬනවා දකින්නට සමාජයේ ඇති අකැමැත්තය. එමෙන්ම ස්ත්‍රියක් ගහක් ගලක් මෙන් ඉන්නවාට ද සමාජය කැමති නැත. මේ අප කරන්නේ අන්කවරක්වත් නොව ජීව විද්‍යාත්මක වෙනසට සංස්කෘතික තේරැමක් දීමය. ඒ තේරැම දෙන්නේ ඉගෙන ගන්නා ලද හා හුරැ කරන ලද චර්යා පද්ධතියක් තුළින්ය. එයද පෞද්ගලික ආකල්ප අනුව වෙනස්වීමට පුළුවන. මෙම නිරෑපණයේ කාරකයා ස්ත‍්‍රියයි. එයින් අදහස්වන්නේ පුරැෂයා වෙන්කරගන්නේ ස්ත‍්‍රියගෙන් බවයි. ඒ අනුව මෙම සංකීර්ණ පද්ධතිය මෙහෙයවනු ලබන්නේ ස්ත්‍රිය විසින් බව හොඳින්ම පෙනේ.

ස්ත‍්‍රියගේ භෞතික හා කාය ව්‍යුහාත්මක සැකැස්ම නිර්මාණය වී ඇත්තේ සමාජය තුළ යටහත්පහත්භාවයක් සහ ගෘහස්ථ භූමිකාවකට ගැලපෙන ආකාරයටය. එය ගැහැනුන්ගේ පාපය, ඉරණම, දෛවය හැටියට සලකන සමාජයන් ගෝත‍්‍රයන් කණ්ඩායම් දකින්න පුළුවන්.  මේ තුළ තිබෙන්නේ ස්ත‍්‍රිය හෝමෝන නිසා යම්කිසි ආකාරයකට දුර්වලයි නම් ඒ නිසා යටත් විය යුතුය කියන කාරණයටත් වඩා පුරැෂයාට සංකල්පීය වශයෙන් වන යටත්භාවයයි. ස්ත‍්‍රිය ශාරීරිකව දුර්වලයි ද පුරැෂයා බලවත් යැයිද  යන මෙකී අදහස නිසා පුරැෂයන්ට ශාරීරික ලක්ෂණ පදනම් කරගෙන රාජකාරි පැවැරේ. බොහෝදුරට ගෘහයෙන් බැහැර රුකියාවලට යන්නට පිරිමියාට සිදුවන්නේ ඒ අනුවය. ශාරීරික ශක්තිමත්භාවය මත රුකියා කිරීම යනු පූර්ව ප්‍රාථමික හා කෘෂිකාර්මික යුගයන්ට මිස අපට ගැලපෙන්නක් නොවේ. විශේෂයෙන්ම සංවර්ධිත සමාජයක තාක්ෂණික මෙවලම් යටතේ කටයුතු කරද්දී මෙය ඒ තරම් වැදගත් සාධකයක් නොවේ. එහෙත් ස්ත්‍රිය හා පුරැෂයා අතර වූ භෞතික වෙනස ද අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. 

එහෙත් දියුණු වෙමින් පවතින ලෝකයේ ස්ත්‍රියට හිමි ඉදිරිගාමී තැන ලංකාවේදී ඇයට හිමි වී තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි. කොළඹ, මහනුවර හා ඊට යාබද තදාසන්න නගර කීපයක හැරැණු කල තාමත් ලංකාවේ පවතින සමාජ වටපිටාවෙහි ස්ත්‍රියට නිරතවන්නට සිදු වී තිබෙන්නේ සාම්ප්‍රදායික රුකියාවන්හි වීම ඊට හොඳ නිදසුනකි. ඊට අමතරව රජය මඟින් කාන්තාවන් වෙනුවෙන් සැකැසෙන අධ්‍යාපනික, තාක්ෂණික හා වෘත්තීයමය පාඨමාලා පුහුණු ද මෙම පීතෘමූලික මතවාදයෙන් වෙනස් වී නැත. මල්කම්, ඉවුම් පිහුම්, ගෘහ පාලනය, මැහුම් ගෙතුම් ආදියෙන් ඔබ්බට යමක් යෝජනා කරගන්නට ආණ්ඩුවත් අසමත් වී ඇත්තේ ද එහෙයිනි. එසේනම් සැමදාමත් මල්කම් කරමින් සිටිනවාද යන්න ශ්‍රී ලාංකික ස්ත්‍රිය දැන්වත් තේරැම් ගත යුතුය. 


-දිමුතු හංසිකා ප්‍රනාන්දු- මීගමුව 


අවදියෙන් 'ඇය' වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයයි! - Share against Domestic Violence.




ලෝකය තුළ වර්තමානයේ පවතින Digital තාක්ෂණය බොහෝවිට යොදා ගැනෙන්නේ සාමාන්‍ය එදිනෙදා සන්නිවේදන කටයුතු සඳහායි.

ඒත් එමගින් ලෝකයේ හතරෙන් තුනක් පමණ වෙනස් කල හැකියි. එහි සත්‍ය අසත්‍යතාවය ඔබට තේරුම් ගත හැකි වඩා බලවත් ඩිජිටල් ව්‍යාපෘතියක් පසුගියදා ක්‍රියාත්මක වුණා.


ඒ මේ දිනවල වඩා කතාබහට ලක්වන මාතෘකාව වන ස්ත්‍රී හිංසනයන්, අපචාරයන්, අතවරයන් සහ විශේෂයෙන් ස්ත්‍රී දූෂණයන් සම්බන්ධව බටහිර ලෝකය ක්‍රියාත්මක කල ඉතා විශිෂ්ට ගනයේ ව්‍යාපෘතියක්.





ගැහැනියකට සිදුව ඇති මේ තුවාල සහ හිංසනයන් නැති කර දැමීමට එදිනෙද මෙතනින් ඇවිද යන අය කල යුතු දේ ඉතාම සරලයි.



මෙතනින් ඇවිද යන හැම කෙනෙක්ම කැමරා මගින් නිරීක්ෂණය කෙරෙනවා. ඒ කීයෙන් කී දෙනෙක් මේ පුවරුව දිහා බලනවද කියන කාරණාව. 




වැඩි පිරිසක් මේ දිහා බලන්න බලන්න මෙහි සිටින කාන්තාවගේ කැළැල් මැකී යනවා.

මෙමගින් ලබා දෙන්නේ මෙම සියලු දේ නවතගනීමට අවශ්‍ය ඉතා සුළු ජන අවධානයක් යොමු කිරීම පමණක් බවයි.


මේ එළඹී ඇත්තේ ඇස කන පියාගෙන සිටිය යුතු කාලය නොව අවදියෙන් 'ඇය' වෙනුවෙන් පෙනී සිටිය යුතු කාලයයි.

Share if you stand against domestic violence!




- අනුෂි හක්මනගේ 




රජුට බයෙන් මුහුණේ පච්ච කොටන ගැහැනු.


මේ අන්තිම පරම්පරාව. මේ තලතුනා ගැහැනුන් පොළොව යට සැඟවුණු කල මේ ගෝත්‍රයේ සම්ප්‍රදායද සැඟව යනු ඇත. බුරුමයේ සීතල කඳු පන්ති පාමුල උණ කණු මත ඉදිවුණු පැල්පත්වල ජීවත් වන බුරුම ගෝත්‍රික ජනයා ඔවුන්ටම ආවේණික වූ සම්ප්‍රදායන්වලට නුදුරු අනාගතයේදීම ආයුබෝවන් කියනු ඇත.

ගැහැනිය සැබැවින්ම පිරිමියාට වඩා වෙනස්ය. ඇය සතු සිතුම් පැතුම්ද එකිනෙක වෙනස් වෙයි. බුරුමා ගෝත්‍රයේ ගැහැනුන්ද එසේමය. එකල බුරුමයේ සිටි රජවරු ගැහැනිය වහලියක කරන්න නියෝග නිකුත් කළහ. රජ කෙනකුගේ අණට පිටුපෑම බොහෝ භයානකය. සියුමැලි ගැහැනියක වහලියක සේ සිර කරන්න එකල රජුන්ට සිතුණේ ඇයිද යන්න ගැටලුවකි. එහෙත් එකල ගැහැනිය වහලියක නොවී ඇයටම දුක් වේදනා ලබා දීමට අදිටන් කොට ගත්තා වන්න පිළිවන. මේ බුරුමා ගෝත්‍රික ගැහැනුන්ගේ මුහුණුවල ඇත්තේ ඒ සලකුණුය.

පච්චා කෙටූ ගැහැනුන් සමාජයේ පහත් තැන්හිලා සැලකේ. සිරුරේ පච්චා කොටා ගන්නේ අභිසරු ලියන්ය. එසේත් නැතිනම් වීදි සරණා කාන්තාවන්ය. සමාජ විරෝධී කතුන්ය. සිරුරේ පච්චා කෙටූ ගැහැනිය ගැන සමාජය දකින්නේ ඒ අයුරිනි. මේ බුරුමා ගෝත්‍රයේ බොහෝ ගැහැනුන් සිරුරේ පච්චා කොටා ඇත. ඔවුන් සියල්ලක්ම වීදි සරණා කතුන් නොවෙයි. තම ආරක්ෂාව උදෙසා සිරුරේ පච්චා කොටාගත් එකියන්ය.

අතීත රජවරුන් වහලියක බවට පත් කරනු ඇතැයි බියෙන් ශරීරයට අනේක වද දෙමින් මුහුණේ පච්චා කොටාගත්තේ බුරුමා ගෝත්‍රයේ ගැහැනුන්මය. මුහුණේ පච්චා කෙටූ කල රජවරු වහලියක සේ එම ගැහැනුන් තෝරා ගැනීම ප්‍රතික්ෂේප කළහ. මුහුණ අවලස්සන වූ ගැහැනියක් නිතර දෙවේලේ දැකීම රජකුට එතරම් ප්‍රියජනක වූයේ නැති නිසාම මෙම ගෝත්‍රික ගැහැනු නිදහසේ වන භූමි තුළ ජීවත් වූහ.

හුදෙකලාව ජීවත් වන බුරුමා ගෝත්‍රික වයස් ගත ගැහැනුන් පවසන්නේ මුහුණ පුරා පච්චා කෙටීම පුරාණ සම්ප්‍රදායක් වුවත් එයින් ගැහැනියකගේ ලස්සන අහිමි වී යන බවයි. ඒ නිසා කිසිම විටෙක ගැහැනිය පච්චා කෙටීමට පෙලැඹීමද යුතු නොවේ යැයි ඔවුහු සිතති. එහෙත් එකල ජීවත් වුණු අම්මාවරු තම තරුණ දියණියන්ගේ මුහුණුවල බලෙන්ම වාගේ පච්චා කෙටූහ. එකක් ආරක්ෂාව උදෙසාය. අනෙක පච්චා කෙටූ ගැහැනුන් ලක්ෂණ බව ඔවුන් විශ්වාස කළ නිසාය. කෙසේ වුවද පච්චා කෙටීම යනු අතිශය වේදනාකාරී ක්‍රියාවකි. මුහුණේ අනෙක් තැන්වල කෙසේ වුවද ඇහි පියන් මත පච්චා කෙටීම සතියක් යනතුරු ආහාර ගැනීමවත් නිදා ගැනීමවත් කළ නොහැකි වේදනාකාරී අත්දැකීමකි.

බොහෝ ගැහැනුන් මකුළු දැලක් බඳු පච්චා කෙටීමට ප්‍රියතාවක් දක්වයි. ඒවා පිළිබඳ පුරසාරම් දෙඩීමට ඊටත් වඩා කැමැතිය. මිනිසුන් මකුළු දැල් වාගේම පැටලිලි සහගතයි. මකුළු දැල් මෙන් සිතිවිලි ගොතා ඒවා ගැහැනුන් යනෙන මඟ දෙපස අතුරා ගැහැනුන් දඩයම් කිරීමට පිරිමි බොහෝ සමර්ථය. මේ මකුළු දැල් පිළිබද බුරුම ගෝත්‍රික ගැහැනුන්ගේ මතයයි.

මේ ගෝත්‍රයේ ගැහැනු ගෙදර ‍ෙදාරේ සියලු වැඩකටයුතු කළ යුතුය. යම් හෙයකින් ගැහැනියට අයිති නිවෙසේ වැඩකටයුත්තක් පිරිමියකු අතින් ඉටු වුවහොත් එය මුළු ගෝත්‍රයටම නපුරක් සිදුවේ යැයි ඔවුහු විශ්වාස කරති. මැට්ටෙන් තැනූ දුම් පයිප්පයක් දෙතොලතර රඳවමින් දුම් උරනා ගමන්ම ගැහැනිය නිවෙසේ සියලු වැඩ කටයුතු ඉටු කරයි.

අද වන විට මේ ගෝත්‍රික ගැහැනුන්ට මුහුණේ පච්චා කෙටීම තහනම් වූ ක්‍රියාවකි. බුරුමා හමුදා ජුන්ටාව විසින් මුහුණේ පච්චා කෙටීමේ සම්ප්‍රදාය තහනම් කොට ඇත. යම් හෙයකින් මුහුණේ පච්චා කෙටුවහොත් දඩ ගෙවීමටද සිදු වෙයි. මිලිටරි ජුන්ටාව විසින් පච්චා කෙටීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට සෑහෙන පියවරක් ගෙන ඇත.


සවනි ශේෂාධි


බඳින්න මාස 16 යි! - Plan your wedding with SHII.


විවාහයක් කරගන්න යද්දී දැන් කලාවක් බවට පත් වෙලා තියෙන්නේ Event Planning කරන ආයතනයකට මේ සියලු වැඩ කටයුතු බාරදීලා, එදාට ගිහින් දෙයියනේ කියලා ගිහින් 'කසාදේ' කරගෙන එන එකයි. හැබැයි විවාහය කියන්නේ ඔබේ ජීවිතේ වැදගත්ම දවසනම් එදා දවස ඔබ ඔබට උවමනා විදිහට සැලසුම් කරන්න. Event Planner කෙනෙක්ගේත් අදහස් අරගෙන ඔබට වුවමනා ඔබ කැමති විදිහට වැඩේ කරන්න එයාලට බාරදෙන්න.

එහෙම නැතුව කවදාවත් එයාලට උවමනා විදිහට තමන්ගේ විවාහය කරන්නෙපා. හැබැයි කෙනෙක් හිතනවනන් ඒ ගැන තමන්ට කිසිම අවබෝධයක් නැහැ කියලා - මෙන්න එකට හොඳම උදවුව 'SHII' අපෙන්. හේතුව - ඔබ ඔබම නිසා.

Wedding එකට මාස 16 - 9 ත් අතර කාලය 

  • විවිධ මාතෘකා ගැන ලියවුනු Magazine එහෙම කියවන්න. - මේවා Wedding සම්බන්ධ ඒවම වෙන්න ඕනේ නැහැ. ගැහැනියක් විදිහට පුංචි පුංචි සුන්දර දේවල් එකතු කරගන්න පුළුවන් වෙයි.

  • වියදම (Budget) තීරණය කරන්න - ණය වෙලා කසාද බඳින්න වෙන්නේ මෙහෙම එකක් නැති උනාම තමයි.

  • ආරාධනා කරන ලැයිස්තුව අනුමාන කරන්න - බොහෝ දෙනෙක් හිතන්නේ මේක අන්තිමට කරන්න. හැබැයි ඉස්සෙල්ලම හිතන්න තමන් ආරාධනා කරන්නේ කාටද කියලා මොකද විවාහ උත්සවය සැලසුම් කරද්දී ඔයාට බහුතරයක් සහභාගී වෙන්නේ මොන වගේ අයද කියන එක වැදගත් වේවි.

  • ආරාධිත ලැයිස්තුව හදන්න - VIP අය, නෑදැයෝ, මිත්‍රයෝ අත්‍යවශ්‍ය හැම කෙනෙක්ම එක්ක කලින් ඔයා අනුමාන කරපු Target එකට අනුගත වෙලාම වැඩ කරන්න බලන්න. හේතුව වැඩි වෙන හැම කෙනාම ඔයාගේ සාක්කුවේ හිල වැඩි කරන නිසා.
  • Wedding Planner කෙනෙක් හොයාගන්න - මේ ඇයට පුළුවන් ඔයාට ගත කරන්න වෙන කාලය අඩු කරන්න වගේම පිළිවෙලට හැමදේම ලෑස්ති කරලා දෙන්න. ඒ විතරක් නෙවි ඔයාලට හොඳම වට්ටම් හොයල දෙන්නත් එයාලට පුළුවන් වේවි. මේ අය තෝරාගනිද්දී  නමට වැඩ එයාලට ඔයාගේ බලාපොරොත්තු තෙරුන් ගන්න පුළුවන් ප්‍රමාණය මත තීරණය ගන්න.

  • තැන සහ වේලාව තීරණය කරන්න. - අවුරුද්දකට කලින් කොහොමත් ලංකාවේ hotels වෙන් කරගැනීම නුවණට හුරුයි. වේලාව කෙමති ඕනෑම විදිහකට ඔයාලගේ සංස්කෘතිය අනුව තීරණය කරගෙන ඔයාලගේ plannerට කියන්න.

  • Photographers, Bands, Florists වගේ දේවල් හොයන්න - මෙතැනදී ඔයාලට විශාල සහයක් දෙන්න ඔයාගේ plannerට පුළුවන්. හොඳම මිල ගණන්වලට එයාලත් එක්ක එකතු වෙලා ඔය කැමති දේ තෝරාගන්න.
මාස 9ක් වෙනකන් ඔයාට ඔයාගේ planner එක්ක එකතු වෙලා මේ වැඩ කොටස කරන්න පුළුවන්. ඊට පස්සේ ටික ටික දින ලං වෙනකන් කිසි කලබලයක් නැතුව, හිතේ නිදහසේ ඔයාට ඉතුරු හැමදේම සැලසුම් කරන්න පුළුවන්.

කිසි දෙයක් අඩු නැතුව ඉතුරු මාස 9 ගැනත් අපි ඊළඟ ලිපි පෙළින් ඔයාට කියලා දෙන්නම්.


අනුෂි හක්මනගේ  



Valentine & ආදරය - සමාධි මලලවීර විසිනි


ආදරවන්තයන්ගේ දිනය එහෙමත් නැත්තන් ශුද්ධ වූ වැලන්ටයින්ගේ දිනය සමරන්නේ පෙබරවාරි 14....ම්ම්ම්ම් ගොඩක් අයට ආදරේ දැනෙන දවසක්...ආදරේ විදින දවසක්...

ආදරය....එක දවසකට විතරක් සීමා කරන්න පුළුවන්ද ? කොහොම උනත් valentine සමරන එක අද trend එකක් වෙලා. කාට නැතත් රෝස මල් විකුනන අයට , greeting cards විකුනන අයට වගෙම gift shops වල අයට valentine’s day එක එහෙමත් නැත්තන් පෙම්වතුන්ගෙ දිනය කියන්නෙ අවුරුද්දෙම හොදම බිස්නස් දවස් වලින් එකක්.

වැලන්ටයින් දින දී ආදරවන්තයන් හා විවාහකයන් අතර රෝස මල් හුවමාරුව ඉතා ප්‍රචලිත  වූවකි. එයට බලපෑවේ සාන්ත වැලන්ටයින් පූජකතුමා රෝම සිර මැදිරියෙහි සිටින කාලයේ එතුමාගේ මරණ තීන්දුව ගැන ඇසූ බැතිමතුන් හා හිතවතුන් එතුමාගේ සිර මැදිරිය තුළට රතු රෝස මල් එවීම ය.වැලන්ටයින් දින දී ආදරවන්තයන් අතර පෙම් හසුන් හුවමාරුවීම් බොහෝ විට සිදුවේ. මෙම සම්ප්‍රදාය  පැමිණියේ සාන්ත වැලන්ටයින්තුමා මරණයට පත් වීමට පෙර දින තම හිතවත් සැදැහැවතියක් වූ සිරමැදියේ මුලාදෑනියාගේ දියණියට යැවූ සුභාශිංසන හසුන නිසා ය.වැලන්ටයින් සින පෙම්වතුන් අතර සුභ පැතුම්පත් හුවමාරුව ඇරඹී ඇත්තේ ක්‍රිස්තු  වර්ෂ 1800 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ එස්තර් හොව්ලන්ඩ් [ Miss Esther Howland] නමැති තරුණිය තම පෙම්වතාට යැවූ සුභ පැතුම්පතක් මුල් කර ගෙන ය.පසුකාලීනව මෙම සියලු චාරිත්‍ර  වලට වාණිජමය මුහුණුවරක් හිමි විය.

තමන් ආදරේ කරන කෙල්ලට එහෙමත් නැත්තන් කොල්ලට ආදරෙන් කතා කරන්න , තෑග්ගක් දෙන්න , එයත් එක්ක කොහෙ හරි ඇවිදින්න යන්න ගොඩක් අයට තියෙන්නෙ පෙබරවාරි 14 විතරමයි.ඇත්තටම මේ valentine’s day එක කියන්නෙ මොකක්ද ???? හොයලම බලමු....


වැලන්ටයින් කියන්නෙ ක්‍රිස්තියානි  පූජකතුමෙකුගෙ නමක්. එතුමගෙ නම අනුසාරයෙන් තමා මේ දවස නම් වෙලා තියෙන්නෙ. ලංකාව තුළ වැලන්ටයින් සැලකිය යුතු මට්ටමකින් සැමරීම ආරම්භ වූයේ 1990 දශකයේදීය. අපේ රටේ නම් වැලන්ටයින් කියන්නෙ ආගමික ස්වරූපයක් ගන්න උත්සවයක් නෙමේ. වාණිජමය සහ සමාජයීයමය ස්වරූපයක් ගන්න වැලන්ටයින් ගොඩක්ම සමරන්න පෙළබෙන්නෙ තරුණ තරුණියො.

වැලන්ටයින් සාමි ගැන පුරාවෘත කීපයක්ම තියෙනවා. වැලන්ටයින් තුමා කියන්නෙ ක්රි.ව. 3වන සියවසේ රෝමෙ හිටපු පූජකවරයෙක්.ඔය කාලෙම තමයි 2 වන ක්ලෝඩියස් කියන රෝම අධිරාජ්යයා ඉඳලා තියෙන්නෙත්. ඔය කියන අධිරාජ්යයාට ලොකු උණක් තිබිලා තියෙනවා අධිරාජ්යය ලොකු කරගන්න. ඒ හින්දම එයා නියෝග කලාලු රටේ ඉන්න හැම මිනිහෙක්ටම හමුදාවට බැදෙන්න කියලා.කසාද බැදපු මිනිස්සුන්ට වඩා පවුල් බරක් නැති තනිකඩයෝ බදව ගත්තම හොදට වැඩ කරගන්න පුලුවන් නේද කියලා කල්පනා කරපු මේ අධිරාජ්යයා කසාද බදින එක තහනම් කලාලු. වැලන්ටයින් පියතුමා හිටියෙත් ඔය කාලෙමනෙ , ඉතින් එයාට තේරිලා මේ නීතිය නිසා couple විදින දුක,එයා හොරෙන්ම ආදරය කරන couple ගෙන්නලා කසාද බන්දවලා. මේ වැඩේ ටික දවසක් යද්දි කොහොම හරි ක්ලෝඩියස් ලොක්කට ආරංචි වෙලා වැලන්ටයින් පියතුමාව හිර කරලා පස්සෙ පෙබරවාරි 14 වෙනි දවසක හිස ගසා මරා දමලා .

ඊට කාලෙකට පස්සෙ කතෝලික සභාව තීරණය කරලා තියෙනවා වැලන්ටයින් පියතුමාගේ සේවය අගය කිරීමක් වශයෙන් එතුමාව ශුද්ධවරයට ඔසවන්න. ඉතින් ක්‍රි.ව 496දී (1969) ග්ලාසියස් කියන පාප්තුමා වැලන්ටයින් තුමාව “ආදරවන්තයන්ගේ සාන්තුවරයා” වශයෙන් නම් කරලා තියෙනවා.

සාන්ත වැලන්ටයින් දිනය පටන් අරන් තියෙන්නෙ යහපත් චේතනාවකින් හැබැයි දැන් ඒක marketing දිනයක් වෙලා.


වැලන්ටයින් දින විවිධ විශ්වාසයන්

අතීතයේ දී රෝමයේ සිටි මිථ්යා දෘෂ්ඨික ජනයා ජූනෝ නමැති රෝම දෙවඟනට පැවැත්වූ පුද පූජා උත්සවය අනාගත සහකරු / සහකාරිය සොයා ගැනීමේ හා තම ප්‍රේමය  ඔවුනොවුන් වෙත ප්රකාශ කිරීමේ දිනයක් විය. “ලුපර්කාලියා” නම් වූ මෙම උත්සවයට එවකට සිටි කිතුනුවන් ද පුරුද්දකට මෙන් සහභාගි වූහ. එය පළමු දේව පණතට විරුද්ධ වූවක් බැවින් කතෝලික සභාව විසින් එයට සහභාගිවීම තහනම් කරන ලදි. එහෙත් එයින් ප්‍රථිපලයක්  නොවූයෙන් එම උත්සවය වෙනුවට සාන්ත වැලන්ටයින් දිනය හඳුන්වා දුණි. එදින දෙව්මැදුරු වලට රැස්වන කිතුනු බැතිමතුන් කිතුනු ලීලාවෙන් එය සැමරීමට යොමු විය. අතීතයේ පටන් තම පෙම්වතා හෝ පෙම්වතියව ස්වකීය “වැලන්ටයින්” යන නමින් හඳුන්වා ඇත. අතීතයේ එංගලන්තයේ වේල්ස් හි කිතුනු ජනයා ලීයෙන් සකස් කළ හෘදයක හැඩතළ කැපූ හැඳි තම සිත් ගත් අය අතර හුවමාරුවක් කර ඇත. එහි අදහස වී ඇත්තේ “ඔබ මගේ හදවතේ දොරගුළු විවර කරන්න” යනු යි. මධ්යතන යුගයේ දී තම ඇඳුම් වල හදවතක රූපයක් සිතුවම් කර සතියක් පුරා ඇඳ පැළඳ සිටීම මගින් තමන්ගේ “වැලන්ටයින්” වන්නේ කවරෙක් දැ යි විමසිල්ලෙන් සිටීමේ සිරිතක් පැවතී ඇත. එමගින් තම සිතැඟි අන් අයට ප්රකාශ කර ඇත.

යුරෝපයේ ඇතැම් රටවල තරුණයන් තම සිත් ගත් තරුණියන්ට වැලන්ටයින් දිනයේ දී ත්‍යාගයක් වශයෙන් ඇඳුමක් දී ඇත. එය ඊළඟ වසරේ පෙබරවාරි 14 තෙක් සුරක්ෂිතව තබා ගන්නා තැනැත්තිය තමන් හා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින්නියක් ලෙසින් සළකා ඇත.

වැලන්ටයින් දින දී කිසියම් තරුණියකගේ හිස උඩින් “රොබින්” කුරුල්ලෙකු පියඹා ගියේ නම් ඇයට නාවිකයෙකු සමග විවාහ වීමට සිදුවන බවත්,  ගේ කුරුල්ලෙකු පියඹා ගියහොත් දිළිඳු මිනිසෙකු හා විවාහ වී එහෙත් සතුටින් දිවි ගෙවිය හැකි බවත්, “ගෝල්ඩ් ෆින්ච්” වර්ගයේ කුරුල්ලෙකු නම් ධනවතෙකු සමග විවාහ වන බවත් විශ්වාස කර ඇත. 

වැලන්ටයින් දින උත්සව වල දී ඉංග්රීසි ඒස් [S] අකුරේ හැඩයට තැනූ “ආදර අසුන” {Love Seat} මත අසුන් ගන්නා තරුණ තරුණියන් පසුකලෙක විවාහ ගිවිස ගන්නා බවට මතයක් යුරෝපය තුළ විය.

වැලන්ටයින් දින ඇපල් ගෙඩියක් ගෙන එහි නටුව අඹරා එය දිග හැරී ඇපල් ගෙඩිය බිම පතිත වනතුරු තමන් විවාහ වීමට කැමති සිත් ගත් තරුණ / තරුණියන් හය දෙනෙකුගේ නම් කියති. ඇපල් ගෙඩිය නටුවෙන් ගිළිහෙන විට තමන් තම උච්චාරණය කරමින් සිටි තරුණියව / තරුණයාව තමන්ට විවාහ කර ගැනීමට හැකි බවත් විශ්වාස කර ඇත.

වැලන්ටයින් දින දී කහ පැහැති මල් පිපෙන “dandelion” නමැති ගසක් වෙත ගොස් එහි පැළී ඇති කරලකට දීර්ඝ හුස්මක් ගෙන පිඹීම කරයි. එවිට එහි ඇට සුළඟේ පාවී යයි. කරල තුළ ඉතිරි වන ඇට සංඛ්යාව විවාහයෙන් තමන්ට හිමි වන දරුවන් සංඛ්යාව පෙන්වන බවට විශ්වාසයක් ද විය.

එසේම එදින දී ඇපල් ගෙඩියක් ගෙන එය හරි මැදින් කපා ඒ තුළ තිබෙන ඇට සංඛ්යාව නිවැරදිව ගණනය කළ හැකි නම් විවාහයෙන් හිමි වන දරුවන් සංඛ්යාව ද එයම වන බව ද විශ්වාස කර ඇත.


සමාධී මලලවීර | Samadhi Malalaweera
samadhi.pinky@gmail.com

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....


සෝබන ආදරය - සමාධී මලලවීර විසිනි.


ඉස්සර මිනිස්සු ගෙවල් දොරවල් හැදුවෙ , යාන වාහන ගත්තෙ සෝබනේට. ඒත් අද ගොඩක් අය ආදරේ කරන්නෙ සෝබනේට.අත් අල්ලන් park ගානෙ පාරවල් ගානෙ ආදරෙන් වෙලී පැටලී ඉන්න couples වලින් කීයෙන් කී දෙනාගෙ ආදර කතා වලටද ආදරණීය අවසානයක් හිමි වෙන්නෙ.....! 

සමාජෙට පේන්න බබා ,පැටියෝ , රත්තරං නැත්තන් පණ කියාගන්න අයගෙ ජීවිත වල ඒ තරම් ආදරයක් තියෙනවද? ටිකක් හිතල බලන්න.....

රටට ලෝකෙට පේන්න ආදරය කරනව මිසක් ගොඩ දෙනෙක්ගෙ හිත් වල අද ආදරේ නෑ. කොහෙ හරි යන්න ඕනෙ උනාම , පාළු මකාගන්න වගෙම මිත්‍ර සමාගමේ කැපී පේන්න ආදරය පවත්ව ගන්න අයයි අද සමාජෙ බහුතරයක් ඉන්නෙ.

කාලෙන් කාලෙට එකම තැන වෙනස් අයත් එක්ක කාලය ගත කරන අයත් දැන් ඕනෙ තරම්. ආදරෙ විරහ වේදනාවෙන් සදාකාලික තනිකඩව ඉන්න ප්‍රේමවන්තයින් නැතිවමත් නෙමේ...

ඒ අතරෙ විරහව නමට පමණක් සීමා කරලා එක දවසකින් අළුත් ආදරයක් එක්ක ජීවිතේ සතුටින් ගෙවන සෙල්ලක්කර පෙම්වතුන් ළග සැබෑ ආදරයක් තියේවිද ? ඔවුන්ගෙන් සැබෑ ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ? 

ඔයාගෙම හිතට තට්ටු කරලා අහලා බලන්න ඔයාගෙ ආදරෙත් සෝබන ආදරයක්ද නැත්තන් සැබෑ ආදරයක්ද කියලා.




සමාධී මලලවීර | Samadhi Malalaweera
samadhi.pinky@gmail.com


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

බිහිසුණුය නුතන පෙම - සමාධී මලලවීර විසිනි.


"හන්තානට පායන හද
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහද
ඔබට හැකිය දකින්න

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුළු අතවනාවී
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න"

ඉස්සර මේ වගේ කියපු ප්‍රේමවන්තයෝ හුගක් ඉන්න ඇති. එත් අද ?????

තරුණ කාලේදී , වැඩි දැනුමක් තේරුමක් නැති කාලේදී ඇති වෙන ආදර කතා ගොඩක් වෙලාවට තාවකාලිකයි.කාලයත් එක්ක ඒවා නැති වෙලා යනවා.පෙම්වතිය පෙම්වතාට වඩා උසස් තැනකට ගියාම හුගක් වෙලාවට ඒ සම්බන්දකම් නැති වෙනවා. ඉස්සර ගම වල ගෑනු ළමයි විශ්ව විද්‍යාලෙ ගියාම එයාලගේ ගමේ හිටපු පෙම්වතුන්ව අමතක කරලා දැන්මා.එහෙමයි කියල ඒ තනිවුනු පෙම්වතුන් ඒ පෙම්වතියට පිහියෙන් අනින්න වත් වෙඩි තියන්න වත් ගියේ නෑ. එත් අද ? පාන්දර තුනට සරසවි යන්න ගෙදරින් පිටත් වෙන තමන්ගේ පෙම්වතියව කෲර විදියට මරා දමන්න තරම් ආදරේ හෑල්ලු වෙලා

( http://newsradio.lk/boyfriend-murdered-uni-student-arrested/ ) .

තවත් පෙම්වතෙක් ඉන්නවා කියන සැකය උඩ පෙම්වතියට වහ දීලා මරන්න තරම් ආදරේ වියරු වෙලා

( http://www.english.gossiplankanews.com/2013/04/ex-boy-friend-poisons-girl-and-commits.html )

"ආදරය සුන්දර වරදකි " කියල කිව්වට අද සමාජයේ සිද්ද වෙන දේවල් දැක්කම සුන්දර බව අතීතයට විතරක් සීමා වුන දෙයක්ද කියල හිතල බලන්නම වෙනවා නේද ????



සමාධී මලලවීර | Samadhi Malalaweera
samadhi.pinky@gmail.com

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....