Showing posts with label gossip. Show all posts

හොලිවුඩ් සිනමාවට පැමිණි ගායිකාව බෙකී ජී.

හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ විප්ලවීය වසරක් වූ මෙම වසරේ එළිදැක්වීමට ඇති චිත්‍රපට අතරින් තවත් සුවිශේෂී චිත්‍රපටයක් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. 'ට්‍රාන්ෆෝමර්' චිත්‍රපට මාලාවත් සමග ඇතිවූ රොබෝ උන්මාදය නැවතත් ඇති කිරීමට හොලිවුඩ් සිනමාවට හැකියාව ලැබී ඇති බව පැවසිය යුතුය. A-X-L නම් නවතම චිත්‍රපටය පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ පසුගියදා එහි ප්‍රචාරක පටය එළිදැක්වීමත් සමගිනි. 

තාක්ෂණික මට්ටමෙන් ඉහළ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය රොබෝ සුනඛයෙකු වටා නිර්මාණය වී අතර %ට්‍රාන්ෆෝමර්^ චිත්‍රපටයට පසු නිර්මාණය වන තාක්ෂණික මට්ටමෙන් ඉහළ චිත්‍රපටයක් ලෙස මෙය හඳුන්වනු ලබයි. A-X-L (2018) නම් මෙම චිත්‍රපටය සඳහා නවක නළු නිළි දෙපළක් දායකවීමත් මෙම චිත්‍රපට පිළිබඳව කතාබහට ලක්වීමට හේතුවී තිබේ. 


ඇලෙක් නෙස්ටෙඩ්ටර් සහ බෙකී ජී නම් නවක තරු දෙපළ මෙහි රංගනයෙන් දායක වෙති. A-X-L චිත්‍රපටයේ ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට එක්වූ අතර, මේ වනවිට එම ප්‍රචාරක පටය විශාල නැරඹුම් සංඛ්‍යාවක්ද වාර්තා කරනු ලබයි. එම කාරණාවත් සමගින් මෙම නළු නිළි දෙපළ පිළිබඳවද විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කරයි.

මෙම චිත්‍රපටය හැඩ කරන ප්‍රධාන නිළිය වන බෙකි ජී ගායිකාවක ලෙස බොහෝ ප්‍රසිද්ධියට පත්ව තිබේ. රෙබේකා මාරි ගෝමස් වන ඇය ගායිකාවක ලෙස කටයුතු කිරීමේදී ඇයව බොහෝ දෙනා හඳුන්වන්නේ බෙකී ජී නමිනි. 2008 වසරේදී ඇයට රංගනයට අවස්ථාවක් උදාවන අතර ඒ La estacion de la Calle Olvera නම් රූපවාහිනි චිත්‍රපටයක් සඳහාය. එම කාර්යයෙන් පසුව ඇයට කෙටි චිත්‍රපටයක් සඳහාද එම වසරේ අවස්ථාව උදාවී තිබිණි. 2011 වසරේදී ඇය ගායනට පිවිසෙන ලද්දේ ‍Dr ලූක් විසින් නිෂ්පාදනය කරනු ලැබූ ගීතයක් නැවත ගායනා කරමින් අන්තර්ජාලයට එක්කිරීමත් සමගිනි. එම කවර් ගීතයට ලැබුණු විශාල ප්‍රතිචාරය හේතුවෙන් ඇයට ගායන ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වීමේ වරම හිමිවන අතර ඇයට ගීත ඇල්බමයක් නිෂ්පාදනය කිරීමට අවස්ථාව උදාවන්නේ කෙමොසාබේ රෙකෝඩ්ස් සහ RCA රෙකෝඩ් ලේබල් යටතේය.  

මේ ආකාරයෙන් ගායන ලෝකය තුළ කටයුතු කිරීමේදී ඇය 2011 වසරේදී සිනමාවට පිවිසීමට අවස්ථාව හිමිකර ගනී.
 2011 වසරේ තිරගත වූ House of Sin නම් චිත්‍රපටය ඔස්සේ ඇයට සිනමා වරම් හිමිවිය. එම චිත්‍රපටයෙන් පසුව ඇය රංගන ශිල්පිනියෙකු ලෙසත්, ගායිකාවක ලෙසත් කටයුතු කළාය. 2014 වසරේදී ඇයට රූපවාහිනි කතාමාලාවන් තුනක් සඳහා අවස්ථාව උදාවිය. 2016 වසරේදී ඇයගේ ගායන හැකියාවට සම්මානයක් හිමිවිය. ඒ 2016 පැවැති Latin American Music Awards නම් සම්මාන උළෙලේදී Favorite Pop/Rock Female Artist ලෙස සම්මානයකට පාත්‍ර වෙමිනි. 2015 වසරේදී පැවැති Premios Juventud නම් සම්මාන උළෙලේදී ඇයගේ කුලුඳුල් ගීතය වන Shower ගීතයට Favorite Hit නම් සම්මානයෙන් පිදුම් ලැබීය. 


2015 වසරේදී ඇය නැවත රූපවාහිනි කතාමාලාවන් දෙකක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Austing & Ally සහ Empier නම් රූපවාහිනි කතාමාලාවන් සඳහාය. 2016 වසරේදී Premios Juventud නම් සම්මාන උළෙලේදී Best Style නම් සම්මානයෙන් ඇය පිදුම් ලැබූ අතර 2011 වසරේ ඇය සිනමාවට සම්බන්ධ වූ නමුත් නැවත සිනමා නිර්මාණයක් සඳහා අවස්ථාව උදාවන්නේ 2017 වසරේ තිරගත වූ %පවර් රේන්ජර්ස්^ නම් චිත්‍රපටය ඔස්සේය. 2018 වසරේ තිරගත වීමට නියමිත %Gnome Alone^ නම් චිත්‍රපටයෙන් ඇයගේ රංගනය නැවත වරක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර, A-X-L නම් චිත්‍රපටය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව තිබේ. 

මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව ඇත්තේ තාක්ෂණික මට්ටමෙන් ඉහළ චිත්‍රපටයක් වීම සහ විශාල පිරිවැයක් මෙම චිත්‍රපටය සඳහා යොදවා තිබීම නිසාය. කෙසේ වුවත් හොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයට අලුත් වාර්තාවක් එක් කිරීමට මෙම චිත්‍රපටයට හැකියාව ලැබෙනු ඇති බවට චිත්‍රපට විචාරකයෝ මත පළ කර සිටිති.

ලංකාවේ නම ලෝකයට ගෙනා ක්‍රිස්ටිනාගේ සරාගී ඡායාරූප පෙලක්.



ක්‍රිස්ටිනා පීරිස් කියන්නේ ලංකාවේ නම ලෝකය හමුවේ තැබූ රූ රැජිනක්. 2017 වසරේ මිස් යුනිවර්ස් ( Miss Universe) තරඟයේ අවසන් 16 දෙනා අතරට පැමිණීමට ක්‍රිස්ටිනා පීරිස්ට වාසනාව ලැබුණා. ඇගේම වෙළඳ නාමයකින් ඇඳුම් නිර්මාණය කරමින් ව්‍යාපාරික පසුබිමක් සහිත ඇගේ පවුලේ ලාබාලතම ව්‍යවසායිකාව වන්නට හැකිවන්නේ ඇගේ දක්ෂතාවය නිසා. ක්‍රිස්ටිනාගේ විශේෂත්වය වන්නේ ඇගේ ව්‍යාපාරයෙන් ලැබෙන ලාබයෙන් කොටසක් පිළිකා රෝගීන් හට වෙන් කිරීමයි.

ලොව හමුවේ අපේ රටේ අභිමානය ලොවට ගෙන ගිය ක්‍රිස්ටිනාගේ නවතම ඡායාරූප කිහිපයක් පහතින්....








සරාගී පියුමි අහිංසකාවියක් කළ උදයකාන්තගේ ‘වස්සානයේ සඳ’



පියුමි හා හා පුරා කියලා සිනමාවේ දකින්න ලැබෙනවා?

ඔව්. ඒ 'වස්සානයේ සඳ' චිත්‍රපටය නිසා. චිත්‍රපටය තිරගත වෙනකල් මම බලාගෙන හිටියේ. දැන් චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා. කියාගන්න බැරි සන්තෝෂයක් තියෙනවා මේ වගේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන.

උදයකාන්ත වර්ණසූරියට පියුමි අහුවුණේ කොහොමද?

උදයකාන්ත අයියයි, ඔහුගේ බිරිය ශාන්ති අක්කයි මීට අවුරුදු පහකට කලින් රොසෑන් අක්කාගේ මොඩ්ලින් ස්කූල් එකට ඇවිත් රංගනයට ළමයි තේරුවා. එදා මාවත් තෝරගත්තා. ඒත් එදා මම රඟපාන්න එන්න බෑ කිව්වා. ඊට පස්සේ මීට අවුරුදු දෙකකට කලින් උදයකාන්ත අයියා මේ නිර්මාණයට මට කතා කළා.

මුල් ආරාධනාව කරද්දී පියුමි උදයකාන්තගේ ආරාධනාව භාරගත්තේ නැත්තේ?

මම ඒ වෙනකොට මොඩ්ලින් කළේ. ඉතිං මම කවදාවත් රඟපාලා තිබ්බේ නැහැ. මම රඟපාන්න දන්නේ නැති නිසා තමයි ඒ ආරාධනාව භාරගත්තේ නැත්තේ.

'වස්සානයේ සඳ' චිත්‍රපටයට ආරාධනා කරද්දී ඔයාගේ රංගන හැකියාව ගැන විශ්වාසයක් තිබුණද?

උදයකාන්ත අයියා මට දවස් දෙක තුනක්ම කතා කළා. මම බය වෙලා හිටියේ මට චිත්‍රපටයක රඟපාන්න පුළුවන් වෙයිද කියලා. උදයකාන්ත අයියගේ බිරිය මට හරිම ආදරෙයි. 'පියුමි මේක ඔයාට හොඳ චාන්ස් එකක්' කියලා එයා මට කිව්වා. මම ආශාවෙන් හිටියේ ඕෂධී කරන චරිතය කරන්න. ඒත් ශාන්ති අක්කා තමයි මට කිව්වේ ඔයාට දෙන්නේ ප්‍රධාන චරිතය. ඒකෙන් මාව වෙනස් කරනවා කියලා.

ප්‍රධාන චරිතය නැතිව, ඕෂධී කරපු චරිතයට පියුමි මාන බැලුවේ ඇයි?

ඕෂධී කරපු චරිතය ෂූට් කළේ ඕස්ට්‍රේලියාවේ. ඇත්තම කියනවා නම් මට ඕස්ට්‍රේලියාවේ යන්න ආස නිසා තමයි මම ඒ චරිතය ඉල්ලුවේ. ඒත් ඒ චරිතයට ඕන වුණේ බටහිර පෙනුමක් තියෙන කෙනෙක්. ඕෂධීට ඒ වගේ පෙනුමක් තියෙනවනේ. එයාට ඒ චරිතය ගැළපුණා. මට 'මිහිරි' කියන ප්‍රධාන චරිතය ලැබුණා.

'මිහිරි' ගේ චරිතයෙන් පියුමිට සිනමාවට හොඳ අඩියක් තියන්න පුළුවන් වුණා කියලා හිතනවාද?

ඔව්. මට වෙනස් වෙන්න හොඳ අවස්ථාවක් ලැබුණේ. මම මොඩ්ල් කෙනෙක්. මට රංගනය නුහුරුයි. ඒත් උදයකාන්ත අයියාගේ හැකියාව එක්ක ඔහු මගේ රංගනය හරියට එළියට ගත්තා. 'මිහිරි' ගේ චරිතය මට ලැබිච්ච හොඳ අවස්ථාවක්. මාව මේ වගේ නිර්මාණයකට තෝරගත්ත එකට උදයකාන්ත අයියට වගේම අක්කට ගොඩක් පින්. 'වස්සානයේ සඳ' මාව වෙනස් කළා.

පියුමිව ගොඩක් අය දැකලා තියෙන්නේ හොට් චරිතයක් විදියට. මිහිරි වගේ අහිංසක චරිතයකට අනුගත වෙන්න පහසු වුණාද?

සමහර හොට් චරිතවලට අහිංසක චරිත කරන්න බෑ. හැබැයි පියුමි හංසමාලි කියන මට හැම චරිතයක්ම කරන්න පුළුවන්. මම හැම වෙලාවෙම හොට්. ඒත් මට ලැබෙන චරිතයට අනුගත වෙන්න පුළුවන්.

පියුමිගේ රංගනයට කෙහොමද ලැබිච්ච ප්‍රතිචාර?

චිත්‍රපටයේ ට්‍රේලර් එක දැකලත් ගොඩක් අය මට කතා කළා. මගේ රංගනය මේ තරම් හොඳට තියෙයි කියලා හිතාගන්න බැරි වුණා කියලා තමයි ගොඩක් අය කිව්වේ. මොකද මාව මේ වගේ චරිතයකින් දැකලා තිබ්බේ නෑනේ. මට නිර්මාණ කිහිපයකටම ආරාධනාත් ලැබුණා. ඒත් පෞද්ගලික වැඩ කිහිපයක් නිසා ඒ ලැබුණ ආරාධනා භාරගත්තේ නැහැ.

ඒ කියන්නේ පියුමි රංගනය තුළ සාර්ථකයි කියන එකද?

මේ නිර්මාණයේ මගේ රංගනය සාර්ථකයි කියලා මම හිතනවා. සාර්ථක පුද්ගලයෙක් එක්කනේ මම මේ ගමන පටන් ගත්තේ. මට ඊට පස්සේ විදේශීය චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි.

මිහිරිගේ චරිතයට අනුගත වෙද්දී අභියෝගයක් වුණ තැන් තියෙනවාද?

මට ස්කර්ට් බ්ලව්ස් අඳින එක ටිකක් අලුත්. හැබැයි මම සාරි ඇඳලා තිබ්බා. මිහිරි කියන්නේ තමන්ගේ මල්ලීව මුළු ලෝකයම කරගත්ත කෙනෙක්. මල්ලීට දක්වන ආදරය මට අලුත් වුණේ නැහැ. මොකද මගේ පුතා වගේ හිතාගෙන තමයි මම ඒ චරිතය කරපු මල්ලීව බලාගත්තේ. එයා ටිකක් අකීකරු දරුවෙක්. ඒත් එයාව පාලනය කරගන්න පුළුවන් වුණේ මට විතරයි. මම හරිම ආදරෙන් ඒ චරිතය කළා. පළමුවැනි වතාවට තමයි මට ඒ වගේ අත්දැකීමක් ලැබුණේ.

සිනමාවේ පියුමිගෙ පෙම්වතා වෙන්නේ අනුජ්. කොහොමද අනුජ්ගෙන් පියුමිට ලැබුණ සහාය?

ඔව්. තත්පර ගාණක් ඇතුළේ අනුජ් හොඳ පෙම්වතෙක් වුණා සිනමාවේදී මට. මගේ පළමුවැනි චිත්‍රපටය වුණාට මම, අනුජ්, ඕෂධී, ඇන්ජලෝ අපි හැමෝම නිරූපණ ක්‍ෂේත්‍රයේදී මුණගැහිලා තියෙනවා. අනුජ් කියන්නේ බොහොම නිහතමානී කෙනෙක්. සමහර අඬන සීන් කරද්දී මට හිනා යනවා. මට ඒ චරිතය හරියට කරන්න අනුජ් ගොඩක් උදවු කළා. මහන්තත්තකම් තියෙන නළුවෝ අතර අනුජ් කියන්නේ පොළොවේ පයගහලා ඉන්න කෙනෙක්.

සිනමාවේදී පියුමිගේ පෙම්වතා අනුජ් වුණ එක හොඳක් නේද එහෙනම්?

ඔව්. ඇත්තටම මම සතුටු වෙනවා ඔහු එක්ක රඟපාන්න ලැබුණ එක ගැන.

පියුමි නිර්මාණයක් භාර ගනිද්දී මුදල ගැනත් හිතනවාද?

මේක මගේ ජොබ් එක නෙවෙයි. මගේ ගාණට ආවොත් මම වැඩේ භාරගන්නවා. මගේ මුදල හම්බවුණත් මට බැරි දේවල් කරලා ලැජ්ජ වෙන්න මම කැමැති නැහැ. මට කරන්න පුළුවන් චරිතයක් නම් මම භාරගන්නවා.

පියුමිව ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ඇයි?

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. චිත්‍රපට වගේ නෙවෙයි ටෙලි නාට්‍යවල නිදහසක් නැහැ. වැඩ ඉවර වෙද්දී රෑ වෙනවා. මම අම්මා කෙනෙක්. මට දිගටම එහෙම කාර්යබහුල වෙන්න බැහැ.

පියුමිට ආදරය දැනෙන්නේ කොහොමද?

ආදරේ සුන්දර දෙයක්. ඒක සුන්දරව විඳින්න ඕනෑ. එක වෙලාවකට ඒක වේදනාවක්.

ආදරයේ අලුත් බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ?

ඒකට තව කාලය දුරයි.

පියුමිගේ ජීවිතයේ සීමා මායිම් තියෙනවාද?

නෑ. මගේ ජීවිතයේ සීමා මායිම් නැහැ.

ඒ ඇයි?

සීමා මායිම් තිබ්බම හරි කරදරයි. මම කොටු වෙන්න කැමැති නැහැ. අපි ජීවිතේ විඳවන්නේ නැතිව විඳින්න ඕන. මම ජීවිතය විඳිනවා. ඇයි අපි විඳවන්න කොටුවෙන්නේ.

[තිළිණි කෞශල්‍යා විජේසිංහ]

සඳලි ඕස්ට්‍රේලියාවේ ඉඳන් නිවාඩුවට ලංකාවට ඇවිත්...


කොහොමද සඳලි?

හොඳින් ඉන්නවා. මේ දවස්වල ගෙදර ඇවිත් ඉන්නේ. ඒ නිසා ගොඩක් සතුටින්.

ලංකාවට ආවේ කොච්චර කාලෙකට පස්සෙද?

මම මගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලංකාවෙන් ගියේ මීට අවුරුදු දෙකකට කලින්. ගිය අවුරුද්දෙත් මම පොඩි නිවාඩුවකට ලංකාවට ආවා. ඒත් මේ සැරේ තමයි ටිකක් දිග නිවාඩුවක් ලැබුණේ.

මේ සැරේ කොච්චර දවසක් ලංකාවේ ඉන්නවාද?

මාසයක් වගේ ලංකාවේ ඉන්නවා. නිවාඩුව ඉවර වුණු ගමන් ආයෙත් ඕස්ට්‍රේලියාවට යනවා.

සඳලි උසස් අධ්‍යාපන කටයුතු කරන්නේ මොන අංශයෙන්ද?

ජීව විද්‍යා අංශයෙන් තමයි මගේ උපාධිය මම කරන්නේ. දැන් දෙවැනි වසර අවසන්. තව වසර දෙකක් අධ්‍යාපන කටයුතු කරන්න තියෙනවා.

කලා කටයුතුවලින් අෑත් වෙලා විදේශ රටකට යන්න වෙච්ච එක ගැන සඳලිට දුකක් තිබ්බෙම නැද්ද?

නැහැ. එහෙම ලොකු දුකක් තිබ්බෙ නැහැ. මුලින්ම ඉගෙනීම් කටයුතුවලට මුල් තැන දෙන්න ඕන කියලා හිතුවා. ඒ නිසා රංගන කටයුතුවලින් අෑත් වීම මට දුකක් වුණේ නැහැ.

ලංකාවෙන් යන්න කලින් සඳලි මොන නිර්මාණයටද අන්තිමට දායක වුණේ?

පෝය නාට්‍යයක් කළා. හැබයි ඒක විකාශය වුණේ නැහැ. තණ්හා රතී රඟා චිත්‍රපටය තමයි මම ලංකාවෙන් යන්න කලින් කළ අන්තිම චිත්‍රපටය.

ලංකාවෙන් යන්න කලින් ලැබුණු ආරාධනා කිහිපයක්ම ප්‍රතික්ෂේප කරන්නත් වුණා නේද?

ඔව්. මම නිර්මාණ භාරගෙන මඟදී අතහරින්න කැමැති වුණේ නැහැ. කාවවත් අමාරුවේ දාන්න බැරි නිසා මම ලංකාවෙන් යන්න ඉද්දි වැඩ භාරගත්තේ නෑ.

සඳලි පුංචි වයසෙන්ම මතක හිටින නිර්මාණ ටිකක් ප්‍රේක්ෂකයන්ට ඉතුරු කළා නේද?

ඔව්. මම මුලින්ම රඟපෑවේ 'මායා ඇවිනිව්' කියන නාට්‍යයේ. එතකොට මට අවුරුදු පහක් විතර ඇති. ඊට පස්සේ රජවීදිය, පෙම්බරයාණනි ටෙලිනාට්‍යයත් සමාරා, උත්පලවණ්ණා, සුවඳ දැනුණා ජීවිතේ, තණ්හා රතී රඟා වගේ චිත්‍රපට කිහිපයකටත් සම්බන්ධ වුණා. 'පුංචි පැංචි' වැඩසටහනේ නිවේදන කටයුතු කළා. හඬ කැවීම් කළා. ඒක නිසා ගොඩක් අයට තාමත් මාව මතකයි.

කලා ක්‍ෂේත්‍රයේ යාළුවො තාමත් ආශ්‍රය කරනවාද?

ඔව්. දසුන් අයියා, නිත්‍යවානි වගේ යාළුවෝ කිහිප දෙනෙක්ම මට ඉන්නවා. ඒ අය තාමත් මගේ යාළුවෝ.

අධ්‍යාපන කටයුතු ඉවර කරලා ඇවිත් ආයෙත් රංගනයට එකතු වෙයිද?

දිගටම රඟපාන්න අදහසක් නැහැ. මම ඉස්සරත් රඟපෑවේ ආසාවට. අධ්‍යාපන කටයුතුවලින් පස්සේ විනෝදාංශයක් විධියට ලැබෙන වැඩ කිහිපයකට සම්බන්ධ වෙනවා.

සඳලිට මතක් කරන්නත් පිරිසක් ඇති?

ඔව්. මාව තාමත් ගොඩක් අයට මතක මම කළ නිර්මාණ නිසා. ඒ නිර්මාණ අධ්‍යක්ෂණය කළ නිෂ්පාදනය කළ මාමලා සහ මගේ මවුපියෝ මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ.

- තිළිණි  කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අනුරුද්ධ මැදවත්තේගෙදර

කල දවස Location වල ගෙවිලා යනවා : අංජුලා ශානි


ආටක නාටක හරහා ඔබට වඩාත් සමීප වු ඇය අංජුලා ශානි.

* ඉතින් අංජුලා කෙහොමද ජීවිතේ?

ලොකේෂන්වල ගෙවිලා යනවා. ඩ්‍රාමා කිහිපයක් විකාශය වෙන්නත් තියෙනවා.

* ඔබේ ඇත්ත නම අංජුලා නෙවෙයි නේද?

ඔව්. මගේ ඇත්ත නම අංජානා ශාන්ති. මං මගේ ෆේස්බුක් එකවුන්ට් එක හැදුවේ අංජුලා ශානි නමින්. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. අංජානා ශාන්ති කියන නම වැඩිය ලස්සන නිසා වෙන්න ඇති මට නිර්මාණවලටත් වැඩියෙන් කතා කළා ඒ නමත් එක්ක. කෙටියෙන්ම කිව්වොත් අංජුලා ශානි කියන නමත් ජනප්‍රිය වුණා. මේ හේතුවෙන් මං දිගින් දිගම ඒ නමම භාවිතා කළා.

* ආටක නාටක කොටස් කීයකට ඔබ සම්බන්ධ වුණාද?

අම්මෝ කොටස් ගණනාවකටම හිටියා.

* ඊට පසුව රඟපෑ නාට්‍ය පෙළ මතක් කළොත්?

හිතුවක්කාරයා, පිණිදිය වැස්ස, පින්ක්, මං නැතිදා, ශාන්ත සොයිසා මහත්මයාගේ නාට්‍යකටත් කතා කරලා තියෙනවා.

* ඔබ තවමත් ප්‍රධාන චරිතයක් රඟපැවේ නැහැ නේද?

ඔව්. මට තාම ලැබුණේ අතුරු චරිත පමණයි. ඒ වුණත් කැපවීමකින් ලැබෙන කුමන හෝ චරිත රඟපානවා. කාලයක් යද්දී මටත් ප්‍රධාන චරිත ලැබෙයි. එතකම් ඉවසනවා.

* ඇයි ඔබ නිළියක් වුණේ?

හිතේ තිබුණු ආසාවට. පොඩි කාලේ ඉඳලා හිතාගෙන හිටියේ නිළියක් වෙන්නම තමයි. ඒ අතරේ මෝස්තර නිරූපිකාවක් වෙන්නත් හීන මැව්වා. ඒ බලාපොරොත්තු දෙකම ඉෂ්ඨ කරගත්තා මං.

* නිළියක් වෙන්න ගිහින් දුෂ්කරතාවලට මුහුණපාන්නත් ඇති?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. අපි අලුත් අය නිසා කට්ට කන අවස්ථා වැඩියි. ඒක මං හොඳට අත් විඳලා තියෙනවා. උදේ පාන්දරින්ම දර්ශන තලයට එන්න කියලා හවස් වෙනකම්ම තියාගෙන ඉඳලා හවස එක සීන් එකක් විතරක් කරල ගියපු අවස්ථා එමටයි. එහෙම වෙලාවලදී හිතෙනවා හිතලමදෝ අපව මෙහෙම රස්තියාදු කරන්නේ කියලා. මොන බාධක ආවත් මං මගේ ඉලක්කයට යනවා. මොන දේ වුණත් මං වැටෙන්නේ නැහැ.

* ඇතැම් නිර්මාණකරුවන්ගෙන් නවක නිළියන්ට අයුතු යෝජනා එනවා. ඔබටත් ඒක පොදුයි?

ඔව්. මටත් එහෙම යෝජනා ඇවිත් තිබෙනවා. ඒවාට අකැමැති වුණ නිසා අවස්ථාවනුත් අහිමි වුණා. මොනවා කරන්නද. වෙච්ච දේ ගැන නොසිතා පාඩුවේ ඉන්නවා එතකොට.

* අංජුලාගේ පවුලේ විස්තර මොනවද?

මගේ පවුලේ එකම ළමයා මම. අම්මයි තාත්තයි මමයි තමයි පවුලේ සාමාජිකයෝ.

* ඔබේ ගම?

පයාගල.

* ඉගෙන ගත් පාසල?

පයාගල රෝමාණු කතෝලික විදුහල.

* උපන් දිනය?

මාර්තු 31.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දුන්නොත්?

හිනාවෙලා ඉන්න කැමැති කෙනෙක්.

සටහන - ප්‍රසාද් සමරතුංග
සේයාරූ - නිශ්ශංක විජේරත්න 

මගේ ළඟ බොරු වැඩ නෑ : වොල්ගා කල්පනී


මේ දිනවල විවිධ චරිත තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය සොයා යන ඇය එක්කයි. ඇය නමින් වොල්ගා කල්පනී.

අද නිවාඩුයි වගේ දෙන්නටම?

ඔව්. හර්ෂණටයි මටයි අද නම් ගොඩක් දවසකින් ගෙදර විවේකීව ඉන්න ලැබුණා. වෙන දවස්වලට ෂූටින් වැටෙනවා නේ.

ඉතින් වොල්ගා කොහොමද ජීවිතේ?

බොහොම නිදහසේ සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙනවා. විවාහ වුණා කියලා ලොකු වෙනසකුත් නැහැ.

කලා ක්ෂේත්‍රයේ ඔබ හා සමකාලීන විවාහ ජීවිත ගෙවන අයත් එක්ක බලද්දී හර්ෂණ හා වොල්ගා වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ ඇයි ඒ ?

ඔව්. ඒකට හේතුව අපේ දේ ලෝකෙට පෙන්වන්න අවශ්‍ය නැහැ . හර්ෂණ කියන්නේ ප්‍රේක්ෂකයෝ ආදරේ කරන රංගන ශිල්පියෙක්. වොල්ගා කියන්නෙත් ප්‍රේක්ෂකයෝ ආදරේ කරන රංගන ශිල්පිනියක්. ඉතින් ඒකත් එක්ක අපේ පෞද්ගලික දේවල් එහෙම නැත්නම් බොරුවට,මම කියන්නේ ටීවී එක ඉස්සරහට ගිහිල්ලා බොරුවට පෙනී ඉඳලා වැඩක් නැහැ ඇතුළේ ඒක නැත්නම්. මාව ආශ්‍රය කරන යාළුවෝ මට කියන දෙයක් තමා 'වොල්ගා ගේ බොරු ෂෝ නෑ' කියලා. පාටීස් වලට සහභාගී වෙනවා. නමුත් අපේ ප්‍රතිපත්තියක් තියෙනවා පෞද්ගලික යාළුවකුගේ හැර වෙන පාටීස් වල ඉඳලා ටික වෙලාවකින් එනවා කියන එක. ඒ දේ අපි පුරුද්දක් කරගෙන තියෙනවා. මෑත කාලීනව ඇවිත් ඉන්න නිරූපිකාවෝ නිළියෝ කියලා හිතාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා නේ. ඒ අය පාටි වලට ගිහින් ඩාන්ස් එකක් you tube දාලා ජනප්‍රිය වෙන්න හදනවා. අනේ මං දන්නේ නැහැ මට නම් එහෙම දේවල් හිතිලා නැහැ. මගේ ළඟ බොරු වැඩ නැති නිසා තමයි වැඩිය පෙන්න නැත්තේ.

වොල්ග - හර්ෂණ සුන්දර කැදැල්ලට අලුත් අමුත්තෙක් ගෙනෙන්න අදහසක් නැද්ද ?

කැමැතියි. මම කොහොමත් දරුවන්ට කැමැතියි. නමුත් මම බුද්ධාගමේ. බුදුන් වගේම දෙවියෝත් අදහන කෙනෙක්. ඉතින් මම විශ්වාස කරනවා මට අවශ්‍ය වෙලාවට ඒ දේ ලැබෙයි. ජීවිතේ හැමදේම නිසි වෙලාවට වුණා වගේම දෙවියෝ ඒ කෙනා දෙන දවසක් ඇති නේ. ඒ වෙනතුරු ඉන්නවා.

රංගන වැඩ කටයුතු ගැන කතා කරමු.

ටෙලි නාට්‍ය කිහිපයකම මේ දවස්වල ඉන්නවා. ස්වර්ණවාහිනියේ 'පාරා' ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒවගේම ජනක සුරංජිත් මහත්මයා අධ්‍යක්ෂණය කරන 'අපේ ආදරේ' ටෙලි නාට්‍යය. පැහැසරා නාට්‍යයෙන් මම අයින් වෙලා ඉන්නේ. ඔය ටෙලි නාට්‍යවලට තමයි රංගනයෙන් දායක වෙන්නේ.

ඒ කියන්නෙ නාළිකා කිහිපයකම වොල්ගා මේ දවස්වල දකින්න ලැබෙනවා.

මටත් මේ ළඟදි කෙනෙක් මතක් කළා ටෙලි නාට්‍ය 4ක් යනවා නේද කියලා. ඉතින් සතුටුයි. සාමාන්‍ය සතුටක් තියෙනවා. මොකද ප්‍රේක්ෂකයෝ මට නිතරම හම්බවෙන්න ලැබෙනවා නේ විවිධ විවිධ චරිත හරහා.

තරුලි කියන චරිතය වොල්ගගේ සැබෑ ජීවිතයට යම් සමානකමක් දක්වනවා නේද?

නෑ. තරුලියි වොල්ගයි කොහෙත්ම සමාන නැහැ. තරුලි ආදරේ පස්සෙන් යනවා. වොල්ගා ආදරේ පස්සෙන් යන කෙනෙක් නෙමෙයි. තරුලි ආදරේ කියන දේ බලෙන් කොහොමහරි ලබා ගන්න කෙනෙක්. ඉතින් එහෙම බලනකොට තරුලියි, වොල්ගයි කොහෙත්ම සමාන නැහැ. නමුත් දඟ පැත්තෙන් බලද්දී නම් දෙන්නගේ පොඩ්ඩක් සමානකමක් තියෙනවා. කොහොමත් වොල්ගා කියන්නෙත් දඟ ළමයෙක්.

මේ දස්වල හර්ෂණයි වොල්ගයි ටීවී බලන්න හරියට රණ්ඩු වෙනවලු නේද?

කවුද කිව්වේ...? අනේ එහෙම නැහැ.

ඇයි දෙන්නගෙම ටෙලි නාට්‍ය, නාළිකා කිහිපයකම විකාශය වෙනවා නේ?

ඔව්. මෙහෙමයි ඇත්තටම ටෙලි නාට්‍ය යන වෙලාවට අපිට ටෙලි නාට්‍ය බලන්න වෙන්නේ නැහැ. ඒව බලන්න වෙන්නේ peo tv එකෙන් නැත්නම් you tube එකෙන් .

'කළුවර වැටෙනවාත් එක්කම මේ කියන බය මට දැනෙන්න ගන්නවා' - රිතු ආකාර්ෂා

මා ගැන ගොඩක් දෙනෙක් නොදන්නා රහසක් තියෙනවා. ඒ තමයි මම කළුවරටයි, හොල්මන්වලටයි බයයි කියන කාරණය. හැබැයි ඉතින් මගේ මේ බය ගැන අද මුළු රටම දැනගන්නවා. කමක් නෑ…. මම අද ඒ රහස හෙළි කරන්නම්.

මේ කියන බව මගේ හිතට ඇති වුණේ කොයි කාලෙද කියලා කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි පුංචිම පුංචි කාලේ ඉදලා මම හොල්මන්වලට හරිම බයයි. අදුරු තැනක මහ රූ තනියම ඉන්න එක නම් මට හිතාගන්නවත් බැරි දෙයක්. ඉස්සර මම පුංචි කාලේ අපේ අයියාට මාව බය කරන්න ඕන වුණාම කරන්නේ හොල්මන් ගැන කතා කියන එකයි. අයියා මට ඇහෙන්න බොරු කතා ගොතලා කියනවා. හොල්මන් දැකපු අයගේ අත්දැකීම් විස්තර කරනවා. ඒ වෙලාවට මම ගොඩක් බය වෙනවා. ඒ දරුනු බිය අදටත් ඒ විදිහටම තියෙනවා.

යක්ෂ, ප්‍රේත, භූත බලවේග මේ ලෝකේ තියෙනවාද නැද්ද කියලා විවිධාකාර මත දක්වන අය ඉන්නවානේ. ඒ වගේ ගුප්ත බලවේග තියෙනවාද නැද්ද කියලා මම හරියටම කියන්න දන්නේ නැහැ. ජීවිතේ කිසිම දවසක මම හොල්මන් අවතාර දැකලත් නැහැ. ඒත් මම හොල්මන් අවතාරවලට බයයි.

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් රූ නින්දට යන්නේ කාමරේ විදුලිය නිවා දමලා. ලයිට් එළිය තියෙද්දී නිදියන්න බැහැ කියන එක තමයි බොහෝ අය කියන්නේ. ඒත් මට නම් ඒකේ අනිත් පැත්ත. මට නම් තනියම කළුවර කාමරයක් ඇතුළේ ඉන්න බැහැ. ඒ නිසා මම කාමරයේ ලයිට් ඕෆ් කරලා නාන කාමරයේ ලයිට් දානවා. එතකොට නාන කාමරේ එළිය කාමරයට එනවා. එතකොට හිතට බයක් දැනෙන්නේ නැහැ.

ගෙදරදී ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ට ඕනෑ විදිහට ජීවත් වන්න. ඒත් පිට තැනකට ගියාම එහෙම බැහැනේ. දුර ඈත පළාත්වල රූගත කිරීම්වලට ගියාම අපිට ගෙදර වගේ ඉන්න ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට සෙනග අඩු පාළු ප්‍රදේශවලත් ඉන්න වෙනවා. හොල්මන්වලට බය, කළුවරේ ඉන්න අකමැති මට මේ වගේ පරිසරයක තනියම කාමරයක ඉන්න කිව්වට මට එහෙම ඉන්න බැහැනේ. ඒ නිසා මම දුර පළාත්වල රූගත කරන කිසිම නිර්මාණයක් භාර ගන්නේ නැහැ.

මම මළ ගෙවල්වලට සහභාගි වෙන්නෙත් නැති තරම්. ඉස්සර නම් මළගෙවල්වල යන්නෙම නැහැ. දැන් ඉතින් අත්‍යවශ්‍යම එකකට යනවා. ඒ යන්නෙත් හරිම බයෙන්. දෙතුන් දෙනෙක්වත් ඒ වගේ ගමනකදී මාත් එක්ක යන්නම ඕනේ.

මම මෙහෙම කිව්වම කෙනෙක් විශ්වාස කරන එකකුත් නැහැ. මහ රූ ලයිට් නිවලා තියෙන මගේ නිවසට ඇතුළු වෙන්නත් මට බයයි. රූගත කිරීම් අවසන් කරලා මහ රූ තනියම ආවත් ගෙදර ලයිට් නිවලා නම් මම වාහනෙන් බහින්නේ නැහැ. වාහනේ හෝන් එක ගහලා ගෙදර අයව නැගිට්ටා ගත්තට පස්සෙයි මම වාහනෙන් බහින්නේ. මට හිතෙන්නෙම හොල්මනක් හරි අවතාරයක් හරි කළුවරේ කොයිම මොහොතක හරි මගේ ඉස්සරහට එයි කියලයි.

'ලංකාවේ පැජන්ට් කියන්නේ තනිකරම බොරුවක්.'


ගීත රූප රචනා හා වෙළෙඳ දැන්විම් හරහා නිතර දකින සිල්වියා හියුජ් වර්තමානය වනවිට වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් බවට පත්ව සිටියි. අද තරු කතා බහ දිග හැරෙන්නේ ඇය සමගය.

නිරූපිකාවක් විදිහට මේ දවස්වල කාර්යබහුලද?

ඔව්, භාරගත්ත වැඩ කිහිපයකටම පසුගිය දිනවල දායක වුණා. මේ දවස්වලත් නිරූපණ වැඩ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටම පසුගිය කාලයේ දායක වෙලා හිටියා. 

රඟපාන්න කැමති නැද්ද සිල්වියා?

ගොඩක් කැමතියි. හැබැයි හොඳ ස්ක්‍රිෆ්ට එකක් ලැබුණොත් විතරයි රඟපාන්නේ.


නිරූපණය හා රංගනය දෙකකින් එකක් තෝර ගන්න කිව්වොත්?

මම වෘත්තිය මට්ටමේ නිරූපණ ශිල්පිණියක්. නිරූපණය පිළිබඳව ලොකු හැදෑරිමක් කරලා තියෙනවා. ඒ වගේම දේශිය වගේම ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ ප්‍රසංග සඳහා සහභාගී වෙලා අත්දැකිම් ලබාගෙන තියෙනවා. ඒ හින්දා මම වැඩිපුරම කැමති නිරූපණය පැත්තට. 

ඒ කියන්නේ නිරූපිකාවක් විදිහට අද ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා?

ඔව්, එහෙම කියන්න පුළුවන්. ආපස්සට හැරිලා බැලුවොත් නිරූපිකාවක් විදිහට ආපු මේ ගමන ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන් මට. 

ලංකාවේ නිරූපිකාවකට තියෙන්නේ අඩු පිළිගැනීමක්?

පිළිගැනීමක් නම් කියන්න බැහැ. මම රැල්ලට යන කෙනෙක් නෙවෙයි. මම මගේ ස්ට්‍රයිල් එකට වැඩ කරන කෙනෙක්. අනික ෆුල් ටයිම් මොඩ්ලින්ග් කරන්නේ නැහැ.


ඒ කියන්නේ වෙනත් වෘත්තියක නිතර වෙලා ඉන්නවා කියන එකද?

ඔව්, මම රැකියාවක් කරනවා එකවුන්ටන් කෙනෙක් විදිහට.


රූපරාජිණි තරගවලට එහෙම යන්න අදහසක් නැද්ද?

අපෝ නැහැ. ලංකාවේ ෆැජන්ට් කියන්නේ තනිකරම බොරුවක් හා හොරුන්ගේ තොතැන්නක්.


නිරූපිකාවෝ කිව්වාහමත් සමහරු බලන්නේ වැරදි ඇසකින්?

එකට වගකියන්න ඕනා මොඩල් ලේබල් එක ගහගෙන මෙලෝ දෙයක් දන්නේ නැතිව ෂුට් එකක් දෙකක් කරලා මොඩ්ල් ෆිල්ඩ් එකට සුළු පිරිසකගේ වැඩ නිසා. 

නිරූපිකාවක් විදිහට ඉදිරිය ගැන හිතුවොත්?

නිර්මාණාත්මක වැඩ වලට දායක වෙන එක තමයි මම ප්ලැන් කරන්නේ. ඒ වගේම නව නිර්මාණවලට පෙනි ඉන්නත් මම ගොඩක් කැමතියි.


කතා බහා - බුද්ධික සේනාධීර

කැළණි දියඹේදී මරු හමුවූ නිළිය.

තුෂානි ද සිල්වා මේ වෙන විට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක ලෙස ප්‍රසිද්ධියක්‌ ලබමින් එම ක්‍ෂේත්‍රයේ නැගී එන නිළියක ලෙස නම්දරමින් සිටි අයෙකි. නොසිතු මොහොතක සුළඟක ගසා ගෙන ගියා සේ ඇය වසත් සමයේ, සියල්ල අතහැර ගොස්‌ ඇත්තේය. 

කිසිදු හේතුවක්‌ නැතිවම සොබා දහම ඇයගේ හුස්‌ම පොද දිය යට සඟවා ගත්තේ ඉකුත් 16 වැනිදාය. තුෂානි සිය පවුලේ උදවිය සමග විනෝද චාරිකාවක්‌ ගියාය. ඒ කිතුල්ගලටය. 

 තාත්තේ අපි ෂූටින්වලට මෙහ ගඟකට ගියා. එතන හරිම ලස්‌සනයි. නාලා යමුකෝ. ඇය ඇවිටිලි කර තාත්තා කැමති කරගෙනය. අම්මාත් තාත්තාත් තුෂානිත් සිය දියණියත් සහෝදරිය සහ ඇයගේ පවුලේ උදවියත් කිතුල්ගලින් පහළට ඇද හැලෙන කැලණි ගඟෙහි ඇරඹුමේ වන දිය කඳෙහි ගිලී නෑවෝය. පැයක්‌ පමණ නා විනෝද වී ගොඩට විත් යළි තානායමට යන්නට පිටත්ව කකුලේ වැලි ගෑවි ඇති හෙයින් එය සෝදා ගෙන එන්නම් කී තුෂානි යළි ගලන දියපාර වෙතට ගියාය. ඇය යන අන්දම සියල්ලෝම නැවති බලා සිටියේ මේ අපගේ දියණිය අප හැර දමා යන්නටම යන්නේය යන හැගිමෙන් නොවුණද මවට කිසියම් කුකුසක්‌ දැනීදෝ දුව එහාට යන්න එපා මේ ළඟින් සෝදා ගන්න යෑයිද කීවාය. එහෙත් තුෂානි පෙර සසරේ පතා ආ පරිද්දෙන් මරුවා සොයා ගියාය. වියළි කොළ ගොඩක්‌ මත පා තැබූ ඇය හදිසියේම ගැඹුරට ගිලුනාය. විනාඩියක්‌ දෙකක්‌ ඇතුළත සියල්ල සිදුවී හමාර විය. 

 තුෂානිගේ පියා ලෙස්‌ලි ද සිල්වා ව්‍යාපාරිකයෙකි. මව රේණුකා උයන්වත්තය. වැඩිමහල් සහෝදරිය එරන්තිකා ද සිල්වාය. තුෂානි මහනුවර සීතාදේවි බාලිකාවේ ඉගෙනුම ලබා රඟපෑමට යොමු වූවාය. ඇය ගැන සිය පියා මෙසේ කියා සිටියේය.


අපේ පොඩි දුව පවුලට හරි ලැදීයි. හැම අවුරුද්දේම අපි විනෝද ගමනක්‌ යනවා අවුරුදු දවස්‌වල මෙදා ගියේ කිතුල්ගල. ලෙෂර්වල්ඩ් ගිහින් සිංදු කිව්වා. පරණ කතා කිය කිය හිනා වුණා. දුව හරිම ආසයි නටන්න සිංදු කියන්න. එයා හැම වෙලාවෙම සතුටින් ඉන්න කැමතියි. අපි මොනවා හරි කල්පනා කර කර හිටියත් එයා අපිට කල්පනා කරන්න දෙන්නේ නැහැ. ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනි කියලා එයා කියන්නේ. අපිත් හැමදේම අමතක කරලා සතුටින් ඉන්නවා පොඩි දුවත් එක්‌ක. එදා උදේ මාත් එක්‌ක එක පිගානෙන් කෑවා. දවල්ට කොහෙන් හරි රසට කමු කිව්වා. ඒත් උදේ මගේ පිඟානෙන් කාපු ඉදිආප්ප ටික විතරයි මයේ කෙල්ල යන්න ගියා"

"කවදාවත් නැති තරම් නංගි මා එක්‌ක එදා රෑ කතා කර කර හිටියා. අපි දෙන්න යාළුවො වගේ. නංගි විනෝදෙන් ඉන්න කැමති... දැන් මට සහෝදර සෙනෙහසක්‌ නෑ" තුෂානිගේ සහෝදරිය කියා සිටියාය. 

"මට ඉවෙන් වගේ පහුගිය ටිකේ දැනුනා කරදරයක්‌ අත ළඟ කියලා... පොද්දිව නිතරම මං හීනෙන් දැක්‌කා. දැන් කෙල්ල හීනයක්‌ වගේ අපිව දාල ගියා. පොද්දී ගිලෙද්දී තාත්තා එයා ළඟට පනින්න හැදුවා. පොද්දීගේ දුව යන්න දුන්නේ නෑ. එපා සීයා ගහගෙන යයි කියලා ඇඬුවා. අනේ ඒ පුංචි ඒකිට තාම අවුරුදු දහයයි. දැන් අම්මා නැති දරුවෙක්‌.."

දුක්‌ අඳෝනා විලාප සියල්ල මද නැගී ආ සඳ රහසේම බැස ගියේ සෙන්කඩගල පුරවරයටද දුකක්‌ ඉතිරි කරමිනි.

ළඟදීම මම මනා­ලි­ය­ක් ­වෙ­න, තිසුරි යුව­නිකාගේ අත ගන්නේ සුරාජ්!

ගෙවුණු මාස කිහිපය පුරා රංගන ශිල්පිනියන් බොහෝ දෙනකුට මංගල සීනු හැඬවුණා. නුදුරේදීම කලා ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියකට මංගල සීනු හැඬවෙන්න නියමිතයි. ඇය තිසුරි යුවනිකා. ළමා නිළියක් ලෙසින් ක්ෂේත්‍රයට පැමිණෙන ඇය වර්තමානයේ නැතිවම බැරි රංගන ශිල්පිනියන් අතරින් එක් කෙනෙක් කිව්වොත් නිවැරැදියි. අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ තිසුරි තමන්ගේ අනාගතය පිළිබඳව සැලසුම් කර ඇත්තේ කොහොමද කියලා හා හා පුරා කියලා රසඳුනට කිව්වා.

 සුබ අලුත් අවුරුද්දක් තිසුරි !

එසේම වේවා.

මේපාර අවුරුද්ද සමරන්න විශේෂ අමුත්තෙක් එකතු වුණා කියලා ආරංචියි.

නෑ නෑ... විශේෂ කෙනා එකතු වෙන්නේ ලබන අවුරුද්දේ.

තිසුරිත් නොබෝ දිනකින් මනාලියක් වෙනවා. මේ දිනවල වැඩ වැඩි ඇති නේද ?

ඔව්.. තව මාස කිහිපයකින් මාත් මනාලියක් වෙනවා. වැඩ කියන්නේ... වැඩ වැඩිත් නැහැ.. වැඩ අඩුත් නැහැ..

විවාහයට ප්‍රමාද වුණා වැඩි නැද්ද?

නැහැ. මම හිතනවා හොඳම කාලය තමා මේ ඇවිත් තියෙන්නේ කියලා. සමහරුන් ගේ මතයක් තියෙනවා ගැහැනු ළමයෙක් අවුරුදු 20, 21 ක වෙද්දී විවාහ වෙන්න ඕන කියලා. මම කිසිම වෙලාවක ඒ තැන හිටියේ නැහැ. මගේ වාසනාවට මාගේ අම්මයි තාත්තයි එතැන හිටියෙත් නැහැ. මගේ පෞද්ගලික මතය නම් අත්දැකීම් කෙසේ වෙතත් වයස පොඩ්ඩක් යනතුරු ඉන්න ඕන. මාගේ වාසනාවට මාගේ අම්මටයි තාත්තටයි මාව කලින් බන්දලා දෙන්න කිසිම හදිස්සියක් තිබුණේ නැහැ. සුදුසු වයස තමා මේ ඇවිත් තියෙන්නේ කියලා මම හිතනවා.

තිසුරි බලාපොරොත්තු වුණු සහකරුවමද ලැබුණේ?

හ්ම්.. ඔව්. කොහොමත් මම ඉස්සර ඉඳලම හිතාගෙන හිටියේ මම යාළු වුණොත් යාළු වෙන්නේ කවදාහරි විවාහ වෙන්න බලාගෙන කියලා. ඉතින් ඒ දේවල් හැම දෙයක්ම ඒ විදියට වුණා. සුදුසු කෙනා තමා මට මේ ලැබිලා ඉන්නේ.

ආදරය ගැන කතා කරමු ද?

කතා කරමු. අපේ ආදරේට අවුරුදු 4 ක් වෙනවා. ඔහු සුරාජ් විජේසිංහ. එයාගේ තාත්තයි මාගේ තාත්තයි හොඳ යාළුවෝ. ඒ නිසා අපිත් පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ. යාළුවෝ විදියට අපි ගොඩක් කල් හිටියා. කාලයත් එක්ක එයා එයාගේ හිතේ තියෙන දේ මට කිව්වා.

යාළුකම ආදරේට පෙරලෙද්දී තිසුරි ඔහු ගෙන් විශේෂයෙන් බලපු දේවල් ඇති නේද?

අපි පොඩි කාලේ ඉඳන්ම හඳුනන නිසා එයාගේ හැමදේම මම දන්නවා. එයත් එහෙමයි. ඉතින් මම හිතනවා ඒ දැන හැඳුනුම්කම උඩ තමා අපි දෙන්නගේ කැමැත්ත ඇති වුණේ. මාගේ යාළුකම ආදරයකට පෙරලූනෙත් ඒ නිසා වෙන්න ඇති.

ඒ වගේම මම හැමදාම කිව්වේ සහ හෙව්වේ මාගේ අම්මටයි තාත්තටයි පුතෙක් වෙන්න ඕන කෙනෙක්ව. මම පවුලේ එකම ළමයා. ඉතින් පවුලට සම්බන්ධ වෙන කෙනා අනිවාර්යෙන්ම හොඳ කෙනෙක් වෙන්න ඕන. සුරාජ් ඒ වගේ කෙනෙක්. මාගේ හිතේ මැවුණු කෙනා එයා තමා කියලා මට හිතුණා. එයා මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි. ඒ හැමදේම මත යාළුකම ආදරේකට පෙරළුණා. ඒ දේවල් තමා ඉතින් විශේෂ වුණේ මට.

කලාව පැත්තෙන් මොනවද මේ දිනවල කරන වැඩ?

මේ දවස්වල සමන් කුමාර අයියගේ නේත්‍රා කියලා නාට්‍යයක් කරනවා. ඊට අමතරව මේ දිනවල විකාශනය වන උරුමයක අරගලය කියලා ටෙලි නාට්‍යක වැඩ කටයුතු සඳහා සම්බන්ධ වුණා. ඒ වගේම මම ඉදිරිපත් කරන විවාහ වැඩසටහන කරගෙන යනවා.

දැනටමත් රංගනය වෙනුවෙන් සිමා මායිම් පනවා ගෙන ඇති නේ?

නැහැ එහෙම එකක් නැහැ. එයා දන්නවා මම රඟපානවා කියලා. මම කවුද කියලා දන්නවා. ඉතින් ඒක නිසා මාගේ රැකියාවට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මම භාර ගත්ත නිර්මාණ මම කරනවා. විවාහ වුණා කියලා මාගේ රංගන ජීවිතය බාධාවක් කර ගන්නේ නැහැ. හොඳ නිර්මාණ ලැබුණොත් මම කරනවා.

(නිලු­පුලි සඳ­කැ­ලුම් - සිළුමිණ)

Chamu Sriගෙයි, පියුමිගෙයි අලුත් වීඩියෝවේ Photos ලීක් වෙයි.


චමු ශ්‍රී කියන්නේ කවුද කියලා කට්ටියට අමුතුවෙන් රචනා ලියන්න ඕනේ නෑ නේ. ඉරාජ්ගේ රැල්ලෙන් පස්සෙන් අඩ නිරුවත් දර්ශන සහිත පෙරළිකාර මියුසික් වීඩියෝ කරන ඊළඟ ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ මොහුයි.

ප්‍රේම සටන සහ ක්ලියෝපැට්රා මියුසික් වීඩියෝ දෙක හරහා අතිශය ජනප්‍රිය වෙච්ච පියුමි ශ්‍රීනායක චමු ශ්‍රී ගේ මීළඟ මියුසික් වීඩියෝවට කැමති වෙන්න කළින් ගොඩක් බය වෙලා තියෙනවාලු. මොකද ඒ තරම්ම ඒක පෙරළිකාර වීඩියෝවක්ලු.

ආරංචියේ හැටියට නම් ලංකාවේ කිසිම මියුසික් වීඩියෝවක මේ වගේ දෙයක් කරලා නැහැලු. මේකේ කතාව, සින්දුව සහ වීඩියෝව වෙනස් කියන වචනයට සාධාරණයක් කරනවලු.

දැනටමත් මේකේ Photos වගයක් ලීක් වෙලා තියෙනවා. ඒවා දැක්කම නම් එක දවසින් YouTube එකේ නම්බර් 1 වෙයි කියලා අපිටත් හිතෙනවා.

පියුමි කියන විදියට මේ වීඩියෝ එක දැකලා කට්ටිය එයාට අනිවාර්යෙන් බනිනවලු.








පාසල් සිසුවියක් ක්‍රීඩා පුහුණු වෙද්දී කාමරයක් තුල සමෘද්ධි නිලධාරියා කරපු නොහොබිනා වැඩක් දුරදිග යයි.


පාසල් සිසුවියක් ක්‍රීඩා පුහුණුවීම් වල නිරතවී සිටින අතරවාරයේ ඇයව සිපගත් බවට සැකපිට සමෘද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර සමෘද්ධි නිලධාරිය පෙරේදා (19) යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එයට විරෝධය පාමින් සමෘද්ධි නිලධාරීන් පිරිසක් ඊයේ (20) දින විරෝධතාවක් සංවිධානයකර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ආදාල සිසුවියට පසුගිය 12 වනදා මණ්ඩතිව්, ඒ- ග්‍රාමසේවා වසමේ පදිංචි සමෘද්ධි නිලධාරිවරයා විසින් ක්‍රීඩා පුහුණු කටයුත්තකට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

සිසුවිය එදින පැමිණිමෙන් පසුව මණ්ඩතිව් ක්‍රීඩාංගනයේ පිහිටි කාමරයක් තුලදී මෙම සිප ගැනීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාල සිදුවීමෙන් පසුව එම සිසුවිය විසින් මේ පිළිබඳව දෙමාපියන් දැනුවත් කර ඇති අතර අනතුරුව මණ්ඩතිව් ප්‍රදේශීය ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇත්තේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසටත් අදාල සිදුවීම සම්බන්ධයෙන් කාර්යාල මට්ටමින් පරික්ෂණයක් සිදුකරන බවටයි.

සිසුවියගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව පරික්ෂණ සිදු කළ පොලීසිය ඊයේ සවස සැකකාර සමෘද්ධි නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිළියක් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ලොකු රහසක් හෙළි කරයි.

සල්මා හෙයෙක් ඇත්ත කතා කරන්නට බිය නොවන නිළියක්. ඇය මෑතකදී, මෙතෙක් ලොවට හෙළි නොවූ රහසක් හෙළිකර තිබුණා. ඒ, වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳවයි.

“මට එයාව මුණ ගැහුණේ ජනාධිපති ධුරයට පත්වෙන්න කලින්. එතකොට මට පෙම්වතෙක් හිටියා. මුණ ගැහුණු මුල්ම වතාවෙදිම එයාට ඕනැ වුණා, මගේ මිතුරෙක් වෙන්න. මගේ ගෙදර ෆෝන් නම්බර් එකත් ඉල්ලා ගත්තා. මාත් එක්ක කොහේ හරි ගිහින් කතාබහ කරන්නත් එයා බලාපොරොත්තු වුණා.” සල්මා මේ කතාව කීවේ, ඇමෙරිකානු ගුවන් විදුලි චැනලයක වැඩ සටහනකට එක්වෙමින්.

දැන් ඇගේ කතාව සමාජ වෙබ් අඩවිවලටත් යොමු වී තිබෙනවා. සල්මා පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති ධුරයට පත්වනු ඇති බවට තමන් තුළ විශ්වාසයක් තිබුණු බවයි. මෙක්සිකානු සහ හොලිවුඩ් සිනමා නිළියක වන සල්මා තවත් අදහසක් ප්‍රකාශ කළේ මේ අයුරින්… “ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් ඉදිකරන්න යනවා. මම නම් හිතන්නේ එයාට ඒක කරන්න බැරි වේවි කියලයි.”

දවස් 5ට මම 5 දෙනෙක් තියාගන්නවා, weekend අවංක කෙනා එක්ක – නිළියක් කියලා.


ලාංකීය සිනමාවේ නළු නිළියන් අතර වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා බවට පත්ව සිටින සුනිල් ටී ඔහුගේ ජීවිතයේ ආදරය, විවාහය ගැන වගේම නළු නිළියන් ගැන එක්තරා පුවත්පතකට මෙහෙම දෙයක් කියලා තිබුණා.

අද සමහර අලුත් නිළියන් ගැන කතා හැදෙන්නේ ඇයි? ඔවුන් මුදල් හම්බ කරන්න විවිධ වැඩ කරනවාද?

මම තරම් නිළියෝ ක්ෂේත්‍රයට හඳුන්වා දුන්න නිෂ්පාදකයෙක් නැති තරම්. ‘‘ජීවිතේ ලස්සනයි’’ කියලා මම හැදූ චිත්‍රපටයෙන් අලුත් නිළියන් 4 දෙනෙක් සිනමාවට හඳුන්වා දුන්නා. ඒ නිළියෝ එතකොට අවේ බස්වල. සමහරු බොහොම දුප්පත්. චිත්‍රපටය ඉවරවෙන්න කලින් 4 දෙනාම කාර් ගත්තා. මට හරි ආඩම්බරයි. ඒ අය කාර් ගත්ත විදිහ මට වැඩක් නෑ. අද ඒ 4 දෙනාම හොඳ තත්ත්වයක ඉන්නවා. සමහරු කියනවා, මේ අය අනවශ්‍ය දේවල් කරලා සල්ලි හම්බ කරනවා කියලා. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.ඒ 4 දෙනාගෙන් එක නිළියෙක් මට දවසක් අපූරු කතාවක් කිව්වා. මම ඇහැව්වා, ඔයාට මොනවද තිබෙන ප්‍රශ්න කියලා. ප්‍රශ්න නම් ගොඩක් තිබෙනවා. මම ඒවාට මුහුණ දෙනවා කියලා. කොහොමද කරන්නේ කියලා ඇහුවාම සතියේ දවස් 5ට මම බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා 5 දෙනෙක් තියාගන්නවා කිව්වා. ඒ 5 දෙනාට ටෙලිෆෝන් නොම්බර 5ක් දෙනවා. හැබැයි ඒ 5 දෙනා ලොකු සල්ලිකාරයෝ. සෙනසුරාදා හා ඉරිදා අවංක බෝයිෆ්‍රෙන්ඩ් තියාගන්නවා. එයාට වෙනම නොම්බරයක් දෙනවා. මේ අර නිළිය කිව්ව කතාව. ඔහොම තමයි එයා ජීවිතේ ගෙනියන්නේ. අපට හැමද‌ාම ෆන්ෂන් තිබෙනවා. පාටි තිබෙනවා. ඒවාට සල්ලි තියෙන්න ඕනෑ. අපි ජනප්‍රිය වෙන්න වෙන්න පුදුම ඩිමාන්ඩ් එකක් තිබෙන්නෙ. ඉතිං බෝයි ​ෆ්‍රෙන්ඩ්ලා අතදිගහැර අපට වියදම් කරනවා. එයා හොඳ ළමයෙක්. නමුත් මේ සමාජය මගින් ඇය නරකට යොමුකරලා. ජනප්‍රිය වීම නිසා මේ තත්ත්වය හරියට මේන්ටේන් කරන්න වෙනවා. එතකොට සල්ලි ඕනෑ, කාර් එකක් ඕනෑ. ඉතිං අයියේ මම වැරැදිද කියන්න. මම කිව්වා, නංගි ඔයා හරි. කල්පනාවෙන් යන්න. 5 දෙනා එක දවසට හම්බවුණු දවසට ඉවරයි. බෝයි​ෙෆ්‍රන්ඩ්ට අසුවුණොත් එ්කත් ඉවරයි කියලා.මේ අලුත් නිළියන් බඳින්න කැමැත්තක් නෑ. සමහරු නම් ඉක්මනින් බඳිනවා. බැඳලා අයින් වෙනවා. මම ගෙනා අනර්කලී දැන් ඒ විදිහට තමයි ඉන්නේ. ඇය විවාහ වෙලා දැන් ඇමරිකාවේ ඉන්නේ. ඒ වගේ ඔලුව කල්පනා කරලා වැඩකරන නිළියන් අඩුයි. සල්ලි හොය හොයා යනවා. බඳින්නේ නෑ. බඳින්න එන අයත් දැන් අඩුයි. මේ හැමදේටම මුල මුදල්. සමහරු ගණිකාවන් බවට පත්වෙන්නෙත් ඔය තත්ත්වය හින්දමයි.

"පියුමි හංසමාලි, අක්ෂා සුදාරි කියන්නේ තනිකරම මුඩුක්කු ගෑනු" - ශෂී හේවගේ


නිරූපණ ශිල්පිණියක් වන ශෂී හේවගේ පුවත්පත් සාකච්ඡාවක් හමුවේ කියා ඇත්තේ පියුමි හංසමාලි සමග ගුටි බැට හුවමාරුවක් සිදුවූ බවටයි. නමුත් ඇය ෆේස්බුක් ගිණුම් ඔස්සේ දැන් කියා ඇත්තේ අදාළ සම්මුඛ සාකච්ජාව වෙබ් අඩෙවිවල පළවූ පසුව ඇගේ ෆේස්බුක් ගිණුමෙන් ඇය මෙවැනි දෙයක් නොපැවසූ බවත්, මෙයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. මේ එම පුවත්පත් සාකච්ඡාවයි.

මොකද්ද ශෂී මේ පියුමි එක්ක ගහගත්තා කියන කතාවේ ඇත්ත නැත්ත…?
ඒ කතාව ඇත්ත අපි දෙන්නා නුගේගොඩ බෝ ගහ යටදී ගහගෙන පොලිසි ගියා

මුල සිට විස්තරේ ශෂී අපට කියනවද…?
මම මේ ගැන මාද්‍යයට කියලා ප්‍රසිද්ධියේ සවූත්තු වෙන්නේ නෑ කියලා හිතාගෙන ගිටියේ . එත් මම නිහඬව ඉන්න එක මට ලොකු අසාධාරණයක් වෙනවා , පියුමි හංසමාලි එයාගේ මුඩුක්කු ගතිය ප්‍රදර්ශනය කරනවා

ශෂී කොහොමද පියුමිව අදුනාගත්තේ…?
බියුටි සැලෝන් එකක් අයිති කෙනෙක් හරහා තමයි මම පියුමිව අදුනගත්තේ , ඉස්සර එයා මගේ හොඳ යාලුවෙක් නෙවෙයි නමුත් කාලයක් අපි යාළුවො වගේ හිටියා එයාගේ තරම මම දැනගත්තා

කොහොමද යාළුකම වැඩිවුණේ…?
මගේ ගම මාතර , නමුත් නිරුපණ වැඩවලට නිතර කොළඹ එනකොට මට කොලඹ නතර වෙන්න තැනක් ඕන වුනා මම එක මාසෙකට පියුමිගේ රාජගිරියේ ගෙදර නතර වුණා. ඒ මට යන්න එන්න තැනක් නැතුව නෙවෙයි කොළඹින් කුලියට ගෙයක් හොයාගන්නකන් විතරයි

පියුමිගේ ගෙදර නතර වුණේ කුලී ගෙවලද…?
මම සෑහෙන්න සල්ලි වියදම් කළා. පියුමිගේ අම්මා ඉන්නේ පියුමිගේ ගෙදරමයි. ඒ අම්මා පියුමිගේ මහත්තයා ගෙදරින් එලවා ගන්න හූනියම් කරනවා. මම පියුමිගේ ගෙදර පිනට කන්න වැටිලා හිටියේ නෑ‍.

පියුමි මාධ්‍යයට කියලා තිබුණා ශෂී පියුමිගේ මහත්තයා එක්ක අනියම් ඇසුරක් පවත්වනවා කියලා…?
ඔව් මම ඒක දැක්කා.

පියුමිගේ සැමියා එක්ක ශශීගේ එහෙම ඇසුරක් තිබුණද…?
පියුමිටයි එයාගේ අම්මටයි ඕන කොහොම හරි කතා පතුරවලා ඒ මිනිහව ගෙදරින් එලියට ඇදලා දාන්න එයා එක්ක මගේ කිසිම අනියම් ඇසුරක් නෑ. මගේ කකුල් දෙකත් පිරිසිදුයි පියුමිගේ මනුස්සයට වඩා. පියුමි හංසමාලිට ඒ වගේ මනුස්සයෙක් ලොකු වුණාට මට එහෙම අය එක්ක ඉන්න බෑ.

ශශීට පෙම්වතෙක් ඉන්නවද…?
මම කසාද බැදපු කෙනෙක් මගේ මහත්තයා ස්වීඩන් රටේ හෝටල් ව්‍යාපාරිකයෙක් . තව මාස දෙක තුනකින් මාත් මගේ මහත්තයා ලඟට යනවා.

එත් ශෂී පියුමි යාළුවො දෙන්නම රාත්‍රී සාදවලට එකට ගමන් බිමන් ගියා ප්‍රසිද්ධියේම…?
එක මම නැහැයි කියන්නේ නෑ , මම රාත්‍රී සාද – උත්සවවලට ගියේ තනියම ගෙදරින් එලියට බැහැලා ගියාට , පියුමි තනියම යන්නෑ එයා යන්නේ එයාගේ පෙම්වත්තු එක්ක.

පෙම්වත්තු කියන්නේ සැමියාට අමතර තව පෙම්වත්තු කීප දෙනෙක් හිටියා කියන එකද…?
අපොයි ඔව් මොකද නැත්තේ පියුමිට වියදම් කරන්නේ ඒ ගොල්ලෝ තමයි.

මේ දේවල් ගැන වගකීමෙන්ද ශෂී කතාකරන්නේ…?
ඔව් . පියුමි මාත් එක්ක අමනාප වුණේ එයාගේ පෙම්වතා ගැන තොරතුරු මම එයාගේ සැමියාට කීවා කියලා හිතලයි.

ශශීගේ හැසිරීම හොඳනැති නිසා පියුමිගේ ගෙදරින් යන්න ශශීට යන්න වුනා වුණා කියන කතාව ඇත්තද,..?
එයා මාව එලෙවුවේ නෑ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මට වැල්ලවත්තෙන් කුලියට ගෙයක් අරගෙන දුන්නා.

ඉතින් අන්තිමේදී ගහගත්තේ කොහොමද…?
මම නුගේගොඩ සැලුන් එකක එදා හිටියේ පියුමි එතනට ඇවිත් මම උබව අල්ලගන්න හිටියේ කියල කෑගැහුවා , පියුමි එක්ක අක්ෂා සුදාරිත් ආවා මම ත්‍රීවීල් එකක නැග්ගා , ඒ දෙන්නා මාව ලුහුබන්දා , මම නුගේගොඩින් බැස්සා , පියුමිත් බැහැලා ඇවිත් මට ගැහුවා මගේ ඇදුම් ඉරුවා මගේ ඉවසීම පැන්නා, මාත් ගැහුවා.

ශශීත් ගැහුවා….?
මගේ ඇදුම ඉරුවට පස්සෙයි මම ගැහුවේ , අක්ෂලා,පියුමිලා වගේ මුඩුක්කු ගෑනු වගේ හැසිරෙන කෙනෙක් නෙවෙයි මම.

ශෂී කලක් ලඟින්ම ආශ්‍රය කරපු ඒ යාළුකම ගැන මොකද හිතෙන්නේ ?
කපටි ගෑනු කෙනෙක් එයා , එක අතකින් තමන්ගේ අම්මට දරුවට සැමියාට නැති කෙනා මට මෙහෙම සලකන එක ගැන පුදුමයක් නෑ..‍

ශශීගේ සැමියා මේ සිද්ධිය ගැන මොකද කිවුවේ ?
එයා මට බැන්නා , ඕනවට වඩා යාළුවො ආශ්‍රය කරනවා කියලා.

ශෂී ඉක්මනින් රටින් යන්නේ කලකිරිලද ?
නෑ . මම කොහොමත් මගේ හස්බන්ඩ් ලඟට ස්වීඩනයට යන්න ලෑස්ති වෙලා ඉන්නේ එතකන් මොඩ්ලින් වැඩ කරනවා.

මේ සිද්දිය ගැන පොලිස්සියේ පැමිණිල්ලක් කළා නේද…?
ඔව් මම මිරිහාන පොලිස්සියේ පැමිණිල්ලක් කළා , එක විභාග වුණා.

සමතයට පත්වෙන්න අදහසක් නැද්ද..?
පියුමි කවදා හරි ඔලුව බිම ඇනගෙන මගේ කකුල් දෙක ලඟට එන බව මම දන්නවා

(උපුටා ගැනීමකි.)



අනූෂාට හැමෝම ඇමති බිරිය කියලා කිව්ව හේතුව අනූෂා ප්‍රසිද්ධියේ කියයි


හැඩකාර කටකාර අනූෂා දමයන්තිට පසුගිය දවස්වල අමුතු වැඩක් වෙලා.

අනූෂා දමයන්ති දැන් ටෙලි නාට්‍යවල දකින්න ලැබෙනවා ?

මම ක්‍ෂේත්‍රයට ආවේ චිත්‍රපටිවලින්. එත් දැන් ප්‍රේක්ෂකයා අතරට ඉක්මනට යන්න පුළුවන් මාධ්‍ය තමයි ටෙලි නාට්‍ය කියලා කියන්නේ. ඒ නිසා අපේ තියෙන දක්ෂකම් ටෙලිනාට්‍යවලින් පෙන්වන්න හිතුවා.

අනූෂා ආදරය විඳින කෙනෙක්ද ?

ඔව්. මම ප්‍රේක්ෂකයන්ගෙන් ආදරය විඳිනවා.

හැමෝටම වගේ අනූෂාටත් පාසල් ප්‍රේමයක් තියෙන්න ඇති නේද ?

පාසල් ප්‍රේමය නම් තිබුණේ සාමාන්‍ය කරපු කාලේ. එක ඒ තරම් ලොකු ආදර කතාවක් නම් නෙවෙයි. සාමාන්‍යපෙළ ඉවරවෙලා ප්‍රතිථල එන කාලේ නිසා මම සිනමාවට යොමු වෙනවත් එක්ක ආදරයට කාලයක් වෙන් කරන්න ඉඩක් ලැබුණේ නැහැ.

ඒ කාලේ අනූෂාට ආදරය ලැබුණේ ආකර්ෂණය නිසාද ?

ඕනෑම ආදරයක පළමු හැඟීම නම් ආකර්ෂණය තමයි. එත් පාසල් කාලෙය් ආදරය වෙනුවෙන් එන මුල්ම හැඟීම ඒක.

පාසල් කාලයේ අනූෂාගේ හිත ගිය අයත් ඇති නේද ?

එහෙම හිත ගිය අය නම් හිටියේ නැහැ මොකද මට පාසල් ඇඳුමත් එක්ක ඒ දේවල් කරන්න බයක් හිතුණා. මට ආදරය කරපු අයටත් මම ගස්සපු එකයි ඔරවපු එකයි කළේ.

ගොඩක් ගැහැණු ළමයි චොක්ලට් කන්න ආසයිනේ ඔයාට ඒ වගේ තෑගිත් ලැබිලා ඇති නේද ?

මට ලැබුණේ නම් තීන්ත පෑනයි ෆයිල් කවරයකුයි. මම නම එයාට මගේ උපන් දිනේ තිබුණ දවසේ කේක් කෑල්ලක් දුන්නා.

අනූෂාට පාසල් ප්‍රේමය ඇතුලේ සුන්දර මතකයන් වගේම හිත රිදුන තැන් ඇති නේද ?

පාසල් කාලයේ ආදරයට ලොකුවට කාලය වෙන් වුණේ නැහැ මම සිනමාවට යොමුවුණ නිසා. ඒ අය අදටත් දකිනවා. මට හිනා යනවා ඒ වගේම ලැජ්ජත් හිතෙනවා. එහෙම වේදනාත්මක දේවල් නම් නැහැ.

ළඟදී අනූෂාට වෙච්ච වැඩක් ගැන අපිට ආරංචියි ?

ළඟදී කවුද කෙනෙක් මට මිසිස් රාමනායක කියලා කිව්වා. පස්සේ තමයි මට තේරුණේ එහෙම කිව්වේ ඇයි කියලා. ඒ වගේම ඇමැති බිරිය කියලත් මට කට්ටිය කතා කරන්න ගත්තා. හැමෝම අහන්න ගත්ත ඇත්තටම බැන්දද කියලා. රසික රසිකාවියන් පවා වගේ නිරමාණ ගැන නෙවෙයි ඇහුව්වේ. මේ ගැන බලද්දී එයාලා කියලා තියෙන්නේ රන්ජන්ගෙයි මගෙයි ෂූට් එක ගැන. එයාලට තාම ඒක මතකයි.

අනූෂාට ඇත්තටම විවාහ වෙන්න අදහසක් නැද්ද ?

විවාහ වෙන්න ඕනේ. ඒකට හරි වේලාව එන්න ඕනේ. ඒ ගැන ඉස්සරහට කල්පනා කරනවා.

අනූෂාට තමන්ගේ සහකරුවාගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණත් ඇති?

අපි රංගන ශිල්පිනියන් වුණත් මේ වගේ දේවල් ගැන හිතන්නේ සාමාන්‍ය ගැහැනියක් විදියට. ඉතින් මමත් කැමති අවංක ගැහැනියකට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් සොබා දහමට මිනිසුන්ට ආදරය කරන හොඳ හිතක් තියෙන කෙනෙක් ලැබෙනවා නම් කියලා පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.

ජනයුගය – 2017.09.02

කවුරුත් නැති නිසා, මම සම්පූර්ණයෙන් නිරුවත් වුණා - අනෝමා ජිනාදරී.

අනෝමා ජනාදරී කියන නම නිළියක් විදිහටත් වඩා අන්තර්ජාලයට එක්කරන යම් යම් ඡායාරූප නිසා ලොකු ජනප්‍රියත්වයත් ලබා තිබෙනවා.

සමාජජාලා මාධ්‍යවල ඇය දැක්වූ රැඩිකල් අදහස් නිසා ඇය සමාජයේ කතාබහට ලක්වූ අතර මේ වන විට නැවත වරක්‌ ඇය පිළිබඳ බොහෝ දෙනෙක්‌ කතා බහ කරන්නට පටන් ගෙන ඇත්තේ ඇය විසින් මේ වන විට රචනා කොට ඇති නුදුරේදීම පාඨකයන් අතට පත් කිරීමට නියමිත “ප්‍රේම ජවනිකා” නම් කෘතිය සහ එහි ඇතුළත් ආදර්ශ රූප සටහන් සඳහා ඇගේ නිරුවත් ඡායාරූප රැසක්‌ ඇතුළත්ය යන විවාදාත්මක ආරංචියත් සමඟය. ඒ පිළිබඳවත් “ප්‍රේම ජවනිකා” කෘතියේ අන්තර් ගත කරුණු කාරණා රැසක්‌ පිළිබඳවත් පසුගිය දිනක අනෝමා ජනාදරී සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක්‌ අපට හමුවූ අතර එය පහතින්.


  • ජනප්‍රිය රංගන ශිල්පිණියක්‌ වන ඔබ “ප්‍රේම ජවනිකා” නැමති කෘතිය රචනා කිරීම තුළ සමාජයට ලබාදීමට උත්සාහ දරන පණිවිඩය

එය කාරණා කීපයක්‌ විසින් සහ කාරණා කීපයක්‌ සැබෑ කර ගැනීමේ අරමුණින් සිද්ධ වූ දෙයක්‌. විශේෂයෙන්ම නිළියක්‌ විදිහට ප්‍රේම ජවනිකා කියන කෘතියට මම ප්‍රවේශ වෙන්නෙ අපි ජීවත් වන එහෙමත් නැත්නම් අපිට ජීවත් වෙන්න සිද්ධවෙලා තිබෙන දේශපාලනික වටපිටාවේ ඇති නරකාදී ලක්‍ෂණ ගැන කතා කරන්න. විශ්වවිද්‍යාල සිසුවියක්‌ පෙම්වතියක්‌, බිරිඳක්‌, මවක්‌ හැටියටත් මේ රටේ හැම පන්තියක්‌ම නියෝජනය කරන ගැහැණුන්ගේ, පිරිමින්ගේ හද ගැස්‌ම මගේ ප්‍රේම ජවනිකා කෘතියට ඇතුළත් වෙලා තිබෙනවා. ඊළඟට මේ ධනපති ක්‍රමය තුළ වන හොරකම මිනී මැරුම් ශ්‍රමය සූරා කෑම වගේ ගතිකයන් වෙනස්‌ කිරීම පිණිස උසස්‌ ලිංගිකයන් උපදවා ගැනීම සදහා එකිනෙකාට ආදරය කළ යුතු අන්දම ප්‍රේම කළ යුතු අන්දම පිළිබඳ අවබෝධය ප්‍රේම ජවනිකා කෘතිය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා.


  • එම ග්‍රන්ථය තුළ ඔබ “ඔබගේම ඇඟ” පෙන්වීම මගින් අපේක්‍ෂා කරන අරමුණු මොනවාද?

අනුවර්තනයක්‌ වන මෙහි මුල් කෘතිය තුළ වන ආදර්ශ රූප සඳහා පෙනී සිටින්නේ සුදු හම සහිත විදේශීය අඹුසැමි යුවලක්‌. නමුත් මා මෙම කෘතිය රචනා කරන්නෙ ලාංකික ප්‍රජාව ඉලක්‌ක කරගෙන. එතනදී ඔවුන්ට මෙම කෘතිය හැකිතාක්‌ සමීප කරවීමත් රූප සටහන් සඳහා පූර්ණ නිරුවත් දර්ශන ඇතුළත්ව තිබීම නිසාත් ඊට අමතරව එම අභියෝගය භාර ගැනීමට සමත් කම් දක්‌වන්න පුළුවන් කෙනෙකු නොවීමත් හේතුවෙන් මම අභියෝගය බාර ගන්නවා. ඒකට තවත් හේතුවක්‌ තමයි චිත්‍රපට හරහා මටම කියල විශේෂ ප්‍රේක්‍ෂක ප්‍රජාවක්‌ සිටීම. ඒ කාරණා හේතුවෙන් ප්‍රේම ජවනිකා කෘතියේ ආදර්ශ රූප සඳහා මා පෙනී සිටීම තුළ අපේක්‍ෂා කරන්නෙ කෘතිය හා පාඨකයා අතර පියමන් කරන අන්තර්ගතයේ හරය මිස වෙන යමක්‌ නෙවෙයි.

ඊට අමතර හේතුවක්‌ තියෙනවා නම් එය මෙතෙක්‌ මා රවටා මගේ නිරුවත හා රඟපෑමේ කුසලතාවය ඊනියා ස්‌ත්‍රිවාදයට ලඝූ කොට බඩවඩාගත් ඊනියා සිනමාකරුවන්ගෙ දෙබිඩි මානසිකත්වයෙන් මුදා ස්‌ත්‍රි කය නම් සකල ලෝකවාසී පිරිමින්ගේ එකම හා දිව්‍යමය රස ගුලාව සහ ප්‍රවේණිය සුරකින වස්‌තුමය යන්න සපථ කිරීමක්‌ ප්‍රබල හේතුවක්‌ ලෙස දැක්‌විය හැකියි.


  • සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලිංගිකත්වය කියන විෂය සාමාන්‍ය දෙයක්‌. එහෙම තත්ත්වයක්‌ තුළ ඔබගේ ග්‍රන්ථය වන ප්‍රේම ජවනිකා කෘතිය අලුත් කියවීමක්‌ වේවිද?

එය ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්‌. උදාහරණයක්‌ විදිහට ගත්තොත් ස්‌මාර්ට්‌ ෆොන් එකක්‌ අතේ තිබෙන කෙනෙකුට මේ දේවල් රහසක්‌ නොවෙන්න පුළුවන්. ඒ තුළ තිබෙන දෙයින් 90% ක්‌ හරවත් දේවල්. ඉතිරි 10% තමයි අපේ වගේ රටවලට බලපාන තීරණාත්මක දේ තිබෙන්නෙ. ඔබ කියන ආකාරයට ඒවා හරහා ලැබෙන දත්තයන් මගින් අදාළ ග්‍රාහකයාට ඒවා නැරඹිය හැකියි. ඒවා තහනම් කිරීමට තිබෙන නිර්ණායක ශක්‌තිමත් නැහැ. විශේෂයෙන් ෆොaන් ෆිල්ම්ස්‌ කියන්නෙ බටහිර යුරෝපීය රටවල තිබෙන පුද්ගලික වෙළෙඳ අධිකාරියකට ඒත් ලිංගිකත්වයේ යථාව ඒ තුළ නැහැ. නමුත් අපේ රටේ පිරිමි ගත්තොත් වයස්‌ භේදයකින් තොරව ඒ දේවල් නරඹනවා. මේ අය හිතන්නෙ මෙය සැබෑ ලෝකයේ ඉටු කර ගත හැකි යථාවක්‌ කියලා. එහෙම තත්ත්වයක්‌ තුළ මේ වන විටත් ෆොaන් ෆිල්ම්ස්‌ අපේ රට තුළ අයථාර්ථවත් මානසිකත්වයක්‌ ඇති කරල ඉවරයි. ඒ අර්ථයෙන් ගත් විට ප්‍රේම ජවනිකා කියන්නෙ වෙනස්‌ කියවීමකට.


  • කාම සූත්‍ර, රති ශාස්‌ත්‍රය වැනි ග්‍රන්ථ හරහා ලිංගිකත්වය හා ඒ හා බැඳුන සංසිද්ධීන් පිළිබඳ කතාබහ වෙනවා. ඔබගේ ග්‍රන්ථය එහිම දිගුවක්‌ විය නොහැකිද?

පිළිතුර – ඔබ කියූ කෘතීන් පමණක්‌ නෙවෙයි. වාත්ස්‍යායනය වැනි ඓතිහාසික අධ්‍යනවලින් රාගය උනුන් ලබන ආකාරය පිළිබඳ අදාළ කතුවරුන් විසින් විග්‍රහ කර තිබෙනවා. ඒත් මම ඒ ග්‍රන්ථ දකින්නෙ රදල ප්‍රභූවරුන්ගෙ අධිපති මතවාදී අයිතිවාසිකමක්‌ හැටියට. මගේ ප්‍රේම ජවනිකා පොතේ ඇතුළත් වෙලා තියෙන්නෙ විශේෂයෙන් මධ්‍යම පාන්තික ගැහැණුන් හා පිරිමින්ගෙ අනවබෝධයන් හා ලිංගිකත්වය පිළිබඳ විද්‍යාත්මක නොදැනුවත්කම් මගහරවාගෙන සැබෑ පෙම් සුව විඳින ආකාරය පිළිබඳවයි. එය ආගමට හෝ ජාති කුලමලවලට වාරණය කළ හැකි හෝ ඒවායින් වාරණය වන තොරතුරු නොවෙයි.


  • ඔබ කියන්නෙ රටක්‌ ලෙස ගත්තොත් ලංකාවට විධිමත් ලිංගික අධ්‍යාපනය පිළිබඳ තිබෙන අවබෝධය අවමයි කියන කාරණයද?

ඔව්. පොදු ජන සමාජයටම ඒ පිළිබඳ මනා අවබෝධයක්‌ තිබිය යුතුයි. ලිංගික අධ්‍යාපනය කියන දෙය විෂයක්‌ ලෙස පාසලේ 9 වන ශේ්‍රaණියේ සිට ඉගැන්විය යුතුයි කියන තැන මම ඉන්නෙ. අපේ රටේ සිංහල බෞද්ධ, ක්‍රිස්‌තියානි හින්දු මුස්‌ලිම් සෑම ප්‍රජාවකටම විශේෂයෙන්ම නංගිට, අක්‌කට, අම්මට, ආච්චිට, බිරිඳට වෙසෙසින් ගරු කරන හැටි කුඩා කල සිට ඉගැන්විය යුතුයි. එසේ නොකිරීමේ ප්‍රතිඵල ලෙස ගෘහස්‌ථ හිංසනය, පරපීඩන ලිංගිකත්වය වැනි කාරණා මේ වන විටත් මහා සමාජය ඇතුලේ දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය කරල ඉවරයි. ඒවා ආගමෙන් සදාචාරයෙන්, සභ්‍යත්වයෙන් උගන්වන්න බැහැ කියල පසුගිය වසර 2600 ගණන විසින් අපට පෙන්වල දීල තිබෙනවා.


  • ඔබ කියන්නෙ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් අතර සංහිඳියාවක්‌ ඇති කළ යුතුයි කියන කාරණයද?

පිළිතුර – අනිවාර්යයෙන්ම එය කළ යුත්තක්‌ එසේ කළ හැක්‌කේ ඔවුන්ගේ මානව හිමිකම් හා යුක්‌තිය පසිඳලන ශක්‌තිමත් නීතිමය රාමුවක්‌ තුළ පමණයි. හැබැයි එය වචනයට පමණක්‌ සීමා නොවිය යුතුයි. ලිංගිකත්වය අනුව ගත් විට එහෙමත් නැත්නම් කතා කරන විට අපේ වගේ රටක ප්‍රතිවිරුද්ධ ලිංගික පාර්ශවයන්ට පාර්ලිමේන්තු නියෝජනය හිමිවිය යුතුමයි.


  • මෙතෙක්‌ වෙලා ඔබ විසින් ලබා දුන් පිළිතුරුවලට අනුව පෙනී යන කරුණක්‌ තමයි මිනිස්‌ වර්ගයාගේ ප්‍රභවය හා පරිනාමය මානව හිතවාදී දේශපාලනයන් පදනම් කර ගෙන පෙරට යන කාරණයක්‌ බව එහි සත්‍යයක්‌ පවතිනවද?

පිළිතුර – ඔව් ඒක තමයි ඇත්ත. දැන් මාව ගත්තොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී පොත පතට පමණක්‌ සීමා නොවී දේශපාලනික ප්‍රවාදවලට අපව තල්ලු වුණේ ඒ නිසයි. මුලින්ම දේශපාලනික ප්‍රවාදයක්‌ මා තුළ නිර්මාණය කළේ දයා පතිරණ සහෝදරය. අපි ශිෂ්‍යයන් හැටියට ස්‌වාධීන විය යුතු බවත් දෙමළ ප්‍රජාවගේ අයිතීන් මානව හිතවාදී ආකාරයට දැකිය යුතු බවත් ඊට අමතරව ප්‍රායෝගික අරගල තුළින් ඒවා දිනාගත යුතු බවත් ඉගෙන ගත්තෙ ඔහුගෙ නායකත්වයෙන්. ඒ හින්ද තමයි අපේ ජීවිත සාහිත්‍ය, කලාව ඇසුරෙ මානව හිතවාදී අයුරින් හැඩ ගස්‌සවා ගත්තෙ.


  • ආගම සදාචාරය ආදී කරුණුවලින් හික්‌මවන ලද සමාජයකට “ප්‍රේම ජවනිකා” කෘතිය සහ එහි අන්තර්ගත නිරුවත් ඡායාරූප මගින් යම් අගතියක්‌ සිද්ධ වුණොත් එහි වගකීම ඔබ භාර ගන්නවද?

ගෙදර බුදුන් අම්මා කියන දෙය බිහි කළේ ආගම විසින් නම් බුදුන් වහන්සේ විසින් පවා බුද්ධ දේශනාවේදී ඉපදීම පිළිබඳ දාර්ශනික මෙන්ම විද්‍යාත්මක කරුණු දේශනා කරල තියෙනවනම් ජාතිය ගොඩනැඟêමේ විද්‍යාත්මක පදනමට මහෝපකාරි වන පුරෝගාමී කෘතියක්‌ රචනා කිරීම ආගමික සදාචාරයට විරුද්ධ දෙයක්‌ වෙන්නෙ කොහොමද?


  • ගැහැනියක්‌ මවක්‌ ලෙස ලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටීම හා කථාබහ කිරීම සංකීර්ණ කටයුත්තක්‌ නේද?

අවධාරණයෙන් කියන්න ඕන. මම සම්ප්‍රදායික ගතානුගතික ගැහැනියක්‌ හෝ බිරිඳක්‌ නෙවෙයි. ඒ වගේම ගැහැනියක්‌ මවක්‌ වුණත් ස්‌වාධීනව ඉන්න මට කියල දුන්නෙ මගේ නිළිකම.

මම තනිතටුව චිත්‍රපටයෙ රඟපාල ගෙදර එනකොටත් මගේ දූල ඉස්‌කෝලෙ යනවා. ඒ චිත්‍රපටයේ පූර්ණ නිරුවත් ජවනිකා 3 ක්‌ තිබුණා. පාසලේදී දරුවන්ගේ මානසිකත්වය කාගෙවත් අතින් බිඳ නොවැටීම පිණිස මම කලේ මගේ දරුවො දෙන්නගෙ අවබෝධය ඒ සම්බන්ධව ඇති කිරීම. මම එයාලට කිව්වෙ කවුරු මොනව කිව්වත් ඒ අයට කියන්න අපේ අම්ම ඒ චිත්‍රපටයේ රඟපෑවේ චරිතයක්‌ විතරයි. ඒත් එයා අපේ අම්ම කියල. ඔබ කියනවා වගේ මේ කටයුත්ත සංකීර්ණ තමයි. ඒත් මම අදටත් මහපොළොවෙ පය ගහල පාරතොටේ ඇවිදගෙන යන ජනතාව සමඟ ඉන්න ගැහැනියක්‌. මම කරන දේ හැමෝටම කරන්න බැරි හින්දත් හැමෝම වෙනුවෙන් ඒ දේ කරන්නත් මම ශක්‌තිය ගන්නෙ ඒ හින්දයි.


  •  ආදරය, ප්‍රේමය, විවාහය කියන කාරණාවලින් වියුක්‌තව පවතින්න ඔබ තුළ කැමැත්තක්‌ තිබෙනවද?

ඔබ මට නොකිය කියන්නෙ මම හැඟීම් දැනීම් නොදැනෙන හදවතක්‌ නැති යකඩ ගැහැනියක්‌ කියල නේද? එහෙම නම් මම ඔබට අභියෝග කරනව ඉදිරියේ තිරගත වීමට නියමිත සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ දරුවන් අට දෙනෙකුගේ අම්මා කෙනෙක්‌ විදිහට මම රඟපාන ප්‍රධාන චරිතය එක කඳුළක්‌වත් නොහෙළා මුල සිට අගට නරඹන්න කියලා.