Showing posts with label news. Show all posts

පොලිස් කාන්තාවන්ට පොලිසිය ඇතුළෙන්ම හිංසනයක්!


පොලිස් දෙපාර්තමේන්තුවේ 2016 වාර්ෂික ස්ථාන මාරුවිම් සදහා මේ දක්වා ක්‍රියාත්මක වු ස්ථාන මාරුවිම් චක්‍ර ලේඛ සියල්ල අවලංගු කරමින් නව ස්ථාන මාරුවිම් චක්‍ර ලේඛයක් 2016.06.14 වන දින අංක 2576/2016 යටතේ පොලිස්පති තුමා විසින් නිකුත් කර ඇත.

මෙම ස්ථාන මාරුවිම් ක්‍රියාත්මක කිරිම සිදුවුවහොත් පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ථ විවාහක දරුවන් සිටින කාන්තා පොලිස් නිලධාරිණියන් බහුතරයක් සදහා අති මහත් දුෂ්කරතාවයන්ට මෙන්ම සමාජිය හා ආර්ථික අපහසුතාවයන් රාශියකට මුහුණ දිමට සිදුවනු ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා නිලධාරිණියන්ගේ ස්වාමි පුරුෂයන්ද රැකියාවන්හි නිරත වන බැවින්, දරුවන්ගේ රැකවරණ,පෝෂණය ,අධ්‍යාපනය හා පවුල් සංස්ථාව රදා පැවැත්ම සදහා එවකට පොලිස්පති ආචාර්ය මහින්ද බාලසුරිය මහතා විසින් 2010.10.05 වන දින ආර්.ටි.එම්.1509 මගින් කාන්තා නිලධාරින් සදහා ස්ථාන මාරුවිම් ලබාදිම අත්හිටුවා තිබිණි.

ඒ යටතේ ,

2010.09.15 වන විට වසර 05ක් සම්පූර්ණ කරන ලද නිලධාරීන් සදහා ස්ථාන මාරුවීම් ලබාදිම සම්බන්ධ නියෝග නිකුත් කිරීමේදී එම මාරුවීම් යටතේ කාන්තා නිලධාරීනියන් නිදහස් කර නැත. එය එම ලිපිය තුල පැහැදිලිව දක්වා තිබේ. නමුත් විනය ක්‍රියාමාර්ග අනුව කාන්තා නිලධරීන්හට මාරුවිම් ලබාදීමට යෝජනාකර තිබුනද එය ද කොට්ඨාශය තුලම පමණක් සිදුකරණ ලෙස නියෝගකරනු ලැබීය.

ඉන්පසුව තවදුරටත් විවාහක කාන්තා නිලධාරිණියන්ට සහනයක් සලසා දිම වස් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා (පරිපාලන) විසින් 2015.01.31 වන දින ආර්.ටි.1035 මගින් විවාහක නිලධාරින්ගේ අවශ්‍යතාවය පරිදි පදිංචි ලිපිනයට ආසන්නතම පොලිස් ස්ථානයට ස්ථාන මාරුවිම් ලබාදිමට කටයුතු කිරිම. සිදුකළ යුතු බව දන්වා ඇත. එම නියෝගයේ අඩංගු වූ නියෝග පහත දක්වා ඇත.

1. කාන්තා පොලිස් නිලධාරිනියන්හට ලබාදි ඇති ඉරැදින විවේකය විශේෂ රාජකාරියකදි හැර අන්සැම අවස්ථාවකදීම අනිවාර්යෙන්ම ලබාදීම.

2. හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ වැඩමුරය කාර්යාල වෙලාවන්හි පැය 08කට සීමා කිරීම.

3. අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන සෑම අවස්ථාවකදීම කාන්තා නිලධාරිනියන් වෙත ඔවුන්ගේ ඉල්ලීම පරිදි නිවාඩු ලබාදීමට කටයුතු කිරීම.

4. විවාහක නිලධාරිනියන්ගේ අවශ්‍යතාවය පරිදි පදිංචි ලිපිනයට ආසන්නම පොලිස් ස්ථානයට ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කිරීම.

5. විශේෂ රාජකාරි යෙදවිමේදී කුඩා දරුවන් දරුවන් සිටින නිලධාරිනියන් සහ වයස්ගත නිලධාරිනියන් රාජකාරී නොයෙදවීමට වගබලා ගැනීම.

6. මේ සම්බන්ධයෙන් නැවතපැමිණිලි මාවෙත ඉදිරිපත් නොවන සේ වගබලා ගත යුතුවන අතර එසේ පැමිණිලි ලැබුනහොත් ඒ පිළිබදව විමර්ශණය කර අදාල වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් විනයාණුකූලව කටයුතු කරමි.

ඉහතින් කාන්තා නිලධාරිණියන්ට සලසා දි තිබු සහනයන් මෙම පොලිස්පති චක්‍ර ලේඛණය මගින් කිසිදු සානුකමිපිත බවක් නොමැතිව කප්පාදු කර ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා නිලධාරින්ගෙන් සිදුවන මෙහෙය සම්බන්ධයෙන් කිසිවෙකුත් ඔවුන්ව ඇගයිමකට භාජනය කර නොමැත. එහෙත් පොලිස් ස්ථාන වල කාන්තා කාර්යාංශ ස්ථාපිත කිරිමෙන් බලාපොරොත්තු වු රාජකාරි පසුබිම නොපිරිහෙලා ඉටු කිරිමට නිලධාරින් එදා මෙන් අදත් බැදි ඇත. රටෙහි සමස්ථ දරුවන්ගේ රැකවරණය කාන්තා හිංසනය පිටුදැකිමට එරෙහිව කටයුතු කල මෙම පොලිස් නිලධාරිණියන්ට දැන් සිදුව ඇතිතේ තමන්ගේ දරුවන් මෙන්ම පවුල් සංස්ථාවද අතහැර දමා යාමටය.

මිට අමතරව පොලිස් ස්ථානයක සියලු රාජකාරි කටයුතු සදහා දායකවිමද අප විසින් සිදුකරනු ලබයි.

දරුවන් කවුරුත් එක හා සමානය සලකා කටයුතු කළ යුතු වුවද පොලිස් නිලධාරිණියන්ගේ දරුවන් සම්බන්ධයෙන් වගකිම දරන්නේ කවුරුන්ද යන්න අපට නැගෙන ප්‍රශ්ණයකි.

ඉහත කරුණු සම්බන්ධයෙන් සලකා බලා කඩිනමින් සහනයන් සලසා දෙන මෙන් ඔබ තුමාගෙන් ගෞරවයෙන් අයැද සිටිමු.

-අසරණයට පත් කාන්තා පොලිස් නිලධාරිනියන් සහ පවුල් වල සාමාජිකයින් පිරිසක්

මෙතුවක් කල් හද ගැස්මේ සුසුමක් පාසා හිතවත්කම් රඳවා සඟවා හැඟුමන් ආශා - කසුන් මහේන්ද්‍ර හීනටිගල ලියයි...


කසුන් මහේන්ද්‍ර හීනටිගල යනු,කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨයෙන් උපාධි වරම් බලාපොරොත්තුවෙන් සිටින තමන්ටම ආවේනික චින්තයකින් හෙබි තරුණයෙක්.ඔහු විටක තිර පිටපත් රචකයෙක්/කවියෙක්/ප්‍රබන්ධකරුවෙක්/ජනමාධ්‍යවේදියෙක් සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගන සමාජ ක්‍රියාධරයෙක් ලෙස හදුන්වන්නටද හැකියි.


මේ කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් ලියන ලද අලුත්ම ගීත රචනයයි.

මෙතුවක් කල් හද ගැස්මේ සුසුමක් පාසා
හිතවත්කම් රඳවා සඟවා හැඟුමන් ආශා
සැනසීම ඉවසීමයි කියා සැඟවුණා
මාගේ හදවත දවා...

නුඹෙ වුවනතේ මුදු ළවනතේ
ඇස බැඳුණා මත් වෙලා
මගෙ හදවතේ සං ප්‍රේමයේ
බස හඳුනාගත් සිනා

බස හඳුනාගත් සිනා
ඇස බැඳුණා මත් වෙලා...

යාවීද පාවී සුසුම්
බාධාම තැවරූ හැඬුම්
ආ ඉතින් සිප නොගත් මල්සරා
නිරාමිස කැල්මන් සෙවූ
දිලි දිලී තරු නෙතු නිවූ
මේ සා පෙමක් ගොළුයි බස් වහා...

නුඹෙ වුවනතේ මුදු ළවනතේ
ඇස බැඳුණා මත් වෙලා
මගෙ හදවතේ සං ප්‍රේමයේ
බස හඳුනාගත් සිනා

බස හඳුනාගත් සිනා
ඇස බැඳුණා මත් වෙලා...//


Lyrics | Kasun Mahendra Heenatigala
Vocals | Charith Abeysinghe


සටහන - ඉෂාර ලක්මිණ


රෝම නගරය සොඳුරු දෑතකට අත දිගු කරයි.


රෝම නගරයේ නගරාධිපති වශයෙන් ප්‍රථම වරට කාන්තාවක තේරීපත් වීමේ වැඩි ඉඩක් පවතින බව විදෙස් වාර්තා පවසයි.

රෝමයේ නගරසභා ඡන්දයෙන් වර්ජීනියා රෙගී මෙවර වැඩි දෙනාගේ ආකර්ෂණය දිනාගෙන සිටින අතර, 'ෆයිව් ස්ටාර් මූව්මන්ට්' පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්ව සිටී.

කෙසේ වෙතත්, ඇයත් සමග ප්‍රබල සටනක නිරත 'සෙන්ට්‍රල්-ලෙෆ්ට් ඩිමොක්‍රටික්' පක්ෂයේ රොබර්ටෝ ගියාචෙට්ටි වට දෙකකින් සමන්විත මැතිවරණයේ ඉදිරියෙන් සිටින බව කියයි.

මේ අතර, වර්ජීනියාගේ ජයග්‍රහණය ඉතාලි අග්‍රාමාත්‍ය මෙට්ටියෝ රෙන්සිටද ප්‍රබල කණේ පහරක් වනු ඇති බව එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මන්දයත්, ඔහු නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉතාලියේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මිලාන් නුවරදී මෙන්ම, තවත් නගර කිහිපයකදීම ප්‍රබල පසුබැසීමක් පෙන්වා ඇත.

37 වැනි වියෙහි පසුවන රූමත් වර්ජීනියා වෘත්තියෙන් නීතිඥවරියකි. ඇය නගරසභා මැතිවරණයේ පළමු වටයේදී 35% ක ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී, ගියාචෙට්ටි වෙත හිමිව තිබුණේ 24% ක ප්‍රතිශතයක් පමණි.

ලොව බලවත්ම කාන්තාවන් අතර චීන කතුන් වැඩිවෙලා.


ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇති 2016 ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුව අතර චීන කාන්තාවන්ගේ නම් පෙරට වඩා වැඩි වී තිබේ.

සාමාන්‍යයෙන් ලොව බලවත්ම කාන්තාවන් අතර නිරන්තරයෙන් කියැවෙන බටහිර නම් අතරට, ආසියානු කාන්තාවන්ගේ බලය වැඩිවීම සැලකිය යුතු භූ දේශපාලනික ක්‍රියාවලියක් බව විශ්ලේෂකයෝ පවසති.

මේ අතර, මෙවර ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට පෙර පරිදිම ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සමත්ව සිටියි.

එහිදී, එම ලැයිස්තුවේ ඇමෙරිකානු කාන්තාවන් 51 දෙනෙකු ඇතුළත් වෙමින්, එහි වැඩි ගෞරවය ඇමෙරිකාව වෙත නතු කරගත්තත්, දෙවැනි ස්ථානය චීනය විසින් අත්පත් කරගෙන තිබේ.

එසේ ඉදිරියට පැමිණි චීන කාන්තාවන් අතර, අලිබබා වාණිජ වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීනී ලුසී පෙන්ග් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මාගරට් චෑන් පෙරමුණේ සිටිති.

ක්‍රිස් ගේල්ට අයි.පී.එල්. එපා වූ හේතුව බිරිද දනී...



බටහිර ඉන්දීය කොදෙව් පිළ නියෝජනය කරන ජනප්‍රිය ක්‍රීඩක 'ක්‍රිස් ගේල්' ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලිය අතරතුර හදිසියේම තම මවු රට බලා පිටත්ව ඇත්තේ තම කුළුදුල් දරුවා ප්‍රසූත කිරීමට තම බිරිද සූදානම් වන නිසාය.ක්‍රිස් ගේල් 36 වන වියේ මේ වන විට පසුවෙයි.සතියක කාලයක් තම පවුලේ සමීපතමයින් සමග සතුට සමරා නැවත තරගාවලියට එක්වීමට නියමිතය.

ඉෂාර ලක්මිණ


2015 වසරේ සරාගී නිළිය මෙන්න (Photos)


ජනප්‍රිය බොලිවුඩ් සිනමා වෙබ් අඩවියක් වන ‘Santa Banta’ වෙබ් අඩවිය පසුගිය දිනක ප්‍රකාශ කළ අන්දමට පසුගිය 2015 වසරේ බොලිවුඩයේ සරාගී නිළිය වන්නේ පරිනීති චොප්රාය.

ඇය මෙම කිරුළට හිමිකම් කීමට සමත්ව ඇත්තේ පසුගිය වසරේ “FHM” දෙසැම්බර් කලාපයට ඇය ලබාදුන් ඡායාරූප බව මෙම වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

ඉන්පසු නැවතත් මෙමස (මාර්තු) කලාපයට ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක් එක්කොට තිබේ.

2012 වසරේදී බොලිවුඩ් සිනමාවට එක්වූ පරිනීති චොප්රා 2016 වසර වනතෙක් කිසිදු සඟරාවක් විසින් “සරාගී” බොලිවුඩ් නිළි ලැයිස්තුවට ඇතුළත් කරගෙන නැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇය කාලයක් තිස්සේ බොලිවුඩයේ “සරාගී” නිළි ලැයිස්තුවේ සිටි ප්‍රබල නිළියන් ද අභිභවා මෙවර පළමු තැනට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් වී තිබෙනවා.

ඡායාරූප පහතින්.




ෂාරුක්ගේ අලුත්ම තරුව(Photos)



ඉදිරියේදී තිරගත වීමට නියමිත ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන 'ෆෑන්' චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත. එයට හේතුව වන්නේ එහි විශේෂාකාරයේ රංගනයක යෙදෙන ෂාරුක් සහ ඒ සඳහා දායක වී ඇති නවක තරුව නිසාය.

Waluscha de Sousa නම් වූ ඇය ඉන්දියාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් නිරූපිකාවකි. මෙය ඇයගේ පළමු සිනමා ආගමනයයි. ඇය මේ දිනවල ඇගේ ට්විටර් ගිණුම හරහා 'ෆෑන්' චිත්‍රපටය අතරතුරදී ගනු ලැබූ ඡායාරූප පළකර තිබේ. ඇය තම ට්විටර් ගිණුම ඔස්සේ පවසා සිටියේ ඇය රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටයේදීම ඉන්දියාවේ සුපිරි නළුවෙකු සමග දායක වීමට වරම් ලැබීම බොහෝ සතුටට කරුණක් බවයි. 

ඇය දායක වූ වෙළෙඳ දැන්වීම් වලින් බොහෝ ජනප්‍රියත්වයක් ලබා ඇත්තේ Hyundai සහ ෂාරුක් ඛාන් සමග දායක වූ Pepsi වෙළෙඳ දැන්වීමයි. නිරූපණ ක්ෂේත්‍රයට අමතරව මනෝවිද්‍යාව පිළිබඳව උපාධියක් හදාරන අතර, ඇය වැඩි වශයෙන් නිරූපණයේ යෙදෙන්නේ ඉන්දියාවේ ජනප්‍රියත්වයට පත් ඡායාරූප ශිල්පියෙකු වන රොහාන් සිපී සමගය. 



ඔහු විසින් කරනු ලැබූ කෙටි චිත්‍රපටයක් සඳහා දායක වූ මැයට, 'ෆෑන්' චිත්‍රපටයට රංගනයට වරම් හිමිවන්නේද එමගිනි. ඇය 2002 වර්ෂයේදී ඉන්දියානු නළු Marc Robinson සමග විවාහ වූ අතර, 2013 වර්ෂයේදී ඔවුන් වෙන්වී ඇත. 2000 වර්ෂයේදී මිස් ෆෙමිනා ඉන්දියා තරගය සඳහාද තරග කර ඇති නමුත්, එහිදී ඇයට ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වී ඇත. 

ෂාරුක් ඛාන් සමග මෙම සිනමාපටයේ රංගනයෙන් දායක වීම සඳහා ඇයට මාස 03ක පුහුණුවක් ලබා දී ඇති බවද කියවේ. කෙසේ වුවත් සිය පළමු චිත්‍රපටය සඳහා රසික ප්‍රතිචාර හිමි වීමට ඉඩ ඇති බව ඇගේ විශ්වාසයයි







ආදරවන්තයන්ගේ දිනයේදී ලංකාවේ අවු: 21ට අඩු තරුණියන් 9,400කගේ කන්‍යාභාවය නැති වේ.


ආදරවන්තයන්ගේ දිනයේදී ශ්‍රී ලංකාවේ අවුරුදු 21කට අඩු තරුණියන් 9,400කට ආසන්න සංඛ්‍යාවකගේ කන්‍යාභාවය කෙලෙසෙන බවට සමීක්ෂණයකින් හෙළිවේ. 

මේ බව හෙළිවන්නේ කරන ලද සමීක්ෂණයකිනි. ආදරවන්තයන්ගේ දිනයේ වෙළෙඳපොළේ සිදුවන ක්‍රියාවලින් ඊට අමතරව ආදරවන්තයන්ගේ දිනයෙන් පසුව ගබ්සා මධ්‍යස්ථාන හා තවත් වෛද්‍ය ආයතන රැසකින් තොරතුරු ලබාගෙන කරන ලද සමීක්ෂණවලින් මේ කරුණු අනාවරණය වන බව එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ වෛද්‍ය අසංක විජේරත්න මහතා පැවැසීය.

ආදරවන්තයන්ගේ දිනය වශයෙන් සැලකෙන පෙබරවාරි 14 වැනිදා ෆාමසිවලින් උපත් පාලනයට අදාළ බෙහෙත් වර්ග සහ උපත් පාලන කොපු අලෙවිය දෙගුණකින් ඉක්ම ගොස් තිබෙන බවත් පෙබරවාරි 15, 16 සහ 17 යන දිනවල කොළඹ, කළුතර, ගම්පහ, මීගමුව, මහනුවර හා මාතලේ යන ප්‍රදේශවල පිහිටි ගබ්සා මධ්‍යස්ථානවලින් ලද තොරතුරුවලින් තරුණියන් රැසක් ගබ්සා සිදුකර ගැනීමට පැමිණෙන බවත් වෛද්‍ය අසංක විජේරත්න මහතා සඳහන් කරයි.

ආදරවන්තයන්ගේ දිනයේදී ලබාදිය යුතු හොඳම ත්‍යාගය මේ ප්‍රථම ලිංගික එක්වීම බවට මතයක් ප්‍රබලව තරුණ පරම්පරාව අතර ෆේස්බුක් ඇතුළු අන්තර්ජාලය මඟින් ප්‍රචාරය වන බවත් මේ තත්ත්වයට පාසල් දැරියන් ඇතුළු තරුණියන් රැසක් රැවටෙන බවත් මේ ගැන මවුපියන්, භාරකරුවන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් වෛද්‍ය අසංක විජේරත්න මහතා පවසයි. පෙම්වතුන්ගේ දිනයෙන් පසු දින දෙක තුන විශේෂයෙන්ම තරුණියන්ගේ සියදිවි නසාගැනීම් දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් ලබාදෙන ත්‍යාගවල විවිධ තක්සේරු, ආදරය ගැන යම් යම් අවිශ්වාස හේතුවෙන් මේ සියදිවි නසාගැනීම් සිදුවන බවත් වෛද්‍ය අසංක විජේරත්න මහතා පෙන්වා දෙයි.

මීට අමතරව රෝස මල් හා චොක්ලට් වෙන දිනවලට වඩා පෙබරවාරි 14 වැනිදා හයසිය ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් ශ්‍රී ලංකාවේ රුපියල් 4,500ට වඩා අඩු මුදලට තිබෙන කාමර තරුණ ජෝඩු වෙනුවෙන් පමණක් එදිනට 80%කට වඩා වෙන්වන බවත් මේ සමීක්ෂණ වාර්තාවලින් තවදුරටත් හෙළිවන බවද වෛද්‍ය අසංක විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.


ඉෂිතා ලංකාවට ඇවිත් උඩරට මනාලියක් වෙයි. (Photos & Video)

Indian Actress Divyanka Tripathi arrived in Sri Lanka


මෙරට විශාල රසික රසිකාවියන් පිරිසකගේ ආකර්ෂණය දිනාගත් ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත‍්‍රීපති අද ශ‍්‍රී ලංකාවේදී උඩරට මනාලියක් ලෙස හැඩ වෙනවා.

ඒම අවස්ථාවට සහභාගී වීම සඳහා ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත‍්‍රීපති අද පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණියා.ප‍්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වන චම්පි සිරිවර්ධනගේ රූපලාවන්‍යාගාරයේදී මෙලෙස උඩරට මනාලියක් ලෙස ඉෂිතා හැඩ වෙනු ඇති.

ඒ චම්පි සිරිවර්ධනගේ මූලිකත්වයෙන් සංවිධානය වෙන ”‍මනාලියන්ගේ මහ ගෙදර”‍ වෙනුවෙනි.ශ‍්‍රී ලාංකේය මනාළියන් හත් දහසක් සරසවා ඇති චම්පි සිරිවර්ධන ගිනස් වාර්තාවකට හිමිකම් කියයි.








වාරණ මණ්ඩලයට දැඩි දෝෂාරෝපණයක්.


ඉන්දීය වාරණ මණ්ඩලයේ ප්‍රධානියා හැටියට කටයුතු කරන්නේ පහ්ලාජ් නිහාලානි. ඔහු බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට තැනූ අධ්‍යක්ෂවරයෙක්. මේ දිනවල ඉන්දියාවේ තිරගත වන ‘ස්පෙක්ට්‍ර’ නම් වූ අලුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ ඇතුළත් වන සිප ගැනීමේ දර්ශනයක් ඔහුගේ ‘කතුර’ට හසුවී ලොකු ආන්දෝලනයක් හටගෙන.

බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් සහ ප්‍රවීණ සිනමා කරුවන් කිහිප දෙනකු මේ ‘කැපිල්ල’ට විරෝධය දක්වා තිබෙනවා. ඒ අය අතරින් දැඩි හඬක් නැඟුවේ ජනප්‍රිය නිළි සොනාක්ෂි සිංහයි. “අපේ රටේ කිසිම දවසක විදේශීය චිත්‍රපටයක් මේ වගේ තහංචියකට මුහුණ දුන්නේ නැහැ. අපේ වාරණ මණ්ඩලයේ ප්‍රධානියා ළමයි බලාගන්නා ‘නැනී’ කෙනකු වෙන්න ඕනෙ නැහැ. පහ්ලාජ් නිහාලානිත් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බව අමතක කළ යුතු නැහැ” සොනාක්ෂි ඉන්දීය වෙබ් අඩවියකට එලෙස පැවසුවා.

ප්‍රවීණ සිනමාකරුවකු වන ශ්‍යාම් බෙනගල් පැවසුවේ වාරණය මුළුමනින්ම ඉවත් කළ යුතු දෙයක් බවයි. ප්‍රවීණ නළු කබීර් ඛාන් පැවසුවේ මෙය විහිළු සහගත දෙයක් බවයි.

“වැඩිහිටි අය සිපගැනීමේ දර්ශනයක් බැලුවම මොකක් වෙනව ද? මේ චිත්‍රපටයේ තිබුණා, තත්පර 30ක සිප ගැනීමේ දර්ශනයක්. ඒක තත්පර 8 කට කෙටි කරලා. ඒ කියන්නෙ, ඉවත් කරපු තත්පර 22ට ඇතුළත් වන දර්ශනය දැක්කොත් අපේ සංස්කෘතිය විනාශ වෙයි ද? මේක මහ පිස්සු වැඩක්.” කබීර් ඛාන් එලෙස පැවසුවා.

උදාරිට හුරතල් කරන්න ලේන් පැටියෙක් ප්‍රසිද්ධියේ ඉල්ලයි.


මේ වන විට ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් තමයි උදාරි කෞෂල්‍යා කියන්නේ.

ඔයාලා දන්නවාද උදාරි හුරතලේදී ඇති කරන්න කැමති මොන වගේ සත්තුද කියලා.

ඔන්න උදාරි එයාගේ ෆේස්බුක් පිටුවේ පළ කරලා තියෙනවා ඇති කරන්න පුංචි ලේන් පැටියෙක් අවශ්‍යයි කියලා.

කොහොම වුණත් මේවගේ ප්‍රසිද්ධියේ ඇති කරන්න ලේන් පැටියෙක් ඉල්ලපු පලමු නිළිය වෙන්න ඕන උදාරිද කොහේද?

ඔන්න එහේනම් බලන්නකෝ උදාරි ඇතිකරන්න ලේන් පැටියෙක් ඉල්ලලා තියෙන විදිය පහළින්ම.
udari

රන්බීර් දීපිකාගේ අලුත්ම චිත්‍රපටය අද එළියට. (Video)


ශාරුක් කාජල්ට පස්සේ බොලිවුඩයේ බිහිවු ගැළපෙනම ජෝඩුව රන්බීර් දීපිකා කියලනේ ගොඩක් අය කියන්නේ.

සැබැ ජිවිතයේ පෙම්වතුන් හැටියට වෙන්වුණාට පස්සේ මේ දෙන්නා මුලින්ම ර‍ගපෑවේ “යේ දිවානි හේ දිවානි“ චිත්‍රපටියේ. ඒක අති සාර්ථක වුණා.

රන්බීර් දීපිකා  ඊළ‍ගයට ර‍ගපාන තමාෂා ෆිල්ම්එක එළිදක්වන්නේ අද. ඒක ඊටත් වඩා සාර්ථක වෙයි කියලයි ගොඩක් අය හිතන්නේ.

මොකද රූගත කිරීම් පටන් ගත්ත දවසේ ඉදලම ෆිල්ම් එකට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණනේ. 

කොහොම නමුත් තමාෂා ෆිල්ම් එක ගැන වැඩිපුරම බලාපොරොත්තුවෙන් ඉන්නේ  රන්බීර් කපූර්. ඒ මීට කලින් ඔහු ර‍ගපෑ ෆිල්ම් දෙක තුනම වැරදුණ නිසා. 

සමනළීගේ වාර්තාව.


හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා සිංහල සිනමා ඉතිහාසයේ අමරණීය වර්තාවන් සනිටුහන් කළා. ඇතැම් ඒවා කාටවත්ම බිඳින්න නම් බැහැ. ඇයගෙන් පසුව ඇයගේ පරපුරේ කිහිප දෙනෙක්ම ක්ෂේත්‍රයට පිවිසුණා. ඒ අතරින් සමනළී ෆොන්සේකා විශේෂ වෙනවා. මොකද ඇයත් දැන් මාලිනී මෙන්ම වාර්තා තියන්න පටන් අරගෙන නිසා. සමනලී පසුගියදා නිමාව දුටු කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ තිරගත වූ සිංහල චිත්‍රපටයන් වැඩි ප්‍රමාණයක රඟපෑ එකම නිළියයි.

ඇය එහි චිත්‍රපට තුනකම රංගන දායකත්වය සපයලා තිබුණා. නම් වශයෙන් කිව්වොත් ප්‍රේමය නම්, මෝටර් බයිසිකල් සහ නිම්නයක හුදකලා වී. මේ චිත්‍රපට ත්‍රිත්වයේ ප්‍රධාන නිළිය වූයේ සමනලී. එකම නිළියක් රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වන්නේ ඉතාම කලාතුරකින්. තව විදිහකින් කිව්වොත් එහෙම වෙන්නේ ද නැති තරම්. ඒ අතරින් සමනළී මේ තිබ්බේ අපූරු වාර්තාවක්.

ඔය අතර සමනළී ගැන තව බෙහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. ඒ ඇය ජාත්‍යන්තර සිනමා උලෙළේ සමාරම්භයට සමනළී සැරසී සිටි ගවුම් විලාසිතාව අමුතුම එකක් නිසා.


බොලිවුඩය අඩනිරුවත් කරන නවතම චිත්‍රපට කලාව.


ඉදිරියේදී බොලිවුඩයේ එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපට වලින් අඩක් පමණ අඩනිරුවත ප්‍රසිද්ධියට පත්කරන චිත්‍රපට යැයි විචාරකයන් පවසා තිබේ. මෙවැනි වාතාවරණයකට හේතු වී ඇත්තේ දෙසැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිත Hate story 3 චිත්‍රපටය නිසා බවයි ඔවුන් පවසන්නේ. 

පසුගියදා Hate story 3 චිත්‍රපටයෙහි ගීතයක් අන්තර්ජාලයේ මුදාහැරීමත් සමග මෙවැනි වාතාවරණයකට මුල පුරා ඇත. මෙම ගීතයේ ඇති සියලුම දර්ශන පවුලේ සැමට නැරඹිය නොහැකි යැයි අනුමාන කළ හැකි බවද පැවසෙයි. එම ගීතයට රංගනයෙන් දායක වූ සරීන් ඛාන් සහ ශර්මන් ජෝෂ්ගේ රංගනය ඉතාමත් අනර්ඝ බව චිත්‍රපට නිෂ්පාදකවරයා පවසා ඇත. 

Hate story 3 චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරකපටය එළිදැක්වීමත් සමග බොලිවුඩය තුළ ආන්දෝලනාත්මක කතා බොහොමයක් පැතිර යමින් පවතී. එයට හේතුව වන්නේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන නිළියන් දෙදෙනාම සුපිරි නළු සල්මන් ඛාන් විසින් සිනමා ක්ෂේත්‍රයට හඳුන්වා දී තිබීම සහ ඔවුන් දෙදෙනාම පළමු චිත්‍රපටයන් තුළ ගුණාත්මක චරිතයක් නිරූපණය කළ නමුත් මෙම චිත්‍රපටය තුළින් ඇතැමුන්ගේ අප්‍රසාදයට පත් වීමත්ය.

පසුගිය දිනවල එහි එක් ප්‍රධාන නිළියක් වන සරීන් ඛාන් හට විවිධ චෝදනා ඇතැමුන් එල්ල කරනු ලැබුවත්, මේ දිනවල චෝදනා එල්ල වන්නේ සල්මන් ඛාන් විසින් හඳුන්වා දුන් මෙම සුරූපී නිළි ඩේසි ශා ටය. ඇය ගැන මේ දවස්වල බොහෝ පුවත් අන්තර්ජාලය පුරා නිර්මාණය වෙමින් පවතින බව ඉන්දීය ගොසිප් වෙබ් අඩවි වාර්තා කරයි. Hate story 3 චිත්‍රපටයේ එන ගීතයක ඩේසි ශා අඩනිරුවතින් සරාගී නර්තනයක යෙදීම නිසා බොලිවුඩයේ ඇතැම් විචාරකයන් ඇයට නරක ප්‍රතිචාර දක්වා තිබේ.

කෙසේවුවද ඇයට මෙන්ම ප්‍රධාන නිළියක වන සරීන් ඛාන් හටද ලැබෙන ප්‍රතිචාරයන් එතරම් සුබදායක නොවේ.  ඩේසි ශා සහ සරීන් ඛාන් යන නිළියන් දෙදෙනාම හඳුන්වාදුන් සල්මන් ඛාන් හටද විවිධ මඩ පුවත් එල්ල වෙමින් පවතින බවද ඉන්දියානු පුවත් වෙබ් අඩවි වාර්තා කරයි. එයට හේතුව වන්නේ බොලිවුඩයේදී නවක නිළියක හඳුන්වා දීමේ මූලික ස්ථානය සල්මන් ඛාන්හට හිමිවන බැවිනි.

මෙම චිත්‍රපටය පිළිබඳව එහි අධ්‍යක්ෂක වන විශාල් පාණ්ඩේ පවසා ඇත්තේ, Hate story 3 චිත්‍රපටය පසුගිය Hate story 2 චිත්‍රපටයට වඩා සරාගීබවින් යුක්ත බවයි. එයට හේතුව වන්නේ පසුගිය චිත්‍රපටය තුළින් එක් ප්‍රධාන නිළියක් පමණක් උපයෝගී කරගනිමින් චිත්‍රපටය අවසන් වුවත් මෙම චිත්‍රපටය තුළින් නිළියන් දෙදෙනෙක් සරාගී කරමින් ගෙනා ආ බවයි.


ඩේශි ෂා

චිත්‍රපට විචාරකයන් ඔහුට පවසා තිබුණේ මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි ලෙස ලේබල් කරන ලෙසයි. කෙසේවුවද මෙම තීරණය පිළිබඳව ඔහු කිසිවක් පවසා නොමැති බවයි වාර්තා වන්නේ. Hate story 2 චිත්‍රපටයත් බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි අතර, Hate story 3 චිත්‍රපටයත් සියලුම ආදායම් වාර්තා බිඳ දැමීමට තරම් ශක්ති බව එහි අධ්‍යක්ෂක වන විශාල් පාණ්ඩේ පවසයි.





උපේක්ෂා සහ අකලංක හින්දා 'සින්ඩ්‍රෙල්ලා' අර්බුදයක.


ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ රංගන ශිල්පියෙකු වන අකලංක ගනේගම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි උපේක්ෂා ස්වර්ණමාලි අතර ඇති ආරවුල හේතු කොට ගෙන ඔවුන් දෙදෙනා එක්ව රඟපාන 'සින්ඩ්‍රෙල්ලා' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ. 

ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය දෙසැම්බර් මස මැද හාගයේ තිරගත වීමට නියමිතය.

චිත්‍රපටය රූගත කරන අතරවාරයේ උපේක්ෂා සහ අකලංක අතර ප්‍රේම සම්බන්ධයත් ඇති වූ බව ප්‍රසිද්ධ රහසක් වන අතර පසුකාලීනව එම සම්බන්ධය බිඳ වැටී ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ නොබලන තත්ත්වයක් උද්ගතව තිබේ. 

මේ හේතුව නිසාම චිත්‍රපටයේ කිසිදු පූර්ව ප්‍රචාරක කටයුත්තකට එකට සහභාගි වීම උපේක්ෂා සහ අකලංක ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව චිත්‍රපටය සම්බන්ධයෙන් කිසිදු රූපවාහිනි වැඩසටහනකට හෝ පුවත්පත් සාකච්ඡාවකට උපේක්ෂා සහ අකලංක එකට සහභාගි නොවනු ඇතැයි දැනගන්නට තිබේ. 

මේ නිසා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය මේ වන විට බලවත් ගැටලුවකට මුහුණ පා ඇත. 

මෙහි විශේෂත්වය වන්නේ උපේක්ෂා සහ අකලංක සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ නිරූපණය කරන්නේ බෙහෙවින් ප්‍රේමණීය චරිත දෙකක් වීමයි.

-Dinamina.lk

කන්‍යාභාවය වෙදේසියේ විකිණූ සුරූපිණියන් හත්දෙනා (ගණන් මිනුම් සහිතයි)


විකිණීමට තිබෙන අලුත් දෙයක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕනෑම දෙයක් විකිණිය හැකි වත්මන් ලෝකයේ, සිය කන්‍යාභාවයද ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට සමත් වූ සුරූපිනියන් 7 දෙනෙකු පිලිබඳ තොරතුරු රීඩර්ස් ඩයිජස්ට් වර්ගයේ අන්තර්ජාල සඟරාවක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම සුරූපිනියන් 7 දෙනා සහ කන්‍යාභාවය සඳහා ඔවුන්ට ලැබුණු අති විශාල මුදල් සම්භාරයයි.

1. Rosie Reid – £8,400
2 .Graciela Yataco – $1,300,000
3. Raffaella Fico – $1.8 million
4. Alina Percea – £8,800
5. Natalie Dylan – $3.7 million
6. Catarina Migliorini – $780,000
7. Cathy Cobblerson – $100,000


ශනුද්‍රිගේ අලුත්ම dubsmass එක.


යොවුන් පරපුරේ නැගී එන නිළි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ගායනයට මෙන්ම නර්තනයට දක්ෂ තැනැත්තියක්. එම කලා අංගයන්ට පමණක් නොව dubsmass (ඩබ්ස් මෑෂ්) වලට ද ඇය වැඩි ඇල්මක් දක්වන බව කවුරුත් මේ වන විට දන්නා රහසක්. ශනුද්‍රි මීට පෙර dubsmass වීඩියෝ කිහිපයක්ම සිදුකර සමාජජාල වෙබ්අඩවියට එක්කර තිබුණා.

ඇය විසින් අලුත්ම dubsmass (ඩබ්ස් මෑෂ්) වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න....




මේ අතර ශනුද්‍රි ප්‍රියසාද් පසුගිය දිනෙක උත්සවයකට සහභාගි වී එහිදී හින්දි ගීතයකට නර්තනයක් ද සිදුකර තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න....




මේ අතර ශනුද්‍රි ප්‍රියසාද්ගේ ඩබ්ස් මෑෂ් සම්බන්ධයෙන් හිරු ටී.වී. කොපි චැට් වැඩසටහනේදී ද පසුගිය දිනෙක කතාබහට ලක්වුණා. එහිදී ශනුද්‍රි ප්‍රියසාද් විසින් කළ තවත් ඩබ්ස් මෑෂ් කිහිපයක් ද පුංචි තිරය හරහා ලොවටම පෙන් වනු ලැබුවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.....

Porn Star මියා කලිෆාට අයි.එස් තර්ජන.


ලෙබනනයේ ඉපිද අමෙරිකාවට සංක‍්‍රමණයවූ මියා කලීෆා නමැති සුප‍්‍රකට නිල් චිත‍්‍රපට නිළියට අයි එස් ඇතුළු ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලින් මරණ තර්ජන එල්ලව ඇති බව වාර්තාවෙනවා.

ඇය ඉස්ලාම් ආගමට නිග‍්‍රහ කරමින් අමෙරිකාවේ හැසිරීම එම සංවිධානවල දෝෂදර්ශනයට ලක්කර ඇත.

25 හැවිරිදි මියා කලීෆා යනු ඇමරිකානු වැඩිහිටි චිත‍්‍රපට වෙළෙඳපොළේ ශ්‍රේණිගත කිරීමේ අංක එකේ සිටින ජනප‍්‍රියතම තැනැත්තියකි.

ඇය ඇමරිකාවට සංක‍්‍රමණවූ පසුවත් ඇගේ ලෙබනන් ජන්මය අමතක කර නැති අතර ඇගේ පිටේ ඇඳ ඇතැයි කියන ටැටූවක ලෙබනන් ජාතික ගීයේ මුල්පදය ඇති බවද පැවසුණා.

කෙසේ වෙතත් ඇගේ හැසිරීම අසංවර එකක් බව කියන එම ඉස්ලාම් සංවිධාන පසුගිය ජනවාරියේ සිට ඇයට මරණ තර්ජන එල්ල කර ඇත.

ඇයගේ ඉන්ස්ටර්ග‍්‍රෑම් පිටුවද ඊයේ හැකර්වරුන්ගේ ග‍්‍රහණයට පත්ව ඇති බව වාර්තා වුණා

මේ වනවිට ඇය වෙනුවෙන් කාන්තා අයිතිවාසිකම් සංවිධාන නැගී සිටින බවද වාර්තා වුණා.



නිලූගේ අලුත්ම සින්දුව මෙන්න.


ජයන්ත චන්ද්‍රසිරි රචනා කර නදීක ගුරුගේ සංගීතවත් කර නිලුපුලී සූරියබණ්ඩාර විසින් ගායන කරන නවතම ගීතය පහතින් රස විඳින්න.


ඇඳුම් විකුණන්න ආ කාන්තා සමලිංගික යුවලක් ඉන්දියාව කළඹයි (Video)


දෙමාපියන් හමුවීමට සූදානම් වූ කාන්තා සමලිංගික යුවළක් නිරූපණය කරමින් ඉන්දියාවේ ප්‍රථම වරට නිර්මාණය කළ දැන්වීමක් සමාජ මාධ්ය ඔස්සේ වේගයෙන් ව්‍යප්ත වෙමින් පවතී.  

'The Visit' යනුවෙන් නම්කර ඇති මෙම දැන්වීම ඇඳුම් සඳහා නිර්මාණය කරන ලද්දකි. මෙම දැන්වීම දින 14ක් තුළ ලක්ෂ 5 කට ආසන්න පිරිසක් YouTube මගින් නරඹා තිබේ.