Showing posts with label news. Show all posts

සමලිංගික විවාහයක් කරගත් ලංකාවේ තරුණිය.


අයර්ලන්තයේ 'නිව්ස්‌ ටෝක්‌' ගුවන් විදුලි සේවයේ, සේවය කරන  දිල්හානි වික්‍රමසිංහ නම් ශ්‍රී ලාංකික තරුණියක්‌ ඇය විසින් මෙහෙයවනු ලබන 'ග්ලෝබල් විලේඡ්' සජීවී වැඩසටහනේදී තම පෙම්වතියට විවාහ යෝජනාවක්‌ ඉදිරිපත්කොට තිබේ. 

සමලිංගික සේවනයේ යෙදෙන්නන් හට විවාහ වීමට අවසර දීමේ නීතිය පසුගියදා අයර්ලන්තය තුළ නීතිගතවිය. පහත පලවන්නේ ඉරිදා දිවයින සමඟ පවසා ඇය පැවසූ කතාවයි.

මගේ දෙමව්පියෝ ශ්‍රී ලාංකික. ඔවුන් ඉතාලියේ ජීවත් වන කාලේ තමයි මම ඉපදුනේ. ඒ 1973 වසරේ රෝමයේදී. මගේ ළමා කාලයේදීම අම්මයි තාත්තයි අතර රංඩු සරුවල් ඇතිවෙන්න පටන් ගත්තා. ඒවා සමතයකට පත් කරගන්න කියලා එයාලා ”ජෙහෝවාස්‌ විට්‌නසස්‌” කියන ආගම වැළඳගත්තා. ඒ නිසා මට උපන් දිනයවත් සමරන්න දුන්නේ නෑ. මට වයස අවුරුදු 12 වෙන කොට මාව ලංකාවට යෑව්වා. මගේ ආච්චියි, සීයයි ළඟට.

ලංකාවේදී මාව උපකාරක පංති වලට යෑව්වා. එක්‌ ගුරුවරයෙක්‌ මට ලිංගික අතවර කළා. ඒ බව මම අම්මට කිව්වාම අම්මා මම කියන්නේ බොරු කිව්වා. මේ ප්‍රශ්නය මට මානසික වදයක්‌ වුණා. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණා.

මට වයස අවුරුදු 16 යේදී මම තවත් ගැහැණු ළමයෙක්‌ සිප ගත්තා. ඊට පස්‌සේ තමා මට තේරුණේ මම සමලිංගික සේවනයේ යෙදෙන්නියක්‌ කියලා. මේ බව මගේ දෙමව්පියෝ දැන ගත්තට පස්‌සේ මාව ගෙදරින් එලෙව්වා. මට එතකොට වයස අවුරුදු 17 යි. අවුරුදු ගණනාවක්‌ම මම හිටියේ යාළුවන් ගේ සහ ප්‍රේමවන්තියන් ගේ නිවෙස්‌ වල.

මට මාධ්‍යවේදිනියක්‌ වෙන්න පොඩි කාලේ සිටම ආසාවක්‌ තිබුණා. මට කොළඹ ගුවන් විදුලි සේවයක (ගුවන් විදුලි සේවයේ නම කීමට ඇය අකමැති විය) රැකියාවක්‌ ලැබුණා. ඒ එක්‌කම මට රූපවාහිනියෙත් සාකච්ඡා වලට සහභාගීවීමේ අවස්‌ථාව උදාවුණා. නමුත් මගේ ලිංගිකත්වය මේ සියල්ලටම හරස්‌ වුණා. මා වැඩ කරපු මාධ්‍ය ආයතනය කිව්වා මගේ රැකියාව බේරා ගන්න නම් මගේ ලිංගිකත්වය රහසක්‌ වශයෙන් තබා ගත යුතුයි කියලා.

මට සැඟ වෙච්ච ජීවිතයක්‌ ගත කරන්න අවශ්‍ය වුණේ නැහැ. මගේ සිහින බොඳ කරගනිමින් මම ඒ රැකියාවෙන් අයින් වෙලා ”ගල්ෆ් එයාර්” ගුවන් සේවයේ ගුවන් සේවිකාවක්‌ ලෙස අලුතින් ජීවිතය ආරම්භ කළා. මම එහි වසර පහක්‌ සේවය කරලා 2000 වසරේ ජූනි මාසයේ අයර්ලන්තයේ ‘ඩබ්ලින්’ නුවරට ආවා.

මම ඩබ්ලින් නුවරට ආවේ ඉබාගාතේ වගේ. මොනවද කරන්නේ කියලා කිසිම අරමුණක්‌ තිබුණේ නෑ. මම පටන් ගත්තේ පහත්ම තැනින්. ඉස්‌සෙල්ලම හෝටලයක කුස්‌සියේ අත් උදව්කාරියක්‌ විදිහට, ඊට පස්‌සේ වේටර්වරියක්‌, ආපන ශාලා සුපර්වයිසර්වරියක්‌, පිළිගැනීමේ නිලධාරිනියක්‌, ලිපිකාරිනියක්‌, මානව සම්පත් පාලිකාවක්‌, ජ්‍යෙෂ්ඨ බඳවා ගැනීමේ උපදේශිකාවක්‌, පුහුණුකිරීමේ නිලධාරිනියක්‌, ප්‍රජා ක්‍රියාධරියක්‌, සමාජ ව්‍යාපාරිකාවක්‌, විකට නිළියක්‌, නිළියක්‌, ගුවන් විදුලි නිවේදිකාවක්‌ සහ මාධ්‍යවේදිනියක්‌.

දිල් වික්‍රමසිංහගේ සමාජ සේවා කටයුතු අගය කරමින් 2014 වසරේ පෙබරවාරි 4 වනදා ඇය ‘ෆෙඩි්‍රක්‌ ඩග්ලස්‌’ සම්මානයෙන් පිදුම් ලැබුවා.

මම දැන් අයර්ලන්තයේ ”නිව්ස්‌ ටෝක්‌” ගුවන් විදුලියේ මුල් බැස ගත් මාධ්‍යවේදිනියක්‌. එය මම මහජනයාට සමාජ සාධාරණය සහ මානසික සහනය ළඟා කර දීම සඳහා භාවිතා කරනවා.

අලුත් ජීවිතයක්‌ ගත කරන්නට මම අයර්ලන්තයට ආවත් මගේ අතීත සිදුවීම් නිසා මා මානසික රෝගී තත්ත්වයට පත්වුණා. මට මගේ ජීවිතය නැති කරගැනීමේ අදහස්‌ පවා ආවා. පසුව මම ”වන් ඉන් ෆොa” (One in Four) පුණ්‍ය ආයතනයේ සහයෙන් මනෝ රෝග චිකිත්සා පහසුකම් ලබා ගෙන තමයි ගොඩ ආවේ. ”වන් ඉන් ෆො” පුණ්‍ය ආයතනය ලිංගික අතවරයන්ට ලක්‌වූවන්ට සහන සලසන ආයතනයක්‌.

2010 වසරේ මානසික චිකිත්සා වැඩමුළුවකදී මට ”ඈන් මරී” හඳුනාගන්න ලැබුණා. හය මසක්‌ ඇතුළත ඇය මගේ පෙම්වතිය වුණා. අපිට පවුලක්‌ වෙන්න නම් දරුවෙකුගේ අවශ්‍යතාවය දැනුණා. ඒ නිසාම කෘතීම දරු ඵල ලබා ගැනීමේ චිකිත්සා ක්‍රමය (IVF) යටතේ මට දරුවෙක්‌ පිළිසිඳ ගත්තා. එය මටත් ඈන් මරීටත් විශාල සතුටක්‌ ගෙන දුන්නා. අපේ දරුවා පසුගිය මැයි 17 වනදා මෙලොව එළිය දුටුවා. අපේ පුතාට අපි ”ෆීනික්‌ස්‌” යනුවෙන් නම දැම්මා. මේ දරු උපත මෙතෙක්‌ මගෙන් ඈත් වී සිටි මගේ මව නැවත මට ළඟා කර ගැනීමට උදව් වී තිබෙනවා. ඒ පිළිබඳව මා ඉතාම සතුටින් සිටිනවා.


දකුණු ආසියානු සිනමා උළෙලේ (SAARC) කිරුළ ශ්‍රි ලංකාවට.


05 වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙලේදී, හොඳම සිනමාපටය හා හොඳම අධ්‍යක්ෂක යන ප්‍රධාන සම්මාන යුගලයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ සමීර රංගනගේ සිනමා අධ්‍යක්‍ෂණයක් වූ මෝටර් බයිසිකල් (Motor Bicycle) සිනමාපටය උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙසට පිදුම් ලැබුවා. 

පටිභාන (Perception) සිනමාපටය අධ්‍යක්‍ෂණය වෙනුවෙන් රබින් චන්ද්‍රසිරි උළෙලේ හොඳම අධ්‍යක්‍ෂක ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. මෙම සිනමාපට ද්විත්වයම අදාල සිනමාවේදීන් දෙපළගේ කුළුදුල් සිනමා නිර්මාණයන් වීම විශේෂත්වයක් වනවා. 

ඉහත සම්මාන ද්විත්වයට අමතරව ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීමට 'Dreams,Weavers & Viewers' නම් කෙටි සිනමාපටය අධ්‍යක්‍ෂණය කල නයනි සන්ධ්‍යා චන්ද්‍රසිංහ සමත් වුණා.
උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙසට පිදුම් ලැබු මෝටර් බයිසිකල් (Motor Bicycle) සිනමාපටය,දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර ඇතුළු ප්‍රවීන හා යොවුන් රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයෙන් සිනමාපටය හැඩ ගැන්වෙනවා.
  
2011 වර්ෂයේ ආරම්භය සනිටුහන් කල සාර්ක් සිනමා උළෙලේ, ශ්‍රි ලංකාව හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනාගත් සිව්වන අවස්ථාව මෙය වනවා.
2011- පළමු අදියර - බඹර වළල්ල (අතුල ලියනගේ)
2012- දෙවන අදියර- ආකාස කුසුම් (ප්‍රසන්න විතානගේ)
2014- සිව්වන අදියර- සුවිසි විවරණ (සරත් ධර්මසිරි)
2015- පස්වන අදියර- මෝටර් බයිසිකල් (සමීර රංගන)

එසේම හොදම අධ්‍යක්‍ෂණය උදෙසා වූ සම්මානයෙන් ශ්‍රි ලංකාව පිදුම් ලැබූ දෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වනවා.
2014- සිව්වන අදියර- සරත් ධර්මසිරි (සුවිසි විවරණ)
2015- පස්වන අදියර- රබින් චන්ද්‍රසිරි (පටිභාන)

ඊයේ නිමාව දුටු පස්වන අදියරත් ඇතුළුව සාර්ක් සිනමා උළෙල ඉතිහාසයේ (2011-2015) පිරිනමන ලද මුළු සම්මාන සංඛ්‍යාව 36 ක් වන අතර , ඒ අතුරින් සම්මාන සංඛ්‍යාව 13කට හිමිකම් කීමට ශ්‍රි ලංකාව සමත් වීම කැපී පෙන්නවා.

හැට අට වසරක ශ්‍රි ලාංකේය සිනමා ඉතිහාසයේ , දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Feature Length Films) උදෙසා ශ්‍රි ලංකාව ලද 188 වැනි සහ 189 වැනි අන්තර්ජාතික සිනමා සම්මානයන් ලෙසත්, 2015 වර්ෂයේදී ශ්‍රි ලංකාව ලද දෙවන හා තෙවන අන්තර්ජාතික සිනමා ජයග්‍රහණයන් ලෙසත්, ඊයේ රාත්‍රියේදී ශ්‍රි ලංකාව ලද සාර්ක් සම්මාන ද්විත්වය වාර්තා පොත් අතරට එක් වනවා.

2015 වර්ෂයේදී ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ලද අන්තර්ජාතික සම්මානයන් පහතින් බලන්න.

1. රෝයල් රීල් සම්මානය- මංගල ගමන- නන්දන හේවාපන්න- 09වැනි කැනඩා අන්තර්ජාතික සිනමා උළෙල (වැන්කුවර්- කැනඩාව)
2. හොඳම අධ්‍යක්‍ෂක- රබින් චන්ද්‍රසිරි- පටිභාන- 05 වැනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව) 
3. හොඳම සිනමාපටය- මෝටර් බයිසිකල් -සමීර රංගන- 05 වැනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව) 

ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලා පරිශ්‍රයේදී 05 වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙල පෙරේදා නිමාවට පත් වුණා.


ක්‍රිකට් කාන්තාවෝ රට හොල්ලා කොදෙව්වෝ පරදයි. - SLvsWI


ශෂිකලා සිරිවර්ධනගේ ඇති විශිෂ්ට ලකුණු 42ත් සමග ඊයේ R. Premadasa පිටියේ පැවති ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන එක්දින තරඟයේ කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.



ICC කාන්තා ශුරතාවයේ ඔවුන් ලැබූ ප්‍රථම ජය මෙයයි.
පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 42.3 කදී සියල්ලන්ම ලකුණු 124කට දවාගැනීමට ලංකා කාන්තාවෝ සමත් විය.
මෙහිදී Stefanie Taylor (43) සහ Kycia Knight (28) පමණක් වැඩි ලකුණු ලෙස ලබාගැනීමට සමත් විය.




ලංකා කාන්තාවෝ මෙම ලකුණු සීමාව පන්දුවාර 39.2 කදී ලකුණු 127ක් ලෙස පසු කරන්නට සමත් විය.
ශෂිකලා සිරිවර්ධනගේ අගනා පිතිහරඹයක ප්‍රතිඵලය ලෙස මෙම ජයග්‍රහණය ලබාගත හැකි වූ අතර යශෝධා මෙන්ඩිස් ද ලකුණු 27කින් ප්‍රබල සහයක් දැක්වීය.

මිනිසුන් රකින බෝනික්කන්ගේ දූපත - Island of Dolls.


දූපතක එහෙමත් නැත්නම් දිවයිනක සාමාන්‍යයෙන් වාසය කරන්නේ ජීවින්... ඒ කියන්නේ මිනිසුන් සතුන් ආදීන්. එහෙත් බෝනික්කන් පමණක් සිටින දිවයිනක් මේ මිහිපිට තිබෙන බව ඔබ අසා තිබෙනවාද? මෙම බෝනික්කන් දිවයින පිහිටා තිබෙන්නේ මෙක්සිකෝවේ. මෙක්සිකෝවේ ෂොචිමිල්කෝ ඇළ ආශ්‍රීත ටෙශුයිලෝ වැවෙහි මෙය පිහිටා තිබෙනවා. ස්පාඤ්ඤ භාෂාවෙන් මෙය ලා ඉස්ලා ඩී ලා මුනේකාස් ලෙස හැඳින්වෙන මෙය බෝනික්කන්ගේ දිවයින ලෙස හැඳින්වෙනවා. 

මෙහි මනුෂ්‍ය වාසයක් නොමැති අතර මෙය වනජීවින් සඳහා කුඩා පාරාදීසයක් ලෙසටද සැලකෙනවා. මෑත කාලයේදී මෙය සංචාරක ස්ථානයක් ලෙස ප්‍රසාදයට පත්ව ඇති නමුත් සංචාරකයන් කල්තියා සැලසුම් කර එහි නොපැමිණෙන බවටද වාර්තා වනවා. එසේම මෙහි සිය දහස් ගණනකා විවිධ වර්ගයේ බෝනික්කන් ගස්වල අතුවල සහ විවිධ ස්ථානවල එල්ලා තිබෙනු දක්නට ලැබෙන බවටද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මෙහි ඇති ඇතැම් බෝනික්කන් ඉතාමත් භයංකර ආකාරයේ ස්වරූපයක් ගන්නා බවටද වාර්තා වනවා. ඇතැම් බෝනික්කන්ගේ ඇස් සහ හිස කඳෙන් වෙන්වී ඇති ආකාරයද දක්නට ලැබෙනවා. කෙසේ නමුත් අඳුරේ මෙම බෝනික්කන් දුටුවහොත් කිසියම් තිගැස්මක් ඇතිවීම වැළැක්විය නොහැකි බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බෝනික්කන්ගේ දිවයින ලෙස හැඳින්වෙන මෙහි මෙලෙස බෝනික්කන් තැබීමෙන් අනර්ථකාරීන්ගෙන් තමාට ඇති විය හැකි කරදරයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබෙන බවටද විශ්වාසයක් පවතිනවා.








"ඕෂන් ගර්ල්" - නෙරී දැන් අම්මා කෙනෙක්.


90 දශකයේ පුංචි ළමයි විදියට හිටපු අය දැන් හැඩකාර තරුණ තරුණියො වෙලා ඇති. ඒ කාලෙ ඒ අයගෙ හිත්වල හිටපු වීරයොත් අද ටිකක් වයසට ගිහින්. මේ කතා කරන්න යන්නෙ 90 දශකයේ පුංචි අය හරිම ආසාවෙන් බලපු "ඕෂන් ගර්ල්" කතා මාලාවේ ඕෂන් ගර්ල්, එහෙමත් නැත්නම් "නෙරී" ගැන. ඩොල්ෆින්ලා, තල්මසුන් එක්ක හරි හරියට පීනපු නෙරී දැන් අම්මා කෙනෙක්.

නෙරීගෙ ඇත්ත නම "මාසෙනා ගොඩෙකි". එයා ඉපදිලා තියෙන්නේ 1978 අවුරුද්දෙ සැප්තැම්බර් 28 වැනිදා පෝලන්තයේ බයිටම් නගරයෙ. හැබැයි ඉතින් මාසෙනාට වැඩි කාලයක් පෝලන්තයේ ඉන්න ලැබිලා නැහැ. එයාට වයස අවුරුදු තුනේදි එයාගෙ අම්මයි තාත්තයි එයත් එක්ක ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා තියෙනවා. ඊට පස්සෙ මාසෙනාගෙ ජීවිතය ගතවෙලා තියෙන්නෙ මෙල්බර්න් නගරයෙ. ඇය අධ්‍යාපනය ලබලා තියෙන්නෙ මෙල්බර්න් නගරයෙ තියෙන මෙතෝදිස්ත කාන්තා පාසලෙන්. තල්මස්සු එක්ක පීනන්න කලින් මාසෙනා හොඳ බැලේ ඩාන්සර් කෙනෙක්. පුංචි කාලෙ පෝලන්තයේදි ඉඳලම එයා බැලේ නර්තනය හදාරලා තිබුණා. ඊට පස්සෙ මෙල්බර්න් නර්තන ආයතනයට බැඳිලා වැඩිදුරටත් බැලේ නර්තනය ඉගෙන ගන්න කාලෙ තමයි එයාට ඕෂන් ගර්ල් කතා මාලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ.



1993 අවුරුද්දෙ මෙල්බර්න් නර්තන ආයතනයට ආපු ඕෂන් ගර්ල් නිෂ්පාදන කණ්ඩායම ගැහැනු ළමයින්ව සම්මුඛ පරීක්ෂණයකට සහභාගි කරගෙන තියෙනවා. ඔය විදියට ගැහැනු ළමයි පන්සියයකින් තමයි මාසෙනාට නෙරීගෙ චරිතය ලැබිලා තියෙන්නෙ. ඊට පස්සෙ ඉතින් එයාට නර්තනය ටික කාලෙකට නතර කරලා පීනන්නයි, කිමිදෙන්නයි පුරුදු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මාස හතරක් විතර ගියාට පස්සෙ තල්මසෙක් වගේම කිමිදෙන්න මාසෙනාට පුළුවන් වෙලා. ඒ වුණත් ඩොල්ෆින්ලා, තල්මස්සු එක්ක දිය යට රූගත කිරීම් කරද්දි මාසෙනාගෙ ආරක්ෂාවට ජීවිතාරක්ෂක භටයන් හතරදෙනෙක් පස්සෙන් යවන්නත් නිෂ්පාදකවරු පියවර අරන්. ඔන්න ඔය විදියට මාසෙනා ඕෂන් ගර්ල් සීසන් හතරක කතාංග 78ක රඟපෑවා. ඊට පස්සේ එයාට රඟපාන්න ගොඩක් ආරාධනා ලැබුණත් උසස් අධ්‍යාපන කටයුතු නිසා එයා රඟපාන්න කැමැත්තක් දැක්වූවේ නැහැ.

ඒත් එයා තව එකම එක රූපවාහිනි කතා මාලාවක රඟපෑවා. ඒ තමයි 'රවුන්ඩ් ද ට්විස්ට්' කියන කතා මාලාව. ඒකෙ "කැමියො" කියන පුදුමාකාර ලස්සන ගැහැනු ළමයගෙ චරිතය තමයි ඇය රඟපෑවෙ. එයා ඒකෙ රඟපෑවෙ වයස අවුරුදු 14-16 කාලෙදි. ඕෂන් ගර්ල් රඟපෑමෙන් පස්සෙ එයාට සත්තු ගැන පුදුමාකාර ආදරයක් ඇති වෙන්න පටන් අරන්. ඒ නිසා එයා උසස් අධ්‍යාපනය සඳහා තෝරාගෙන තියෙන්නෙත් පශු වෛද්‍ය විද්‍යාව. ඉතින් උපාධිය අවසන් කරපු මාසෙනා 2008 වසරෙදි විවාහ වුණා. ඒ ව්‍යාපාරිකයෙක් වුණු ෂේන් ඩිඕඩෝරිකෝ එක්ක. දැන් මාසෙනාගේ නම මාසෙනා ගොඩෙකි නෙවෙයි. මාසෙනා ඩිඕඩෝරිකෝ. මාසෙනාට මේ වෙනකොට අවුරුදු හයක පුංචි පුතෙක් ඉන්නවා. එයා තමයි නිකෝ. මාසෙනා දැන් දක්ෂ ව්‍යාපාරිකාවක්. මෙල්බර්න් නගරයේ තියෙන "ටයිනි තේ‍රඩ්ස්" කියන ළමා ඇඳුම් ප්‍රදර්ශනාගාරය එයාගෙ.

රඟපෑමෙන් සමුගත්තත් පශු වෛද්‍ය වෘත්තියෙන් සමු ගත්තත් මාසෙනා ව්‍යාපාර ලෝකයෙන් නම් සමු ගන්න අදහසක් නෑ. එයා කියන්නේ ළමා ඇඳුම් නිර්මාණය කරන එක තරම් තෘප්තිමත් රැකියාවක් මේ ලෝකෙ තවත් නැහැ කියලයි. කොහොම වුණත් මේ වැඩේට ඇයට උපරිමයෙන් උදවු වෙන්නෙ පුංචි නිකෝලු. මාසෙනාගෙ අතින් නිර්මාණය වෙන හැම ඇඳුමකම සාම්පල් එක නිකෝට අඳින්න සිද්ධ වෙනවලු. සමහර දවස්වලට නිකෝට ඇඳුම් 12-15ක් විතර ඇඳලා ෆොටෝ ෂූට්වලට සහභාගි වෙන්නත් සිද්ධ වෙනවලු. මාසෙනා නම් කියන්නෙ නිකොට ඒ ගැන එච්චර දුකක් නෑ කියලයි. මොකද එයා දන්නවලු අන්තිමට මේ ඇඳුම් ටික තමන්ගෙ අල්මාරියට යන බව.

මීට අවුරුදු 20කට කලින් මාසෙනා, එහෙමත් නැත්නම් නෙරී එහෙමත් නැත්නම් ඕෂන් ගර්ල් ඔයාලගෙ වීරවරිය වෙලා ඉන්න ඇති. අවුරුදු විස්සකට පස්සෙත් කතා කරන්න තරම් නෙරී අපේ හදවත්වල ඉන්නවා කියලා එය දන්නවා නම් ඒ ගැන එයා කොච්චර සතුටු වෙයිද නේද?


දුලාංජලී මුතුවාඩිගේ

බ්‍රිතාන්‍ය කිරීටයට තවත් උරුමක්කරුවෙක්.


දෙවන එළිසෙබෙත් මහරැජින ගෙන් පසු බ්‍රිතාන්‍ය කිරීටයට තවත් කාන්තා උරුමක්කාරියක් මීට සුළු මොහොතකට පෙර උපත ලබා ඇත.

ඒ විලියම් කුමරු සහ කේට් කුමරියගේ දෙවන දරුවා ලෙස ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදී උපන් ගැහැණු දරුවායි.

බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙ.ව. 8.34 උපන් මේ දරුවා සහ මව ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව කෙන්සින්ටන් රජ මාළිගය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.



FHM හි සරාගී කිරුළේ හිමිකාරිනිය Michelle Keegan.


ලොව සුප්‍රසිද්ධ FHM සඟරාව සිය වාර්ෂික සමීක්ෂණය මගින් ලොව සරාගීම කාන්තාව ලෙස හොලිවුඩ් නිළි මිචෙල් කීගන් නම් කර තිබේ. 100 දෙනෙකු අතරින් ඇය පළමු ස්ථානයට පත්ව ඇත. මේ සඳහා හොලිවුඩයේ ප්‍රසිද්ධිය උසුලන නිළියන්ද ඇතුළත්ව සිටියත් ඔවුන්ගේ ස්ථානවල යම් පසුබෑමක් දක්නට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙවර කිරුළට හිමිකම් කියූ මිචෙල් 2013 වර්ෂයේදී  සිවුවැනි ස්ථානයටත්, 2014 වර්ෂයේදී දෙවැනි ස්ථානයටත් පත්ව ඇත. 2010 වර්ෂයේදී ඇය FHM සඟරාවේ සරාගී ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, එම වර්ෂයේදී ඇය හිමිකරගත්තේ 30 වැනි ස්ථානයයි. ඇයට අනුග්‍රහය සපයන්නේ ලොව ප්‍රසිද්ධ නිමි ඇඳුම් වෙළෙඳ නාමයක් වන Lipsy ය.

FHM සඟරාවේ කර්තෘ ජෝ බාන්ස් පවසන්නේ මිචෙල්ට පසුගිය වසරට සාපේක්ෂව මෙවර හිමි වී ඇති ප්‍රතිචාර ඉහළ බවයි. මෙවර කිම් කාර්ඩේෂියන්ට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ඉතාම අඩු බවද සඳහන් වෙයි.  2014 වර්ෂයේදී 'Miss Universe' කිරුළ දිනූ ඇමී විලර්ටන්ට මෙවර හිමි වී ඇත්තේ 14 වැනි ස්ථානයයි.

මිචෙල් කීගන්ට මේ වනවිට වයස අවුරුදු 27 ක් වන අතර, BBC රූපවාහිනි නාළිකාවේ විකාශනය වූ ටෙලි 'Ordinary Lies' ටෙලි නාට්‍ය තුළින් ඇය ජනප්‍රිය විය. 2007 දී ඇය සංවිධානය කළ 'Coronation Street' යන සංකල්පය තුළ බිහි වූ නාට්‍ය කිහිපයක් ලොව ප්‍රසිද්ධියටද පත්විය.

චරිතයක් වශයෙන් ලොව ප්‍රසිද්ධියට පත්විය හැකි මාර්ගයක් ලෙස සලකන මෙම සරාගී කිරුළ සඳහා නිරූපන ශිල්පිනියන් මෙන්ම රංගන ශිල්පීන්ද දක්වන්නේ දැඩි උනන්දුවකි. මෙවර FHM සඟරාවේ සරාගීම කාන්තාවන් දසදෙනා වශයෙන් තේරී පත්ව සිටි පිරිස මෙසේය.

FM'S TOP TEN SEXIEST WOMEN 

1. මිචෙල් කීගන් Michelle Keegan
2. කෙන්ඩල් ජෙනර්  Kendall Jenner
3. ජෙනිෆර් ලෝරන්ස් Jennifer Lawrence (last year 1)
4. කේට් අප්ටන් Kate Upton (last year 18)
5. කැරොලින් ෆ්ලැක්
6. අරියානා ග්‍රැන්ඩි
7. මාර්ගට් රොබී
8. ලුසී මැක්ලෙන්බර්ග්
9. එමිලියා ක්ලාර්ක්
10. කෙලී බ_ක්



ඇමරිකාව හෙල්ලූ ලංකාවේ කෙල්ල.


'සර්වයිවර්'  නමැති ලෝක ප්‍රසිද්ධ රියලිටි තරගාවලියට  සහභාගී වී එහි කිරුළ හිමි කරගනිමින්  ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් කෝටි 13 ක්) හිමිකරගත් ශ්‍රී ලාංකික යුවතිය වු නටාලි ඇන්ඩර්සන් සහ ඇගේ නිවුන් සොයුරිය නාදියා ඇන්ඩර්සන් දිවයිනට පැමිණියහ. එම තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක (රුපියල් කෝටි 13) මුදලක් තෑගී ලෙස ලැබුණු බව ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පැවසු අතර ඉන් විශාල මුදලක් ශ්‍රී ලාංකාවේ දුප්පත් දරුවන් වෙනුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන බවද කීවාය.

මෙම තරඟය ඉතා අසීරු එකක් වන අතර මරණය සමඟ කරන සටනක් වැනි එකක් බව නටාලී කියයි. තම දෑත් වල වැලමිටට පහතින් ශ්‍රී ලංකා සිතියම පච්චා කොටා ඇති මේ සොඳුරු යුවතියෝ ශ්‍රී ලංකාවට අසීමිතව ආදරය කරන බව කියයි. ඇමරිකාවේ  කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉපදී ඇති මේ දෙදෙන වයස අවුරුදු 3දී පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. 

"මම ලංකාවට ආවේ අවුරුදු 3 කට පස්සේ. මේ වනකොට ඇමරිකාව 'සර්වයිවර්' වැඩසටහන් 30ක් පවත්වලා තියෙනවා.  මෙවැනි තරගයක් ජයග්‍රහණය කළ දකුණු ආසියාවේ පළවෙනි කෙල්ල මම.  ලංකාව නියෝජනය කරන්න ලැබීම ගැන හරිම සතුටුයි. ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ අපිට ගොඩක් සහයෝගය දුන්නා." ජයග්‍රාහී නතාලී එහෙම කියන්නීය.





Facebook මැසෙන්ජර් දැන් ඔබේ පරිගණකයටත්.


ස්මාර්ට්ෆෝන් වල ෆේස්බුක් මිතුරන් අතර චැට් කිරීමට බාවිතා කරන මැසේන්ජර් ඇප් එක දැන් ඕනෑම පරිගණකයද බාවිතා කල හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

දිනපතා අලූත් අප්ඬේට් ගේන ෆේස්බුක් එක මේ මැසේන්ජර් පහසුකම පරිගණක වලට හදුන්වාදෙන්නේ වෙනමම වෙබ් අඩවියක් හරහායි.

එනම් : https://www.messenger.com

ඉහත වෙබ් අඩවියට පිවිසීමෙන් ස්මාර්ට් උපාංගයකින් තොරව පරිගණකයේ වෙබ් බ්‍රවුසර් එකක් මගින් මේ පහසුකම දැන් අත්විදින්න පුලූවන්.




TITANIC කඳුළු කතාවට අදට වසර 103යි.


ලෝකයට කඳුළු මතකයක් එක්කළ TITANIC ඛේදවාචකය සිදුවී අදට වසර 103ක් ගත වී තිබේ.

1912 අප්‍රේල් 14 වනදා රාත්‍රී 11.40 ලොවක් හැඩවූ හෝරාවකි.

අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කළ ටයිටැනික් නෞකාවේ ගමන් මග වැටී තිබු‍ණේ බ්‍රිතාන්‍යයේ සවුත් හැම්ටන් සිට අමෙරිකාවේ නිව්යෝක් නුවර දක්වා ය.

අත්ලාන්තික් සාගරය රස සාගරයක් බවට පත් කළ ටයිටැනික් නෞකාව අති‍ සුඛෝපභෝගී බව ප්‍රදර්ශනය කළ මිනිස් නිපැයුමකි.

එය සුපිරි පහසුකම් රැසකින් සමන්විත විය.

මේ නෞකාවේ සිටි පිරිස අතරින් වැඩි දෙනා ඉසුරු සොයා උතුරු අමෙරිකාවට ගමන් ගත් අයයි.

ටයිටැනික් ගමන අත්ලාන්තික් පතුලෙන් නතර වූයේ අප්‍රේල් 14 වනදා සිදු වූ අයිස් පර ගැටුමෙන් දිනකට පසුව ය.

ඒ වන විට‍ ගමන අවසන් කිරීමට දින 04 ක් ඉතිරිව තිබිණ.

ඒ මොහොතේ පැවති අධික ශිතල දියට වැටුණු පිරිසෙන් 1511ක් බිලි ගත්හ.

මේ මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගන්නට නොදත් රළ පෙළ ලෝකයටම කඳුලක් එක් කරමින් මතක රැසක් අත්ලාන්තික් පතුලේ සැඟවිය.

දිවි ගලවා ගැනීමට හැකිවූයේ මගීන්ගෙන් 706කට පමණ ය.

කාලයත් සමග අමතක නොවී මිනිස් සිත්තුළ නොගිලී පවතින ටයිටැනික් මතකට අලුත් හැඩයක් එක්වුණේ 1985 දී මුහුදු පත්ලේ අඩි 12 415 ක් ගැඹුරෙහි පැවති නැවේ සුන්බුන් ගොඩ ගැනීමත් සමග ය.

එහි කොටස් ලොවපුරා කෞතුකාගාරවල අදටත් ප්‍රදර්ශනය කෙරෙන්නේ කඳුලු මතක සිහි ගන්වමිනි.






Ex-Alien ගැයූ මේධානී යලිත් කරලියට. (Videos)


2013 වසරේ Ex-Alien ගීතය අන්තර්ජාලය තුල ඉතාමත් ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. එයට හේතුවූයේ ඒ සඳහා ලැබුණු වාර්තාගත පාඨක ප්‍රතිචාර සංඛ්‍යාවත්, ලැබුණු වාර්තාගත Unlike සංඛ්‍යාවත්, එම ගීතය කිසිවෙකුට නොතේරීමත් ය.

බොහෝ දෙනා වීඩියෝව වෙත පැමිණියේ ගීතය ඇසීමට නොව ප්‍රතිචාර කියවීමටත්, මේ වනවිට එය කී දෙනෙක් නරඹා තිබේදැයි බැලීමටත්ය. නමුත් ප්‍රතිචාර දැක්වීමට තිබූ අවස්ථාව ඇහිරීමත් සමඟ එයට ලැබුණු ජනප්‍රියත්වය කෙමෙන් හීන වී ගියා. 

පසුව එම ගීතය YouTube වෙතින් එහි හිමිකාරිය මේධානී දේශප්‍රිය විසින් ඉවත් කරගනු ලැබුවා.

කෙසේ නමුත් ඊට වසර දෙකකට පසුව එම ගීතය ගායනා කල මේධානී දේශප්‍රිය නැවතත් එම ගීතය ඇයගේ YouTube ගිණුමට එක්කොට තිබෙනවා. ඒ පහත පණිවිඩයත් සමඟ වන අතර ම ඇය පැරණි රුප රචනය වෙනුවට ගීතයේ පද වීඩියෝවට එක්කොට තිබෙනවා.

"I, Being a girl of fifteen , created this song .and with the intention of making something different, pronouncing the words in a different way with a different accent purposely, to show that it is the particular strange language used when addressing the "alien" mentioned in the song. but i believe that,it was not successful and there were lot of mistakes which i'm aware of presently ,although my intention was to do something new. so, my first attempt was not a successful one , i admit it. also because of the above reason, the lyrics were misunderstood. i must say, that the lyrics contained in this lyric video are the accurate ones."


thank you. "



දීපිකාගේ වීඩියෝව සොනක්ෂි විවේචනය කරයි.


බොලිවුඩයේ සුපිරි නිළි සොනක්ෂිසින්හා කාන්තාවන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය සමග කතාබහ කර තිබෙනවා. ඇය පවසා ඇත්තේ විවාහයට පෙර කාන්තාවක් පිරිමි පුද්ගලයෙකු සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීම කාන්තාවකගේ සැබෑ නිදහස නොවන බවයි. එමෙන්ම විවාහයෙන් පසුවද පිරිමි පුද්ගලයන්ලිංගිකත්වයට පමණක් කාන්තාවන් යොදාගැනීමද කාන්තාවකට දෙනු ලබන සැබෑ නිදහස නොවන බවද සොනක්ෂි පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දිනෙක දීපිකාගේ My Choice වීඩියෝවට පිළිතුරක් ලෙසිනුයි.

මීට අමතරව කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරුණු My Choice වීඩියෝපටය පිළිබඳව මේ වනවිට ඉන්දියාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇතිඅතර,එම වීඩියෝව සඳහා පිළිතුරක් වශයෙන් My Choice Male Version යනුවෙන් වීඩියෝවක් නිර්මාණය කර තිබේ. මෙම වීඩියෝව හේතුවෙන්ද දීපිකා පදුකෝන්ට යම් වක්‍ර ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වාදුන්නත් මෙම වීඩියෝව සඳහා ප්‍රසාද ප්‍රතිචාරවලට වඩා අප්‍රසාදය හිමිව තිබේ. එය අප්‍රේල් 01 වැනිදා Youtubeජාලය වෙත මුදාහැරතිබුණුඅතර,මෙම වීඩියෝව සඳහා දීපිකාගේ My Choice තරම් ජනප්‍රියත්වයක් හිමිවී නැත.


Angelina Jolie 'කාන්තාවාදිනියන්' අතර අංක 1 ට



ලොව සිටින කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීම හොලිවුඩ් නිලි චරිත විලාසිතාවක් කරගෙන තිබෙනවා. නමුත් මේ අය බොහෝ දෙනා තමන් තෝරාගන්නා තේමාවට විශිෂ්ට සාධාරණයක් ඉටුකරන බව අනිවාර්යෙන්ම කිව යුතුයි. 

මෙම චරිත අතරින් 'කාන්තාවාදිනියක්' ලෙස ලොව අංක එකට පැමිණීමට සුප්‍රකට නිලි Angelina Jolie සමත්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සන්නාම තානාපතිනියක්  ලෙස 'යුධ වාතාවරණයක් පවතින රටවල කාන්තාවන් දුෂණයෙන් මුදවාගැනීම' වෙනුවෙන් ඇය කල කාර්යභාරය වෙනුවෙන් මෙලෙස ඇය අංක 1 ට පැමිණ තිබෙනවා.







ලොව අද්විතීය කාන්තාවන් අතර අංක 1 ට ආපු හොලිවුඩ් නිලි Emma Watson මෙම වර්ගීකරණයේදී නම් Angelinaට 2 වැනි වී තිබෙනවා.








ලොව අංක 1 ගැහැණිය Emma Watson ලෙස නම් වෙයි!


දැන් කිසිදු ගැටලුවකින් තොරව Emma Watsonට තමන්ගේ ලැයිස්තුවට අලුත් ජයග්‍රහණයක් එකතු වෙයි. The Beauty and the Beast චිත්‍රපටයේ රංගනය සහ එක්සත් ජාතීන්ගේ සංගමයේ කාන්තා සන්නාම තානාපති වශයෙන් 'HeforShe' මෙහෙයවන ඇය ලොව අද්විතීයම කාන්තාව ලෙස නම් කිරීමට AskMen පසුබට වී නැහැ.
"Emma Watson යනු එකවර ලොව බොහෝ දේවල්වල සුපිරි චරිතයක් වූ අයෙක් - ධනය, සාර්ථකත්වය, ජනප්‍රියතාවය, විලාසිතා, සුන්දරත්වය, පෞර්ෂය සහ යහපත් හදවත ඇය සතු දේවල්වලින් සමහරක්" - AskMenහි සංස්කාරක James Bassil ඇය සම්බන්ධ හේතු පාඨය දක්වන්නේ එලෙසින්.
SHII අපි ඇය අගයන හේතුව වන්නේ අධි සුඛෝපබෝගී ජීවිතයක් ගත කිරීමට ඕනෑතරම් හැකියාව තිබියදී, ලොව වැඩියෙන්ම ගැටලුකාරී කාරණාවක් වන 'සමාජය කාන්තාවට සලකන ආකාරය' පිලිබඳ මගට බැසීමට තරම් ඇය ධෛර්යවන්ත වීමයි.

ඇය නිසා පරාජයට පත්වන්නේ එසේ මෙසේ අයත් නොවේ. 
02. Ronda Rousey
03. Kim Kardashian
04. Taylor Swift
තව සුපිරි කාන්තාවන් 99ක් මේ ලැයිස්තුවේ ඉන්නේ. පහල ලින්ක් එකෙන් බලන්න. http://www.askmen.com/specials/2015_top_99


කන්ගනා ජාතික සම්මානයෙන් පිදුම් ලබයි.


2015 ඉන්දීය ජාතික සම්මාන උළෙලේදි හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට කන්ගනා රනවුත් සමත්ව තිබෙනවා. ඒ කන්ගනා රඟපෑ කුයින් චිත්‍රපටය සඳහායි.  

කන්ගනා සම්මානය දිනූ කුයින් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් බලන්න....


විශ්ව රූ රැජින තරග බිමට කළුජාතික ජපන් තරුණියක්.


2015 විශ්ව රූ රැජින තරඟ බිම නියෝජනය කරන ජපන් රූමතිය තේරීමේ තරගය පසුගියදා නිමාව දුටුවේ අරියානා මියෝමොටෝට කිරුළ හිමිකරදෙමිනි.

විසි හැවිරිදි අරියානා අප්‍රිකානු සම්භවයක් ඇති ඇමෙරිකානු පියෙකුට දාව ඉපදීම හේතුවෙන් ඇයට ජපානය නියෝජනය කිරීමට සුදුසුකමක් නොමැති බවට විවේචන එල්ල වෙයි.

කෙසේ වෙතත් නාගසාකි නගරයේ ඉපිද ජපන් භාෂාව හා සංස්කෘතිය අනුව හැදීවැඩුණු ඇයට ජපානය නියෝජනය කිරීමට නෛතික හැකියාවක් ඇති බව තරග සංවිධායකයන් පවසා තිබේ.











ආලෝකෝ උදපාදි - Aloko Udapadi - Official Trailer & Photo Collection.


මෙරට සිනමාවේ අනාගතය සුභ එකක් වේ යැයි යමෙක් කීවෝත් මාද ඔහු හා දැන් අවිවාදයෙන් එක් වන්නේය.ඒ වෙන එකක් හින්දා නොවෙයි අලුත් පරපුරක් මෙරට සිනමාවේ පායා සිටිනු දැකීමෙනි.ශමීරගේ මොටර් බයිසිකල්,තිසරගේ නිනෝ ලයිව්,ඉසාගේ ෆ්‍රැන්ජිපානී,එතනින් ගිහාම ආදරණීය කතාවක්,දැකලා පුරුදු කෙනකේ මේ වගේ අලුත් චිත්‍රපට ගොඩාක් බිහිවෙනු දැකීම තරම් සතුටක් ඇත්තමට සිනමා පිස්සන්ට නොමැති තරම්.ඒ සතුට මේ මොහොතේ දෙගුණ තෙගුණ වු තවත් කාරණයක් විය.තවමත් නාඹර තරුණයෙකු වු චත්‍ර වීරමන්ගේ කුළුදුල් සිනමා පටයේ පුර්වප්‍රචාරක පටය දැකීමයි.බාල ඝනයේ ඓතිහාසික සිනමාපට පසෙකලා ඔහු තැණු සිනමාපටයේ පුර්වප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තියෙනවා.වරක් ඔබ එය නරඹන්න..ඔබටත් මට දැණුනු දේ දැනේවී.
































මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....